java web development පළමු කොටස

J Sparrow

Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    කිරියේ වසන මා හිතාදර BIT වැසියනි!!! BIT semester 5 කරන්න හිතන් ඉන්න උං එහෙම දැං ඇතිනේ? Semester 6 එකේ project එකක් කරන්න වෙනවා කියලත් දන්නවා ඇතිනේ? ඒක Semester 5 එකේ පටන් ගන්න ඕනේ කියලාත් දන්නවා ඇතිනේ? :P

    හරි!! තොපිලට මම දැං කියලා දෙන්න යන්නේ මුල ඉඳලාම web application එකක් develop කරන හැටි java වලින් (ඔව්, ඔව්!! බොලව් 'අ' යන්නේ ඉඳලා 'xxx' වෙනකං!) ඔය .net, php, python, අරතං, මේතං වලින් project එක කරන්න හිතන් ඉන්න උං ඉන්නවානම් දුවපියව්!! :D:D:D

    Web application එකක් develop කරන්න අපිට ඕනේ වෙනවා මෙන්න මේ දේවල් ටික!


    1 - java development kit. (JDK)
    2 -
    හොඳ Server application එකක්. (මේකේ තමයි අපේ Web application එක run වෙන්නේ බොලව්!)
    3 - හොඳ IDE එකක්. (ඒ කියන්නේ simply, අපි coding කරන text editor එක)

    මේ ඔක්කෝම ගැන එක දවසෙන් උඹලට ඉගෙන ගන්න බෑ බොලව්!:angry:

    මම අද උඹලට කියලා දෙන්නේ java download කරලා හරියට install කරලා, config කරගන්න හැටි. මේක හරියට කරගන්නේ නැතුව මොනවත් කරගන්න බැරි බව මතක තියා ගනිල්ලා!

    හරි! ඔන්න වැඩේට බැස්සා!

    1 - මුලින්ම මෙන්න මේ එකට ගිහිල්ලා ජවා download කරගන්න ඕනේ!

    https://java.com/en/download/manual.jsp

    Online/Offline දෙවිදියටම download කරන්න පුලුවන්. අදාල OS version එකට අනූව හරි download එක තෝරගන්න එක බොලාට බාරයි! ;)

    download උනාද? බලං ඉන්නේ නැතුව file එක run කරපියව්! install කරන එක හරිම simple.

    මෙහෙම එකක් තමයි උදේ පාන්දරම එන්නේ. බොලාට කැමතිනම් install වෙන path එක වෙනස් කරන්න පුළුවන් ඔන්න ඔය "Change destination folder" කියන check-box එක උඩ tick එකක් දැම්මාම. ඒත් මම ඒක recommend කරන්නේ නෑ. :no:

    MM3xCbA.png


    හරි! දැන් "install > " button එක උඩ click කලාම මෙන්න මේ වගේ අටමගලක් එනවා. දැන් මූ අපේ machine එකේ (workstation
    එකේ ) install වෙමින් පවතිනවා. :yes:

    tA5AY3h.png


    ඕක ඔහොම වෙලා වෙලා ඊට පස්සේ මෙන්න මේ වගේ notification screen එකක් එනවා!

    2wTA1T1.png


    හුරේ!! අපි අපේ workstation එකට java install කරන් ඉවරායි! :rofl::yes::rofl::yes::rofl:

    2 - දැං තමයි වැදගත්ම කොටස! Environment variables and PATH හදන එක.

    Environment variables and PATH හදන එකේ වැදගත්කම මම මෙතන කියලා දෙන්නේ නෑ. මෙන්න මේ link එකේ තියෙනවා ඒ විස්තර ඔක්කෝම.

    http://superuser.com/questions/2843...nment-variables-and-how-can-i-set-or-use-them

    මෙන්න මෙහෙමයි
    Environment variables and PATH හදන්නේ.

    මුලින්ම "This PC" (එහෙම නැත්තන් පරණ version වල "My Computer") right click කරලා "Properties" select කරන්න.
    Ie0bY93.png


    ඊට පස්සේ එන screen එකේ "Advanced system settings" select කරන්න.

    7aOuvWh.png


    දැං පහල තියෙනවා වහේ Option screen එකක් එයි.

    R7YnwGm.png


    ඒකේ උඩම
    තියෙන "Advanced" tab එක select කරලා, ඊට පස්සේ "Environment Variables.." කියන button එක ඔබපල්ලා.

    VxkJa9p.png


    දැං ඕකේ "System variables" section එකේ තියෙන "New.." button එකත් ඔබපල්ලා බලං ඉන්නේ නැතිව! :P

    හරි! දැං පහල තියෙනවා වගේ පුංචි prompt box එකක් එයි.

    3wxcn4Q.png


    ඒකේ කියන "Variable name" එකට හරියටම මම type කරලා තියෙනවා වගේ
    JAVA_HOME කියලා type කරපියව්.

    දැං බොලා java install කරපු folder එකට යන්න ඕනේ. මගේනම් මෙන්න මේ folder එක. ඒකේ folders දෙකක් තියෙනවා පේනවා ඇති.

    මගේ folder දෙක version දෙකක් උනාට ගනන් ගන්න එපා. බොලාගේ එහෙම වෙන්නේ නෑ. :P

    MtbvbHB.png


    දැං ඒ දෙකෙන් JDK folder එක open කරපියව්.

    7ZgIv08.png


    හරි! :yes:

    oCpwYCS.png


    දැං ඔය උඩ තියෙන folder path එක copy කරගනියව්! ඊට පස්සේ ආයෙත් අපේ prompt box එකේ Variable value කියන තැන paste කරපියව්! මෙන්න මේ වගේ

    f4uZPgx.png


    දැං ඕක OK කරපල්ලා! හරි ඔන්න Add උනා! :yes:

    Yli8fKo.png


    හම්මේ මහන්සියි බොලව්! තව වැඩක් තියෙනවා :rolleyes:

    ඔය System variables වල ටිකක් පහළට scroll කරගෙන ගියාම හම්බෙනවා "Path" කියලා කලින් හදලා තියෙන Variable එකක්. ඒක OS එකෙන් automatically හදන්නේ.

    NSqJ02E.png


    අපි දැං ඒක edit කරන්නයි යන්නේ. ඒක select කරලා "Edit..." button එක ඔබපියව්. ඔය තියෙන්නේ!

    MeEy3oo.png


    Variable value එකේ තියෙන content ගැන වැඩිය හිතන්න එපා!
    හරි! දැං අයෙත් අපේ JDK folder එකට යන්න ඕනේ.

    c3gckkU.png


    ඒකේ උඩින්ම තියෙන bin folder එක open කරගෙන ඒකේ path එක copy කරගන්න ඕනේ බොලව්!

    2WjfRMu.png


    ඔව් ඔව්! ඒක තමයි.
    දැං ඒ copy කරගත්ත folder path එක අපි insert කරන්න යන්නේ "Path" variable එකේ value එකට.

    ** මතක තියා ගනියව්!
    "Path" variable එකේ තියෙන කිසිම value එකක් delete කරනවා එහෙම නෙමෙයි ඕං!

    Variable value එකේ අන්තීමටම ගිහිල්ලා semicolon (
    ; ) එකක් ගහලා අර copy කරගත්ත folder path එක paste කරපියව්.

    WEWCegk.png


    පේනවනේ? නිකන් කෙළ කරගන්න එපා! :angry::angry:
    දැං ඕකත් OK කරපල්ලා.

    mkqHA0y.png

    දැං ඕකත් OK කරපල්ලා.

    OK කරන්න තියෙන අන්තීම එක! දැං අපි සබ්බ සකලමනාවම කර හමාරයි!

    9mDxbmr.png


    හරි! දැං අපි java install කළා, config කළා! දැං මේක වැඩද බලමු!

    දැං CMD (Command prompt ) එකක් open කරගෙන මේ command එක type කරල enter කරලා බලපල්ලා!

    java -version


    වැඩේ ගොඩනම් මෙන්න මෙහෙම result set එකක් එන්න ඕනේ. :cool:

    rmeuxaG.png


    කෝකටත් ඔය test එක කරන්න කලින් Workstation එක restart කරලම හිටියොත් හොඳයි බොලව්!! :yes:

    අදට මේ ඇති! එහෙනම් next time, Server application එක configure කරන හැටි බලමු! ප්‍රශ්ණ තියෙන උන් මෙතනම දාපල්ලා! පුලු පුලුවං විදියට අපි ඒවා විසඳගමු! මේකට උඹලගේ කැපවීම අනිවාර්යයි! මට පුලුවන් බොලාට මඟ පෙන්නන්න විතරයි!

    කට්ටියටම පේන්න bump එකක්වත් දමං යමල්ලා! :angry: