හොල්මං

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    සොරි මචන්ලා මේ ටිකේ වයිරස් උණ හැදිලා වැඩට ගියෙත් නෑ. මාර ආතල්. :yes::lol:

    හොල්මං කතාවක් කියන්න කලින් මට මේ මෑතකදී වුන දෙයක් කියන්නං. ඒකෙ පැරනොමල් සීන් එකකුත් තියෙන හින්දා. :dull::frown::eek:

    පහුගිය ජනවාරි මාසේ අපේ අයියලයි එයාලගේ බැංකුවේ වැඩ කරන තව අයියා කෙනෙකුයි කට්ටිය එක්ක කැලණිය පැත්තෙ ගියා හාමුදුරු කෙනෙක් හම්බවෙන්න.

    Kauda ban oya hamuduruwo. kiyapanko
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    සොරි මචන්ලා මේ ටිකේ වයිරස් උණ හැදිලා වැඩට ගියෙත් නෑ. මාර ආතල්. :yes::lol:

    හොල්මං කතාවක් කියන්න කලින් මට මේ මෑතකදී වුන දෙයක් කියන්නං. ඒකෙ පැරනොමල් සීන් එකකුත් තියෙන හින්දා. :dull::frown::eek:

    පහුගිය ජනවාරි මාසේ අපේ අයියලයි එයාලගේ බැංකුවේ වැඩ කරන තව අයියා කෙනෙකුයි කට්ටිය එක්ක කැලණිය පැත්තෙ ගියා හාමුදුරු කෙනෙක් හම්බවෙන්න. මානසික ශක්තියෙන් ලෙඩ එහෙම හොඳ කරන කෙනෙක් කියල තමයි කියන්නෙ. පන්සලේ ඉන්නෙ තනියෙන්. සමහරු කියනවා මාර්ග පලේකටත් අවිල්ලලු. බොහොම අනුහස් තියෙන තැනක් ලු. :yes:

    මමනං ඔය දේවල් බොහොම විවෘත මනසකින් බලනවා මිසක් එකපාර පිලිගන්නේවත් ප්‍රතික්ෂේප කරන්නේවත් නෑ. :)

    කොහොමහරි අපේ අයියගේ යාලුවට හාමුදුරුවෝ මාරම විශ්වාසයි. ඒ අයියා ඇක්සිඩන්ට් එකක් වෙලා කෝමා එකක මාස හතරකට කිට්ටු වෙන්න ඉඳලා අන්තිමට ඩොක්ටර්ස්ලා ගෙදර අයට කියලා කැමතිනං life supporters අයින් කරන්න. නැත්තං කැමති දෙයක් කරන්න. අපිට තව දුරටත් කරන්න දෙයක් නෑ කියලා.

    එපාර මේ හාමුදුරුවන්ට කිව්වම ඉසිපිරිතාලෙට ඇවිල්ලා එතන බලලා කිව්වලු, වාට්ටුවේ මෙයා කෝමා එකේ ඉන්න ඇඳ වටේටම අමනුස්සයෝ ඉන්නවා, මේ වගේම නොයෙක් අනතුරු වෙලා මෙතනට ගෙනැල්ලා මැරුණු අය. ඒගොල්ලන් මෙයාට සිහිය එන්න දෙන්නේ නෑ. පරලෝකෙට ගෙනියන්නම තමයි හදන්නේ කියලා.

    ඊට පස්සේ ඩොක්ට්‍ර්සලා ගෙන් අවසර අරගෙන ලෙඩාගේ ඇඳේ කොන් හතරේ ආරක්ෂාවල් එල්ලලා. හාමුදුරුවෝ එතනම ඉඳන් පිරිත් කියලා, "අද හවස වෙද්දී ලෙඩාට සිහිය ඒවි, හෙට වෙද්දී නැගිටීවි" කියලා ඉසිපිරිතාලෙන් වැඩම කරාලු.

    එදා හවස මාස හතරකට පස්සේ ඒ අයියා ඇස් ඇරලා. පස්සෙන්දා ඇඳෙන් නැගිටලා වාට්ටුවේ හෙමින් හෙමින් අවිද්දලු. ඩොක්ට්‍ර්ස්ලට න්ර්ස්ලට කට උත්තර නෑලු.

    කොහොමහරි ඇක්සිඩන්ට් එකෙන් මෙයාගේ ඇහැක පෙනීම සම්පුර්නෙන් නැති වෙලා. මූනත් යකඩ ප්ලේට් දාලා මහලා තියෙන්නේ. හැබැයි හාමුදුරුවෝ බලලා කියල තියෙනවා ඇහේ ස්නායු විනාස වෙලා නෑ තැලිලා අක්‍රිය වෙලා විතරයි. බෙහෙත් කරලා ඇහේ පෙනීම ගන්න පුළුවන් කියලා අවුරුද්දකින්.

    අදටත් බෙහෙත් කරගෙන යනවා.දැන් මාස හයක් විතර. සල්ලිවත් ගන්නේ නෑ බෙහෙත් කරන්න.

    කොහොමහරි ඔන්න අපි ගිහින් මමයි අම්මයි තාත්තයි ආවාස ගෙට ඇතුල් වෙලා ඉඳගත්තා. යද්දි බුලත් අතක් ගෙනියන්න ඕන. එක පවුලකට පන්සීයයි. බුලත් අත මේසෙ උඩ තියලා වාඩි උනාට පස්සේ තාත්තට එතනින් බුලත් කොලයක් අරගෙන අත්ල උඩින් තියලා අනිත් අතින් වහගෙන ඉන්න කිව්වා.

    ඒ අතරේ හාමුදුරුවෝ අපි එක්ක කතා කරනවා. කිසිම ආරුඩයක් නෑ. සාමාන්‍ය විදියට.තියෙන ලෙඩ රෝග වගේ දේවල් සහ ඒවාට කරන්න ඕන පිළිවෙත්, බොන්න ඕන බෙහෙත් වගේ ඒවා. යද්දි අරන්ගිය පොතේ මම ඒවා ලියාගත්තා.

    ටික වෙලාවකට පස්සේ තාත්තාගේ අතේ තිබ්බ බුලත් කොලේ ඉල්ලගත්තා. ඒක හාමුදුරුවෝ මුණ ලඟටම අරගෙන හම්බානෙක දේවල් ඒකෙ තියෙනවා වගේ බලනවා.

    ඊට පස්සේ අපේ ගෙදරයි ඉඩම ගැනයි කියන්න ගත්තා. ගේ තියෙන්නේ වත්ත මැද. ගෙට අමතරව තව පුංචි පුංචි ගොඩනැගිලි ගානක්ම තැනින් තැන තියෙනව නේද ඇහුව.

    ඒක ඇත්ත. අපේ ගේ පැත්තෙන් පරණ බලු කුඩුව තියෙනවා. ගේ පිටිපස්සේ මුල්ලකට වෙන්න පොඩි ටොයිලට් එකක්, ඊට පිටිපස්සෙන් මඩුවක්, ඊට ටිකක් එහායින් වතුර ටැංකිය සහ ඒක යට ගබඩා කාමරේ. ඊටත් පිටිපස්සෙන් තව මඩුවක්. වත්තේ කෙලවර හැටියට වෙන්න කොම්පෝස්ට් ටැංකියක්.

    මේවා සේරම ගඩොල් බිත්ති තියෙන කපරාරු කරපු පොඩි පොඩි කාමර කෑලි වගේ ඒවා.

    හාමුදුරුවෝ කියනවා මෙහෙම පොඩි පොඩි කාමර වත්තේ තැනින් තැන තියෙන එක හොඳ නෑනේ. මේවයේ මනුස්ස වාසයක් නෑනේ. මේවයින් අමනුස්සයින්ට වාසස්ථාන සපයනවා කියල.

    ඔන්න අපි ටික ටික රත් වෙනවා.

    හාමුදුරුවෝ ඇස් පොඩි කරලා බුලත් කොලේ තව මුණට ලං කරා.

    "කෝ බලන්න....එකයි දෙකයි තුනයි....." කියලා දැන් බුලත් කොලේ ගණන් කරනවා. ඔක්කොම කට්ටිය දහ තුනක් ඉන්නවා. කිව්වා

    මල කෙලියයි. අපේ ගෙදරත් මහා පරණ එකක් නෙවේ. අවුරුදු විසි හතක් වගේ. තාත්තමයි හැදුවේ. අපි හීනෙකින්වත් හිතුවේ නෑ අපේ වත්තේ අමනුස්සයෝ ඇති කියලා.

    හාමුදුරුවෝ අහනවා..."ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි ඉන්නවා පිටිපස්සේ මඩුවේ. ආච්චි රෙද්දයි හැට්ටෙයි ඇඳලා ඉන්නේ. හැරමිටිය ගහ ගහ යන්නේ. සීයා රැවුල වවලා මේස් බැනියම ඇඳලා රැවුල වවලා ඉනේ රිදී හවඩියක් බැඳලා ඉන්නේ."

    අපේ අම්මා කිව්වා ඒ හැඩරුව තියෙන්නේ ඉඩමේ කලින් හිටපු ජෝඩුවට කියලා. සීයා එයාලගෙන් ඉඩම අරගෙන හැබැයි දෙන්නා මැරිලා යනකන්ම ඉන්න දීල. පොඩි කටු මැටි ගෙදරක ඉඳලා තියෙන්නේ.

    ඊට පස්සේ හාමුදුරුවෝ දැන් ගේ ඇතුල බලනවා.

    අපේ ගෙදර ප්‍රධාන නිදන කාමරේ අම්මයි තාත්තයි ඉන්නවා. එකටම අල්ලලා එහාපැත්තෙ තමයි මගේ කාමරේ තියෙන්නේ. කාමර දෙකට ඇතුල් වෙන්නෙ පටු කොරිඩෝවකින්. කොරිඩෝවෙන් එහාපැත්තෙ තියෙන්නේ කෑම කාමරේ.

    අම්මලාගේ කාමරේ සහ මගේ කාමරේ වෙන් වෙන්නෙ අඩි දෙකක විතර පරතරේකින් හදපු සමාන්තරව යන බිත්ති දෙකකින්.බිත්ති අතර ඉඩ වෝල් කබඩ් එකක් විදියටයි පාවිච්චි වෙන්නෙ. මේ බිත්ති දෙකෙන් අම්මලයි කාමරේ පැත්තෙ බිත්තිය සීලිමටම යනවා. මගේ කාමරේ පැත්තෙ බිත්තිය අඩි හතකින් විතර නවතිනවා. එතන ඉඳන් සීලිම වෙනකං අඩි දෙකහමාරක් විතර ඉඩ, බඩු මුට්ටු තියන්න තමයි පාවිච්චි වෙන්නෙ.

    දැන් ඔන්න හාමුදුරුවෝ අහනවා...ගෙදර සාලේ ඉඳන් ගේ ඇතුලට යද්දි කෑම කාමරේ තියෙනවා, එතනම එහාපැත්තෙ ලොකු නිදන කාමරයක් තියනවා නේද?

    එහෙමයි.

    එතනම එහාපැත්තෙ තව නිදන කාමරයක් තියෙනවා නේද?

    එහෙමයි.

    මේ කාමර දෙක අතරේ තියෙන්නේ කොට බිත්තියක්ද?

    අපි ඉස්සෙල්ලා හිතුවේ හාමුදුරුවෝ අදහස් කරන්නෙ අඩි දෙක තුනක් උස පොඩි බිත්ති කෑල්ලක් කියලා. එහෙම හිතලා නෑ කියන්න හදනකොටම හාමුදුරුවෝ කියනවා...

    කොට බිත්තියක් කිව්වෙ මහත්තයෝ මේ පොඩි බිත්ති කෑල්ලක් නෙවේ, සීලිම වෙනකං උස යන්නැතුව ඊට ටිකක් පහළින් නේද නවතින්නේ?

    එහෙමයි හාමුදුරුවනේ.

    ඊටපස්සේ හාමුදුරුවෝ ටිකක් බැරෑරුම් විදියට හිනාවක් දාලා කියනවා..."මේ බිත්තිය ඉවරවෙන තැනම උඩ එක්කෙනෙක් වාඩි වෙලා ඉන්නවා...කකුල් දෙකත් පහලට දාගෙන කාමරේ දිහා බලාගෙන."

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::eek::eek:

    ඒ කියන්නෙ මගේ ඇඳ පැත්ත තමයි බලං ඉන්නේ. මම ඇඳේ හාන්සි උනහම පේන්නේ කෙලින්ම ඔතන තමයි. ඇඟේ මයිල් ඉස්මයිල් උනා බං.

    මට උගේ හැඩරුව අහන්නත් හිතිලා ඒත් ඇහුවේ නෑ මොකෝ ඊළඟ දවසෙ අනිවාර්යෙන් නිදාගන්න ගිහිං ලයිට් ඕෆ් කරපු ගමන් මට ඔතන බැලෙනවා. ඊට පස්සේ උගේ රූපේ මැවිලා පේනවා.

    අපි ඇහුව මේකට මොකද කරන්නෙ කියලා...

    මහත්තයෝ මේ හැමෝම මේ ඉඩමේ කලින් පදිංචිකාරයෝ. මෙයාලගෙන් කරදරයක් හිරිහැරයක් නෑ. හැබැයි ඉතිං මහත්තයල දිහා බල බල හුල්ලනවා...අනේ අපි හිටපු තැන නේ කිය කිය. එතකොට ඉතිං කිසි දියුණුවක් නෑ.

    ගෙදර සාංගික දානෙකුයි කිරි දානෙකුයි දීල මෙයාලට පිං දීල පිටක්කරන්න. කියල හාමුදුරුවෝ කිව්වා.

    මේ අව්රුද්දෙ ඔය ටික කරල බලන්න තමයි ඉන්නේ. :yes::)

    Etthamada contact Details
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    Podi Silva - පොඩි සිල්වා;18516408 said:
    අඩෝ සිරා ද කිව්වේ

    Podi Silva - පොඩි සිල්වා;18516416 said:
    පුදුමයි බන්

    සිරා නේන්නං :yes:

    උපදෙසට ස්තූතියි යාලුවා.. අපි එහෙම කරලා බලන්නම්.
    හාමුදුරුවන්ගේ details එවන්න පුලුවන් නම් ගොඩක් වටිනවා මචං.. පින් සිද්දවෙනවා..

    අනිවාරෙන් මචං :yes:

    @kaushala1988,
    me haamuduruwange contact details or ethanata yana widiya mata PM karandako.
    thanks


    Kauda ban oya hamuduruwo. kiyapanko

    නම මතක නෑ. මම විස්තර අහගෙන දාන්නං :angry::yes:

    daapiya ithuru ewath :angry:

    දානව මිනිහෝ :angry::baffled:

    Etthamada contact Details



    කට්ටියට තෑන්ක්ස් කමෙන්ට්ස් වලට. හාමුදුරුවන්ගෙ විස්තර දෙන්නං හොයලා ඉක්මනටම :yes:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    matath ewapank kollo.ape gedara loku seen godak una. methana wisthara karanda ba ewa.poddak balaganda one api naththata nathi wenda monawada,mokada kare kiyala.
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    සොරි මචන්ලා ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න බැරි උනා කාලෙකින්. හාමුදුරුවන්ගෙ තොරතුරු අහපු හැමෝටම PM කරා. :yes: එහෙනං තව හොල්මං කතාවක් මෙන්න.

    මේ සිද්ධිය කිව්වේ දවසක් අපි යාළුවො සෙට් වෙච්ච වෙලාවක ආපු මගේ යාලුවෙක්ගෙ යාලුවෙක්. පොර කොළඹ මැසනඩ් එකේ තමයි ඉස්කෝලේ ගියේ. ඉස්කෝලේ ගිය කාලේ අවරුදු ගානකට කලින් වුන කතාවක් කියලයි කිව්වේ. මෙහෙමයි සිද්ධිය.

    මේ ඉස්කෝලේ පල්ලියෙන් පාලනය වෙන එකක්නේ. ෆාදර්ලා තමයි ඉස්කෝලේ කටයුතු මෙහෙයවන්නෙ.

    දවසක් ෆාදර් කෙනෙක් මේක කියපු එකාගේ යාලුවෙක්ටයි තව එකෙක්ටයි කතා කරලා කැඩිච්ච පුටු දෙකක් ඉස්කෝලේ කෙළවරක හරියේ තියෙන ගබඩාවකට ගිහිං දාන්න කියලා. මේක තිබිලා තියෙන්නේ ඉස්කෝල වත්තේ කෙළවරක කට්ටිය යන්නෙ එන්නෙ නැති පාලු හරියකලු. ඉතිං මුන් දෙන්නා ඔතෙන්ට ගිහිං අර කැඩුණු පුටු දෙකත් ගබඩා කාමරේට දාලා එන්න යද්දි දැක්කලු ඊටත් ටිකක් එහායින් පාලුවට ගිය ලිඳක් තියෙනවා. ඒ හරියේ බැද්ද වගේ හැදිලා මේ ළිඳත් ජරාජීර්ණ වෙලා තමයි තිබිලා තියෙන්නේ. හැබැයි බොහොම ගැඹුරු පතුල අඳුරු ලිඳක්.

    කොහොමහරි දෙන්නා ආතල් එකට වගේ ලිඳ කිට්ටුවට ගිහිං ගල් අහුල අහුල ලිඳට දාන්න ගත්තලු. ලිඳේ වතුර හිඳිලා නිසා නිකං දඩස් ගාලා අඩියේ සද්දේ දෝංකාර දෙනවා විතරලු. ටිකකින් එකෙක් අත් දෙකෙන්ම ගන්න සයිස් තඩි කළු ගලක් අරගෙන ලිඳට අඩි දහයක් දොළහක් විතර ඈතින් ඉඳන් ඇතුලට විසි කරාලු.

    ටිකකින් ලිඳෙන් දුමාරයක් පිටවෙන්න ගත්තලු. එන්න එන්න එකපාරම මේ දුමාරය ගණ වෙලා ලිඳට උඩින් ඒක මිනිස් ස්වරුපයක් ගත්තලු. නිකං අඳුරු පාට ඇස් ගිලිච්ච කට අරුණු මූණක්ලු ඒකට තියෙන්නේ. මුන් දෙන්නා දිහා ඌ බලං ඉන්නවලු කට බලියගෙන. ඉනෙන් පහල හරිය දුම වගේ විහිදිලා යනවලු. ඉනෙන් උඩ හරියලු මිනිස් උඩුකය ස්වරුපයක් තියෙන්නේ.

    මුන් දෙන්නා මේක දැකලා හම්බානෙක බය වෙලා පණ එපැයි කියලා වැටි වැටි ආපහු දිව්වලු. දෙන්නා කෙලින්ම දුවලා තියෙන්නේ උන්ව එහෙට එව්ව ෆාදර් ගාවට.

    ෆාදර් එපාර මේ කතාව අහලා මුන් දෙන්නා බය වෙලා හති දාන හැටි දැකලා, මොකක් හරි අමුතු සීන් එකක් ඇති කියලා හිතලා වෙන්නැති තව ෆාදර් කෙනෙකුත් අඬගහගෙන ආපහු ගියාලු අර ලිඳ පැත්තට. අරුන් දෙන්නා යන්තං ඈත ලිඳ පේන මානෙක ඉඳන් වැඩේ කියලා ඈතට වෙලා බලං හිටියලු සීන් එක. ෆාදර්ලා දෙන්නා ලිඳ ළඟට ගියාලු.

    දැන් මුන් දෙන්නා බලං ඉන්නකොට අර විදියටම ෆාදර්ලා ඉස්සෙල්ලා ලිඳ ඇතුල බලලා ගල් දෙක තුනක් ලිඳට අතෑරලා.....හැබැයි මුකුත් නෑලු. පස්සේ අරුන් දෙන්නා තව ටිකක් කිට්ටු කරලා බැලුවලු. ෆාදර් කෙනෙක් ආයෙමත් එතකොට අර වගේ තඩි ගලක් උස්සලා ලිඳ ඇතුලට වීසි කරාලු.

    අම්මටහුඩු කලින් වගේම ලිඳ ඇතුලෙන් දුමක් පිටවෙලා ආයෙමත් අර අවතාරේ පෙනී හිටියලු. අරුන් දෙන්නා ෆාදර්ලා දෙන්නවත් දාලා පස්ස නොබලම පන්තියට දිව්වලු. පස්සේ ෆාදර් දෙන්නව හොයාගෙන ඇවිල්ලා අවවාද කරාලු කාටවත් සිද්දිය කියන්න එපා ලොකු කලබලයක් වෙන්න පුළුවන්. දෙමාපියන්ට ආරංචි වුණොත් තවත් ප්‍රශ්න. හෙම කියලා.

    එදාම හවස ෆාදර්ලා කට්ටියම එතනට ඇවිල්ලා ලිඳට holy water ඉහලා ඒ හරිය වැටක් ගහලා වෙන් කරලා කාටවත් යන්න තහනං කරාලු. ලිඳේ භූතයා ගැන ඉන් පස්සේ ආරංචියක් ඇවිල්ලා නෑ.

    ඔහොම සුමාන දෙක තුනක් ගියාට පස්සේ ඉස්කෝලේ තිබ්බලු බාලදක්ෂ කඳවුරක්. ඕකට ඉතිං ඉස්කෝල වත්තේ කුඩාරම් ගහලා ළමයි රෑ නවතිනවලු. පිට ඉස්කෝල දෙක තුනක ළමයි එහෙමත් ඇවිල්ලා තියෙනවා.

    එදා රෑ කොහොමහරි සැරින් සැරේ මහ රෑ දෙගොඩහරියේ කට්ටිය නිදාගන්න ගියහම එකා එකා සැරින් සැරේ කෑගහගෙන ඇහැරෙනවලු. ඇහුවම කියනවලු හොල්මනක් බෙල්ල තද කරා කියලා. සමහරු කියල තියෙනවා ඉනෙන් පහල නැති සුදු පාටට හුරු අවතාරයක් කුඩාරම් අවට සැරිසරනවා දැක්ක කියලා.

    කොහොමහරි පහුවෙනිදම ප්‍රින්සිපල් ෆාදර් කඳවුරේ වැඩේ කැන්සල් කරලා ඉස්කෝලෙත් නිවාඩු දුන්නලු. පස්සේ එදාම මුළු ඉස්කෝලෙම ෆාදර්ලා ගෙන්නලා සාකච්චා කරලා මුළු ඉස්කෝලෙම holy water ඉහලා පස්සේ කව්ද එකෙක් කියලා කොහෙන්ද කට්ටඩියෙක් එක්කගෙන ඇවිල්ලා මොනවද මොනවද භූත බලි සීන් වගේකුත් කරලා.

    එයින් පස්සෙනන් උඩු කය හොල්මන ආයෙ කව්රුවත් දැක්කේ නෑ කියල තමයිලු කියන්නෙ. :yes:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මචං ඉස්පිරිතාල වලත් ඕහොම සීන් වෙන්න පුලුවනෙ, පොඩ්ඩක් හිතල බලපංකො,නර්ස්ල වෛද්‍යවරු ඕවට බය වෙන්න එපායැ.:cool:
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මචං ඉස්පිරිතාල වලත් ඕහොම සීන් වෙන්න පුලුවනෙ, පොඩ්ඩක් හිතල බලපංකො,නර්ස්ල වෛද්‍යවරු ඕවට බය වෙන්න එපායැ.:cool:

    සිරාවට බං ඩොක්ටර්ලා අතින් මැරෙන මිනිස්සු නිසා කොච්චර බය වෙන්නෝනද ? :rofl: මමනං මේ කතා අහන්නේ ආතල් හින්දා බං.

    PM ekak demma

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මචං ඉස්පිරිතාල වලත් ඕහොම සීන් වෙන්න පුලුවනෙ, පොඩ්ඩක් හිතල බලපංකො,නර්ස්ල වෛද්‍යවරු ඕවට බය වෙන්න එපායැ.:cool:

    සිරාවට බං ඩොක්ටර්ලා අතින් මැරෙන මිනිස්සු නිසා කොච්චර බය වෙන්නෝනද ? :rofl: මමනං මේ කතා අහන්නේ ආතල් හින්දා බං.

    PM ekak demma

    එල

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Karapitiya Hospital eke ohoma seen ekak ,one year before thibuna kiyala papers vala thibunane. Musical show ekata giya velavaka, hoyala baluwa , mea gana. Boru kathavaklu. Hostpital eka pura spread karala thiyenne, hospital eke holman thiyenava kiyapu area eke. Night eke samahara ayata PEM KELINNA ona unama a hariyatalu enne. Vena kawruvath noenna baya vaddhala,mea holman kathava gethuvalu. Nidahase pem kelimata , boru holman kathavak gethuvalu.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Medical faculty rag ekedith ohoma seen yanavalu. Mini kamarayata yanna kiyala, senior student kenek innavalu mala mini athara boruvata marila vage. Lagata avama, Mu eka paratama nagitianavalu.Samaharu baya venava, samaharu hina venava.
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා

    Karapitiya Hospital eke ohoma seen ekak ,one year before thibuna kiyala papers vala thibunane. Musical show ekata giya velavaka, hoyala baluwa , mea gana. Boru kathavaklu. Hostpital eka pura spread karala thiyenne, hospital eke holman thiyenava kiyapu area eke. Night eke samahara ayata PEM KELINNA ona unama a hariyatalu enne. Vena kawruvath noenna baya vaddhala,mea holman kathava gethuvalu. Nidahase pem kelimata , boru holman kathavak gethuvalu.

    ඔව් මචං එතන ඇටෙන්ඩන්ට් ල හදපු කතාවක් ඔය. පෙම් කෙලින සීන් එකයි උන්ගෙ නයිට් ඩියුටි මගහරින්නයි තමයි ඕක ගොතල තියෙන්නේ.

    Medical faculty rag ekedith ohoma seen yanavalu. Mini kamarayata yanna kiyala, senior student kenek innavalu mala mini athara boruvata marila vage. Lagata avama, Mu eka paratama nagitianavalu.Samaharu baya venava, samaharu hina venava.

    සිරාවට බං. මට කරාපිටියේ මෙඩිසින් ගිය යාලුවෙක් කිව්වා උන්ටත් ඔය සීන් එක කරලා. :yes::lol:

    කට්ටියව මිනී කාමරේ දොරකඩට ගෙනල්ලා මහ රෑ අම්බානෙක බය කරලා එකා එකා අරගෙන තනියෙම මිනී කාමරේට යවනවලු. යද්දි අතට මාරි බිස්කට් දහයක් දීලා. මිනී කාමරේ ඇතුලේ ලයිටුත් නෑ. ඇතුලේ මිනී ගඳ ගහ ගහ. එතන මේස උඩ මිනී දහයක් දාලා තියෙනවලු පෝලිමට. ඇතුලට යන එකාට තියෙන්නේ අර මිනී හැම එකකම කටේ අර මාරි බිස්කට් එක ගානේ ගහන්න. සීනියර් උන් ටික හැංගිලා බලං ඉන්නවලු නොපෙනෙන්න.

    කොහොමහරි අරුගේ අතට මාරි බිස්කට් දහයක් කියලා ඇත්තටම දීල තියෙන්නේ බිස්කට් නමයයි. ගණන් කරලා නෙවේනේ ගන්නේ. ඉතිං අරූ පෝලිමට බිස්කට් එක එක ගහගෙන ඇවිල්ලා අන්තිම මිනියේ කටේ ගහන්න බිස්කට් එකක් නැති හින්දා එන්න හැරිලා. එතකොටම මෙන්න මළමිනිය අහනවලු "කෝ මට නැද්ද?" කියලා.

    අන්තිම මිනිය වගේ ඉන්නේ සීනියර් එකෙක්මලු පොඩි මේකප් පාරක් දාලා. අරූ ඉතිං මර ලතෝනි දෙනවලු. කෙල්ලෝ තමයි හොඳම ආතල්. :lol: සමහරුනන් කලන්තෙත් දානවලු.

    3i welawa kiyewwa -_-

    උඹට හොල්මන ගහයි.



    තෑන්ක්ස් කට්ටියට :)