akunu sannayaka gannawo

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    Awurudu 100kata wada parana akunu sannayaka thiyenawa nam kiapalla. Eke buyerta one karana quality eka thiyenawa nam pahuwenidama gannawa. Meka legal. Hambena salli walata 5 years yanakan tax free. Danna kenek innawa nam kiando.
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    පසුගිය වසර කීපයක කාලය ලංකාවට එක්තර සුවිසේෂී කාලයක් වන්නේ ලංකාවේ අපනයන වෙළද පොලේහි ඇති වුනු වර්ධනය නිසයි. අපනයන වෙළදාම කෙරෙහි බොහෝ දෙනා ගේ නැඹුරුවක් දැකගත හැකි වුනු අතර කුඩා කොල්ලන් කුරුට්ටන් පවා මේ සදහා උන්නදු වීම විශේෂිතම සිදුවීමක් විය. වල්ල පට්ට, වල් කරපිංචා, කිඹුල් හූනන් , ට්‍රයිටන් වැනි විශාල පරාසයක පැවති දැන් මෙය රතු කෝමාරිකා දක්වාම පැමින ඇත. මෙයින් සමහර දෙනෙකු කීයක් හෝ අත මිට මොලවා ගනිද්දී සමහරුන් තිබුනු සේසතද නැති කරගත්තේ සමහරක් වංචාවන් පමනක්ම වුනු බැවිනි. නමුත් වල්ල පට්ටා වැනි නියම අපනයන වටිනාකමක් ඇති භෝග කෙරෙහි පසුව රජයේ අවධානය යොමු වීමෙන් ගුවන් තෙට්දී හොරෙන් ගෙන ගොස් හසුවන වල්ලා පට්ටා වල වටිනාකම හා රජය හරහා විකිණුම් කටයුතු කිරීමට යාමේදී වටිනාකමත් අතර වෙනස කැපී පෙනුනි.

    නමුත් මෙම ලිපියේදී අප සාකච්ඡා කිරීමට බලාපොරාත්තු වන්නේ රජයට කෝටි ගණනක ආදායමක් ලබා දිය හැකිව තිබුනු රජයට මග හැරුනු තවත් ව්‍යාපාරයක් පිලිබදවයි. එනම් වසර සිය ගණන් පැරණී අකුණු සන්නායක හා ඒවා තුල ගැබ්වී තිබෙන ශක්තියක් පිලිබද ව්‍යාපාරයයි. සමහරුන් රැපියල් කෝටි ගණනකට මෙම ශක්තිය යම් යන්ත්‍ර භාවිතා කර ඒවා තුලට ඇද ගනිමින් රැගෙන ගොස් අතර සමහරුන් අකුණු සන්නායක පාද තැටි පිටින්ද රැගෙන ගොස් තිබුනි. වසර සිය ගණනක් අකුණු ගැසීඹ නිසා මේවා තුල අනුතර් ගත වී ඇති ශක්තිය කොපමනද යත් එය භාවිතා කර මිසයිල ගමන් මාර්ග වෙනස් කිරීම අභ්‍යවාකාශ යානා ධාවනය මෙන්ම න්‍යශ්ටික අවි තැනීම වැනි විවිධ කටයුතු සදහා භාවිතා කල හැක.තැටියක් රැගෙන වාහනයක් තුලට නැගුනු විට වාහනය නවතින අතර නැවතත් එය කාබන් කොලයකින් වුසුව හොත් වාහනය පන ගැන්වේ. මෙම තැටි අපට අයත් දෙයක් වුවද කුණු කොල්ලයට මේ සියල්ල ඉන්දියන් සමාගම් විසින් රැගෙන ගොස් තිබුනි. සමහර ඒවා ලක්ෂ පනහේ සිට කෝටි සියය දක්වා අගය වී තිබුනි. විශේෂයෙන්ම මේවා ඉතා ඉහල මිල ගණන් වලට මිළදී ගන්නේ අමෙරිකාවේ නාසා ආයතනය වීමද වි‍ශ්ෂත්වයකි.

    මෙම ශක්ති විශේෂය සෑම අකුණු තැටියකම ස්ථාපනය වී නොතිබීඹද විශේෂත්වයකි. මෙම ශක්තිය මැන ගැනීමට එක්කෝ අකුණු පාද තැටිය අසල හාල් ඇට දමා ඒවා අකාර්ශණය වීම නැරඹීය යුතු අතර නැතිනම් අත තබා රෝම කූප කෙලින් වීම වැන්නකින් හෝ නැතිනම් විශේෂ යන්ත්‍ර භාවිතයෙන් මෙගා බයිට් වලින් මැනිය යුතුය. කෙසේ වුවත් අතරමැදියන් සියගණන් හරහා මෙවැනි පාද තැටි බොහෝමයක් දැනටමත් ගලවාගෙන ගොස් අවසන්ය.

    ලෝකයේ පළමු අකුණු සන්නායක නිපදවීමේ ගෞරවය හිමි වන්නේ ශ්‍රී ලාංකිකයින්ටය. පසුව සුද්දන් විසින් ලංකාව යටතක් කර ගැනීමෙන් පසු ඔවුන්ගේ තේ වතු බංගලා ආදිය අකුණු පහර වලින් රැක ගැනීම සදහා තඹ භාවිතා කල මෙම අකුණු පාද තැටි යොදමින් තඹ අකුණු සන්නායක සවිකර තිබුනි. මෙම අකුණු සන්නායක තැටි වල විශේෂයක් වූයේ තඹත් සමග දුර්ලභ විකිරණ ශීලී ලෝහයක් වන ඉරිඩියම් අඩංගු වීඹයි. අධික තාපාංකයකින් යුත් ඉරිඩියම් වටිනා ලෝහයකි. ප්ලැටිනම් පවුලට අයත් මෙම ලෝහය බොහෝ විට උල්කාපාත වලින් හමු වෙයි. පෘථාවිය මත ඩයිනසෝරයන් විනෂ වූයේ උල්කාපාතයක් නිසා බවට මතයක් ගොඩ නැගුනේ විශාල උල්කාවක් වැටුනු බවට සැක කෙරෙන ඇරිසෝනා? ප්‍රාන්තයේ ඇති විශාල ආවාටයතුලින් හමුවුනු අධික ඉරිඩියම් ප්‍රමාණයයි. වර්ථ මානයේ වෛද්‍ය උපකරණ වල සිට ස්පාර්ක් ප්ලග් දක්වා විවිධ උපකරණ සෑදීම සදහා ඉරිඩියම් යොදා ගනු ලබයි.

    ඉරිඩියම් ඝණැති ලෝහයක් වුවද විකිරණශීලී ලෝහයකි. විකිරණ ශීලීග්තව මනින මිනුම් ඒකක වන්නේ බෙකියුරල් වන අතර එය ප්‍රමාණය අනුව මෙගා බෙකියුරල්( Mbq) ගිගා බෙකියුරල් (Gbq) වෙනස් වේ. ලංකාවේදී මෙගබෙයිට් ගිගා බයිට් ලෙස වෙනස් වූයේ මෙයයි. 37Gbq කියුරීස් එකක් වේ. සමහරුන් විකිරණමාන වලින් අකුණු පාද තැටි මැන බැලුවේ මෙම විකිරණශීලීත්වයයි. නමුත් වර්ථමාන ලෝක වෙළද පොලේ ඉරිඩියම් අවුන්සයක් ඩොලර් අටසියයකට පමන මිලට ගත හැක . සමස්ථානික වුවද මෙහි වැඩි වෙනසක් නොමැත. නමුත් අකුණු පාද තැටියක අඩංගුවන ඉරිඩියම් ප්‍රමාණය ඉතාමත්ම සුලුය. එසේනම් ඉරිඩියම් මිශ්‍ර තඹ තැටියක් සදහා එහි විකිරණශීලීත්වය අනුව bq එකකට හෝ ඊට වැඩි ප්‍රමාණයකට රුපියල් කෝටි ගණනක් ගෙවන්නේ ඇයි? කෙසේ නමුත් මෙම තැටිය රැගෙන නොගොස් විකිරණශීලීත්වය පමනක් යන්ත්‍රයකින් ය ඇද ගත හැකි යැයි සිතීම මුලාවකි. එය හරියටම විදුලි බුබුලකින් ආලෝකය උරාගන්නවා වැනි දෙයකි. තඹ ඉරිඩියම් තරම් වටිනා ලෝහයක් නොවේ . එම නිසා තඹ වල වටිනා කම මෙහිදී අදාල නොවේ . නමුත් සමහරුන් අත තබා මෙ තැටි වලින් මැන බැලුවේ කුමක්ද? අකුණු සන්නායකයක් සමහර විට නිවසේ විදුලි රැහැන් සමගද සම්බන්ද වී තිබිය හැක. අර්ත් නැතිනම් බිම් ගත් වයරයක් ලෙස මෙය භාවිතා වන විට එය හරිහැටි බිම් ගත නොවී නම් එය තුලින් යම් විදුලියක් රැදීම සාමාන්‍යයය. මෙයම නියුට්‍රල් වයරය සදහාද බලපායි. හාල් ඇට ඇද ගැනීඹ රෝමකූප කෙලින් වීම මහි තුල රැදි ස්ථීතික විද්‍යුතයේ ප්‍රති පලයි. නමුත් දැනටමත් වෝල්ට් ලක්ෂ ගණනක ස්ථිතික විද්‍යුතය නිපද විය හැකි යන්ත්‍ර ලොව ඇත. එසේ නම් මේ තැටි සදහා ඉහල මිලක් ගෙවන මෙය තුල රැදි අභ්‍යවකාශ යානා පවා රැගෙන යා හැකි අධික ශක්තිය කුමක්ද?

    මෙය තුල රැදී පවතින අධික ශක්තිය නම් අධික වංචාවයි. ලංකාවට මෙය අලුත් වුවද දැනට වසර ගණනාවක සිට මෙවැනි දේ ඉන්දියාව ප්‍රමුක කර ගනිමින් ක්‍රියාත්මක වේ. සරලව මෙහිදී සිදු කරන්නේ වැඩි අගයක් නොමැති දෙයකට බොරුහේතු රැසක් දමා ඉහල අගයකට පත් කිරීමයි. ට්‍රයිටන් නම් වාලම්පුරි ව්‍යාපාරයද මෙසේම විය. ආකාර කීපයකින් ක්‍රියත්මක වන මෙය තුල අවසානයේ කිසිවකු හෝ අධික මුදල් හානියකට පත් වේ.

    ඔබ හොදින් මුදල් හදල් ඇති අයෙකු නම් මම ඔබ හමුවී මෙවැනි තැටි සදහා කෝටි ගණණ් මුදල් ගෙවන බව පවසයි. මින් පසු මා හදුනන බව නොදන්නා නමුත් ඔබ හදුනන අයෙකු හෝ අලුත් තැරුව් කරුවකු මෙවැනි තැටි රැපියල් ලක්ෂ පනහකට පමන රැගෙන යා හැකි බවත් ඒ සදහා පරීක්ෂක වරුන් පවා සිටින බව පවසයි. රැපියල් පනස් ලක්ෂයක ලාභයක් ගැන සිතන ඔබ තැටිය පරීක්ෂා කරයි. සමහර විට ඉන්දියාවේදී නම් හාල් ඇට පොගවා එය යකඩ කුඩු සමග මිශ්‍රකර පැරණි තඹ කාසි මුට්ටි ආදිය තුල කාන්දමක් සගවා එයට ඇදෙන බව පෙන්වාද වංචා කර ඇත. මෙවැනි වීඩියෝ යූ ටියුබ් තුලින් කොතෙකුත් බලා ගත හැක.කෙසේ හෝ ලක්ෂ පනහක් දී ඔබ තැටිය මිලට ගනී. ඉන් භාගයක් තැටියේ හිමි කරුට යන අතර ඉතිරිය තැරැව් කරු හා මා අතර බෙදේ. ඔබ තැටිය විකීණීමට මා සොයන ත් සමග විට පමා වී වැඩිය. නැතිනම් මම කරදරයකට පත්වී ඇති නිසා මුදල් ගෙවිය නොහැක. තැටිත් සමග ඔබ අතරමන් වෙයි.

    මෙහිම තවත් ආකාරයක් වන්නේ මිලදී ගන්නා සතුව නාසා ආයතනයෙන් මෙම තැටි ලබා ගැනීම සදහා නිකුත් කල සහතියක් පවා පෙන්වීමයි.මේ අනුව ඔබ උනන්දු වී කෝටි ගණන් වලින් තැටි කිහිපයක් සොයා ගනී. නමුත් ඔබ මෙය විකිනීමට මිලදී ගන්නා වෙත ගිය විට ඔහු විශාල මුදල් අර්බුදයකට මුහුණ පා ඇත. ඔහු පවසන්නේ මෙම සහතිකයද ඇතුලුව ඔහු සතුව ඇති අනෙක් තැටි කිහිපයකුත් ඔබට ලබා දිය හැකි බවත් තමුන් සදහා රැපියල් කෝටි දහයක් ලබා දෙන ලෙසත් තැටි සියල්ල රැපියල් කෝටි දහසකට පමන නාසා ආයතනට විකිනිය හැකි බවත්ය. ඔබ මෙයට කැමති වන අතර ඉන්පසුව සිදුවන දේ ගැන අමුතුවෙන් කිව යුතු නැත. සමහරුන් පවසන පරිදි තැටි රැගෙන නොයන අතර යම් ශක්තියක් උරා ගත හැකි යන්ත්‍ර මගින් එම ශක්තිය පැය ගණන් ලබා ගනී. යන්ත්‍රය කුමක් වුවත් වංචාවේ වෙනසක් නොමැත. සමහරුන් මේ සදහා ඇමීටර ආදියද යොදා ගෙන ඇත. තැටිය වෙනුවට එම ශක්තිය ගබඩා වුනු යන්ත්‍රය විකුණයි.

    මෙම වංචාව ප්‍රසිද්ධීයේ හදුන්වන්නේ රයිස් පුලර් වංචාව ලෙසයි (Rice Puller scam). මෙය පෙර තඹ කාසි , භාන්ඩ ආදියටද වලංගු වූවකි. මෙම වංචාවේ විශේෂත්වය වන්නේ එක් රටක් තුල නොව රටවල් ගණනාවක් තුල මෙය පැතිර තිබීමත් මිළදී ගණ්නා අසරණයා සමහර විට පිටරැටියකු වීමටත් ඉඩ තිබීමෙනි. අනෙක් අතට මෙය ඉතාමත් පිලිගත් ව්‍යාපාරයක් බව පෙන්වීම සදහා වෙනම වෙබ් අඩවි වීඩියෝ පවා දැක ගත හැක. නමුත් මෑතකදීද ඉන්දියාවේ මෙසේ වංචා කල කිහිප දෙනෙකුට එරෙහිව නීතිය කටයුතු කර තිබුනි.

    මිසයිල මඟ වෙනස් කරන පාද ගත්ත අකුණු තැටිය

    මිසයිලයක ගමන්මඟ වෙනස් කරවීමේ ශක්තියක් අකුණු සන්නායකයේ තඹ තහඩුව තුළ ගැබ්වෙලා තියෙනවා කියලා ඇහුවම පුදුම හිතෙනවා. ඒ කතාව බොරුවක් වුණත්, ඇත්තක් වුණත් මේ වන විට අකුණු සන්නායක ගෙනයන්න පිටරැටියන් පිරිසක් ලංකාවට ඇවිත් ඉන්නව කියල ඒ වගේ බිස්නස්වලටම වෙන්වෙලා ඉන්න පිරිස හතර වටේ දුවන්න පටන් අරගෙන.

    අපි පහුගිය දවසක අකුණු සන්නායක බිස්නස් එක ගැන පොඩි හැඳින්වීමක් කරලා තිබුණා ඔබට මතක ඇති. කොහොම වුණත් මේ සතියෙත් අපිට ඒ සුව නොවන බෝවන රෝගයක් ලෙසට එක එක විදියට ශාකවලට, සතුන්ට මාරුවෙමින් ඇවිත් අකුණු සන්නායකය අසල නතර වී තිබෙන තත්ත්වය ගැන ලියන්නම වෙනවා.
    අවුරුදු සිය ගණනක් තිස්සේ පැරැණි වලව් සහ ගොඩනැඟිලිවලත්, තේ වතු ආශි්‍රතව තිබෙන පැරැණි බංගලාවලටත් නරක කලදසාවක් ඇත්තටම මේ වන විට උදාවී තියෙනවා. එවැනි අනතුරුත්, වල් කරපිංචා, වල්ලපට්ටා කියපු ගමන් හතර වටේම තිබ්බ ගස් කපල පෙරළල විනාශ කරල දැම්මා වගේ අනතුරක්. ඒ පැරැණි ගොඩනැඟිලිවලට සවිකරල තියෙන අකුණු සන්නායකවලට එහෙම නැත්නම් ඒ තැන් බලාගන්නා මුරකරුවන්ගේ ජීවිතවලට දැන් ක්‍රම ක්‍රමයෙන් තර්ජනයක් වෙන තත්ත්වයක් වර්ධනය වෙමින් තියෙනවා.

    පසුගිය කාල සීමාවේ ලක්‍ෂ පහයි දහයයි අතරේ දෝලනය වෙමින් තිබුණු අකුණු සන්නායක ජාවාරම දැන් කෝටි පහත් පැනල ගිහින්.
    “පහ නෙවේ කෝටි දහයක් දෙනව කියල මගේ යාළුවෙක් කෝල් කරල කිව්වා.”
    “දහය නෙවේ ඉල්ලන ගාණක් අරගෙන දෙන්නම්. මොකද කියන්නේ බඩු හොයල දෙන්න පුළුවන්ද. එකක් කරගත්තොත් ජීවිතේටම ඇති. කාටවත් පාඩුවක් වෙන එකක්වත්, පාඩුවක් කරන දෙයක්වත් නෙවෙයිනේ. ඕන නම් තව අකුණු සන්නායකයක් හයිකරගන්නව අලුත්ම විදියට. එතකොට කිසිම ප්‍රශ්නයක් නෑනේ. මොකද කියන්නේ...?”

    “බුදු මහත්තයෝ... මම මේ බුදුන්ට වඳින අත්දෙක උස්සල වැඳල අහන්නේ. ඔය කියන කියන එව්වා පස්සෙන් දුවන්න අරගෙන මට දැන් මේ ඇඳගෙන ඉන්න සරම විතරයි ඉතිරිවෙලා තියෙන්නේ. බිස්නස් නොකෙරුණාට කමක් නෑ. ඇත්තටම ඔය කියන දේවල් ගන්න මිනිස්සු ඉන්නවද? මෙච්චර දවසක් අපිට වුණේ ඒ ටිකමනේ. අනෙක් එක ඔය කියන දේවල් හිතාගන්න බැරි ගණන්වලට අරගෙන ගිහිල්ල මොනවද කරන්න හදන්නේ කියලවත් අපිට චුට්ටක් හරි දැනගන්න තියෙනව නම් මෙව්ව මේ කියන විදියටම ඇත්තද නැත්තද කියලා හිත හදාගෙන දුවන්ඩ හරි පුළුවන්. ඒත් එහෙම දෙයක්වත් අපිට තේරුම් කරල දෙන්න කෙනෙක් නෑනේ.”

    නැත්තෙ මොකද... වල්ලපට්ටාවලින් ලෝකෙ මිල අධිකම සෙන්ට් එකක් හදනව කියල කතාවක් තියෙනවනේ. ඒ සේරටම වැඩිය අරාබියේ ධන කුවේරයන්ට දුම අල්ලගන්ඩ තමයි ඔය ලක්‍ෂ, කෝටි ගණන් ගෙවල ගන්නව කියන්නේ. එක උන්නැහේට ගෑනු තුන-හතර ඉන්නවනේ. ඒ ශක්තිය ගන්න වල්ලපට්ටා දුම අල්ලාගත්තාම හරි කියල කියන්න බය, ඊට පස්සෙ අපේ බබානිස්ල වල්ලපට්ටා දරවලින් ගිනි තැපල මොන ජංජාලයක් කරයිද කියලා හිතෙන හින්දා. එක එක නිෂ්පාදන සඳහාත් ගන්නව ඇති. ඒත් ඒ හැම දෙයකින්ම අවසානෙ එකම අරමුණ ‘සෙක්ස්’ කියල තමයි දැන් තොරතුරු එන්නේ.
    “ඔය මොන දේවල් කිව්වත් ගජමුතුවලින් වෙන්නෙත් ඒ ටික. ගජමුතුව අරගෙන උරගාල තවත් ඒ අයගේ ඔෟෂධයක් එක්ක දිවේ ගාගන්නෙ වෙන මොකටවත් නෙවේ ඔය දෙයට ශක්තියක් ගන්න.”

    “දෙයියනේ ඒ කියන්නේ අපේ උන් හවසට පොඩි එකක් දාගන්නව වගේ කියන එක.”
    “ඒක ඉතින් ඇඟට ශක්තියක් ගන්න කරන දෙයක් නෙවේ බේබදුකමට. තියෙන ශක්තියත් නැතිකර ගන්න.”
    “එතකොට අකුණු සන්නායකය හොයන්නෙ ඒකෙත් තඹ ප්ලේට් එක ගලගාල බීල ශක්තිය ගන්නද?”
    “ශක්තියක් ගන්න තමයි. ඒත් උරච්චි කරල බොන්න නම් නෙවේ. අවුරුදු ගණනාවක් තිස්සේ සන්නායකයට වැදුණු අකුණු සැර තඹ පටිය දිගේ පහළට ඇවිත් එයට සම්බන්ධ කරල තියෙන තඹ තහඩුවේ ගබඩා වෙනවා. එයින් පහළ පොළොවට අකුණ ගමන් කළත් අකුණේ යම්කිසි ශක්තියක් තඹ තහඩුවේ රැඳිල තියෙනව කියලයි හොයන්නේ. ඒ තුළමිසයිලයක ගමන්මඟ වෙනස් කරවීමට උපයෝගි කරගත හැකි ශක්තියක් ගැබ්වෙලා තියෙනව කියලයි කියන්නේ. තවත් සමහරු පිළිකා රෝගය සුව කිරීම සඳහා කියලත් කියනව. ඒ කොහොම වුණත් අනෙක් හැම බිස්නස් එකකදී වගේම මේවත් මෙතෙක් විකුණපු කෙනෙක් නෑ. තඹ ප්ලේට් එක විකුණලා කෝටිපතියෙක්, අඩුගාණේ ලක්‍ෂපතියෙක් වෙච්චි කෙනෙක්වත් නෑ. ඒ වුණාට වාහනවලට වියදම් කරගෙන කට්ටිය හතරවටේ දුවන විදියට නම් මිලදී ගන්න කවුරුහරි ඇවිත් ඉන්නවා.”

    “හරි! එහෙම ඇත්ත කියනව නම් දෙන්නම්කෝ ගාණට වැඩේ. අකුණු සන්නායකයක්නේ ඕනෙ...! අර පරණ ගෙවල්වල මුදුනේ උඩට යකඩ කූරු තුනක් වගේ හයිකරල තියෙන එකනේ...! අප්පට සිරි ඔන්න ආයෙත් පැටලුණා... එතකොට පරණ වලව්වල වහලෙ උඩ ලීවලින් හදපු උලක් හයිකරල තියෙන්නේ. ඒක වැඩක් නැද්ද...?”
    “නෑ... ඒකත් අකුණු සන්නායකයක් තමයි. ඒක පීල්ලෙන් එන වතුරත් එක්ක අකුණ පොළොවට ගමන් කරවන්න වඩිම්බුවලට හයිකරල තියෙන එකක්. බැරි වෙලාවත් ඒ වගේ දේවලට අත තියන්න එපා. ඒක බොරු විනාශයක්. දැනටමත් සමහරු එව්වට අත තියන්න බලාගෙන ඉන්න හින්දා ඒක අහපු එක හොඳයි.”
    ඊට වැඩිය දෙයක් කියන්න දුන්නෙ නෑ. පුදුම හදිසියක් මිනිහට තිබුණේ.

    “අර තඹ පටියක් පොළොවට යට කරල තියෙන එකනේ. මම දන්නව බඩු. සල්ලි දීල ගන්න ඇත්ත වැඩ්ඩෙක් නැතිවනේ අපි දුක්වින්දේ. වැඩිම වුණොත් අඩි පහක් යටට හාරන්න වෙයි. එතකොට අඟුරු තට්ටුවක් හම්බවෙනවා. අඟුරුවල ඉඳල අඩි එක හමාරක් දෙකක් යටින් තමයි තඹ තහඩුව තියෙන්නේ. ඒක තමයි බඩුව. ඒකෙ තමයි ගහපු අකුණුවල මොකක්හරි වටිනා දෙයක් ගබඩා වෙලා තියෙනව කියල හොයන්නේ. කොරොප්පෙ ගලවල ටෝච් එක ඒ ළඟට කරල ගහපු ගමන් බල්බ් එක පුපුරනව කියලයි කියන්නේ. නැත්නම් එළිය අඩු-වැඩි වෙනවලු. අඩු-වැඩි වෙනව කියන්නේ ටෝච් එක ළං කරනකොට එළිය ඩිම් වෙනවා. ආයෙ දුරස් කරනකොට එළිය වැඩිවෙනවා. මම දන්නෙ නැද්ද වැඩේ. යමු! පොට් එකකුත් තියෙනව!”

    කතා කරන ගමන්ම එයා භාගයක් දුරට දුවලත් ඉවරයි. තව යාළුවකුත් එකතු කරගෙන ගියා තරමක් පාළුවට ගිහින් තියෙන පරණ බංගලාවක් ළඟට. උදැල්ලක් අරගෙන දැන් දෙන්න පාඩුවේ වැඩ. අඩි පහක් යන්න ඇති. කිව්ව වගේම කළු පාටට අඟුරු කෑලි තැනින් තැන මතුවෙනවා. ඊටත් ටිකක් යට හාරල දැන් ඉතින් කියාපු විදියට පරීක්‍ෂණය කරල බලන්නයි සූදානම.
    එතකොටම වැස්සක්. කොහෙන්දෝ කඩා වැටෙන කරුම වැස්සක්! පව් වළ ඇතුළේ ඉන්න මල්ලි තෙමෙනව. උඩින් තහඩු දෙක-තුනක් දාලා වහන්නම්.
    ෂහ්! දැන් තමයි නියමට ඇතුළ කරුවළ. දැන් හොයාගන්න පුළුවන් බල්බ් එකේ එළිය ඩිම් වෙනවද කියලා.
    “කොහොමද පේනවද? යටටම ටෝච් එක ගහල ටික ටික අත උඩට ගනින්. මොකද... උඩට ගන්නකොට එළිය වැඩිවෙනවද?”
    “නෑ... එහෙම දෙයක් නෑනේ...!”

    “නැති වෙන්නෙ කොහොමද... හොඳට බලපන්...”
    ඒ සමඟම බංගලාව බලාගන්න මල්ලි රාස්සයෙක් වගේ ‍ෙදාර ඇරගෙන එළියට පැන්නා.
    “මොනවද අයියල මේ කරන ඔළුවක් නැති වැඩ. මේ වහින වෙලාවේ ඔය වළ ඇතුළට බැහැල ඉන්න පිස්සුද? උඩට අකුණක් එහෙම ගැහුවොත් ඕකට එනව කියන්න දන්නෙ නැද්ද?”
    ඒ කියනකොට තමයි ඒ දෙන්නටම දෙවියන් සිහි වුණේ. සල්ලි කියනකොට මේ පස්සෙ දුවන හුඟක් දෙනාට වගේ අපිටත් අමතක වෙලා. තව පොඩ්ඩෙන් වළ ඇතුළෙම අළු වෙනව.

    “ඒත් අපිට තියෙන ප්‍රශ්න දන්නෙ අපි විතරනේ. ඒවගේ හැටියට මෙහෙම වෙන්නෙ නැද්ද?”
    තරහ ගිහිල්ල හිටපු පාර ඒ මල්ලි තාමත් බනිනවා. සාධාරණයි ඒ බැනිල්ල. අකුණක් ගහල දෙන්නම මෙතැන පතබෑ වුණා නම් ඒ මල්ලිත් අමාරුවේ වැටෙනවනේ.
    “අනේ මල්ලියේ වඳින්නම් ඔය බනින එක නතර කරපන්. අපිට වෙලා තියෙන දේ දන්නව නම් ඔය විදියට කටක් ඇරල බනින්නෙ නෑ. අපි මේ සිහියක් පතක් නැතිව වැඩ කරනව නෙවෙයි. ඒත් අපි දන්නෙම නැතිව එහෙම වැඩ වෙනවා. ඒ තරම් අපිට ගෙවල්වලයි මඟතොටෙයි ප්‍රශ්න.”

    “කාගෙ කාගෙ හරි කතාබස්වලට රැවටිලා මේ වැඩවලට ආපු කීදෙනෙක් දැන් අපි වගෙ අනාථ වෙලාද? ඒත් ඉවරයක් නෑ. හරියට මෙව්ව ගැන දන්නෙ නැති හින්ද තවත් කට්ටිය අලුතෙන් එනව අමාරුවේ වැටෙන්න. කෙනෙක් අලුතෙන් වාහනයක් ගත්තොත්, ගෙයක් හැදුවොත් නිධන් සල්ලි, නැත්නම් වල්ලපට්ටා සල්ලි. මිනිස්සු දන්නෙම නැතිව බොරුව දිහාට තල්ලුවෙනවා. ඔය පසුගිය කාලෙ සුදුහඳුන්වලටයි, වල්ලපට්ටයි, අරවයි මේවයි කියල කපන්ඩයි බිස්නස් කරන්නයි ගිහින් පොලිසියට මාට්ටු වුණු තරමක් මාට්ටු වුණේ ත්‍රීවීල් ඇරියස් වෙලා එව්ව ගෙවාගන්න බැරිව දහඅතේ දඟලපු අහිංසකයෝ. හයර් නැතිව වේළි වේළි ඉන්නකොට කාගෙ කාගෙහරි කටින් එන මේ විසබීජවලට පැටලෙනවනේ. දියේ ගිලෙන්න යන මිනිහා තණකොළ ගහෙත් එල්ලෙනව කියනව වගේ ඒ වගේ දන්නෙම නෑ අමාරුවේ වැටෙනකම්. සල්ලි හදිස්සියනේ තියෙන්නේ. වාහනේ උස්සගෙන ගියොත් සේරම ඉවරයි. ඒ වගේ තමයි මල්ලියේ අපි දෙන්නා අතිනුත් වෙන්න ගිය වැඩේ.”

    “සල්ලි තියෙන කෙනාට මේ මොකුත් ඉක්මනක් නෑ. උෟ පාඩුවේ ගාණට වැඩේ කරගෙන යනවා. අපි ඉතින් හතර පැත්ත බලන්නේ නැතිව පාර පයින්න ගිහින් පොලිසියට අහුවෙනවා.”
    ඊට පස්සෙ එයත් කටවහ ගත්තා. දෙන්න වැස්ස පායනකම් පැත්තකට වෙලා කල්පනා කෙරුවේ කාලෙන් කාලෙට පිටරට උන්නැහෙලත් එක එක එව්ව හොයාගෙන මෙහාට එන එක. ඒ ඇවිත් අපේ ගොන් බයියල අල්ල ගන්න හැටි. අල්ලගෙන හතර වටේ දුවවන හැටි.
    “එතකොට අපේ පැරැණි චෛත්‍යවල තියෙන්නෙත් මේකම නේද. යට තඹ තහඩුවක් නැතත් කොතට ඇදී එන අකුණු පහර පොළොව යටට ගියේ මැටි බටයක් හරහා නේද?”

    “චෛත්‍යයේ හරි මැද ඉඳල මැටි බටයක් උඩට ගේනවා. ඒක මැදට වැලියි මිනිරන් කුඩුයි පුරවනවා. චෛත්‍ය ගාණට බඳින්න ලඹයක් හැටියටත් ඒක පාවිච්චි වුණා. ඒත් බලාපොරොත්තු වුණේ අකුණු සැර පොළොවට යැවීම. කොතේ යට කොටසේ තිබුණු ලෝහ නෙලුම් මල් පෙතිවලට වතුර පිරුණු ගමන් ඒවා මැටි බටයේ වැලි දිගේ පහළට ගලායන තත්ත්වයක් තිබුණා. අකුණක් වැදුණත් ඒ ටික තමයි. මිනිරන් සහ වැලි පිරුණු තෙත මිශ්‍ර මැටි බටය දිගේ අකුණු පහළට ගමන් කරල පොළොවට යනවා. එතකොට මේ තරම් වටිනා දෙයක් ඒ අකුණේ තියෙනව කියල අපේ රජවරු දැනගෙන හිටියේ නැද්ද? ඒත් ඒ කාලෙ කොහෙන්ද මිසයිල... ඔන්න ඔන්න ඉතින් ඔළුව මඤ්ඤං වෙන්න යනවා.”
    අහස දිහාම බලාගෙන ඉඳලා වැස්ස පායපු ගමන් වැඩේ ආයෙත් පටන් ගත්තා. තඹ තහඩුව පේන නොපෙනෙන ගාණට අඟුරු තට්ටුව ඉතිරි කරලා කියපු විදියට ටෝච් එක ගහල බැලුවා.

    බල්බ් එක පිපුරුවේ නම් නෑ. ඒත් එළිය ඩිම් වෙන එක... එහෙම දේකුත් නෑනේ.
    “නැත්තෙ නෑ බං උඹේ ඇස්දෙක පේන්නෙ නැද්ද! ඔය එළියට අඩු-වැඩි වෙනව මෙහාට පේනව.”
    “පිස්සු! ඒ හිතේ සැකේට වෙන්න ඇති. මට නම් පේන්නෙ නෑ එහෙම දෙයක්.”
    “හරි අපි මෙහෙම පණ්ඩිතකම් කතා කර කර ඉන්න එකේ තේරුමක් නෑ. යාළුවට කතා කරල වාහනෙත් අරගෙන එන්න කියන්න. එතකොට මැෂිමක් ගේනව කියපු හින්දා ඕන විදියට චෙක් කරගන්න බැරියැ.”

    කිව්ව විදියටම පණිවුඩය දීල පැය කීපයක් ඇතුළත වාහනයක් ආවා. ඒ කියන්නේ බොරු නෙවේ. ගන්න මිනිස්සු ඉන්නවා.
    එයාල කාරෙකෙන් බහින්නත් ඉස්සර දෙන්න එතැනට දුවගෙන ගියේ වඩම්මාගෙන එන්න වගේ. ඇයි ඉතින් වැඩේ බඩේ බත් ටික වගේ හරියටම හරිනේ. හෙට උදේ එළිවෙන්නේ කෝටි ගාණක් අතේ තියාගෙන. ඒ විදියට නොහිතූ වස්තු කන්දරාවක් ගෙදරකට ලැබෙන්නේ ගෙදර ඉන්න බල්ලගේ, පූසගේ පවා වාසනාවට කියන්නේ බොරු නෙවේ. කරවල කටු එක්ක බත් කාපු අපේ ඩිංකියට හෙට ඉඳල උදේ දවල් දෙකටම මස්. මස් නැතත් අපි උදේ දවල්ට කන මස්වල කටු, හම් ටික හරි උන්ටත් කන්න ලැබෙනවනේ. ඒ කියන්නෙ උන්ගෙත් ජීවන රටාව පවා වෙනස් වෙනවා කියන එක ඇත්ත. ඒ විදියට බල්ලන්ගේ, පූසන්ගේ කන්න වාසනාව නැති හින්ද වෙන්න ඇති හුඟක් අය නිධන් හාරන්න ගිහින් අහුවෙලා හිරේ විලංගුවේ ලගින්නේ. අපිට එහෙම වෙන එකක් නෑ. මෙදා පාරනම් ගොඩයන පාටයි.
    ගන්න ආපු කෙනා ඉස්සරහිනුයි පිටිපස්සෙනුයි මැදි කරගෙන එයාව වළ ළඟට එක්කන් ආවා. වළට එබිලවත් බැලුවෙ නැතත් ඒ ඇස් දෙක තිබුණේ අකුණු සන්නායකයේ සිට වළ තුළට ඇද තිබුණු තඹ පටිය වෙත.

    පළපුරුද්දට මේ දෙන්නගේ ඇස් දෙක යොමුවෙලා තිබුණෙත් මුදලාලිගේ ඇස් දෙක දෙස. තඹපටිය උඩ ඉඳල පහළට බලපු ගමන් එයාගේ මූණ වල්ලපට්ටා ගන්න ආව මුදලාලිගේ වගේ අට වුණා. ඊටත් වැඩිය එක වෙනසයි වුණේ. මෙයා තඹ පටිය දැක්ක ගමන් හිසේ අත තියාගත්තා.
    “අපරාදේ... වැඩේ කාලා...!”
    බඩු ගෙනියන්න ආව අයගෙන් බොහොම කලකිරීමෙන් වගේ එහෙම කියැවෙන කොට දෙන්නගෙම කෙළවත් ගිලෙන්න නැතිව කටවල් ඇරුණා.
    “දැන් අපිට මේක වැඩක් නෑ. හාරන වෙලාවට තඹ ප්ලේට් එකට හරි තඹ පටියට හරි මොකක්හරි ලෝහයක් වැදුණොත් ඊට පස්සෙ වැඩක් නෑ. අපි හොයන දේ ඒකෙන් බැහැර වෙලා යනවා. මෙතැන වෙලා තියෙන්නේ ඒ ටික. යටටම උදැල්ලෙන් හාරලා. පිහියකින් තඹ පටිය දිගේ තිබුණු මැටි සූරලා...! අපරාදෙ... නැත්නම් සමහරවිට වැඩක් වෙන්න තිබුණා... පරණ ගොඩනැඟිල්ලක් නේද?”

    “හප්පච්චියේ... මදැයි කොරගත්තු දෙයක්!”
    බලාපොරොත්තු තියාගෙන හාරපු දෙන්නගෙන් එක්කෙනෙක් ඔළුවේ අත තියාගෙන ඉඳගන්න කොට එයාල බය වුණා පපුවේ අමාරුවක්වත් හැදෙයි කියලා.
    “මේ ගැන ඒ තරම් හිතන්න එපා. අපි දැන් මාසයක විතර කාලයක් තිස්සේ මේ වගේ ‘ප්ලේට්’ පනහකට වැඩිය බලන්න ඇති. ඒත් අපි හොයන දේ තියෙන එකක්වත් හොයාගන්න බැරි වුණා. ඒ හින්දා මේ හාරලා තියෙන වැරැදි විදිය හින්දම ඔයාලට ලැබෙන්න තිබුණු දෙයක් නැතිකර ගත්ත කියල එක පාරටම හිතන්න එපා.”
    “අපරාදේ! දන්නව නම් අතින් හාරනවනේ...!”

    “ඔන්න ඕක තමයි මේකෙ තියෙන අනතුර. කිසි දෙයක් ගැන හරි අවබෝධයකින් කිසිකෙනෙක් මේව හොයන්න ඇවිත් නෑ. මේ අකුණු සන්නායකයක් හරහා අකුණක් පොළොවට ගියාට පස්සෙත් කිසියම් වෙලාවක් ඒ අකුණු ශක්තිය තඹ පටියේ තියෙන්න පුළුවන්. මොනව හරි අඩුපාඩුවක් උඩ එහෙම වෙලා තිබුණොත් අතින් හාරන්න ගියාම වදින්නේ තිස්තුන්දාහට එහා ගිය කරන්ට් එකක්. මේ විදියට ගියොත් නොදන්නාකම නිසා ජීවිත කීයක් විනාශ කරගනියිද දන්නෑ.”
    “ඇත්ත තමයි. අපිත් මෝඩයිනේ. නැතිනම් අපිට හිතන්න තිබුණා ඔය කූරු තුනේ අකුණු සන්නායක පරණ ගොඩනැඟිලිවල කොච්චර තියෙනවද? ඒ තරම් සුලබ දේකට කොහොමද කෝටි ගාණක වටිනාකමක් ඇතිවෙන්නේ?”
    කියන විදියට ඒ තියෙන හැම එකක්ම චෙක් කරල බැලුවත් එයාල හොයන විදියේ ශක්තිය ගබඩා වෙලා තියෙන තඹ තහඩුවක් තියෙන්න පුළුවන්. සමහරවිට
    දෙක-තුනක් හොයාගන්නත් ඉඩ තිබෙනවා.

    ඒ කොහොම වුණත් කාගෙන් කොහොම ආව ආරංචි හින්දද දන්නෙනෑ දැන් හුඟදෙනෙක් අකුණු සන්නායක පස්සේ දුවන්න අරගෙන. ඒත් නොතේරෙන රහසක් තියෙනව වගේ පේනව මේ තුළ. සමහරවිට හෙට උදේ වෙනකොට කට්ටිය අතරට පණිවුඩයක් එන්න පුළුවන් අපි ගෙව්වේ එකයි. ඒක අපිට හම්බ වුණා කියලා.
    ඊට පස්සෙවත් අපේ අෑයො මේ ඉරහඳ අල්ලන්න දුවන එක නතර කරලා පොළොවේ පය ගහල කරන වැඩක් කරගනීද බලමු.
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අහ්හ්හ් අපේ මහ ගෙදර ඕකක් තියේ බන්...ගොඩක් උන් ඉල්ලනව....කොහෙද සීයා ගේ ලොකු ලයින්නෙ නෙහ්...වන්සෙ කබල් ගග ඉන්නව අපිට ඔය සල්ලි ඔනි නෑ කියල....ඔය යකා මැරිච්ච දාට තමා අපිට ගොඩ යෑමක් වෙන්නේ :(
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ahhh ape maha gedara okak thibba bn...godak un illanawa....koheda seeya ge loku line neh...wanse kabal gaga innawa apita oya salli oni na kiyala....oya yaka marichcha daata thama apita goda yaamak wenne :(
    old-man-dancing-o.gif
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,706
    6,283
    113
    ගග අද්දර
    අහ්හ්හ් අපේ මහ ගෙදර ඕකක් තියේ බන්...ගොඩක් උන් ඉල්ලනව....කොහෙද සීයා ගේ ලොකු ලයින්නෙ නෙහ්...වන්සෙ කබල් ගග ඉන්නව අපිට ඔය සල්ලි ඔනි නෑ කියල....ඔය යකා මැරිච්ච දාට තමා අපිට ගොඩ යෑමක් වෙන්නේ :(

    අපෝ උබ නම්
     
    • Haha
    Reactions: SLBlackKnight

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    සීයට හොරා ගලවපං.. සල්ලි දැක්කම සීයගෙ ආසාව නැතිවෙයි බං..:)
    ow bn....galawala gihin salli mitiya buwage mese uda atharaniwa...deken ekak wenna oni bn apitath kiyala anagathyak thiyenna epayi hamadama mehema eka ekaa laga kuli wada krnna oni da bn
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ow bn....galawala gihin salli mitiya buwage mese uda atharaniwa...deken ekak wenna oni bn apitath kiyala anagathyak thiyenna epayi hamadama mehema eka ekaa laga kuli wada krnna oni da bn
    පරිස්සමින් ඈ.. ලක්ෂයක් දෙකක් දීලා ශේප් වෙන්න බලයි..:(
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    පරිස්සමින් ඈ.. ලක්ෂයක් දෙකක් දීලා ශේප් වෙන්න බලයි..:(
    na bn mama meka galawala buwata lakshayak dekak denawa :rofl:
    idahanko mama mulinma car ekak ganne meke aniwa thread ekak danwa bn :)
     
    wdishan

    Active member
  • Mar 28, 2008
    431
    45
    28
    පසුගිය වසර කීපයක කාලය ලංකාවට එක්තර සුවිසේෂී කාලයක් වන්නේ ලංකාවේ අපනයන වෙළද පොලේහි ඇති වුනු වර්ධනය නිසයි. අපනයන වෙළදාම කෙරෙහි බොහෝ දෙනා ගේ නැඹුරුවක් දැකගත හැකි වුනු අතර කුඩා කොල්ලන් කුරුට්ටන් පවා මේ සදහා උන්නදු වීම විශේෂිතම සිදුවීමක් විය. වල්ල පට්ට, වල් කරපිංචා, කිඹුල් හූනන් , ට්‍රයිටන් වැනි විශාල පරාසයක පැවති දැන් මෙය රතු කෝමාරිකා දක්වාම පැමින ඇත. මෙයින් සමහර දෙනෙකු කීයක් හෝ අත මිට මොලවා ගනිද්දී සමහරුන් තිබුනු සේසතද නැති කරගත්තේ සමහරක් වංචාවන් පමනක්ම වුනු බැවිනි. නමුත් වල්ල පට්ටා වැනි නියම අපනයන වටිනාකමක් ඇති භෝග කෙරෙහි පසුව රජයේ අවධානය යොමු වීමෙන් ගුවන් තෙට්දී හොරෙන් ගෙන ගොස් හසුවන වල්ලා පට්ටා වල වටිනාකම හා රජය හරහා විකිණුම් කටයුතු කිරීමට යාමේදී වටිනාකමත් අතර වෙනස කැපී පෙනුනි.

    නමුත් මෙම ලිපියේදී අප සාකච්ඡා කිරීමට බලාපොරාත්තු වන්නේ රජයට කෝටි ගණනක ආදායමක් ලබා දිය හැකිව තිබුනු රජයට මග හැරුනු තවත් ව්‍යාපාරයක් පිලිබදවයි. එනම් වසර සිය ගණන් පැරණී අකුණු සන්නායක හා ඒවා තුල ගැබ්වී තිබෙන ශක්තියක් පිලිබද ව්‍යාපාරයයි. සමහරුන් රැපියල් කෝටි ගණනකට මෙම ශක්තිය යම් යන්ත්‍ර භාවිතා කර ඒවා තුලට ඇද ගනිමින් රැගෙන ගොස් අතර සමහරුන් අකුණු සන්නායක පාද තැටි පිටින්ද රැගෙන ගොස් තිබුනි. වසර සිය ගණනක් අකුණු ගැසීඹ නිසා මේවා තුල අනුතර් ගත වී ඇති ශක්තිය කොපමනද යත් එය භාවිතා කර මිසයිල ගමන් මාර්ග වෙනස් කිරීම අභ්‍යවාකාශ යානා ධාවනය මෙන්ම න්‍යශ්ටික අවි තැනීම වැනි විවිධ කටයුතු සදහා භාවිතා කල හැක.තැටියක් රැගෙන වාහනයක් තුලට නැගුනු විට වාහනය නවතින අතර නැවතත් එය කාබන් කොලයකින් වුසුව හොත් වාහනය පන ගැන්වේ. මෙම තැටි අපට අයත් දෙයක් වුවද කුණු කොල්ලයට මේ සියල්ල ඉන්දියන් සමාගම් විසින් රැගෙන ගොස් තිබුනි. සමහර ඒවා ලක්ෂ පනහේ සිට කෝටි සියය දක්වා අගය වී තිබුනි. විශේෂයෙන්ම මේවා ඉතා ඉහල මිල ගණන් වලට මිළදී ගන්නේ අමෙරිකාවේ නාසා ආයතනය වීමද වි‍ශ්ෂත්වයකි.

    මෙම ශක්ති විශේෂය සෑම අකුණු තැටියකම ස්ථාපනය වී නොතිබීඹද විශේෂත්වයකි. මෙම ශක්තිය මැන ගැනීමට එක්කෝ අකුණු පාද තැටිය අසල හාල් ඇට දමා ඒවා අකාර්ශණය වීම නැරඹීය යුතු අතර නැතිනම් අත තබා රෝම කූප කෙලින් වීම වැන්නකින් හෝ නැතිනම් විශේෂ යන්ත්‍ර භාවිතයෙන් මෙගා බයිට් වලින් මැනිය යුතුය. කෙසේ වුවත් අතරමැදියන් සියගණන් හරහා මෙවැනි පාද තැටි බොහෝමයක් දැනටමත් ගලවාගෙන ගොස් අවසන්ය.

    ලෝකයේ පළමු අකුණු සන්නායක නිපදවීමේ ගෞරවය හිමි වන්නේ ශ්‍රී ලාංකිකයින්ටය. පසුව සුද්දන් විසින් ලංකාව යටතක් කර ගැනීමෙන් පසු ඔවුන්ගේ තේ වතු බංගලා ආදිය අකුණු පහර වලින් රැක ගැනීම සදහා තඹ භාවිතා කල මෙම අකුණු පාද තැටි යොදමින් තඹ අකුණු සන්නායක සවිකර තිබුනි. මෙම අකුණු සන්නායක තැටි වල විශේෂයක් වූයේ තඹත් සමග දුර්ලභ විකිරණ ශීලී ලෝහයක් වන ඉරිඩියම් අඩංගු වීඹයි. අධික තාපාංකයකින් යුත් ඉරිඩියම් වටිනා ලෝහයකි. ප්ලැටිනම් පවුලට අයත් මෙම ලෝහය බොහෝ විට උල්කාපාත වලින් හමු වෙයි. පෘථාවිය මත ඩයිනසෝරයන් විනෂ වූයේ උල්කාපාතයක් නිසා බවට මතයක් ගොඩ නැගුනේ විශාල උල්කාවක් වැටුනු බවට සැක කෙරෙන ඇරිසෝනා? ප්‍රාන්තයේ ඇති විශාල ආවාටයතුලින් හමුවුනු අධික ඉරිඩියම් ප්‍රමාණයයි. වර්ථ මානයේ වෛද්‍ය උපකරණ වල සිට ස්පාර්ක් ප්ලග් දක්වා විවිධ උපකරණ සෑදීම සදහා ඉරිඩියම් යොදා ගනු ලබයි.

    ඉරිඩියම් ඝණැති ලෝහයක් වුවද විකිරණශීලී ලෝහයකි. විකිරණ ශීලීග්තව මනින මිනුම් ඒකක වන්නේ බෙකියුරල් වන අතර එය ප්‍රමාණය අනුව මෙගා බෙකියුරල්( Mbq) ගිගා බෙකියුරල් (Gbq) වෙනස් වේ. ලංකාවේදී මෙගබෙයිට් ගිගා බයිට් ලෙස වෙනස් වූයේ මෙයයි. 37Gbq කියුරීස් එකක් වේ. සමහරුන් විකිරණමාන වලින් අකුණු පාද තැටි මැන බැලුවේ මෙම විකිරණශීලීත්වයයි. නමුත් වර්ථමාන ලෝක වෙළද පොලේ ඉරිඩියම් අවුන්සයක් ඩොලර් අටසියයකට පමන මිලට ගත හැක . සමස්ථානික වුවද මෙහි වැඩි වෙනසක් නොමැත. නමුත් අකුණු පාද තැටියක අඩංගුවන ඉරිඩියම් ප්‍රමාණය ඉතාමත්ම සුලුය. එසේනම් ඉරිඩියම් මිශ්‍ර තඹ තැටියක් සදහා එහි විකිරණශීලීත්වය අනුව bq එකකට හෝ ඊට වැඩි ප්‍රමාණයකට රුපියල් කෝටි ගණනක් ගෙවන්නේ ඇයි? කෙසේ නමුත් මෙම තැටිය රැගෙන නොගොස් විකිරණශීලීත්වය පමනක් යන්ත්‍රයකින් ය ඇද ගත හැකි යැයි සිතීම මුලාවකි. එය හරියටම විදුලි බුබුලකින් ආලෝකය උරාගන්නවා වැනි දෙයකි. තඹ ඉරිඩියම් තරම් වටිනා ලෝහයක් නොවේ . එම නිසා තඹ වල වටිනා කම මෙහිදී අදාල නොවේ . නමුත් සමහරුන් අත තබා මෙ තැටි වලින් මැන බැලුවේ කුමක්ද? අකුණු සන්නායකයක් සමහර විට නිවසේ විදුලි රැහැන් සමගද සම්බන්ද වී තිබිය හැක. අර්ත් නැතිනම් බිම් ගත් වයරයක් ලෙස මෙය භාවිතා වන විට එය හරිහැටි බිම් ගත නොවී නම් එය තුලින් යම් විදුලියක් රැදීම සාමාන්‍යයය. මෙයම නියුට්‍රල් වයරය සදහාද බලපායි. හාල් ඇට ඇද ගැනීඹ රෝමකූප කෙලින් වීම මහි තුල රැදි ස්ථීතික විද්‍යුතයේ ප්‍රති පලයි. නමුත් දැනටමත් වෝල්ට් ලක්ෂ ගණනක ස්ථිතික විද්‍යුතය නිපද විය හැකි යන්ත්‍ර ලොව ඇත. එසේ නම් මේ තැටි සදහා ඉහල මිලක් ගෙවන මෙය තුල රැදි අභ්‍යවකාශ යානා පවා රැගෙන යා හැකි අධික ශක්තිය කුමක්ද?

    මෙය තුල රැදී පවතින අධික ශක්තිය නම් අධික වංචාවයි. ලංකාවට මෙය අලුත් වුවද දැනට වසර ගණනාවක සිට මෙවැනි දේ ඉන්දියාව ප්‍රමුක කර ගනිමින් ක්‍රියාත්මක වේ. සරලව මෙහිදී සිදු කරන්නේ වැඩි අගයක් නොමැති දෙයකට බොරුහේතු රැසක් දමා ඉහල අගයකට පත් කිරීමයි. ට්‍රයිටන් නම් වාලම්පුරි ව්‍යාපාරයද මෙසේම විය. ආකාර කීපයකින් ක්‍රියත්මක වන මෙය තුල අවසානයේ කිසිවකු හෝ අධික මුදල් හානියකට පත් වේ.

    ඔබ හොදින් මුදල් හදල් ඇති අයෙකු නම් මම ඔබ හමුවී මෙවැනි තැටි සදහා කෝටි ගණණ් මුදල් ගෙවන බව පවසයි. මින් පසු මා හදුනන බව නොදන්නා නමුත් ඔබ හදුනන අයෙකු හෝ අලුත් තැරුව් කරුවකු මෙවැනි තැටි රැපියල් ලක්ෂ පනහකට පමන රැගෙන යා හැකි බවත් ඒ සදහා පරීක්ෂක වරුන් පවා සිටින බව පවසයි. රැපියල් පනස් ලක්ෂයක ලාභයක් ගැන සිතන ඔබ තැටිය පරීක්ෂා කරයි. සමහර විට ඉන්දියාවේදී නම් හාල් ඇට පොගවා එය යකඩ කුඩු සමග මිශ්‍රකර පැරණි තඹ කාසි මුට්ටි ආදිය තුල කාන්දමක් සගවා එයට ඇදෙන බව පෙන්වාද වංචා කර ඇත. මෙවැනි වීඩියෝ යූ ටියුබ් තුලින් කොතෙකුත් බලා ගත හැක.කෙසේ හෝ ලක්ෂ පනහක් දී ඔබ තැටිය මිලට ගනී. ඉන් භාගයක් තැටියේ හිමි කරුට යන අතර ඉතිරිය තැරැව් කරු හා මා අතර බෙදේ. ඔබ තැටිය විකීණීමට මා සොයන ත් සමග විට පමා වී වැඩිය. නැතිනම් මම කරදරයකට පත්වී ඇති නිසා මුදල් ගෙවිය නොහැක. තැටිත් සමග ඔබ අතරමන් වෙයි.

    මෙහිම තවත් ආකාරයක් වන්නේ මිලදී ගන්නා සතුව නාසා ආයතනයෙන් මෙම තැටි ලබා ගැනීම සදහා නිකුත් කල සහතියක් පවා පෙන්වීමයි.මේ අනුව ඔබ උනන්දු වී කෝටි ගණන් වලින් තැටි කිහිපයක් සොයා ගනී. නමුත් ඔබ මෙය විකිනීමට මිලදී ගන්නා වෙත ගිය විට ඔහු විශාල මුදල් අර්බුදයකට මුහුණ පා ඇත. ඔහු පවසන්නේ මෙම සහතිකයද ඇතුලුව ඔහු සතුව ඇති අනෙක් තැටි කිහිපයකුත් ඔබට ලබා දිය හැකි බවත් තමුන් සදහා රැපියල් කෝටි දහයක් ලබා දෙන ලෙසත් තැටි සියල්ල රැපියල් කෝටි දහසකට පමන නාසා ආයතනට විකිනිය හැකි බවත්ය. ඔබ මෙයට කැමති වන අතර ඉන්පසුව සිදුවන දේ ගැන අමුතුවෙන් කිව යුතු නැත. සමහරුන් පවසන පරිදි තැටි රැගෙන නොයන අතර යම් ශක්තියක් උරා ගත හැකි යන්ත්‍ර මගින් එම ශක්තිය පැය ගණන් ලබා ගනී. යන්ත්‍රය කුමක් වුවත් වංචාවේ වෙනසක් නොමැත. සමහරුන් මේ සදහා ඇමීටර ආදියද යොදා ගෙන ඇත. තැටිය වෙනුවට එම ශක්තිය ගබඩා වුනු යන්ත්‍රය විකුණයි.

    මෙම වංචාව ප්‍රසිද්ධීයේ හදුන්වන්නේ රයිස් පුලර් වංචාව ලෙසයි (Rice Puller scam). මෙය පෙර තඹ කාසි , භාන්ඩ ආදියටද වලංගු වූවකි. මෙම වංචාවේ විශේෂත්වය වන්නේ එක් රටක් තුල නොව රටවල් ගණනාවක් තුල මෙය පැතිර තිබීමත් මිළදී ගණ්නා අසරණයා සමහර විට පිටරැටියකු වීමටත් ඉඩ තිබීමෙනි. අනෙක් අතට මෙය ඉතාමත් පිලිගත් ව්‍යාපාරයක් බව පෙන්වීම සදහා වෙනම වෙබ් අඩවි වීඩියෝ පවා දැක ගත හැක. නමුත් මෑතකදීද ඉන්දියාවේ මෙසේ වංචා කල කිහිප දෙනෙකුට එරෙහිව නීතිය කටයුතු කර තිබුනි.

    Nice
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,395
    17,338
    113
    Auckland
    පරන පිත්තල වගේ එකක් තිබ්බ අපේ ගෙදර විසි කරල. බෝතල් පත්තර කාරයෙක් අරන් යන්න හදල මම තියා ගත්ත හැලියක් හදාගන්න . කැමති නම් අරන් පලයන්. කෝටි 3කට වගේ ආවොත් දීල දානව :eek:
     
    Tfs macho