How Manual Transmissions Work And Why They're Better

Iintercooler

Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    Manual Transmissions එකක් වැඩ කරන්නේ කොහොඅමද කියල දැනගන්න කැමතිද? ගොඩක් අය වාහන ගැන දැනුමක් තිබුනට පැහැදිලි අදහසක් නැතුව ඇති කොහොමද මේ Manual Transmissions එකක් හරියටම වැඩ කරන්නේ කියල.. මුල ඉදන් සරලව කියන්නම්.. කොහොමද වැඩ කරන්නේ සහ මොනවද මේ Manual Transmissions එකක තියන වාසි කියල.

    img_6084-559daee7d3bde.jpg

    ඇත්තටම කියනවා නම් වාහන තාක්ෂනය කියන එක පොඩි කාලයක් තිස්සේ නෙමේ.., සෑහෙන අපි හිතනවට වඩා කාලයක් දියුණු වෙමින් පවතින ක්ෂේශ්ත්‍රයක්..

    මුලින්ම බලමු අපිට මේ Manual Transmission System එකක් ගැන කතා කරනකොට එන මුලික ප්‍රශ්න මොනවද කියල.

    1. මොනවද මෙකට අයත් වන කොටස්?
    2. කොහොමද Manual Transmission System එකක් වැඩ කරන්නේ?
    3. මොකද්ද මේ කෙටි ගියර් හුවමාරුව?
    4. මොනවද මේ Manual Transmission System එකක තියන වාසි

    1. මොනවද මෙකට අයත් වන කොටස්?

    r8-559e6b82089dc.jpg

    Clutch Pedal:

    මේක ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැනේ. දන්නැති කට්ටියට කියන්නේ.. brake pedal එකට වම පැත්තෙන් තියනවා තව පැඩල් එකක් අන්න ඒක., :P අපි මේ පැඩලය පාගන් ඉන්නකන් clutch එක නිදහස් වෙලා තියන එක තමයි වෙන්නෙ. සාමාන්යෙන් මේක hydraulic වලින් තමයි ක්‍රියාත්මක වෙන්නෙ.

    Clutch:

    මේකෙන් තමයි එන්ජිමේ බලය සම්ප්‍රේෂණය කරන්නේ ගියර් පද්දතියට. මේ පද්ධතිය pressure plate එකක්, diaphragm spring එකක්, clutch disc, throw out bearing සහ තවත් පොඩි පොඩි කොටස් වලින් සමන්විත වෙනවා. මෙතනින් clutch disc එක කියන්නේ flywheel එකයි pressure plate එකයි අතර ගර්ශනය පවත්වාගන්න තියන disk එකක්. video එක බැලුවම තේරෙයි.

    Flywheel:

    මේක ගොඩක් වැදගත් කොටසක්, මේක හරහා තමයි engine torque එක clutch disc එකට ගෙනියන්නේ. මෙකට clutch disc එකත් එක්ක ගෑවෙන පැත්ත ඉතාම සුමට පෘෂ්ටයක් තියනවා

    මෙහෙම මේකෙ තියන parts ටික කිව්වට තේරෙන්නේ නැනේ ක්‍රියා කරන විදිහ. එක හින්ද මේ
    video එක බලල එන්න



    Clutch Disc එක ගැන මේ video එකේ තව දුරටත් විස්තර කරලා තියනවා.. කැමතිනම් බලන්න


    ඉතුරු ටික පස්සේ දැන්නම් දැන් වෙලා නෑ !!

    මමත් මේ හොයාගෙන ඉගෙන ගන්න ගමන් තමයි thread එක ලියන්නේ වැරද්දක් තියනවා නම් කියල දෙන්න
    wena article ekakin thamai hoya gaththe details

    thank you


     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කාර් වගේ පොඩි වාහන වල ක්ලච් එක කේබල් එකකින් තමා ක්‍රියාත්මක වෙන්නේ. ලොකු වාහන වල ලීවර් වලින්. ලොකු වාහන වල ක්ලච් එකට පවර් ඇසිස්ටන්ස් තියෙනවා.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,997
    113
    Kandy
    Puluwan nam machan mata hoyala kiyala FIAT wahana wala dualogic gear system eka wada karanne kohomada kiyala. Eake gearbox eka manual but clutch eka auto