ඇත්තම කිව්වොත් මලයෝ, ඕ ලෙවල් කියන්නෙ උඹට ඉස්සරහට මුහුණ දෙන්න තියෙන විභාග එක්ක ගත්තම බොහොම සුළු විභාගයක්. ඒ නිසා ඒ ගැන මහ ලොකුවට හිතන්න එපා. ඔය බය කියන එක තමයි මිනිස්සුන්ගෙ හැකියාවන් යටපත් කරවල, මිනිස්සුන්ව පරාද කරවන සාධකය. ඒ නිසා උඹට කියන්නෙ, අනවශ්‍ය විදිහට බය වෙන්න එපා, උබේ රිසාල්ට් එක ගැන අනුන් හිතන දේවල් ඔළුවට ගන්න යන්න එපා, උඹට පුලුවන් උපරිමය කරහන්, මමත් ලොකු මීටරයක් නෙවේ, ඒත් මාස දෙකක් කට්ට කාල පාඩම් කරල A8 C1 S1 ක් ගත්තා, C එකයි S එකයි තියෙන්නෙ දෙමළ වලටයි english literature වලටයි. උඹට මාස 4 ක්ම තියෙනවා, ඒ නිසා උඹට එයි කියන රිසාල්ට් එක ගැන හිත හිත ඉන්නෙ නැතුව, කාලෙන් උපරිම ප්‍රයෝජනය අරන් පාඩම් කරපන්.