මේ කියන සිද්ධිය බොහොම ශෝචනීයයි. මේක සිද්ධ වුනේ මම නැවතිලා ඉන්න තැන අල්ලපු ගෙදර නංගිගේ බෝයිෆ්‍රෙන්ඩ්ට. සිරා බොක්ක කොල්ලා. එහෙම ගෙදර හිටියෙ මිනිහයි අක්කයි අම්මයි තාත්තයි. ගෙවල් බොරැල්ල පැත්තෙ.
මීට අවුරුදු කීපෙකට කලින් ඉඳන් එයාලගේ ගෙදර කට්ටියට දැනෙන්න ගත්තලු ගෙදර යම් යම් අද්භූත පැරනොමල් තත්වයක් ඇති වෙලා කියලා.
ගෙදර තට්ටු දෙකයි. සාමාන්‍ය ප්‍රමාණයේ ගෙයක්. ඉඩමක් කියලා නෑ බොහොම පොඩියට ඉස්සරහ කෑල්ල තියෙනවා. ප්‍රධාන පාරෙන් අතුරු පාරවල්වල හැරී හැරී කිලෝමීටරයක් විතර ආවහම තමයි ගේ තියෙන්නේ.
ඉතිං ගෙදර කට්ටියටම දැනෙන්න ගත්තලු මේ ගෙදර එයාල හතරදෙනාට අමතරව තව තව අය ඉන්නව කියල. අමනුස්ස ගඳවල් දැනෙන්න ගත්තලු. එයාලා හතර දෙනාම එකට ඉන්න වෙලාවට ගෙදර වෙන කාමර වලින් කුස්සියෙන් එහෙම සද්ද බද්ද එන්න ගත්තලු.
සමහර වෙලාවට මෙයාලා දකිනවලු කාමරවල ඉන්නකොට දොර පහු කරගෙන වේගෙන් එහා මෙහා යන චායාවල් වගේ. හරියට දුම් ගුලි වගේ.
මේ අයියා දවසක් නිදාගෙන ඉන්නකොට හීනෙන් දැක්කලු එයාගේ ඇඳ වටේට අමුතු අමුතු පොරවල් සෙට් එකක් ඇඳ වට කරගෙන බලාගෙන ඉන්නවා. ඇහැරිලා බලද්දි ඇඟේ මාර වේදනාවක්ලු. බලද්දි පිට මැද නියපොතු වලින් හූරපු පාරවල් තියෙනවලු. ඔහොම ටික දවසක් යද්දි ගෙදර අනිත් අයගෙත් ඔහොම දේවල් වෙන්න පටන්ගත්තලු.
නිදාගෙන ඉන්දැද්දි ඇඳෙන් ඇදලා බිමට දානවලු. බෙල්ල මිරිකනවලු හුස්ම හිර වෙනකං. ඇඳට තියලා තද කරනවලු. ඔය ටිකේ මාරම කරදරෙන් බයෙන් තමයි ගෙදර හැමෝම ඉඳලා තියෙන්නේ.
ඔහොම යද්දි මෙයාලගේ අම්මා හොඳටම අසනීප වෙලා. නගිටගන්නවත් බැරි තරමට දුර්වල වෙන්න ගත්තලු. ඒ වෙනකං ඒ මනුස්සයට මුකුත් ලෙඩක් තිබිලත් නෑ.
මීටත් අමතරව මෙයාලට හැමදාම එක එක ප්‍රශ්නලු. සල්ලියක් ඉතුරු වෙන්නෑලු. ඒ අතරේ අර වගේ අමනුස්ස කරදර දිගටම තිබ්බලු.
දවසක් මේ අයියා කුස්සියේ ඉන්දෙද්දී එකපාරට පිටිපස්සෙන් කණ ගාවින්ම කව්ද එකෙක් පණ අදින්න වගේ හුස්ම අදින සද්දයක් ආවලු. හැරිලා බලද්දි මොකාවත් නෑ ලු. එදානං පොර හොඳටෝම බය වෙලා.
කොහොමහරි ඔහොම යද්දි තාත්තත් අසනීප වෙලා වකුගඩුවල ප්‍රශ්නයක් ඇවිල්ලා. බොන මනුස්සයෙකුත් නෙවේලු. ඒ වෙද්දීත් තැන් ගානකට ගුරුකං අනංමනං අහන්න ගිහිං මෙයාලා හෙම්බත් වෙලා ඉඳල තියෙන්නේ. ඔය අතරේ තව කවුද හොඳ ගුරෙක් ඉන්නව කියලා කමක් නෑ ඒකත් බලමු කියල ගිහිං බලන්න.
ඒ ගුරුන්නාන්න්සේ ආරුඪ වෙලා කිව්වලු ගෙදරට කොඩිවිනයක් කරල කියලා. ළඟ ඉන්න නෑ කෙනෙක්මයි කියල උගේ විස්තරත් කිව්වලු. හරියට හරිලු. තද ඉරිසියාකාරයෙක්. ගෙදරට මලගිය ප්‍රානකාරයෝ බන්ධනය කරලා තියෙන්නේ. උන් ඉන්නේ ගෙදර අරක්ගෙන කියල කිව්වලු. සේරම අවතාර විසි තුනක් ගෙදර ඉන්නව කිව්වලු.
කොහොමහරි පොර කියල මේ බන්ධනේ කැපුවේ නැත්තං ඊළඟට තාත්තත් ඉක්මනටම නැති වෙනවා. ඊළඟට මෙයයි අක්කයිත් නැති වෙලා යනව කියල. කොඩිවිනෙන් බලවත්ම හානිය තියෙන්නේ අම්මට කියල කිව්වලු. කැපුවොත් අම්මා සතුටින් ප්‍රාණවත්ව දවස් දෙකක් ඉඳලා තුන්වෙනි දවසෙ නැති වෙනවා කියල කිව්වලු.
කට්ටියට මාරම දුකයිලු. කැමති වෙලත් නෑ කරන්න. ඒත් අම්මගේ පෙරත්තෙටම කොඩිවිනේ කපලා. කිව්වත් වගේ පොර කිව්වා මචං මතක ඇති කාලෙක අම්මා හිනාවෙලා නැගිටලා කතාබහ කරලා හිටියෙ ඒ දවස් දෙක විතරයි කියලා. තුන්වෙනි දවසෙ අම්මා එකපාර අමාරු වෙලා නැති වෙලා.
මීට මාස තුනකට කලින් එයාලගේ තාත්තත් නැති උනා. ඒත් පොරයි අක්කයි හරි ඔලුව උස්සලා ඉන්නවා. පව් වැඩේ බං. මට මාරම දුකයි. පස්සේ එයාලා වෙන ගෙදරක පදිංචියට ආවා පන්නිපිටිය පැත්තෙ. පොර ඊයේ හම්බුන වෙලේ කිව්වා ඒ ගෙදරත් අමුතු අමුතු සීන් වෙනවා කියලා. අරකෙන් නොගිය එවුන් ටිකක් තාමත් පස්සෙන් එනවද මන්දා. අර වගේ වහලා තියෙන කාමර වලින් කුස්සියෙන් එහෙම අමුතු අමුතු සද්ද බද්ද එනවලු.
දැන් පොරයි අක්කයි තව ගෙදරක් ගාලුපාරෙන් හොයලා ගල්කිස්ස හරියෙන්. ඊළඟ මාසේ යන්න තමයි ඉන්නේ.
mekanam duka hithen siddiyak saho..

bump
holaman udata
machang, matath hamuduruwande details ewapanko.
podi case ekak thiyenawa mage wife ta , eyage marichcha aachchigen.
මේ කියන සිද්ධිය බොහොම ශෝචනීයයි. මේක සිද්ධ වුනේ මම නැවතිලා ඉන්න තැන අල්ලපු ගෙදර නංගිගේ බෝයිෆ්‍රෙන්ඩ්ට. සිරා බොක්ක කොල්ලා. එහෙම ගෙදර හිටියෙ මිනිහයි අක්කයි අම්මයි තාත්තයි. ගෙවල් බොරැල්ල පැත්තෙ.
Patta dukai machan wela tiyana wedeta.
meka karapu eka dannawanao karapu kodivine apassata kapanna ne tibbe unta kela wela yannama
නියම වැඩකාරයෙක් සෙට් උනොත් දෙන්න පුළුවන් කරපු එවුන්ව නන්නත්තාර වෙලා යන්න. එහෙම කතාවකුත් තියෙනවා මම දාන්නං
machan matath hamuduruwange caontact details PM karapanko
එල
bump...
bella mirikana eka nam matath heenen penawa
+9
නිදාගන්න කලින් තුන් සූත්‍රය කියන්න මචං. තව මයිත්‍රී භාවනා කරන්න
මචං තව දාපං... මට පුලුවන්නම් අර හාමුදුරුවන්ගේ විස්තර ටික එවන්න....
හරි
හොල් බම්ප්
බම්ප්
(පුලුවන්නම් හාමුදුරුවන්ගේ ඩිටෙල්ස් පි .එම් .කරපන්
එල
patta ban thawa daapan
මෙිි වගෙ ඇගෙ මයිල් කෙලින් වෙන සින් තියෙනවා නේද මචං ,
පොඩි experiment එකක් කරලා බලමුද. මම දන්න දේවල් අනුව. පොරට කියන්න ඔය ගෙදරට ඌරු මස් ටිකක් අරගෙන ඇවිල්ල හදල කන්න කියල. පුළුවන් නම් බල්ලෙකුත් අරන් හදන්න කියන්න. ඌරු මස් මරපුව ගන්නවා මිසක් මරවල මස් කර ගන්න නම් එපා. ගොඩක් අය හිතන්නේ ඌරු මස් වලට යක්කු හොල්මන් ආකර්ෂණය වෙනවා කියල. හැබැයි වෙන්නේ ඒකෙ අනිත් පැත්ත. ඌරු මස් වලට ඔය ඔක්කොම බයයි සහ අකමැතියි. උයන ගෙදරක පැත්ත පළාතේ එන්නෙ නැහැ.
ඊට අමතරව මෙන්න මේ පොතේ තියෙන විදියට කරලා බලන්න කියන්න.
http://www.youblisher.com/p/502160-/
ඌරු මස් සීන් එක කොහොම වෙතත් මචං මයිත්‍රී භාවනා වැඩේනං ෂුවර්. අපේ අම්මටත් නිදාගනිද්දි ඔහොම එකෙක් බෙල්ල මිරිකනවා බලං ඉන්නවා සීන් වගයක් උනා. දිගටම මයිත්‍රී භාවනාව කරලා ඒක නැවතුනා
මේක උනේ 2004 දෙසැම්බර් 26 , අපේ වාහන තුනක් ගාලු පාරේ ට්‍රිප් එකක් යන්න ගත්තා , මගට යද්දි මුහුද ගොඩගලනවයි කියලා මිනිස්සු දුවන් ආවා , කලඹලේට අපේ වාහන වලින් එකක් ඉක්මනට හරවන් ගියා ආපහු, මමයි තාත්තයි හිටියේ එක වාහනේක , හරවන් ගිය වාහනේ අපේ අම්මයි මාමලයි , පිටිපස්සෙන් තව එක වාහනයක් ආවා. තාත්ත කිව්වා , රට ඇතුලට හරවලා යන්න විදියක් හොයාගම්මු කියලා , ඒත් හරවන් ගිය වාහනේ ප්‍රධාන පාර දිගේ කෙලින්ම ගිහින් වෙන්න ඕනා. දුරකථන වැඩ කරන්නෙත් නැති උනා ඒ වෙනකොට. අපි ආපහු යන අතරේ එක රැල්ලක් ඇවිත් බෝට්ටු එහෙම පාරටම ඇවිත් , මාලු පාරේ දගලනවා , ගෙවල් වල බඩු මුට්ටු එහෙම ගහගෙන යනවා , වාහනේ හිටිය අනික් කට්ටිය මර ලතෝනි තියන්න ගත්තා මේක දැකලා , ඒත් වාහනේ එළවන් ගිය ආපේ තාත්තගේනම් කළබල ගතියක් තිබ්බේ නෑ , ඒ නිසා මාත් කලබල නැතුව හිටියා. තාත්තා කිව්වා රට ඇතුලට හරවමු ඒත් අනික් වාහනෙත් හොයාගෙන යන්න වෙනවයි කියලා, එහෙම බලන් යද්දි , ඔන්න වාහනේ හම්බුනා , ට්‍රැෆික් එකක හිර වෙලා , ඔන්න දැන් වාහන තුනම එක තැන , ඔය අස්සේ අපේ තාත්තා බැලුවා ට්‍රැෆික් අස්සෙන් යන්න පුලුවන්ද කියලා, මෙන්න වාහනේ දාන්න හද්ද්දිම
ට්‍රැෆික් එක අස්සේ ඉදන් පුටාර් එකක් පැදන් වයසක් මනුස්සෙයෙක් ඇවිත් තාත්තට බැනපි
"අම්මගේ **** අස්සේ යනවද? ආපහු හරෝපන්" කියලා
ඒ කලබලේට අපේ වාහන තුනම හැරෙව්වා ආපහු , ඒ හරෝනවත් එක්කම කොල්ලො 3 දුවන් ඇවිත් මෙතනින් උඩට යන්න කියලා අපිට පාරක් පෙන්නුවා , එ පාරේ උඩට ගියාම බේරුවල පල්ලිය කියලා අපි දැනගත්තා , අපේ වාහන තුනයි තව එක වාහනේකුයි ආවා. වෙන යන්න ඉඩ නෑ , ඒත් අපි බැහැලා ඉස්සරහට ගියාම පල්ලිය අයිනෙන් ගුරු පාරක් තිබ්බා , අපි ඒකෙන් ගියාම මෙන්න රට මැද්දටම එන්න පුලුවන් උනා. අපි බේරුනා නෙමේ , අපිව බේරුවා කියලා තමයි මගේ විශ්වාසය තාමත්. බේරුවල ඉන්න කවුරු හරි කියනවද ඒ පල්ලිය අයිනෙන් එහෙම පාරක් තියෙනවද කියලා. මට හම්බුනොත් ආයේ යන්න තමයි ඉන්නේ
මටහුඩු.
උඹලගේ වෙලාව හොඳයි බං.
මලගිය අය ඔහොම පව්ලකට උදව් කරන සීන් එකක් මට තාත්තා එක පාරක් කිව්වා. වෙලාවක දාන්නං
හැමෝටම බොහොම ස්තුති
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
සොරි මචන්ලා මේ ටිකේ වයිරස් උණ හැදිලා වැඩට ගියෙත් නෑ. මාර ආතල්.
හොල්මං කතාවක් කියන්න කලින් මට මේ මෑතකදී වුන දෙයක් කියන්නං. ඒකෙ පැරනොමල් සීන් එකකුත් තියෙන හින්දා.
පහුගිය ජනවාරි මාසේ අපේ අයියලයි එයාලගේ බැංකුවේ වැඩ කරන තව අයියා කෙනෙකුයි කට්ටිය එක්ක කැලණිය පැත්තෙ ගියා හාමුදුරු කෙනෙක් හම්බවෙන්න. මානසික ශක්තියෙන් ලෙඩ එහෙම හොඳ කරන කෙනෙක් කියල තමයි කියන්නෙ. පන්සලේ ඉන්නෙ තනියෙන්. සමහරු කියනවා මාර්ග පලේකටත් අවිල්ලලු. බොහොම අනුහස් තියෙන තැනක් ලු.
මමනං ඔය දේවල් බොහොම විවෘත මනසකින් බලනවා මිසක් එකපාර පිලිගන්නේවත් ප්‍රතික්ෂේප කරන්නේවත් නෑ.
කොහොමහරි අපේ අයියගේ යාලුවට හාමුදුරුවෝ මාරම විශ්වාසයි. ඒ අයියා ඇක්සිඩන්ට් එකක් වෙලා කෝමා එකක මාස හතරකට කිට්ටු වෙන්න ඉඳලා අන්තිමට ඩොක්ටර්ස්ලා ගෙදර අයට කියලා කැමතිනං life supporters අයින් කරන්න. නැත්තං කැමති දෙයක් කරන්න. අපිට තව දුරටත් කරන්න දෙයක් නෑ කියලා.
එපාර මේ හාමුදුරුවන්ට කිව්වම ඉසිපිරිතාලෙට ඇවිල්ලා එතන බලලා කිව්වලු, වාට්ටුවේ මෙයා කෝමා එකේ ඉන්න ඇඳ වටේටම අමනුස්සයෝ ඉන්නවා, මේ වගේම නොයෙක් අනතුරු වෙලා මෙතනට ගෙනැල්ලා මැරුණු අය. ඒගොල්ලන් මෙයාට සිහිය එන්න දෙන්නේ නෑ. පරලෝකෙට ගෙනියන්නම තමයි හදන්නේ කියලා.
ඊට පස්සේ ඩොක්ට්‍ර්සලා ගෙන් අවසර අරගෙන ලෙඩාගේ ඇඳේ කොන් හතරේ ආරක්ෂාවල් එල්ලලා. හාමුදුරුවෝ එතනම ඉඳන් පිරිත් කියලා, "අද හවස වෙද්දී ලෙඩාට සිහිය ඒවි, හෙට වෙද්දී නැගිටීවි" කියලා ඉසිපිරිතාලෙන් වැඩම කරාලු.
එදා හවස මාස හතරකට පස්සේ ඒ අයියා ඇස් ඇරලා. පස්සෙන්දා ඇඳෙන් නැගිටලා වාට්ටුවේ හෙමින් හෙමින් අවිද්දලු. ඩොක්ට්‍ර්ස්ලට න්ර්ස්ලට කට උත්තර නෑලු.
කොහොමහරි ඇක්සිඩන්ට් එකෙන් මෙයාගේ ඇහැක පෙනීම සම්පුර්නෙන් නැති වෙලා. මූනත් යකඩ ප්ලේට් දාලා මහලා තියෙන්නේ. හැබැයි හාමුදුරුවෝ බලලා කියල තියෙනවා ඇහේ ස්නායු විනාස වෙලා නෑ තැලිලා අක්‍රිය වෙලා විතරයි. බෙහෙත් කරලා ඇහේ පෙනීම ගන්න පුළුවන් කියලා අවුරුද්දකින්.
අදටත් බෙහෙත් කරගෙන යනවා.දැන් මාස හයක් විතර. සල්ලිවත් ගන්නේ නෑ බෙහෙත් කරන්න.
කොහොමහරි ඔන්න අපි ගිහින් මමයි අම්මයි තාත්තයි ආවාස ගෙට ඇතුල් වෙලා ඉඳගත්තා. යද්දි බුලත් අතක් ගෙනියන්න ඕන. එක පවුලකට පන්සීයයි. බුලත් අත මේසෙ උඩ තියලා වාඩි උනාට පස්සේ තාත්තට එතනින් බුලත් කොලයක් අරගෙන අත්ල උඩින් තියලා අනිත් අතින් වහගෙන ඉන්න කිව්වා.
ඒ අතරේ හාමුදුරුවෝ අපි එක්ක කතා කරනවා. කිසිම ආරුඩයක් නෑ. සාමාන්‍ය විදියට.තියෙන ලෙඩ රෝග වගේ දේවල් සහ ඒවාට කරන්න ඕන පිළිවෙත්, බොන්න ඕන බෙහෙත් වගේ ඒවා. යද්දි අරන්ගිය පොතේ මම ඒවා ලියාගත්තා.
ටික වෙලාවකට පස්සේ තාත්තාගේ අතේ තිබ්බ බුලත් කොලේ ඉල්ලගත්තා. ඒක හාමුදුරුවෝ මුණ ලඟටම අරගෙන හම්බානෙක දේවල් ඒකෙ තියෙනවා වගේ බලනවා.
ඊට පස්සේ අපේ ගෙදරයි ඉඩම ගැනයි කියන්න ගත්තා. ගේ තියෙන්නේ වත්ත මැද. ගෙට අමතරව තව පුංචි පුංචි ගොඩනැගිලි ගානක්ම තැනින් තැන තියෙනව නේද ඇහුව.
ඒක ඇත්ත. අපේ ගේ පැත්තෙන් පරණ බලු කුඩුව තියෙනවා. ගේ පිටිපස්සේ මුල්ලකට වෙන්න පොඩි ටොයිලට් එකක්, ඊට පිටිපස්සෙන් මඩුවක්, ඊට ටිකක් එහායින් වතුර ටැංකිය සහ ඒක යට ගබඩා කාමරේ. ඊටත් පිටිපස්සෙන් තව මඩුවක්. වත්තේ කෙලවර හැටියට වෙන්න කොම්පෝස්ට් ටැංකියක්.
මේවා සේරම ගඩොල් බිත්ති තියෙන කපරාරු කරපු පොඩි පොඩි කාමර කෑලි වගේ ඒවා.
හාමුදුරුවෝ කියනවා මෙහෙම පොඩි පොඩි කාමර වත්තේ තැනින් තැන තියෙන එක හොඳ නෑනේ. මේවයේ මනුස්ස වාසයක් නෑනේ. මේවයින් අමනුස්සයින්ට වාසස්ථාන සපයනවා කියල.
ඔන්න අපි ටික ටික රත් වෙනවා.
හාමුදුරුවෝ ඇස් පොඩි කරලා බුලත් කොලේ තව මුණට ලං කරා.
"කෝ බලන්න....එකයි දෙකයි තුනයි....." කියලා දැන් බුලත් කොලේ ගණන් කරනවා. ඔක්කොම කට්ටිය දහ තුනක් ඉන්නවා. කිව්වා
මල කෙලියයි. අපේ ගෙදරත් මහා පරණ එකක් නෙවේ. අවුරුදු විසි හතක් වගේ. තාත්තමයි හැදුවේ. අපි හීනෙකින්වත් හිතුවේ නෑ අපේ වත්තේ අමනුස්සයෝ ඇති කියලා.
හාමුදුරුවෝ අහනවා..."ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි ඉන්නවා පිටිපස්සේ මඩුවේ. ආච්චි රෙද්දයි හැට්ටෙයි ඇඳලා ඉන්නේ. හැරමිටිය ගහ ගහ යන්නේ. සීයා රැවුල වවලා මේස් බැනියම ඇඳලා රැවුල වවලා ඉනේ රිදී හවඩියක් බැඳලා ඉන්නේ."
අපේ අම්මා කිව්වා ඒ හැඩරුව තියෙන්නේ ඉඩමේ කලින් හිටපු ජෝඩුවට කියලා. සීයා එයාලගෙන් ඉඩම අරගෙන හැබැයි දෙන්නා මැරිලා යනකන්ම ඉන්න දීල. පොඩි කටු මැටි ගෙදරක ඉඳලා තියෙන්නේ.
ඊට පස්සේ හාමුදුරුවෝ දැන් ගේ ඇතුල බලනවා.
අපේ ගෙදර ප්‍රධාන නිදන කාමරේ අම්මයි තාත්තයි ඉන්නවා. එකටම අල්ලලා එහාපැත්තෙ තමයි මගේ කාමරේ තියෙන්නේ. කාමර දෙකට ඇතුල් වෙන්නෙ පටු කොරිඩෝවකින්. කොරිඩෝවෙන් එහාපැත්තෙ තියෙන්නේ කෑම කාමරේ.
අම්මලාගේ කාමරේ සහ මගේ කාමරේ වෙන් වෙන්නෙ අඩි දෙකක විතර පරතරේකින් හදපු සමාන්තරව යන බිත්ති දෙකකින්.බිත්ති අතර ඉඩ වෝල් කබඩ් එකක් විදියටයි පාවිච්චි වෙන්නෙ. මේ බිත්ති දෙකෙන් අම්මලයි කාමරේ පැත්තෙ බිත්තිය සීලිමටම යනවා. මගේ කාමරේ පැත්තෙ බිත්තිය අඩි හතකින් විතර නවතිනවා. එතන ඉඳන් සීලිම වෙනකං අඩි දෙකහමාරක් විතර ඉඩ, බඩු මුට්ටු තියන්න තමයි පාවිච්චි වෙන්නෙ.
දැන් ඔන්න හාමුදුරුවෝ අහනවා...ගෙදර සාලේ ඉඳන් ගේ ඇතුලට යද්දි කෑම කාමරේ තියෙනවා, එතනම එහාපැත්තෙ ලොකු නිදන කාමරයක් තියනවා නේද?
එහෙමයි.
එතනම එහාපැත්තෙ තව නිදන කාමරයක් තියෙනවා නේද?
එහෙමයි.
මේ කාමර දෙක අතරේ තියෙන්නේ කොට බිත්තියක්ද?
අපි ඉස්සෙල්ලා හිතුවේ හාමුදුරුවෝ අදහස් කරන්නෙ අඩි දෙක තුනක් උස පොඩි බිත්ති කෑල්ලක් කියලා. එහෙම හිතලා නෑ කියන්න හදනකොටම හාමුදුරුවෝ කියනවා...
කොට බිත්තියක් කිව්වෙ මහත්තයෝ මේ පොඩි බිත්ති කෑල්ලක් නෙවේ, සීලිම වෙනකං උස යන්නැතුව ඊට ටිකක් පහළින් නේද නවතින්නේ?
එහෙමයි හාමුදුරුවනේ.
ඊටපස්සේ හාමුදුරුවෝ ටිකක් බැරෑරුම් විදියට හිනාවක් දාලා කියනවා..."මේ බිත්තිය ඉවරවෙන තැනම උඩ එක්කෙනෙක් වාඩි වෙලා ඉන්නවා...කකුල් දෙකත් පහලට දාගෙන කාමරේ දිහා බලාගෙන."
ඒ කියන්නෙ මගේ ඇඳ පැත්ත තමයි බලං ඉන්නේ. මම ඇඳේ හාන්සි උනහම පේන්නේ කෙලින්ම ඔතන තමයි. ඇඟේ මයිල් ඉස්මයිල් උනා බං.
මට උගේ හැඩරුව අහන්නත් හිතිලා ඒත් ඇහුවේ නෑ මොකෝ ඊළඟ දවසෙ අනිවාර්යෙන් නිදාගන්න ගිහිං ලයිට් ඕෆ් කරපු ගමන් මට ඔතන බැලෙනවා. ඊට පස්සේ උගේ රූපේ මැවිලා පේනවා.
අපි ඇහුව මේකට මොකද කරන්නෙ කියලා...
මහත්තයෝ මේ හැමෝම මේ ඉඩමේ කලින් පදිංචිකාරයෝ. මෙයාලගෙන් කරදරයක් හිරිහැරයක් නෑ. හැබැයි ඉතිං මහත්තයල දිහා බල බල හුල්ලනවා...අනේ අපි හිටපු තැන නේ කිය කිය. එතකොට ඉතිං කිසි දියුණුවක් නෑ.
ගෙදර සාංගික දානෙකුයි කිරි දානෙකුයි දීල මෙයාලට පිං දීල පිටක්කරන්න. කියල හාමුදුරුවෝ කිව්වා.
මේ අව්රුද්දෙ ඔය ටික කරල බලන්න තමයි ඉන්නේ.
පොඩි experiment එකක් කරලා බලමුද. මම දන්න දේවල් අනුව. පොරට කියන්න ඔය ගෙදරට ඌරු මස් ටිකක් අරගෙන ඇවිල්ල හදල කන්න කියල. පුළුවන් නම් බල්ලෙකුත් අරන් හදන්න කියන්න. ඌරු මස් මරපුව ගන්නවා මිසක් මරවල මස් කර ගන්න නම් එපා. ගොඩක් අය හිතන්නේ ඌරු මස් වලට යක්කු හොල්මන් ආකර්ෂණය වෙනවා කියල. හැබැයි වෙන්නේ ඒකෙ අනිත් පැත්ත. ඌරු මස් වලට ඔය ඔක්කොම බයයි සහ අකමැතියි. උයන ගෙදරක පැත්ත පළාතේ එන්නෙ නැහැ.
ඊට අමතරව මෙන්න මේ පොතේ තියෙන විදියට කරලා බලන්න කියන්න.
http://www.youblisher.com/p/502160-/



උබ දන්නවද ඇයි ඌරු මස් වලට යක්කු හොල්මන් එන්නේ නැත්තේ කියලා ?
ඌරූ මස් වලට එන්නේ එක යක්ෂයි ඒ කවුද කියලා හොයල බලපන්
ලොක්කෝ බැල්ම දාන තැන්වලට පොඩි උන් එන්නේ නැති සීන් එකක් ඔතන තියෙන්නේ.ඒකයි ඔය පොඩි පොඩි ගුරුකම් කරද්දී ඌරු මස් ගන්න එපා කියන්නේ ඒවාට උදව් කරන්න ඉන්න පොඩි පොඩි පෙරේතයෝ පළාතේ ඉන්නේ නැහැ ඌරු මස් ,ඌරු තෙල් ගත්තොත්,:lol:
මහසෝනා මල්ලි. මහසෝනා.![]()