ලෝකයේ ඉතාමත් අනතුරුදායක මාර්ග 5ක්

Mr.Hudson

Banned
Jul 12, 2015
331
103
0
Colombo
ලෝකයේ ඉතාමත් අනතුරුදායක මාර්ග 5ක්

අපි සාමාන්‍යය ජීවිතයේදී ගමන් බිමන් යන්නේ හොඳට කාපට් දාපු පාරක,වැලි පාරක, නැත්තන් කොන්ක්‍රීට් දාපු පාරක. සමහර පැති වලින් නම් දැනගන්න ලැබෙනවා පාරවල් අබලන් වෙලා පාලම් කැඩිලා කියලා. ඒත් අපි මේ දැන් පෙන්නන්න යන්නේ විසඳුමක් ලබාදෙන්න බැරි ගමන් කිරීමට ඉතාමත් අනතුරුදායක මාර්ග 5ක් ගැනයි. මේ මාර්ග වල ගමන් කරනවා කියන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක් වගේ. මේ මාර්ග වල මරණ සංඛ්‍යාවත් ඒ නිසාම ඉහල අගයක් ගන්නවා.

1. THE ATLANTIC OCEAN ROAD

නොර්වේ රටේ ඇති කිලෝමීටර 8.3ක් දිග මේ මාර්ගය දුපත් කිහිපයක් හරහා දිවෙන අතර පාලම් 8කින් යුක්තයි. දැඩි සුළං තත්ත්ව යටතේ මුහුදු රළ ප්‍රබල වීමත් සමඟ මාර්ගය ඉතාමත් අනතුරුදායකයි. මෙය එම රටේ සංස්කෘතික උරුමයක් වන අතරම සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයක්.

THE-ATLANTIC-OCEAN-ROAD-NORWAY.jpg


2. SOUTH YUNGAS ROAD

මේ පාර පිහිටලා තියෙන්නේ බොලිවියාවේ. හැතැප්ම 43ක් දිගයි. මරණයේ පාර කියලත් හඳුන්වනවා. මේවගේ පාරක මොකට යනව ද කියලා ඕගොල්ලොන්ට හිතෙනවා ඇති. නමුත් මේ ප්‍රදේශයේ තියන කුඩා ගම්මාන යා වෙන්නේ මේ මාර්ගයෙන් හින්දා වෙන යන්න පාරක් නෑ. සෑම වසරකම මේ මාර්ගයේ සිදුවන භයානක අනතුරු ගැන අහන්න ලැබෙනවා වගේම ඒ අනතුරු වලින් දහස් ගණන් පුද්ගලයන් මිය යනවා !

yungas-road-traffic.jpg




3. VITIM RIVER CROSSING

සයිබීරියාවේ ගඟක් හරහා දිවෙන මීටර 600ක් දිග පාලමක්. මේක ඉතාමත් පටු පාලමක්. ඒ වගේම හිම වැටෙන කාලෙටත් වැස්ස කාලෙටත් මේ මාර්ගයේ ගමන් කරන්න හොඳ ආත්ම ශක්තියක් තියෙන්න ඕනෙලු.

vitim.jpg


4. THE SHYARI ROAD

මේ පාර තියෙන්නේ ඉන්දියාවේ. පිහිටි ගලක් කපලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. වැස්ස කාලෙට පාර මඩ වෙන හින්දා පාර ලිස්සනවා. ඒ කාලෙට ගමන් යද්දී දෙයියන්ගේම පිහිටයි.


shyari.jpg


shyari.jpg



5. THE HIMALAYAN ROAD, SOUTH ASIA

හිමාලය කඳුවැටිය ආශ්‍රිතව පිහිටා තිබෙනවා. එතරම් අනතුරක් නෑ වගේ පෙනුනට හිම වැටෙන කාලෙට පාර වැහිලා යනවා වගේම දිය ඇල්ලෙන් වැටෙන වතුර හින්දත් මාර්ගය අවහිර වෙනවා. ගල් වලින් පිරුණු පටු පාරක් හින්දා මේ පාරේ වාහන ධාවනය කරන රියදුරන් ඉතාමත් පරිස්සම් වෙන්න ඕනේ. නැත්තම් මේ වාහනේ එලවන අන්තිම වතාව වෙන්නත් බැරිකමක් නෑ !

Switchbacks_Himalayas_Arunachal_Pradesh.jpg


බුම්ප් රේප් බාරගනු ලැබේ :nerd:
 
Last edited:

polkichcha

Active member
  • Jul 21, 2015
    280
    88
    28
    බොරුනේ බන් ගුද මාර්ගය ගැන වචනයක් වත් කියල නෑනේ