මචන් මම එකක් විතරක් කතා කරන්නම්, රජයට ගත්තු ආයතන ගැන. ශ්රි ලන්කන් එයාර් ලයින් එක. ඔක වික්කේ නැ. ශෙයාස් දුන්නා එමිරේට්ස් එකට මැනේජ්මන්ට් එකත් එක්ක. එතකොට එයාර් ලයින් එක පාඩු ලබන තත්වේ තිබ්බේ.. එමිරේට්ස් එකේ ටෙක් සපොට් එකයි මැනේජ්මන්ට් එකයි නිසා ශ්රී ලන්කන් එක ලාබ ලැබුවා.. එක සැරයක් ජනාදිපති මහින්ද, ලන්ඩන්වල ඉදන් ඩුබායි ආපු වෙලේ කනෙක්ටින් ෆ්ලයිට් එක ඩිලේ කොලබට. මිනිහගේ ලේකම් කතා කලා ශ්රී ලන්කන් එකේ ඩුබායි ඔෆිස් එකට. ඒකත් හැඩල් කලේ එමිරේට්ස් එතකොට. කතා කරලා ඉල්ලුවේ ලන්කාවේ ජනාදිපති මේ වෙලාවේ ඩුබායි එයාර්පොට් එකේ ඉන්නවා එයාට යන්න ෆ්ලයිට් එකක් රිසර්ව්කරන්න දැන්මම කියලා.. ඒ වෙලාවේ එමිරේට්ස් එකේ මැනේජ්මන්ට් එක කිව්වේ ෆ්ලයිට් එකක් දෙන්න බැ ඔනේනම් ෆාස්ට් ක්ලාස් සීට් එකක් දෙන්නම් කියලා. මේ කතාවට පොරට මල පැන්නා. ලන්කාවේ එයාර් ලයින් එකේ තමන්ට ප්ලේන් එකක් නැත්තම් මොකටද කියලා, ලන්කාවට ආපු හැටියෙම මුල් වැඩකටයුත්ත හැටියට කලේ එමිරේට්ස් ඇග්රිමන්ට් එක ටර්මිනේට් කරන්න මොනවද කරන්න ඔනේ කියලා නීති උපදෙස් බැලුව එක. අන්තිමට ලොකු උත්සවයක් තියලා මිනිස්සුන්ට ඇත්ත කතාව වහලා ශ්රී ලන්කන් එක ආන්ඩුවට ගත්තා කියලා තමුන්ගේ මස්සිනාව එතන සබාපතිට දාලා. එයාර් ලයින් එක කැවා. මස්සිනා කියන්නේ එයාර් ලයින් නෙමෙයි පෙට්ටි කඩයක්වත් පාලනය කරපු එකෙක් නෙමෙයි. ඌට දන මහා නිදානේ පහල උනා වගේ. ඊට පස්සේ මිනිහගේ සනුහරේම චාටඩ් ප්ලේන් වලින් ගමන් බිමන්. ජනාදිපතිගේ නන්ගිගේ දුව බල්ලෙක් ගේන්න ස්විස්ටර් ලන්තෙට ප්ලේන් එකෙන් ගියා තකහනියා බල්ලා ගේන්න. ජනාදිපතිගේ පැයක ඔඩරෙන් ගන්න පුලුවන් විදියට ෆස්ට් ක්ලාස් කැබින් තියන ෆ්ලයිට් එකක් හැමතිස්සෙම කොලබ රිසව් කරලා තිබ්බා. බැරි වෙලාහරි එක යනව නම් ඒ වෙනුවට එකක් හැමතිස්සෙම කොලබ ජනදිපති වෙනුවෙන් තිබ්බා. මේ එකකටවත්ජනාදිපති වැය ශීර්ශෙන් ගෙව්වේ නැ. අන්තිමට දූශනය නාස්තිය නිසා පිරිහීමෙන් පිරිහීමට ගිය එයාර් ලයින් එක අද ලන්කාවේ පාඩු ලබන ආයතන අතර දෙවෙනි තැනට ඉන්නේ.. දැන් කියපන් මචන්, මේක 51% කොටසට එමිරේට්ස් එකට දීලා ලාබ ලැබුවනම් ඒක නරකද කියලා..