Software ENGINEERING case

roshan123123

Member
Mar 30, 2009
114
1
0
machanla mata pahala thiyana wachanawala therum ketiyen sinhalen kiyala deepalla.
1. Inheritance
2. Message Passing
3. Associations
4. Multiplicity
5. Aggregation
6. Composition
7. Polymorphism
8. Use case diagram
 
  • Like
Reactions: sithija.h

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
1. මේක නිකං පරම්පරාව වගේ.. පියාගේ මවගේ ගුණ පුතාට දුවට ඉන්හෙරිට් වෙනව.. ක්ලාසස් වල තමා පාවිච්චි වෙන්නෙ බොහෝවෙලාවට..
හිතපං 2DShape කියල ක්ලාස් එකක් හැදුව...
ඕකෙ අනිවා Area කියන ගුණය තියෙනව..
ඉතිං උඹට 2DShape කියන ක්ලාස් එකෙන් triangle, circle, square කියන ක්ලාසස් ඉන්හෙරිට් කලෑකි..

7. එකම දේ බොහෝ විදිහෙන් පෙනී සිටීම.. හිතපං උඹට square එකකයි rectangle එකකයි ඒරියා එක හොයන්න ෆන්ක්ශන්ස් හදන්න ඕනෙ.. දෙකම තියෙන්නෙ quadrangle ක්ලාස් එකේ..
උඹට getArea(x,y) කියල එකකුයි getArea(x) කියල එකකුයි දෙකක් ලිව්වෑකි.. එතකොට xy දෙකම තියෙන එකෙන් rectangle එකක් සලකල ඒරියා එක දෙනව.. x විතරක් තියෙන එකෙන් x*x දෙනව..

2. මැසේජ් පාසිං. මේකත් අර shape ක්ලාස් එකෙන්ම ගත්තෑකි.. Area එක calc කරන්න කියල shape එකේ ටයිම් එක දුන්නොත් ට්‍රැඩිශනල් ක්‍රමේ if then හෝ switch case දදා ශේප් එක මොකක්ද කියල අඳුනගෙන area එක දෙන එක.. මැසේජ් පාසිං වලදි ඔක්කොම shape කියන ක්ලාස් එකට දාල දුන්නගමං සබ් ක්ලාසස් වලිං shape එක මොකක්ද කියල අඳුනගෙන ඒකට අදාලව area එක calc කර දෙනව.

ඔච්චරයි දන්නෙ :dull: :dull:
වැරදි තියේ නං නිවැරදි කරන්න :dull: :dull:
 

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    1. මේක නිකං පරම්පරාව වගේ.. පියාගේ මවගේ ගුණ පුතාට දුවට ඉන්හෙරිට් වෙනව.. ක්ලාසස් වල තමා පාවිච්චි වෙන්නෙ බොහෝවෙලාවට..
    හිතපං 2DShape කියල ක්ලාස් එකක් හැදුව...
    ඕකෙ අනිවා Area කියන ගුණය තියෙනව..
    ඉතිං උඹට 2DShape කියන ක්ලාස් එකෙන් triangle, circle, square කියන ක්ලාසස් ඉන්හෙරිට් කලෑකි..

    7. එකම දේ බොහෝ විදිහෙන් පෙනී සිටීම.. හිතපං උඹට square එකකයි rectangle එකකයි ඒරියා එක හොයන්න ෆන්ක්ශන්ස් හදන්න ඕනෙ.. දෙකම තියෙන්නෙ quadrangle ක්ලාස් එකේ..
    උඹට getArea(x,y) කියල එකකුයි getArea(x) කියල එකකුයි දෙකක් ලිව්වෑකි.. එතකොට xy දෙකම තියෙන එකෙන් rectangle එකක් සලකල ඒරියා එක දෙනව.. x විතරක් තියෙන එකෙන් x*x දෙනව..

    2. මැසේජ් පාසිං. මේකත් අර shape ක්ලාස් එකෙන්ම ගත්තෑකි.. Area එක calc කරන්න කියල shape එකේ ටයිම් එක දුන්නොත් ට්‍රැඩිශනල් ක්‍රමේ if then හෝ switch case දදා ශේප් එක මොකක්ද කියල අඳුනගෙන area එක දෙන එක.. මැසේජ් පාසිං වලදි ඔක්කොම shape කියන ක්ලාස් එකට දාල දුන්නගමං සබ් ක්ලාසස් වලිං shape එක මොකක්ද කියල අඳුනගෙන ඒකට අදාලව area එක calc කර දෙනව.

    ඔච්චරයි දන්නෙ :dull: :dull:
    වැරදි තියේ නං නිවැරදි කරන්න :dull: :dull:

    :shocked::shocked:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    8. Use case diagrams- (system analysis and designing වලදී යුස් කරන එක ඩයග්රම් වර්ගයක්) සරලවම කියනවනම් යම්කිසි සිස්ටම් එකක යුසර්ස්ල අදාළ සිස්ටම් එකත් එක්ක ගනුදෙනු කරන ආකාරය නිරුපනය කරන රුපසටහනක්, මේකෙදි ගොඩක් දුරට නිරුපනය වෙන්නේ යුසර් කෙනෙක් කොහොමද සිස්ටම් එකේ තියෙන විවිධ අවස්ථා (use cases) එක්ක සම්බන්ධ වෙන්නේ කියන එක. මේක Unified Modeling Language (UML) වල තියෙන එක කොටසක් විතරයි. system analysis and designing වලදී තව ගොඩක් ඩයග්රම් වර්ග යුස් කරනවා. Class diagrams, Component diagrams, Composite structure diagrams, Deployment diagrams, Activity diagrams, Sequence diagrams, State transition diagrams ඔය වගේ තව තියෙනවා.

    අනිත් ඒවයෙනුත් මතක තියෙන ඒවා වෙලාව තිබුනොත් දාන්නම් මචන්, අද ටිකක් වැඩ වැඩියි.
     
    Last edited:

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    Read This book - An Excellent book..

    Beginning Java Objects: From Concepts To Code, Second Edition
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Phone eken kotanne abstract widiyata, idea ekak ganna

    Use case diagram ekak kiyanne system ekaka overall functionality eka pennanna andina diagram ekak. Eken basic user interactions wena widiya pennanna puluwan. Basic symbols wenne actors (user), use case (functionality) , communication lines between users and functions.

    Inheritance uda pehadili karala thiyenawa. Mekata generalization kiyalath kiyanawa. E kiyanne design level ekedi similar classes wala common attributes & methods filter karala gannawa general class ekakata. Eka ethakota parent class ekak. Eke thiyena methods sub classes wala pennanawa. Ekata thamai inheritance kiyanne. Ekama method eka sub class/ child class ekaka wena widiyakata implement karanna puluwan. Ekata kiyanawa method overriding kiyala.

    Polymorphism uda pehadili karala thiyenawa. Saralawa many forms kiyana eka thamai. Class ekaka ekama namin methods thiyenna puluwan different parameters ekka. Ekata kiyanawa mehod overloading kiyala. Method overloading & overriding dekama polymorphism walata udaharana.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    3. Association
    5. Aggregation
    6. Composition
    මේ ටික අදාල වෙන්නේ Class Diagrams වලට

    Association - (classes අතරේ සම්බන්ධතාවය ගොඩනැගෙන විදිහ/එක class එකකින් කරන දෙයක් තව class එකකින් බාරගන්න විදිහ) මේක කොටස් හතරකට බෙදෙනවා

    Bi-directional- උදාහරණයක් විදිහට අපි බැංකුවේ සල්ලි දාන එක ගත්තොත්, සම්බන්ධතාවය දෙපැත්තටම තියෙනවා, අපි බැංකුවට සල්ලි දෙනවා. බැංකුව අපිට පොලියක් දෙනවා

    Uni-directional- උදාහරණයක් විදිහට අපි අදායම් බදු ගෙවන එක ගත්තොත්, සම්බන්ධතාවය තියෙන්නේ එක පැත්තකට විතරයි, අපි දේශීය අදායම් එකට බදු ගෙවනවා, උන් අපිට මොන ලබ්බක්වත් දෙන්නේ නැහැ.

    Aggregation (includes Composition aggregation)-

    Aggregation- උදාහරණයක් විදිහට අපි ඉස්කෝලයක් ගත්තොත්, ඉස්කෝලෙයි ළමයිනුයි අතරේ තියෙන සම්බන්ධය, මේකෙදි whole part relationship එක permanent නැහැ, මොකද ළමය ඉස්කෝලෙට අයිති වුනාට අවශ්‍ය නම් ළමයට වෙන ඉස්කෝලෙකට යන්න පුළුවන්.

    Composition- උදාහරණයක් විදිහට අපි ඉස්කෝලෙම ගත්තොත්, ඉස්කෝලෙයි ඒකේ තියෙන බිල්ඩිනුයි අතරේ තියෙන සම්බන්ධය, මේකෙදි whole part relationship එක permanent, මොකද ඉස්කෝලේ තියෙන බිල්ඩින් ගලවන් ගිහින් වෙන ඉස්කෝලෙක හයි කරන්න බැහැ, එකට ඉස්කෝලේ කියන්නේ බිල්ඩින් තියෙන නිසා.

    Reflexive (Recursive)- උදාහරණයක් විදිහට අපි ආයතනයක වැඩ කරන මැනේජර් කෙනෙකුයි, සේවකයොයි ගත්තොත් මනේජරුත් එ ආයතනයේ සේවකයෙක් තමා, එතකොට මැනේජර් ගේ සම්බන්ධය තියෙන්නේ Employee Class එකේ සිට එම Class එකටමයි.

    මේක උඹට තේරෙයිද මන්ද? මට තේරෙන විදිහට ලිවුවේ, ;)
     
    Last edited: