යහපාලානේ කෙළවෙලා. ටොයියින්ට අද කියන්න ඉතුරුවෙලා තියෙන්නේ "මහින්ද හොරා" කියන පරණ කතාව විතරයිනේ. ඉතින් මේ ටෝයියො පව් හින්ද මහින්දගේ තව වැරදි ටිකක් මම මතක් කරලා දෙන්නම්. අදින් පස්සේ ඒවත් කියන්න.
1980දී ජුලි වැඩ වර්ජකයෝ 20,000ක් රස්සාවෙන් අස් කරේ මහින්ද. 1989දී කොටින්ට ආයුධ දුන්නෙත් මහින්ද. ප්රා කල්ලිය හැදුවෙත් අර දත් දොස්තර නෙවෙයි, මහින්ද. බැද්දගානේ සංජිව PSD එකට ගත්තෙත් මහින්ද. රිචඩ් ද සොයිසා, විජේදාස ලියනආරච්චි එහෙම මැරෙව්වෙත් මහින්ද. කොබ්බැකඩුව මහත්තයව මැරෙව්වෙත් මහින්ද.
ඇයි තව 1996දී මහ බැංකුවට බෝම්බ ගැහුවෙත් මහින්ද. 1998දී දෙහිවල කෝච්චියට බෝම්බ ගැහුවෙත් මහින්ද. 1999දී මුලතිව් කඳවුරට ගැහුවෙත් මහින්ද. අලිමංකඩ කඳවුරට ගැහුවෙත් මහින්ද.
ආ අමතක උනා, තොප්පිගල කියන්නේ විශාල කැලයක් කිව්වෙත් මහින්ද. ෆොන්සේකා ගැලවීමේ හමුදාවටවත් සුදුසු නෑ කිව්වෙත් මහින්ද. හමුදාව අලිමංකඩ යනවා කියලා පාමංකඩ යනවා කිව්වෙත් මහින්දම තමයි.
ඒ විතරක් නෙවෙයි, 1987දී ප්රභාකරන්ව අල්ලන්න ඔන්න මෙන්න තියෙද්දී ඉන්දියාව් බලපෑම් වලට යට වෙලා යුද මෙහෙයුම් නවත්තල, ඉන්දු ලංකා ගිවිසුම අස්සන් කරලා, සාම සාධක හමුදාවක් ගෙන්නලා කොටින්ට බේරෙන්න ඉඩ දුන්නෙත් මහින්ද.
2002දී බොරු සාම ගිවිසුමක් ගහල, කොටින්ට රටෙන් කෑල්ලක් ලියල දීල, උන්ට ශක්තිමත් වෙන්නයි, දකුණට බෝම්බ ගේන්නයි ඉඩ දුන්නේ මහින්ද. මිලේනියම් සිටි පාවාදීම කරලා බුද්ධි අංශ නිලාධාරීන් කොටි පිස්තෝල කල්ලියේ බිල්ලක් වෙන්න ඉඩ දුන්නෙත් මහින්දම තමයි.