ජවිපෙ_ගෙදර_යැවිය_යුත්තේ_ඇයි?
අද ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැති, වැල අතට මැස්ස ගහන පක්ෂයක්. 2002 කාලයේදී මේගොල්ලන්ට තේරුණා රටේ බෙදුම්වාදයට විරුද්ධ මතයක් තියෙනව කියල. එතකොට මේ කට්ටියත් බෙදුම්වාදයට විරුද්ධ මූණක් පෙන්නල ඡන්ද අරන් පාර්ලිමේන්තුවට ගියා. පස්සේ මහින්ද යුද්දේ පටන් ගත්තම, යුද්දයේ බරපතලම වේලාවකදී, මේ ජනතා විමුක්ති පෙරමුණම අය-වැය පරද්දල රජය පෙරලලා රනිල්ව බලයට ගේනන හැදුවා. (එහෙම කරල ආයේ පස්සේ කාලෙක ලජ්ජා නැතුව කියනවා යුද්දේ කරේ තමන් නිසා කියල).
විජේවීර කිව්වා "සමසමාජ කොමියුනිස්ට් පක්ෂ නිර්ධන පන්ති ව්‍යාපාරය පාවාදීල ධනපති පක්ෂ සමග එකතු වුනා, අපි කවදාවත් එහෙම කරන්නේ නෑ" කියල. එත් මේ යක්කු විලි ලැජ්ජාවක් නැතුව තමන්ගේ නායකයාව පණ පිටින් බොරැල්ල අදහනාගාරයට දාපු පක්ෂය එක්ක 2010 ජනාධිපතිවරණයේදී එකතු වුණා.
මොකද මේගොල්ලන්ට බැරි කට ඇරලා බය නැතුව තමන්ගේ හරි මතවාදය කියන්න. ජවිපෙ ආරම්භ කලේම මාක්ස්වාදී පක්ෂයක් විදියට. කවදාවත් මාක්ස්වාදය ප්රතික්ෂෙප කරනවා කියල නෑ. එතකොට මාක්ස්වාදයේ මූලික ඉගැන්වීම් වෙන "ආගම ප්රතික්ෂෙප කළ යුතුයි", "ජාතියෙන් වැඩක් නෑ", "ආගම සහ ජාතිය කියන්නේ ධනපති පන්තිය විසින් නිර්ධන පන්තිය පෑගීමට යොදාගන්නා දේවල් පමණයි" කියන ඒවා ගැන මේ අය කියන්නේ මොනවද? ජවිපෙ මේවා ගැන කතා නොකරන්නේ තමන්ගේ ජාතිද්‍රෝහී බව හංගල, සිංහල බෞද්ධයන්ව රවට්ටලා ඡන්ද ගන්න.
ඒ විතරක් නෙවෙයි, ආර්ථිකය සම්බන්ධයෙනුත් මේගොල්ලෝ තමන්ගේම ප්‍රතිපත්ති ගැන කතා කරනේ නැත්තේ මොකද? අද ජවිපෙ කියන්නේ UNP එක කියන දේවල්ම තමයි. බොරුවට "මහින්ද හොරා" කියල කෑගහනවා ඇරෙන්න සමාජවාදී ආර්ථිකයක් ගැන කෙලින් කට ඇරලා කතා කරනවද? දැන් කියනවා පුද්ගලික රෝහලුත් පිලිගන්නවලු.
කවුරු මොන දේශපාලන මතයක් දරුවත් අපට කමක් නෑ. තමන්ගේ මතය හරියට කෙළින් කියල තමයි ජනතාවගේ කැමැත්ත ගන්න ඕනේ. එහෙම නැතුව වහෙන් ඔරෝ භාෂාවෙන් කතා කරලවත්, තමන්ගේ ඇත්ත ප්‍රතිපත්ති වහල, කාලෙට ගැලපෙන්න ඕනෙම බොරුවක් මිනිස්සුන්ට කියලවත් නෙවෙයි.
ජනතා විමුක්ති පෙරමුණේ බොරුව සහ අවස්ථාවාදය ගැන මේ වීඩියෝවේ පැහැදිලිවම පෙන්නන්නවා. මේ කතාකරන එක්කෙනාගේ මාක්ස්වාදී ප්‍රතිපත්ති මම පිළිගන්නේ නෑ. ඒත් ඒගොල්ලන්ට තමන්ගේ මතවාදය කට ඇරලා කෙළින් කියන්න ශක්තිය තියෙනවා.

මම ජෙප්පෙක් නෙවෙයි .