Mahinda danwath wenas welada

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කවුද බං "රනිල්"හොඳයි කිව්වෙ? මහින්දයි, රනිලුයි ඇරුණම ලංකාවෙ වෙන මිනිස්සු ඇත්තෙම නැද්ද?

    ඒක තමයි තියෙන ප්‍රශ්ණෙ..
    කවද හරි UNP එකට දේශ ද්‍රෝහී නොවන ජාතික වාදී නායකත්වයක් එනකන් මහින්ද හැර විකල්පයක් නෑ
    එහෙම දවසට UNP දින්නත්, ශ්‍රීලංකා දින්නත් රටේ ස්වාධීනත්වයට හානියක් නෑ. නමුත් දැන් ව්එලා තියෙන්නෙ රටට එරෙහි සිංහල විරෝධී, බෙදුම්වාදී බලවේග UNP එක යටත් කරගෙන ඉන්නෙ.
    තියෙන විකල්ප අතරින් වඩාත්ම සුදුසු විකල්පය මහින්ද. මොකද මහින්ද තරම් මේ රටට වෙන කව්‍රුවත් වැඩක් කරේ නෑ.
    මහින්ද ඉන්නකොට රටේ ආරක්ශාව, ස්වාධීනත්වය රැකුන.

    ආයෙ රනිල්ට (බෙදුම්වාදීන්ට,) බලය යනඑක නවත්වන්න ඕනි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,816
    98,972

    :dull::dull:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    1.) මහින්ද එනකොට හමුදාව නැත්තටම නැතිවෙලා ඉවරයි.. අවුරුදු ගානකින් ආයුධ අරන් නෑ. අවුරුදු ගානකින් සෙබලු අලුතෙන් බඳවගෙන නෑ. හමුදා බුද්ධි අංශයක් කියල එකක් තිබ්බෙම නෑ. (රනිල් milleneum city එකෙන් NoC list එක release කරහම හිටපු උන් ඔක්කොම මැරුව). ඒ තිබ්බ තත්වෙ යටතෙ යුද්ධෙට ගියානම් අනිවා කනව. මහින්ද පලවෙනි අවුරුදු දෙකේ කරේ හමුදාව යුද්ධයක් කරන්න සුදුසු විදිහට ගොඩනඟපු එක. 'අපි වෙනුවෙන් අපි" සින්දුව එහෙම මතකද? ඒව බලල කොල්ලො හමුදාවට අලුතෙන් බැදුන.

    2.) මහින්දගෙ කාලෙ විකුනපු රාජ්‍ය ආයතන 1ක් කියපන්?
    මහින්ද කීයක් ආපහු රජයට ගත්තද? insurance corporation, shell gas, srilankan airlines, lanka hospitals, පැලවත්ත සීනි, සතොස, තව ගොඩයි.
    මහින්ද හොරානම් කරන්න තිබ්බෙ ඉතුරු වෙලා තිබ්බ ටිකත් කොමිස් වලට විකුනල දාන එක.

    3.) ශිරාණි අයින් කරේ නියම procedure එක වන පාර්ලිමෙන්තුව හරහා.
    ෆොන්සේකා හිරේ දැම්මෙ සුදුකොඩි කතාවට.

    4.) මහින්දගෙ කාලෙ ඇරුනු එක අලුත් බාර් එකක් නම් කරපන්.
    මහින්දගෙ කාලෙ කුඩු ඇල්ලුවා.. ඇල්ලුවහම TV news වලට යනව.. එතකොට තමයි කුඩු තියෙනව කියල පේන්නෙ. චන්ද්‍රිකාගෙ කාලෙ එක කුඩ්ඩෙක් ඇල්ලුවෙ නෑ. ඉතින් කුඩු නෑ. නෑ වගේ තමයි පේන්නෙ.
    James Packer ගෙ project එක හොයාගෙන කියවල බලපන්. මිනිහ ආවෙ හෝටල් හදන්න. project එකේ තිබ්බෙ දැනට ලංකාවෙ තියෙන casino ඔක්කොම මිනිහ හදන අලුත් zone එකේ relocate කරනව කියල. (මම කැසිනෝ වලට විරුද්ධ නෑ හැබැයි)

    බුද්ධිමත්ව හිතපන්.
    මහින්දගෙ වැරදි තිබ්බ. ඒත් මහින්ද කරපු හොඳ වැඩ ඒ වැරදි වලට වඩා වැඩියි.
    අපි මහින්දව replace කරන්න ඕනි මහින්දට වඩා හොඳ මිනිහෙක්ගෙන් මිසක් මහින්දට වඩා නරක රනිල් ගෙන් නෙමෙයි.

    එතකොට මේ තියෙන්නෙ බොක විකුනපු bars ද මල්ලි, liquor license විතරක් නෙමෙයි හොරෙනුත් කරන් යනන් ඉඩ දීලා. කුඩු ඇල්ලුවෙ කොහෙදනම් දන්නෙ නෑ. හැබැයි කුඩ්ඩොන්ගෙ ගෙවල් වලනම් හොඳට ලැග්ගා.

    James Packer බබා ඒයා චූටි hotel එකක් දාගෙන පාඩුවෙ ඉන්න තමයි හිතන් හිටියේ කැසිනෝ කියලා එකක් එයා දන්නෙම නෑ උම්මා පැටියෙක්. අනේ පල පකෝ යන්න කියලා තමයි ඉතින් කියන්න තියෙන්නෙ.

    මහින්ද ආයතන විකිනුවෙ නැතු වුනාට ඒවා අරගෙන තිබ්බ තත්වෙනුත් පහලට දැම්මානෙ.

    බුද්ධිමතා කවුද කියලා හිතාගන්න
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    1.) මහින්ද එනකොට හමුදාව නැත්තටම නැතිවෙලා ඉවරයි.. අවුරුදු ගානකින් ආයුධ අරන් නෑ. අවුරුදු ගානකින් සෙබලු අලුතෙන් බඳවගෙන නෑ. හමුදා බුද්ධි අංශයක් කියල එකක් තිබ්බෙම නෑ. (රනිල් milleneum city එකෙන් NoC list එක release කරහම හිටපු උන් ඔක්කොම මැරුව). ඒ තිබ්බ තත්වෙ යටතෙ යුද්ධෙට ගියානම් අනිවා කනව. මහින්ද පලවෙනි අවුරුදු දෙකේ කරේ හමුදාව යුද්ධයක් කරන්න සුදුසු විදිහට ගොඩනඟපු එක. 'අපි වෙනුවෙන් අපි" සින්දුව එහෙම මතකද? ඒව බලල කොල්ලො හමුදාවට අලුතෙන් බැදුන.

    මචං බොරු කියන්න එපා.....අපි වෙනුවෙන් අපි සින්දුව ආවේ 2008 අග එතකොට යුද්දේ පටන් අරන් ගොඩක් කල් :lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මචන් මම එකක් විතරක් කතා කරන්නම්, රජයට ගත්තු ආයතන ගැන. ශ්‍රි ලන්කන් එයාර් ලයින් එක. ඔක වික්කේ නැ. ශෙයාස් දුන්නා එමිරේට්ස් එකට මැනේජ්මන්ට් එකත් එක්ක. එතකොට එයාර් ලයින් එක පාඩු ලබන තත්වේ තිබ්බේ.. එමිරේට්ස් එකේ ටෙක් සපොට් එකයි මැනේජ්මන්ට් එකයි නිසා ශ්‍රී ලන්කන් එක ලාබ ලැබුවා.. එක සැරයක් ජනාදිපති මහින්ද, ලන්ඩන්වල ඉදන් ඩුබායි ආපු වෙලේ කනෙක්ටින් ෆ්ලයිට් එක ඩිලේ කොලබට. මිනිහගේ ලේකම් කතා කලා ශ්‍රී ලන්කන් එකේ ඩුබායි ඔෆිස් එකට. ඒකත් හැඩල් කලේ එමිරේට්ස් එතකොට. කතා කරලා ඉල්ලුවේ ලන්කාවේ ජනාදිපති මේ වෙලාවේ ඩුබායි එයාර්පොට් එකේ ඉන්නවා එයාට යන්න ෆ්ලයිට් එකක් රිසර්ව්කරන්න දැන්මම කියලා.. ඒ වෙලාවේ එමිරේට්ස් එකේ මැනේජ්මන්ට් එක කිව්වේ ෆ්ලයිට් එකක් දෙන්න බැ ඔනේනම් ෆාස්ට් ක්ලාස් සීට් එකක් දෙන්නම් කියලා. මේ කතාවට පොරට මල පැන්නා. ලන්කාවේ එයාර් ලයින් එකේ තමන්ට ප්ලේන් එකක් නැත්තම් මොකටද කියලා, ලන්කාවට ආපු හැටියෙම මුල් වැඩකටයුත්ත හැටියට කලේ එමිරේට්ස් ඇග්‍රිමන්ට් එක ටර්මිනේට් කරන්න මොනවද කරන්න ඔනේ කියලා නීති උපදෙස් බැලුව එක. අන්තිමට ලොකු උත්සවයක් තියලා මිනිස්සුන්ට ඇත්ත කතාව වහලා ශ්‍රී ලන්කන් එක ආන්ඩුවට ගත්තා කියලා තමුන්ගේ මස්සිනාව එතන සබාපතිට දාලා. එයාර් ලයින් එක කැවා. මස්සිනා කියන්නේ එයාර් ලයින් නෙමෙයි පෙට්ටි කඩයක්වත් පාලනය කරපු එකෙක් නෙමෙයි. ඌට දන මහා නිදානේ පහල උනා වගේ. ඊට පස්සේ මිනිහගේ සනුහරේම චාටඩ් ප්ලේන් වලින් ගමන් බිමන්. ජනාදිපතිගේ නන්ගිගේ දුව බල්ලෙක් ගේන්න ස්විස්ටර් ලන්තෙට ප්ලේන් එකෙන් ගියා තකහනියා බල්ලා ගේන්න. ජනාදිපතිගේ පැයක ඔඩරෙන් ගන්න පුලුවන් විදියට ෆස්ට් ක්ලාස් කැබින් තියන ෆ්ලයිට් එකක් හැමතිස්සෙම කොලබ රිසව් කරලා තිබ්බා. බැරි වෙලාහරි එක යනව නම් ඒ වෙනුවට එකක් හැමතිස්සෙම කොලබ ජනදිපති වෙනුවෙන් තිබ්බා. මේ එකකටවත්ජනාදිපති වැය ශීර්ශෙන් ගෙව්වේ නැ. අන්තිමට දූශනය නාස්තිය නිසා පිරිහීමෙන් පිරිහීමට ගිය එයාර් ලයින් එක අද ලන්කාවේ පාඩු ලබන ආයතන අතර දෙවෙනි තැනට ඉන්නේ.. දැන් කියපන් මචන්, මේක 51% කොටසට එමිරේට්ස් එකට දීලා ලාබ ලැබුවනම් ඒක නරකද කියලා..

    machan i have an elaborate answer for your reply, which i can't post on public forum. pls clear your PM list. i'll send it to you as a PM.:)
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    machan i have an elaborate answer for your reply, which i can't post on public forum. pls clear your PM list. i'll send it to you as a PM.:)

    Roll up your elaborate answer and stick it up inside your a-hole. Why you can't post it in public? Another fairy tale perhaps?
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    එතකොට මේ තියෙන්නෙ බොක විකුනපු bars ද මල්ලි, liquor license විතරක් නෙමෙයි හොරෙනුත් කරන් යනන් ඉඩ දීලා. කුඩු ඇල්ලුවෙ කොහෙදනම් දන්නෙ නෑ. හැබැයි කුඩ්ඩොන්ගෙ ගෙවල් වලනම් හොඳට ලැග්ගා.

    James Packer බබා ඒයා චූටි hotel එකක් දාගෙන පාඩුවෙ ඉන්න තමයි හිතන් හිටියේ කැසිනෝ කියලා එකක් එයා දන්නෙම නෑ උම්මා පැටියෙක්. අනේ පල පකෝ යන්න කියලා තමයි ඉතින් කියන්න තියෙන්නෙ.

    මහින්ද ආයතන විකිනුවෙ නැතු වුනාට ඒවා අරගෙන තිබ්බ තත්වෙනුත් පහලට දැම්මානෙ.

    බුද්ධිමතා කවුද කියලා හිතාගන්න

    ඔමයින් කරපු බාර් එකක්වත් මහින්දගෙ කාලෙ දාපුව කියල තියෙනවද?

    පැකර් ගෙ investment නැවැත්තුව කියල තමයි guardian එකේ තියෙන්නෙ.. ඒක හොඳ වැඩක් වෙන්න ඇති නේද? පැකර් ගෙ project එකේ තිබ්බෙ අලුතෙන් casino දානව ක්ඉයල නෙමෙයි. තියෙන casino ඔක්කොම එතනට relocate කරනව කියල.

    srilankan එක පාඩු මොකද කියල මම හොඳටම දන්නව. මම ටිකක් සම්බන්ධ නිසා.

    උඹ quote කරන එකේම තියෙනව ඒක.
    "According to the report the loss was attributable to an increase in aircraft maintenance and overhaul costs caused mainly by mandatory aircraft modifications and expenses related to return of aircraft, which amounted to Rs. 2 billion, as well as an escalation in finance expenses which amounted to Rs. 6.2 billion compared with Rs. 3.14 billion the previous year.:

    escalation of financial expenses කියන්නෙ අලුතෙන් aircraft lease කරල ගත්ත නිසා..
    ඔය එකක්වත් නරක වියදම් නෙමෙයි.. අනාගතේදි airline එකේ fleet එක වැඩිදියුණු කරන්න කරන වියදම්
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Roll up your elaborate answer and stick it up inside your a-hole. Why you can't post it in public? Another fairy tale perhaps?

    no. it's related to my job. operational insider information related to my work. things i'm reluctant to reveal on public forums.
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,021
    537
    113
    Nugegoda
    හෙළයෙක්;18681431 said:

    ඔව් ඔය පැති ඉස්සරහට නාගරීකරණය වෙන පැති. අනික ඔය පැත්ත ඉසහරට ගොඩක් කර්මාන්තශාල ඇතිවෙන්න පුළුවන් පැත්තක්. මොකද ජන්ගණත්වය අඩුයි. ඒ නිසා ඔය පැත්තට ඔය දීපු පහසුකම් අනිවා ඕනි වෙනව ඉක්මනටම.

    උඹ දැන් උඹේ මතේම ඉඳහන්... දවසක් ඒවි උඹටම තේරෙන... ජනවාරි 08 මහින්ද බැරිවෙලාවත් දිනුවනම් උඹල මේ කතා කරන දේවල ගොඩක් වෙනස් වෙන්න තිබුණ මල්ලි. ආපහු මහින්ද බලයට ආවොත් වෙන දේ උඹලට, අපිට තියා උඩ ඉන්න දෙයියොන්ටවත් හිතාගන්න බැරි වෙනව.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    ඔමයින් කරපු බාර් එකක්වත් මහින්දගෙ කාලෙ දාපුව කියල තියෙනවද?

    පැකර් ගෙ investment නැවැත්තුව කියල තමයි guardian එකේ තියෙන්නෙ.. ඒක හොඳ වැඩක් වෙන්න ඇති නේද? පැකර් ගෙ project එකේ තිබ්බෙ අලුතෙන් casino දානව ක්ඉයල නෙමෙයි. තියෙන casino ඔක්කොම එතනට relocate කරනව කියල.

    srilankan එක පාඩු මොකද කියල මම හොඳටම දන්නව. මම ටිකක් සම්බන්ධ නිසා.

    උඹ quote කරන එකේම තියෙනව ඒක.
    "According to the report the loss was attributable to an increase in aircraft maintenance and overhaul costs caused mainly by mandatory aircraft modifications and expenses related to return of aircraft, which amounted to Rs. 2 billion, as well as an escalation in finance expenses which amounted to Rs. 6.2 billion compared with Rs. 3.14 billion the previous year.:

    escalation of financial expenses කියන්නෙ අලුතෙන් aircraft lease කරල ගත්ත නිසා..
    ඔය එකක්වත් නරක වියදම් නෙමෙයි.. අනාගතේදි airline එකේ fleet එක වැඩිදියුණු කරන්න කරන වියදම්

    හරි ඔය බාර් මහින්දගෙ කාලේ දාපුවා නෙමෙයි කියමුකෝ :-)lol::lol::lol::lol:). ඒත් ඉතින් ඇයි ඕවා ගැන හොයලා බලලා ඒවට එරෙහිව ක්‍රියා මාර්ග ගත්තෙ නැත්තෙ?

    බොරු කියන්න එපා බන් relocate කරන්න විතරක් මොන ලබ්බකටද පැකර් ලංකාවට එන්නෙ? හොටේල් එකක් විතරක් දාල ඌ නවතියි කියලා හිතනවද? ලෝකෙ පුරා කැසිනෝ දාන පැකරි ලංකාවෙ හොටේල් එකක් විතරයි දාන්නෙ, ගල් පැලෙන බොරුනෙ. අනික ඌට tax වලින්ම කොච්චර සහනයක් දෙන්න හැදුවද.

    ඔව් උබට අනුව ඔක්කොම නරක නෑ ඔක්කොම හොඳයි. කිසිම පාඩුවක් වෙලා නෑ අනාගතෙ සුරක්ශිතයි.

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    no. it's related to my job. operational insider information related to my work. things i'm reluctant to reveal on public forums.

    රස්සාව වෙනුවෙන් රට බිල්ලට දෙන්න එපා.! හෙන ගහනවා
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අපේ සමහර සිංහලයන්ට, සමහර දේශපාලන පක්ෂ වලට, සමහර සිවිල් සමාජ වලට ලැජ්ජාවක් නෑ..:baffled:
    මුන් දැන් දියත් කරලා තියෙන්නේ මහින්ද එන එක වැළක්වීමේ ව්‍යාපාරයක්...මහින්දව වලක්වන්න ඕනේ...මහින්ද විරෝධය ,මහින්දට දෙන්න එපා, මහින්දව යක්ෂයෙක් විදිහට සලකලා මහින්දව නවත්වන්න ව්‍යාපාරයක් තමයි තියෙන්නේ...
    මට මේ අයගෙන් සහ කිරියේ හැමෝගෙන්ම අහන්නේ මහින්දව නවත්වන්න තරම් උවමනාවක් තියෙනවනම් ඊට වඩා දහස් ගුණයකින් උවමනාවක් තියෙන්න ඕනේ නේද රනිල්ව නවත්වන්න..
    ඇයි රනිල් විරෝධී ව්‍යාපාරයක් නැත්තේ ?
    අපි බැලුවොත් මේ දෙන්නගෙන් රටට වැඩියෙන්ම උවදුරක් තියෙන්නේ කාගෙන්ද කියලා ඕන කෙනෙක් දන්නවා සුපහදිලිවම රනිල් කියලා.. යුධ ජයග්‍රහණ හෑල්ලු කරපු, හමුදා බුද්ධි අංශ පවදුන්න, ප්‍රභාකරන් සමග ගිවිසුම් ගහපු,කොටින්මකිව්වොත් රනිල්ගේ කලේ තමයි කොටි අපේ සොල්දාදුවන් ඉස්සරාහට ඇවිල්ලා කලිසම ගලවලා පෙන්නලා අපේ සොල්දාදුවන්ට අවමන් කරේ.. ඔය යුද්දේ ගැන විතරයි තව කොච්චර තියෙනවද රනිල් කරපුවා..නමුත් මෙච්චර පර වැඩ කරපු රනිල් ගැන කිසිම විරෝධයක් නෑ..
    අවු 30 යුද්ධයක් ජයග්‍රහණය කරපු.. රටේ දේශ සිමා එකතු කරපු...රටේ ස්වයිරි භාවය රැකපු මහින්ද රජ පක්ෂ ගැන කෑකොගහනවා.. මහින්දට එන්න දෙන්න එපා, ජනවාරි 8 දා ජනවරම පවා දෙනවා කියල මේ විදිහටගොල්ලෝ විශාල මත වාදයක් අරන් යනවා ...
    මම අහන්නේ උඹලගෙන් ලජ්ජා නැද්ද? උඹ ලගේ තියෙන වටිනාකම මොකක්ද? උඹලට රනිල්ව අගමැති කරන්න හොඳයි මහින්ද අගමැති වෙන එක පාර්ලිමේන්තුවට එන එක කොහොම හරි වලක්වන්න ඕනේ..මහින්දට විරුද්ධ වෙන එකක්.. එත් ඊට වඩා රනිල් වික්‍රම සිංහට විරුද්ධ වෙන්න එපැයි...එහෙම විරෝධයක් නෑ.. ඉතින් එකෙන් පේනවා මුන්ගේ සැබෑ හැටි... මුන්ගේ වෙස්මුණු ගලවන්න ඕනේ...මුන් ලජ්ජවෙන්න ඕනේ..
    මහින්දට වඩා රනිල් රටට අඩු උවදුරක් වන්නේ කෙසේද? මහින්දට වැඩ රනිල් රටට වැඩි සේවයක් කරේ කවදාද කෙසේද? එහෙනම් මහින්ද රාජපක්ෂ ප්‍රධාන සතුරා හැටියට සලකලා රනිල් අගමැති උනාට කමක් නෑ කියන ව්‍යාපාරය ගෙනියන්නේ කොයිවගේ පුද්ගලයින් ද? ලැජ්ජයි....
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    රස්සාව වෙනුවෙන් රට බිල්ලට දෙන්න එපා.! හෙන ගහනවා

    මහින්දව හෝදන්න රස්සාවට අදාල insider information මෙතන දාල රස්සාව නැති උනහම මට රස්සාවක් හොයල දෙන්නෙ උබද මහින්දද?
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මහින්දට වඩා රනිල් රටට අඩු උවදුරක් වන්නේ කෙසේද? මහින්දට වැඩ රනිල් රටට වැඩි සේවයක් කරේ කවදාද කෙසේද? එහෙනම් මහින්ද රාජපක්ෂ ප්‍රධාන සතුරා හැටියට සලකලා රනිල් අගමැති උනාට කමක් නෑ කියන ව්‍යාපාරය ගෙනියන්නේ කොයිවගේ පුද්ගලයින් ද? ලැජ්ජයි....
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපේ සමහර සිංහලයන්ට, සමහර දේශපාලන පක්ෂ වලට, සමහර සිවිල් සමාජ වලට ලැජ්ජාවක් නෑ..:baffled:
    මුන් දැන් දියත් කරලා තියෙන්නේ මහින්ද එන එක වැළක්වීමේ ව්‍යාපාරයක්...මහින්දව වලක්වන්න ඕනේ...මහින්ද විරෝධය ,මහින්දට දෙන්න එපා, මහින්දව යක්ෂයෙක් විදිහට සලකලා මහින්දව නවත්වන්න ව්‍යාපාරයක් තමයි තියෙන්නේ...
    මට මේ අයගෙන් සහ කිරියේ හැමෝගෙන්ම අහන්නේ මහින්දව නවත්වන්න තරම් උවමනාවක් තියෙනවනම් ඊට වඩා දහස් ගුණයකින් උවමනාවක් තියෙන්න ඕනේ නේද රනිල්ව නවත්වන්න..
    ඇයි රනිල් විරෝධී ව්‍යාපාරයක් නැත්තේ ?
    අපි බැලුවොත් මේ දෙන්නගෙන් රටට වැඩියෙන්ම උවදුරක් තියෙන්නේ කාගෙන්ද කියලා ඕන කෙනෙක් දන්නවා සුපහදිලිවම රනිල් කියලා.. යුධ ජයග්‍රහණ හෑල්ලු කරපු, හමුදා බුද්ධි අංශ පවදුන්න, ප්‍රභාකරන් සමග ගිවිසුම් ගහපු,කොටින්මකිව්වොත් රනිල්ගේ කලේ තමයි කොටි අපේ සොල්දාදුවන් ඉස්සරාහට ඇවිල්ලා කලිසම ගලවලා පෙන්නලා අපේ සොල්දාදුවන්ට අවමන් කරේ.. ඔය යුද්දේ ගැන විතරයි තව කොච්චර තියෙනවද රනිල් කරපුවා..නමුත් මෙච්චර පර වැඩ කරපු රනිල් ගැන කිසිම විරෝධයක් නෑ..
    අවු 30 යුද්ධයක් ජයග්‍රහණය කරපු.. රටේ දේශ සිමා එකතු කරපු...රටේ ස්වයිරි භාවය රැකපු මහින්ද රජ පක්ෂ ගැන කෑකොගහනවා.. මහින්දට එන්න දෙන්න එපා, ජනවාරි 8 දා ජනවරම පවා දෙනවා කියල මේ විදිහටගොල්ලෝ විශාල මත වාදයක් අරන් යනවා ...
    මම අහන්නේ උඹලගෙන් ලජ්ජා නැද්ද? උඹ ලගේ තියෙන වටිනාකම මොකක්ද? උඹලට රනිල්ව අගමැති කරන්න හොඳයි මහින්ද අගමැති වෙන එක පාර්ලිමේන්තුවට එන එක කොහොම හරි වලක්වන්න ඕනේ..මහින්දට විරුද්ධ වෙන එකක්.. එත් ඊට වඩා රනිල් වික්‍රම සිංහට විරුද්ධ වෙන්න එපැයි...එහෙම විරෝධයක් නෑ.. ඉතින් එකෙන් පේනවා මුන්ගේ සැබෑ හැටි... මුන්ගේ වෙස්මුණු ගලවන්න ඕනේ...මුන් ලජ්ජවෙන්න ඕනේ..
    මහින්දට වඩා රනිල් රටට අඩු උවදුරක් වන්නේ කෙසේද? මහින්දට වැඩ රනිල් රටට වැඩි සේවයක් කරේ කවදාද කෙසේද? එහෙනම් මහින්ද රාජපක්ෂ ප්‍රධාන සතුරා හැටියට සලකලා රනිල් අගමැති උනාට කමක් නෑ කියන ව්‍යාපාරය ගෙනියන්නේ කොයිවගේ පුද්ගලයින් ද? ලැජ්ජයි....

    රනිල් අගමැති උනාට දෙකක් ඇනලා හරි ගොන් පාට් නැවැත්තුවැකි. ඒකනේ රනිල් අගමැති වෙලා ඉන්න කාලේම දප දාලා වැටුනු මහින්දත් නැගිටින්නේ. අන්න එතනයි ගැටලුව. අපිට ඔනේ වහල් දේශපාලනයක් නෙම්,එයි. මහින්ද රටේ ජනතාවවහල්ලු කරන එකටයි විරුද්ද. රනිල් 100%ක් හරි නැ. නමුත් ප්‍රජාත්‍රත්වාදීව මිනිහා ඉස්සරහයින් ඉන්නවා මහින්දට වඩා. දැන් ලන්කාවේ යුද්දේ නැ. ඒ නිසා මහින්දගෙන් දැන් රටට වියයුතු සේවාවක් නැ.. ආයේ යුද්දයක් එයි කියලා මිනිස්සු බයගන්නලා ආපහු එන්න හදන්නේ බල පෙරේතකමට. නිකමට කල්පනා කරපන් ඔය වට්ටක්කයා කුනුහර්පෙන් මහින්දට බැන්නා නම් පාර්ලිමේන්තුවේ අද ඌ ජීවත් වෙන්නද? හවහට සුදු වැන් එකේ මිනී මොරුන්ට ඩයට් එක. අන්න ඒ දේශපාලනේට බහුතර ශ්‍රි ලාන්කිකයො විරුද්දයි.. ඒකයි එයාව ගෙදර යැව්වේ..
     
    ප්‍රජාතන්ත්‍රවාදිව රනිල ඉන්න නිසාද බන් 29 වතාවක්ම පරදී පරදී සිරිකොතට ගල් ගහලවත් රනිලව පක්ෂ නායකත්වයෙන් අයින් කරගන්න බැරි වුනේ...
    ප්‍රජාතන්ත්‍රවාදී රනිලවද බන් බට ලඳ කොමිසමේ ත්‍රිපුද්ගල විනිසුරුවරුන් රනිල්ගේ ප්‍රජා අයිතිය අහෝසිකරන්න කියලා නිර්දේශ කරන්නේ...
    ප්‍රජාතන්ත්‍රවාදී නිසාද බන් මාධ්‍ය වරණ දාලා රාජ්‍ය සේවකයන්ගේ කටවල් වහන්නේ...
    උයා පොඩි වැඩිබන් ඕව katha කරන්න.. අද ඊයේ ඉපදිච්ච එවුන් දන්නා ප්‍රජාතන්ත්‍රවාදය...:no:
    සුදු වැන්., මිනි මෝරු , රත්තරන් අස්සයෝ, හමුදා කුමන්ත්‍රණ , හෝටල් වල කම බිල්.. ලජ්ජා නැද්ද බන් තවමත් මද ගගහා දේශපාලනය කතා කරන්න...
     
    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    මේ පාර ජේ වි පි එකට දියන්ලා මචන්ලා 88/89 කතා බොරැ ගොඩක් ඒවා ඒවා ඇත්ත වුනත් ඒවා දැන් ඉවරයි ඔබලාට අනාගතයක් ඕනේ නම් උන්ට චාන්ස් එකක් දෙමු උනුත් හරි නැත්තම් අපි ඔක්කොමලා මුහුදට පැනලා මැරෙමු

    :lol::lol::lol: Your age pls
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ප්‍රජාතන්ත්‍රවාදිව රනිල ඉන්න නිසාද බන් 29 වතාවක්ම පරදී පරදී සිරිකොතට ගල් ගහලවත් රනිලව පක්ෂ නායකත්වයෙන් අයින් කරගන්න බැරි වුනේ...
    ප්‍රජාතන්ත්‍රවාදී රනිලවද බන් බට ලඳ කොමිසමේ ත්‍රිපුද්ගල විනිසුරුවරුන් රනිල්ගේ ප්‍රජා අයිතිය අහෝසිකරන්න කියලා නිර්දේශ කරන්නේ...
    ප්‍රජාතන්ත්‍රවාදී නිසාද බන් මාධ්‍ය වරණ දාලා රාජ්‍ය සේවකයන්ගේ කටවල් වහන්නේ...
    උයා පොඩි වැඩිබන් ඕව katha කරන්න.. අද ඊයේ ඉපදිච්ච එවුන් දන්නා ප්‍රජාතන්ත්‍රවාදය...:no:
    සුදු වැන්., මිනි මෝරු , රත්තරන් අස්සයෝ, හමුදා කුමන්ත්‍රණ , හෝටල් වල කම බිල්.. ලජ්ජා නැද්ද බන් තවමත් මද ගගහා දේශපාලනය කතා කරන්න...

    පොයින්ට් එකට කතා කරපුවහම මම පොඩියිලු.. හරි ලොකු අයියලගේ ආන්ඩුව අවුරුදු 20ක් පාලනය කරලා ඇයි බටලන්ද කොමිසම ගෙනල්ලා රනිල්ව චූදිතයා නොකලේ. ආන්ඩුව තියන කාලේ නොකරපු වැඩ දැන් කියලා වැඩක් නැ මෙයා. රනිල් මිලේනියම් සිටි පාවලා දුන්නා නම් ඇයි අවුරුදු 20ක් අහක බලන් හිටියේ. අනික ලොකු අයියේ, පක්ශේ සබාපතිම කියනවා නම් විරුද්ද පක්ශේ එක්කෙනාටයි මම සපොට්, දින්නත් අගමැතිකම දෙන්නේ නැ කියලා, කොහෙද අයියේ ඔය පක්ශේ ප්‍රජාත්‍රන්ත්‍රවාදයක්. එහෙව් පක්ශේ ලේක්ම් සබාපතිට උඩින් යනවා නම්, කොහෙද අයියේ ඔය පක්ශේ සමගියක්. අනුරාදපුරේ ප්‍රාදාන රැස්වීමට කන්ඩායම් නායක නැ. කො අයියේ ප්‍රජාත්‍රන්තවාදයක්.. දැන් කියන්න එපා බහුතර කැමැත්ත මහින්දට කියලා.. එහෙනම් මොකටද මහින්දම පිලිගත්තේ වටේ හිටිය හොරු කියලා. උන්ට දඩුවක් නොකල එක මගේ වැරැද්ද කියලා.. ඒ හොරුම නෙමෙයිද අද ඔය වටේ ඉන්නේ. කො බහුතරය එතකොට ඔතන. බහුතරය හොරු උනාම කොහොමද මහින්ද දාලා උන් යන්නේ. ගැලවීම තියෙන්නේ මහින්ද ලග. මහින්ද මලොත් එදාට ලන්කාව ඉවරද? ලන්කාව පවතින්නේ මහින්ද ජීවත් වෙනකන් විතරද? මොකද ඔතන මහින්ද නැතිනම් බැ බැ බැමයි කියලා නෙවේද කියන්නේ. එතකොට අත බුලත ඔක්කොම මහින්දද?
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    පොයින්ට් එකට කතා කරපුවහම මම පොඩියිලු.. හරි ලොකු අයියලගේ ආන්ඩුව අවුරුදු 20ක් පාලනය කරලා ඇයි බටලන්ද කොමිසම ගෙනල්ලා රනිල්ව චූදිතයා නොකලේ. ආන්ඩුව තියන කාලේ නොකරපු වැඩ දැන් කියලා වැඩක් නැ මෙයා. රනිල් මිලේනියම් සිටි පාවලා දුන්නා නම් ඇයි අවුරුදු 20ක් අහක බලන් හිටියේ.

    බටලන්දේ කොමිසමයට ගැහුවේ විස්කි මඩම් නේ.. විස්කි මැඩම් කගේ ඔඩොක්කුවේද කියල දන්නො දනිති...ඔව් අනිවාර්යයෙන් මේ පාර 17 n පස්සේ රනිල්ව චුදිතය කරනවා.. අපි පාරට බැහැලා උද්ගෝෂණය කරනවා රනිල්ට දඩුවම් දෙන්න කියලා...:):) එහෙම හොඳයි නේ..
    මිලේනියම් සිටි පවා දීම මුළුරටම දැක්ක නිසා නේ බන් ඕකට අගමැති කමත් නැති වුනේ.. අන්තිමට බොරු නීති තර්ක දාල ශේප් වුනා...
    17 වෙනිදායින් පස්සේ ඕව අද්දවනවා.. පාරට බහිනවා

    අනික ලොකු අයියේ, පක්ශේ සබාපතිම කියනවා නම් විරුද්ද පක්ශේ එක්කෙනාටයි මම සපොට්, දින්නත් අගමැතිකම දෙන්නේ නැ කියලා, කොහෙද අයියේ ඔය පක්ශේ ප්‍රජාත්‍රන්ත්‍රවාදයක්. එහෙව් පක්ශේ ලේක්ම් සබාපතිට උඩින් යනවා නම්, කොහෙද අයියේ ඔය පක්ශේ සමගියක්.

    :lol::lol::lol: පක්ෂේ සභාපති ශ්‍රී.ලා.නි.ප සාමාජිකයෙක් නොවෙයි... පක්ෂ කුමන්ත්‍රණයකින් ශ්‍රීලනිප සාමාජිකත්වය ලබා ගත්ත කෙනෙක්..:lol:
    ඒවා වැඩක් නෑ ඕන කෙනෙක් දන්නවා මයිත්‍රී රනිල්ට කඩේ යනවා කියලා.. ඉතින් අපිට ගානක්වත් නැණ නේ.. කොහෙද අයියේ ඔය පක්ෂේ ප්‍රජාතන්ත්‍රවාදයක් කියලා නෙමෙයි හඳුනා ඕනේ කොහෙද මල්ලි යහපලානේ ප්‍රජාතන්ත්‍රවාදයක් කියලා :) පක්ෂේ ලේකම් විපක්ෂයට කඩේ යනවනම් ලේකම් සභාපතිට උඩින් ගියාට කමක් නෑ..

    අනුරාදපුරේ ප්‍රාදාන රැස්වීමට කන්ඩායම් නායක නැ. කො අයියේ ප්‍රජාත්‍රන්තවාදයක්.. දැන් කියන්න එපා බහුතර කැමැත්ත මහින්දට කියලා..

    මම කියන්නේ නෑ බහුතර කැමැත්ත මහින්දට කියලා.. ඔයාම කියල තියෙන්නේ බහුතර කැමැත්ත මහින්දට කියලා :lol:
    එහෙනම් මොකටද මහින්දම පිලිගත්තේ වටේ හිටිය හොරු කියලා. උන්ට දඩුවක් නොකල එක මගේ වැරැද්ද කියලා.. ඒ හොරුම නෙමෙයිද අද ඔය වටේ ඉන්නේ. කො බහුතරය එතකොට ඔතන. බහුතරය හොරු උනාම කොහොමද මහින්ද දාලා උන් යන්නේ.

    අයිත බොරු කියනවා... ඇත්ත ඇති සැටියෙන් කියපන්...
    ගැලවීම තියෙන්නේ මහින්ද ලග. මහින්ද මලොත් එදාට ලන්කාව ඉවරද? ලන්කාව පවතින්නේ මහින්ද ජීවත් වෙනකන් විතරද? මොකද ඔතන මහින්ද නැතිනම් බැ බැ බැමයි කියලා නෙවේද කියන්නේ. එතකොට අත බුලත ඔක්කොම මහින්දද?
    මහින්ද මළොත් ලංකාව ඉවර නෑ...:) ගැලවීම තියෙන්නේ අලියට පක්ශාත් භාගය පුජා නොකරන ශ්‍රීලනිප ආණ්ඩුවක් මත... මහින්ද ඕනේ නෑ
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පෞද්ගලීකරණය = රජයට අයිති ආයතන විකුණා දැමීම. මහින්ද මේ අපරාධය නැවැත්තුවා. චන්ද්‍රිකා සහ රනිල්නම් රටේ සම්පත් කුණු කොල්ලයට විකුණා දැම්මා.

    එක උදාහරණයක්. රනිල් සෙවණගල සීනි කම්හල විකුණුවේ එජාප ජාතික සංවිධායක දයා ගමගේට. මිනිහා සීනි කම්හල ගන්නකොට ඒකට ගෙවපු ගානට වඩා වටින සීනි ඒකෙ ගබඩා වල තිබුණලු. ඒ කියන්නෙ මෑන්ට ෆැක්ටරියත් එක්ක අතටත් ගානක් හම්බ වෙලා.

    ලු :)