මුණි සිරිපා සිඹිමින්නේ..
සමනොළ ගිරි පෙදෙසින්නේ..
මඳ සුළඟයි මේ එන්නේ..
මගේ පුතා නැළැවෙන්නේ..
ජාතික රණ දෙරණ මතේ...
ගැටී වැටී මළ මොහොතේ..
සුන්දර සුරඹුන්ගෙ අතේ...
නැළැවෙන බව සිතනු පුතේ...
නිදහස් හිරු පායනවා...
දෑ බැති මල් පිබිදෙනවා...
සිරිලක් මව හිනැහෙනවා...
මගේ පුතා නැළැවෙනවා...
කැප්පෙටිපොළ සෙනෙවිසුරු...
කර රුපුසෙන් මං දැදුරු...
අභිරුවිකුම් පෑ අයුරූ...
නුඹට පුතේ වෙයි මියුරූ...
ජාතිය රන් විමනක් වේ...
ආගම මිණි පහනක් වේ...
එය රැක ගන්නට මෙලොවේ...
සමත් වෙතොත් පුත නුඹ වේ...
පද රචනය - එස් . මහින්ද හිමි ( ජාතික තොටිල්ල කාව්‍ය ග්‍රන්ථය )
සංගීතය - පණ්ඩිත් අමරදේව