මම මා වීම

waligamaya

Well-known member
  • “අප රටේ දේශපාලන සංස්කෘතියෙන් ඇතිවන ව්‍යූහමය ගැටලු නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ තෘප්තීන් ලබන්නෙත්, සාධාරනය ඉටුවන්නේත් ඉතාම සුලු මිනිස් කොට්ඨාශයකටය​. බොහෝ මිනිසුන්ට මහන්සිවන තරමට ප්‍රතිඵල නොලැබේ. ඔවුන්ඳ අර සීනි බෝතලයට නගින කූඹීන් වැනිය​. ඔවුන්ගේ මහන්සියට කවදාහෝ ප්‍රතිඵල ලැබෙතැයි සිතා ඔවුන් ජීවන බර උසුලාගෙන බොහෝ වෙහෙස මහන්සියෙන් සීනි බෝතලයට නගී. විනිවිද වුවත් අප රටේ දේශපාලන හා සමාජීය ක්‍රමයේ ඇති ව්‍යූහමය ගැටලු නිසා කෙදිනකවත් වීදුරුව සිදුරු කල නොහැකි බවත්, සීනි මිථ්‍යාවක් බවත් කලක් යද්දී ඔවුන්ට තේරුම් යයි. සීනි දැක දැක බඩගින්නේම ඔවුන් ගේ ජීවිත ගෙවීයයි. ධාර්මික සමාජයක එසේ විය නොයුතුය​. වෙන මහන්සියට ප්‍රතිඵල ලැබිය යුතුය​. ධර්මික රාජ්‍යයක ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකිණු ලැබෙන්නාක් මෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ හැසිරෙන්නා ප්‍රජාතන්ත්‍රවාදය විසින් රකිණු ලැබිය යුතුය. අවි ගත්තා අවියෙන්ම නැසෙන්නාක් මෙන් අවනීතියෙහි හැසිරෙන්නා නීතය විසින් නැසිය යුතුය.”


    මේක ලියපු ලේකිකව ගැන නම් මම දන්නේ නැ. නමුත් මට මේ ලිපිය ලැබුනේ මගේ විශ්වවිද්‍යාල ආචාර වරයකු මේක FB එකේ පල කරලා තිබුන නිසා. මෙම දීර්ග ලිපියේ මගේ මතකයේ රැදුණු හදවතටම කතා කරපු කොටස තමයි මේ. මේක තමයි අපි විදින යථාර්තය ගැන කෙටියෙන්ම කරපු පැහැදිලි
    කිරීම.

    http://thisuriwanniarachchi.com/2015/05/08/මම-මා-වීම-becoming-me/
     

    waligamaya

    Well-known member
  • මොනා කරත් අපි කූඹිනෙ බන් :(


    කුබින්ට විදුරු සිදුරු කරන්න බැරි නිසා කුබියෝ ඔක්කොම එකතුවෙලා සිනි බෝතලේ රාක්කෙන් පල්ලෙහට පෙල්ලමු, එක කරන්න පුළුවන් එතකොට බෝතලේ කුඩුවෙලා අපිට සිනි කන්න පුළුවන්. එකතු උනොත් සීනි මිරිගුවක් නෙවෙයි:):)
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ධාර්මික සමාජයක එසේ විය නොයුතුය​. වෙන මහන්සියට ප්‍රතිඵල ලැබිය යුතුය​. ධර්මික රාජ්‍යයක ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකිණු ලැබෙන්නාක් මෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ හැසිරෙන්නා ප්‍රජාතන්ත්‍රවාදය විසින් රකිණු ලැබිය යුතුය.

    Patta TFS
     
    • Like
    Reactions: waligamaya

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගුඩ් පොස්ට් රෙප් ++ බොහොම ස්තුතියි බෙදග්ට්ත්ට