හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

waligamaya

Well-known member
  • සීත පිනිබිදු කදුළු සලනා
    මලානික තරු වැළපෙනා
    පලු මාවත තනිවෙලා.....
    නැගනියේ නුබ කා පතාදෝ.....
    මහා බලා ඉන්නේ

    සොයුරියන් ලොව වෙසෙන නුබවන් සැතපෙනා මේ මැදියමේ//
    නුබට ඒ සුව අහිමි වී ඇත අදුරු මහමග උරුම වී ඇත

    සීත පිනිබිදු කදුළු සලනා
    මලානික තරු වැළපෙනා
    පලු මාවත තනිවෙලා.....
    නැගනියේ නුබ කා පතාදෝ.....
    මහා බලා ඉන්නේ

    සොයුරියන් ඇති අයම නුබ වන් නිසා මහාමග උරුම වූ//
    නුමට හරහන රුදු ලොවක් මිස හදුනා ගන්නා හදවතක් වේද

    සීත පිනිබිදු කදුළු සලනා
    මලානික තරු වැළපෙනා
    පලු මාවත තනිවෙලා.....
    නැගනියේ නුබ කා පතාදෝ.....
    මහා බලා ඉන්නේ

    ගායනය විශාරද ගුණදාස කපුගේ

    "වෙස බඩුව" "වෙසාවී" අත්තෙන්න්ම අපේ සම්මජය තුල ඉතාමත් පහත කොන් කරනු ලැබු ඉත්රින් කාණ්ඩය යක් පිලිබද සමපුර්ණ වූ ඉමතු නොවන මනුශීය සත්ත්‍ය මෙම කෙටි පදවල තුල සම්පුර්ණ වශයෙන් ගැබ් වී ඇතිබව මගේ හැගීමයි. ඇත්තටම මට මෙමෙ අගිඉතය ගැන ලියන්න හිතුඋන ආසන්නම හේතුව තමයි පසුහිය සටන දේශපාලන සංවාදය තුල ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක සහෝදරයා මතුකිරීමට උත්සහ කල ස්ත්‍රිත්වය පිළිබද ලාංකීය සමාජ කතිකාවත්. මේවගේ දෙයක් ගැන විවුර්ත සත්‍ය කතා කිරීම අද කලේ බොහොම අබියෝගත්මක දෙයක්. මොකද කොතරම් ශ්‍රේෂ්ට නිර්මල ආගමක සෙවන ලැබුවත් එය වසා ගන්නා වික්ටෝරියානු සහ බමුණු සංස්කෘතියේ අදුරු වලා කුළු ලාංකීය සමාජය වසා ගානවා පැතිරී තිබීම එයට හේතුවයි ( හැබැයි නාමික බවුද්දයන් සිතා සිටින්නේ මෙය තමයි බවුද්ද සංස්කෘතිය කියලා).

    ඇත්තෙන්ම ලංකාව තුල අපේ සමාජයේ සහෝදරියක් මවක් හෝ මිතුරියක් මෙම නින්දා අපහස විදින දුක්කිත තත්වයට පත්වෙන්නේ ඇගේ අසීමිත ලිංගික අසහනය නිසා නොව ජිඉවිතය් අන්ත අසරණ මොහොතක ජිවත් වීමට ගන්නා ලද උතසහය නිසි. අපි බොහෝවිට හිතන්නේ ඇය මේ රැකියාව විදිනවා කියලා. මදක් සිතන්නේ ඇයට කොතරම් අසාමාන්‍ය ලිංගික ආශාවන්ගෙන් පෙලෙන්නන් සතුටු කරන්න වෙනවද, ඇය ජිඉවත් වීමට කොතරම් ලොකු අවදානයක් යනවද.
    එකම රටේ සහෝදරියන්, මව්වරු මිතුරුයන් තමන්ගේ පවුලේ හිතවතුන්ගේ ආදරය ආරක්ෂාව මැද රැය පහන් කරන විට එවුන් විදින අයිතිවාසිකම් එහා සමානව විදීමට අයිතිය ඇති එවැනිම පිරිසක් එම රත්ත්‍රීය තුල ජිවත් වීමට කොතාම් අවදානමක් ගනවද. එවැනි තත්වයක සදරනත්වය මොහොතක් ඔබේ හදවතට තට්ටු කරලා බලන්න්.

    (මට මේ කරනවා පිළිබද කතාකරනවිට අපේ ය බොහෝවිට අසන උපසත්මක ප්‍රශ්න කිරීමක් තමයි ඔච අමාරුනම් ගණිකාවක් බද හනින්කෝ කියල. එහෙම අහන යට මට දෙන්න තියන පිළිතුර තමයි මම විවාහ කරහන්නේ ලොකු දේපලක් තියෙන කන්තවක්වත් වෛද්‍යවරියක්වත්, ගුරුවරියක්වත් නිතී වෙදිනියක්වත් etc... නොව මාහට ප්‍රේමනීය හැගීමක් ඇතිවන කාන්තාවකි ඇය ඉහත කවුරුන් හෝ විය හැක)

    ඇත්තෙන්ම මගේ අද්දැකීම තමයි ඔය ගණිකා වුර්තියේ යෙදෙන්නන් 98% ක් පමණ මෙය කරන්නේ ජිවත් වීමට අන් මගක් නැතිනිසා මිස වින්දනයකට නොවේ. බොහොවිට මොවුන්ට ගරහන්නන් මොවුන්ගේ පහස ලබන්නන් ඇත්තෙන්ම කියනවා නම් මිනිහෙක්ගේ ගැනියක්ගේ ජිවිතේ තියෙන්න කකුල් දෙක පල්ලේ කියල හිතන් තමයි.

    http://www.elakiri.com/forum/showthread.php?t=1614699&page=12
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේක ලස්සන ගීතයක් සමහර අය මේ ගීතය විනෝද අවස්තාවලත් දාලා නටනව. නමුත් මෙහි කතා පුවත ඉතා දුක්බරයි..
    එක හාමුදුරු නමක් ලංකාවේ එක දුම්රියක ගමනක් යමින් උන්නා.. තම ගමන් කෙසේ වුවද තම පෑන අතට ගෙන යමක් ලියන්නට පුරුදුව සිටි හිමි නම ගීත ලියමින් උන්නා. මෙහෙම යන දුම්රිය එකවරම නතර වෙනවා.. ටික වෙලාවක් ගියා.. ටිකකින් එම මැදිරියේ සිටිය මිනිසුන් කිහිප දෙනෙක් බැහැලා යනවා ඉදිරියට.. ඔහොම ගිහින්.. සුලු මොහොතකින් යලිත් මැදිරියට ඔවුන් ගොඩවෙන අතර, දුම්රිය නැවතත් ගමන් අරඹනවා.. යන දුම්රියේ වීදුරුව තුලින් මේ හාමුදුරුසු නමට පෙනෙන්නේ එක තැනක සෙනග වටවී සිටින වගත්... ඉතින් උන්වහන්සේ අර එම ස්තානයට ගිය මිනිසෙකුගෙන් විමසනවා මේ ගැන..
    "කෙල්ලෙක් කෝච්චියට පැනලා හාමුදුරුවනේ.. වැඩක් නෑ ගන්න දෙයක් නෑ.."
    "අනේ මෙහෙමත් ළමයි. ජීවිතය බාල්දු කරනවා.. හේතුවක් ඇති මොකක් නමුත්"

    එහෙම කියන හිමිනම යලිත් තම පොත අතට ගෙන එහි යමක් ලියන්නට වෙනවා. ටික මොහොතකින් මෙය නිමා වෙනවා.. එහි මෙහෙම සඳහන් වෙනවා..
    පෙරුම් පුරාගෙන ආ සංසාරේ
    පැතුමද සුනු විසුනුව වැ‍ටුනේ...
    කාටද රිදුනේ... කවුරුද හැඬුවේ...
    දුම්රිය මොහොතක් නතර වුනේ....

    මලක් වගේ රොන් සුවඳ වගේ
    ජීවිතයේ සුව අපමන වේ..//
    දොලක් වගේ දිය දෝත වගේ
    ජීවිතයේ අම සිසිල දැනේ...
    පෙරුම් පුරාගෙන...

    වරක් නෙතඟ කඳුලැල් පිරූනාදෝ
    සිතට දරාගනු බැරි දුක් වීදෝ..//
    දිවිය මොනතරම් සුන්දරදෝ
    දුකම කොයිතරම් සතුටක්දෝ
    පෙරුම් පුරාගෙන...

    අද දිනයේ ආදර ගීයක නොදන්න කතා පුවත ගැන මෙහෙම ලියනවා.. ගීතය විවිද අර්තකතන දුන්නද ගීතයේ ගැබ්වන තේරුම විඳගන්න.. ඒ තේරුමට ඔබගේ ජීවිතයෙනුත් ඉඩක් දෙන්න..

    • Like
    Reactions: shaminda peiris

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    එළ මචං..:cool::cool:
    රේඩියෝවත් නග්ගල ගත්ත එකේ මේකත් ආයේ නැගිට්ටවල ගමුකො
    :yes::yes:
     
    Kavisha1993

    Member
    Sep 22, 2012
    382
    89
    0
    SL

    :sorry:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර

    ජිවිතේ ගැන තේරුම් ගන්න ඔය පද දෙක ඇති.බුදු දහමත් එක්ක මනාවට ගලපලා ලියල තියනවා
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හිතවතුනි....වටිනා ගීත විචාරයක් මං දැකපු...

    ඒ වගේම මං ආසම ගායකයෙක් සහ විචාරකයෙක් සම්බන්ධ නිසා මං හිතුව මෙතන බෙදා ගන්න....ඩේට ඩේට කියල බලන්නෙ නැතුව මේක බැලුවොත් වටිනවා.....

    මුලින් ගීතය ගායනා කරන්නෙ...වීඩියෝ එකේ මැද හරියෙන් තමයි (4.18 සිට) රත්න ශ්‍රී විජේසිංහයන් ගීත විචාරය කරන්නේ...මෙතන දාපු එකේ මොනා හරි ගැටළුවක් තිබේ නම් මාව දැනුවත් කරන්න කාරුණිකවෙලා

    මේ වැඩසටහනේ අන්තිමට රත්න ශ්‍රී විජේසිංහයන් මෙහෙම කියනව..මේ එතුමාගේම මුවින් කියපු දේ මං අකුරු කරන්නෙ.....

    "ඇත්තටම අපි දිවුල්ගනේ ගැන තැබූ බලාපොරොත්තු තවමත් තියාගෙන ඉන්නව....(සිනාසෙමින්) ඔහුගේ අවුරුදු නවයක විශ්‍රාම කාලයට ඔහු සමුදෙන්න ඕන දැන්....විශ්‍රාම කාලය ඉවරයි අවුරුදු නමයක..දැන් වැඩ පටන් ගන්න කියල අපි ආරාධනා කරනව ඔහුට..මොකද මේ වල් බිහිවේගන යන අවරසිකත්වය වර්ධනය වන රසික සමාජය සංගීත,සාහිත්‍ය ක්ෂේත්‍රයට ඔබේ ආගමනය අත්‍යාවශ්‍යයි මේ කාලෙ..ඒ නිසා දිවුල් වැඩ පටන් ගන්න.....ඒසඳහා ඔබට ධෛර්යය ප්‍රාර්තනා කරනවා...ඒ තමයි මගේ යොජනාව

    රත්න ශ්‍රී විජේසිංහයන් මේ ප්‍රකාශ කලේ සිංහල සුභාවිත ගීතයට ඇළුම් කරන සමස්ත රසික සමාජයේම ප්‍රාර්ථනාව නොවේද..
     
    Last edited:
    • Like
    Reactions: sasliit

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    OUTUBE]

    මරු බං... කාලෙකින් වැදගත් දෙයක් ඇහුවා :cool::cool:
     
    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    කපුගේ - රත්නශ්‍රී සුසංයෝගයෙන් සිංහල සුභාවිත ගී කෙතේ අස්වැද්දූ සුන්දර ගී ප්‍රමාණය අප්‍රමාණයි. ඒ අතරින් පෞද්ගලිකව වඩාත්ම මා සිත් ගත් ගීයක් තමයි "මගෙ බිසවුනේ අසාපන්" කියන ගීතය. ගුණදාස කපුගේ ශූරීන් විසින්ම සංගීතවත් කෙරුණු මේ ගීතය "වෙස්සන්තර ජාතකය" තම පෞද්ගලික අත්දැකීමක් හා මුසුකර වර්තමාන සමා‍ජයේ සුලබ අනුවේදනීය අත්දැකීමක් රසිකයාට සමීප කරවනවා.
    රත්නශ්‍රී විජේසිංහ රාජකාරි ජීවිතයේ අනන්ත දේශපාලන කෙනෙහිලි කම් වලට ලක්වුණු තැනැත්තෙක්. ඔහු ගුරුවරයෙකු ලෙස සේවය කරන සමයේ ඉතා දුෂ්කර ප්‍රදේශයක් වන "හුලංදාව" ට ස්ථාන මාරුවක් ලබනවා. (මට මෙතැනදී රත්නශ්‍රී ගේ "වස්සානය" කවි පංතිය සිහිවෙනවා. එහි එක් තැනක තියෙනවා 'හුලංදා ඔය කිමද මල්වරව ඉල්මහට' කියලා) තම බිරිඳ හා දරුපැටව් තනිකර දමා තියෙන්නේ කොහේද වත් නොදන්නා පළාතක යන්නට සිදුවුණු පියෙකුගේ, ස්වාමිපුරුෂයකුගේ හැබෑ වේදනාත්මක හැඟීම් අපි මෙහිදී දකිනවා. සන්නිවේදනය එතරම් නොදියුණු ඒ කාලයේ මෙය තවත් දුෂ්කර අත්දැකීමක් වන්නට ඇති.

    මගෙ බිසවුනේ අසාපන්
    නුඹ මන්ද්‍රි දේවි නොවුනේ

    ඔහු තම බිරිය අමතන්නේ මගෙ බිසවුනේ යනුවෙන්. ඇය වෙනුවෙන් හදේ නැගෙන ලයාර්ද ගෞරවනීය බව මෙහි හොඳින් අපට දැනෙනවා. 'නුඹ මන්ද්‍රි දේවි නොවුනේ' කියද්දී මම වෙස්සන්තර රජ්ජුරුවො නොවන බව ඔහු අපට පසක් කරනවා. එනම් මම මේ උත්සහා කරන්නේ දරු දන්දෙන්නට නොවෙයි. දරුවන් රැක ගන්නටයි.

    නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
    සාපැටව් එහි නිදන්නේ

    මේ කොයිතරම් නම් ආදරණීය හැඳින්වීමක්ද? ඔබ චන්ද්‍ර මඩල වන්නේ එහි මගේ සාපැටවුන් නිදන නිසා. මගේ දරුවන් සාපැටවුන් වගේ. ඒ හිමයේ වගවලසුන්ට උන් ගොදුරු කරන්නට බැහැ. ඒනිසා උන් හාමතේ නොලා නගරේ නවතින්න. නමුත් මේ මහ හිමයට හීනෙන් ඇවිත් මගේ රිදෙන හිතේ සඳුන් තවරාපන්.

    හිමවතට ඇවිත් හීනෙන්
    හිත සඳුන් තවරපන්නේ

    මේ ජීවිතේ දුෂ්කරයි. ඒත් නුඹ එතෙරට වහල්කමට දෙන්නටවත්, දරුවන් මෙහෙකාරකමට දන්දෙන්නටවත් මා සූදානම් නෑ. දිවි පුදා හෝ ඔබ රැක ගන්නම්. නමුත් ඒ බුදුබව පතා පෙරුම් පුරන්නට නම් නෙවෙයි.

    දිවි පුදා ඔබ රකින්නම්
    නොපුරා එහෙත් පෙරුම් දම්

    තම අඹුදරුවන් තනිකර පිටරටවල, දුෂ්කර ප්‍රදේශවල නැවතී රාජකාරියේ යෙදෙන කී දාහක් මේ සමාජයේ ඇතිද? ඒ කාගෙත් හදවත්වල බුර බුරා නැගෙන තනිකම වේදනාව මේ ගීයේ කැටිවී තිබෙනවා නොවේද?

    http://elakiri.com/forum/showthread.php?t=1614699 ත්‍රෙඩ් එකේ මවිසින් පළ කරන ලද විචාරයක් මෙහි නැවත පළ කෙරේ.
     
    Last edited:
    • Like
    Reactions: dath kimbula

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Read it again carefully machan. I've written this myself and published in somewhere else also.
    (I had to write this comment using the phone. Thus I had to write it in English
    පස්සෙ දැක්කේ....:dull:
    තවත් විස්තරාත්මකව ලියනු මැනවි....
    +15 (ද කොහෙද බං රෙප් පවර් එක නොදනිමි):dull:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA

    ඔබ ම හමුවුන මේ ඉර හද යට
    කොතෙනක සිටියත් මා මළ දවසට
    මගේ ලග තනියට ඉනු මෙනවී
    මගේ ලග තනියට ඉනු මෙනවී

    ඔබ සිත ම සිත හමුවූ ද සිට
    ම ලය පිදි පරවූ පෙම් මල
    සිතින් තුරුළුකර ම මළ දවසට
    මගේ ලග තනියට ඉනු මැනවී

    කදුල සුසුම නොහෙලා නොදොඩා අපි
    මිරිගු සයුර වෙත පියමං කල සැටි
    සිතින් දරැගෙන මා මල දවසට
    මගේ ලග තනියට ඉනු මෙනවී

    Last edited:

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මන් දවසක් බස් එකේ යද්දී බස් එකට නැග්ග අවුරුදු 30 විතර කොල්ලෙක් කළු කලිසමක් ඇදලා ශිර්ට් එකක් ඇදලා එක කලිසමට යට කරලා කොන්දේ උඩට පීරලා මාර වැදගත් ලස්සන පෙනුමක් තිබ්බේ එයා නැග්ගේ සින්දු කියන්න..ඔහොම කට්ටිය බස් එකේ යන එන කොට නගින හින්ද මන් ගණන් ගත්තේ නෑ..ඒ කොල්ල කළු කන්නාඩි 2 දාගෙන හිටියේ එයා එක ගලවලා මුලින්ම කිව්වා එයා electercity bord එකේ හිටියේ current වැදිලා ඇස් 2 අන්ද උනා කියලා..එහෙම කියලා සින්දු 2 කිව්වා පරණ සින්දු 2ක්...මාරම ලස්සන කටහඩක් මට සින්දුව කියලා ඉවර උනාම ඇත්තටම ඇහැට කදුළු අවා.. මන් ඒක සින්දුවක වචන මතක තියන් ඇවිල්ලා මාර විදියට ඒ සින්දුව හෙව්වා ඇත්තම කිව්වොත් ඒ සින්දුව කියන ගායකයටත් වඩා ලස්සනට ඒ සින්දුව කිව්වා..මගේ ළග වැඩිය සල්ලි තිබුනේ නෑ..බස් එකේ යන්න තිබුණු සල්ලි ඇරෙන්න අනිත් සල්ලි ඔක්කොම දුන්න මන්...ඒ මට පින් සිද්ද කර ගන්න නෙමෙයි ඒ කොල්ලගේ දක්ෂතාවයට..තව සල්ලි තිබ්බ නම් එත් දෙනවා... යටින් තියෙන්නේ ඒ සින්දුව...ඒ සින්දුව ඒ කොල්ල එච්චර හැඟීම්බරව කිව්වේ කොහොමද මන්දා....

    Gaman_Magak_Thibunada_Rohana_Weerasinghe.jpg
     
    පට්ට සින්දුව මචං :yes::yes: