“අප රටේ දේශපාලන සංස්කෘතියෙන් ඇතිවන ව්‍යූහමය ගැටලු නිසා ප්රජාතන්ත්රවාදයේ තෘප්තීන් ලබන්නෙත්, සාධාරනය ඉටුවන්නේත් ඉතාම සුලු මිනිස් කොට්ඨාශයකටය. බොහෝ මිනිසුන්ට මහන්සිවන තරමට ප්‍රතිඵල නොලැබේ. ඔවුන්ඳ අර සීනි බෝතලයට නගින කූඹීන් වැනිය. ඔවුන්ගේ මහන්සියට කවදාහෝ ප්‍රතිඵල ලැබෙතැයි සිතා ඔවුන් ජීවන බර උසුලාගෙන බොහෝ වෙහෙස මහන්සියෙන් සීනි බෝතලයට නගී. විනිවිද වුවත් අප රටේ දේශපාලන හා සමාජීය ක්රමයේ ඇති ව්‍යූහමය ගැටලු නිසා කෙදිනකවත් වීදුරුව සිදුරු කල නොහැකි බවත්, සීනි මිථ්‍යාවක් බවත් කලක් යද්දී ඔවුන්ට තේරුම් යයි. සීනි දැක දැක බඩගින්නේම ඔවුන් ගේ ජීවිත ගෙවීයයි. ධාර්මික සමාජයක එසේ විය නොයුතුය. වෙන මහන්සියට ප්‍රතිඵල ලැබිය යුතුය. ධර්මික රාජ්‍යයක ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකිණු ලැබෙන්නාක් මෙන් ප්රජාතන්ත්රවාදයේ හැසිරෙන්නා ප්රජාතන්ත්රවාදය විසින් රකිණු ලැබිය යුතුය. අවි ගත්තා අවියෙන්ම නැසෙන්නාක් මෙන් අවනීතියෙහි හැසිරෙන්නා නීතය විසින් නැසිය යුතුය.”
මේක ලියපු ලේකිකව ගැන නම් මම දන්නේ නැ. නමුත් මට මේ ලිපිය ලැබුනේ මගේ විශ්වවිද්‍යාල ආචාර වරයකු මේක FB එකේ පල කරලා තිබුන නිසා. මෙම දීර්ග ලිපියේ මගේ මතකයේ රැදුණු හදවතටම කතා කරපු කොටස තමයි මේ. මේක තමයි අපි විදින යථාර්තය ගැන කෙටියෙන්ම කරපු පැහැදිලි
කිරීම.
http://thisuriwanniarachchi.com/2015/05/08/මම-මා-වීම-becoming-me/