ප්ලූටෝ

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ප්ලූටෝ

    NASA ආයතනයේ New Horizon යානාව 2015 ජූලි 13 වන දින ප්ලුටෝ ග්‍රහ වස්තුව පසුකර ගියා. මෙතෙක් කල් අප සතුව ප්ලුටෝ ග්‍රහයා පිළිබඳව තිබුනේ බොඳ වූ අපැහැදිලි ඡායාරුප පමණයි. නමුත් මේ ඔබ දකින්නේ New Horizon යානාව ලබා ගෙන ඒවා ඇති, මීට පෙර කිසිවෙක් දැක නොතිබූ ප්ලුටෝ ග්‍රහයාගේ අති සමීප සුපහදිලිම ඡායාරුපයයි.
    ප්ලුටෝ මෑතකදී සෞරග්‍රහ මණ්ඩලයෙන්ද ඉවත් කලේ එයට ග්‍රහ වස්තුවක් වීමට අවශ්‍ය ඇතැම් සුදුසුකම් නැතැයි තීන්දු වීමෙන්.

    150714130907_pluto_nasa_512x288_nasa_nocredit.jpg

    පසුගිය වසර නවය පුරා සෞරග්‍රහ මණ්ඩලය වටා ගමන් ගත් අභ්‍යවකාශ යානයක් ප්ලූටෝ ග්‍රහයා ආසන්නයෙන් ගමන් ගනිමින් දත්ත එක්රැස් කරමින් සිටියි.

    යානය ප්ලූටෝ වෙත ළඟා වූයේ පෘථිවියේ සිට කිලෝමීටර් කෝටි පන්සීයකට ආසන්න අභ්‍යවකාශ චාරිකාවක යෙදීමෙන් අනතුරුවයි.

    රොබෝ යානය විසින් ප්ලූටෝ ග්‍රහයායේ ඡායාරූප සහ දත්ත එක් රැස් කිරීමට නියමිතයි.

    යානය ඔස්සේ ලැබුණු ප්ලූටෝ ග්‍රහයාගේ ඡායාරූප පිළිබඳ විස්තර කරමින් අභ්‍යවකාශ මෙහෙයුමේ ප්‍රධාන පර්යේෂක ඇලන් ස්ටර්න් කියා සිටියේ ‘නොයෙකුත් ආකාරයේ දීප්තිමත් කලාප ඔබට දැකිය හැකියි.

    'එහි සමකයට ආසන්නයෙන් ඉතා කළු පැහැති කලාප තිබෙනවා. තුනී හෝ අඩු පීඩනයකින් යුත් නයිට්‍රිජන් සහිත වායු ගෝලයක් එහි තිබිය යුතුයි’ ඇලන් ස්ටර්න් පවසයි.

    තත්වයෙන් ඉහළ තවත් ඡායාරූප යානය වෙතින් ලැබීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය.

    මේ අතර අලුතින්ම ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ අභ්‍යවකාශ යානය පෘථිවිය සමඟ යළි සබඳතා ආරම්භ කර ඇති බවයි.

    යානය යහපත් තත්වයක පවතින බව තහවුරු වීමත් සමඟ නාසා ආයතනයේ විද්‍යාඥයන් ඔල්වරසන් හඬ නැගූ බවත් වාර්තා වෙයි.

    201507140007HQ_br.jpg

    මේරිලන්ඩ් ප්‍රාන්තයේ ‘නාසා’ මෙහෙයුම් මධ්‍යස්ථානයේ සිටින බීබීසී වාර්තාකරුවෙක් පවසන්නේ, ප්‍රමාණයෙන් කුඩා ප්ලූටෝ ග්‍රහයා සම්බන්ධයෙන් මාහැඟි තොරතුරු රාශියක් ලැබෙනු ඇතැයි විද්‍යාඥයන් බලාපොරොත්තු තබන බවයි.

    සිංහලපීඩියා : BBC සංදේශය
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මට තියෙන ප්‍රශ්ණය නම් හබල් දුරේක්ශයෙන් ආලෝක වර්ශ මිලියන ගණන් දුරින් තියෙන ග්‍රහයන්,මණදාකිණිවල පිංතූර ගන්න පුලුවන්නම්, ඇයි මේ ලග පාත තියෙන ග්‍රහලෝකවල පැහැදිලි පිංතූර ගන්න බැරි උනේ.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,802
    6,363
    113
    මට තියෙන ප්‍රශ්ණය නම් හබල් දුරේක්ශයෙන් ආලෝක වර්ශ මිලියන ගණන් දුරින් තියෙන ග්‍රහයන්,මණදාකිණිවල පිංතූර ගන්න පුලුවන්නම්, ඇයි මේ ලග පාත තියෙන ග්‍රහලෝකවල පැහැදිලි පිංතූර ගන්න බැරි උනේ.

    හබල් එකෙන් ඈත තියෙන තරු මන්දකිනිවල ෆොටෝ ගැහුවට එව්වා හොදට පෙන්නේ තරු වලින් පිට වෙන ආලෝකේ හින්ද ග්‍රහලෝක වලින් ආලෝකේ පිට වෙන්නේ නෑ නේ.පරාවරිතනය විතරයි
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මට තියෙන ප්‍රශ්ණය නම් හබල් දුරේක්ශයෙන් ආලෝක වර්ශ මිලියන ගණන් දුරින් තියෙන ග්‍රහයන්,මණදාකිණිවල පිංතූර ගන්න පුලුවන්නම්, ඇයි මේ ලග පාත තියෙන ග්‍රහලෝකවල පැහැදිලි පිංතූර ගන්න බැරි උනේ.

    smahara wita eke langa photos ganna baruwa athi.:baffled:

    oka gan matath dana ganna one.:)
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මට තියෙන ප්‍රශ්ණය නම් හබල් දුරේක්ශයෙන් ආලෝක වර්ශ මිලියන ගණන් දුරින් තියෙන ග්‍රහයන්,මණදාකිණිවල පිංතූර ගන්න පුලුවන්නම්, ඇයි මේ ලග පාත තියෙන ග්‍රහලෝකවල පැහැදිලි පිංතූර ගන්න බැරි උනේ.

    habalen gaththa ekak newe oya thiyana pic eka. eeka aragena thiyenne new Horizon shuttle eken