සංගා_ගැන

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    "සංගා" ගැන පුංචි සටහනක්..
    "Sanga" you are Legend

    නමින් ඔහු කුමාර් චූක්‍ෂානාද සංගක්කාර නම් වේ. අපි ආදරේ වැඩි කමට කියන්නේ සංගා කියලා. සංගා නුවර හැදුනු කොල්ලෙක්. කුමාරි වෙදආරච්චි චූක්‍ෂානාද මුදලිගේ සහ චූක්‍ෂානාද වෙදාඅරච්චි සංගක්කාරට දාව කුමාර් සංගක්කාර ඉපැදුණේ 1977 ඔක්තෝම්බර් 27 වැනිදා ඓතිහාසික මාතලේ පුරවරේදී .
    පියා මහනුවර ප‍්‍රකට නීතිඥවරයෙක් වන අතර මව සරසවි උපාධිධාරිණියක වීමෙන් පසු එහි ඉංග්‍රී‍සි අංශයේ කථිකාචාර්යවරියක ලෙස සේවය කළේය මේ යුවළට දරුවන් හතරදෙනෙකි. දූවරු දෙදෙනෙක් සහ පුතුන් දෙදෙනෙක් ඊට අයත්ය. සංගා පවුලේ බඩ පිස්සා වූයේය. ඒ හේතුවෙන්ම සංගා කුඩා කල කාගේත් ආදරය දිනූ චරිතය විය.
    පවුලේ බාලයා වීම සහ ප්‍රියමනාපකම ඊට ප‍්‍රධාන හේතු වශයෙන් කිව හැකිය. හැමගේ ආදරය දිනා ගත් සංගා අනෙක් ළමුන් මෙන් සෙල්ලමට වඩාත් ළැඳි බවක් දැක්විය. සංගා මූලික හා ද්වීතීක අධ්‍යාපනය හදාරන්න ඇතුළත් වෙන්නේ මහනුවර නගරයේ තියෙන ත්‍රිත්ව විද්‍යාලයෙන්.
    සිය දරුවන් සිව් දෙනාම නිවාස අඩස්සියේ නොතබා නිදහස ලබාදුන් නිසාම සංගා මෙන්ම ඔහුගේ අයියා සහ අක්කලා දෙදෙනා ද තම තමුන්ට කැමති මාර්ගවල නිරත වූහ.
    පාසලේ දී 11 න් පහළ බැඞ්මින්ටන් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකා ශූරතාවය දිනූ සංගා ටෙනිස් ක්‍රීඩාව සඳහා ශ්‍රී ලංකා 11න් පහළ ශූරතාවය ද හිමිකර ගැනීමට සමත් විය.
    සංගාගේ දෙවැනි අක්කා සාරංගා ටෙනිස් ක්‍රීඩාවෙන් ඉදිරියටම ගිය කෙනෙක් බව ද මෙහි දී කිව යුතුය. ඇය ශ්‍රී ලංකා ටෙනිස් ශූරිය ද වී තිබේ. සංගාගේ අයියා ද ත‍්‍රිත්ව විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දක්‍ෂ පන්දු යවන්නෙකි. සංගා ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වී ඇත්තේ ඉහත සඳහන් දෑ සියල්ල කරන අතරතුරේදී ය. ඔහු පාසල් සමයේදී ක්‍රිකට් හා ටෙනිස් ක්‍රීඩා සඳහා විශේෂ දක්ෂතාවක් පෙන්වූ නිසා එවකට විදුහලේ විදුහල්පතිව සිටි ලෙනාඩ් ද අල්විස් මහතා විසින් සංගාගේ මවට සංගාව ක්‍රිකට් ක්‍රීඩාවෙන්ම ඉහලට යවන ලෙසට ඉල්ලීමක් කරනවා.
    බැඞ්මින්ටන් සහ ටෙනිස් ශූරයා වූ සංගා පසුගාමීව පිහිනුම් අංශයේද දක්‍ෂතා පෙන්වා තිබෙනවා. ගායනයට මෙන්ම වයලීන් වාදනයට ද එකසේ දක්‍ෂතා පෙන්වූ සංගා විද්‍යාලයීය සංගීත සංධ්වනියේ සාමාජිකයෙකු ද වනවා. ඔහු පංතියේ නිතරම පළමුවෙනියා නොවුවත් විෂයයන් සඳහා ඉහළ ලකුණු ලබාගැනීමට අමතක කළේ නෑ.. එ සියල්ලට අමතරව සංගාට තිබුණු ගීත ගැයීමේ හැකියාව ද සිහිපත් කරන්නට කැමතියි. වරක් ඔහු වසරේ විශිෂ්ඨම ශිෂ්‍යයාට පිරිනමන (The Ryde Gold Medal)සම්මානයෙන්ද පිදුම් ලබනවා.
    1996 වසරේ දී පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක ධුරය දරන කාලයාගේ ඇවෑමෙන් 2000 වසරේ ජූලි මස 05 වැනි දින පාකිස්ථානයට එරෙහිව පැවති තරගයේ දී එක්දින වරම් ලබන වනු සංගාට හිමිවන්නේ 93 වැනි හිස් වැසුමයි. එම මාසයේ දීම දවස් 18කට පසු දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් මංගලාවතරණය වන සංගා 84 වැනි හිස් වැසුම පළදින්නට උරුමකම් කියනවා.

    ඔහු මුල් පෙළ වමත් පිතිකරුවෙකි. මා දැකපු ශ්‍රී ලංකාවේ දැනට බිහි වුණු කළුට (රොමේෂ් කළුවිතාරණ) නොදැවෙනි සුපිරිම කඩුළු රකින්නා බව කිව යුතුමයි.
    ටෙස්ට් ක්‍රීඩාවේ කඩුළු රැකීමෙන් ඉවත්වීමත් සමඟම ඔහුගේ පිතිකරණයේ සැලකිය යුතු වෙනසක් ඇති වුණා. සංගා අවසාන වරට අපට එක්දින තරගයකදී දැක ගත හැකි වූයේ මේ වසරේ මාර්තු මස 18 වැනිදා දකුණු අප්‍රිකාව සමඟ පැවති තරඟයේ දීයී. සංගාගේ එක්දින කමිසයේ අංකය 11 වේ. සංගාගේ ක්‍රීඩා දිවියේ අවස්ථා කීපයකදිම ලොව අංක 01 ටෙස්ට් පිතිකරු බවට පත් වීමට ඔහුට හැකි වුණා.
    ඒ ඔහුගේ කැපවීම නිසාවෙන්. ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබූ ඔහුගේ පියාණන් ලංකාවේ ක්‍රිකට් පුහුණුකරුවෙක් වීම ඔහුට අපට සහ රටට ආඩම්බරයක් බව ද මෙහි දී කිව යුතුයි.
    ලෝක කුසලානයේදි ඉන්දියාවට එරෙහිව ලද පරාජයත් සමඟ ඔහු එක්දින නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කළේය. ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ද්විත්ව ශතක 12ක් වාර්තා කර ඇති අතර සංගා මේ වන විට ද්විත්ව ශතක 11ක් වාර්තා කර තිබීම ශ්‍රී ලංකා වාසී අප සියලුම දෙනාට ආඩම්බරයක්.
    සංගා වමත් පිතිකරුවෙකු ලෙස පන්දුවට පහර දෙන අතර ඔහු පන්දු යැවීමේ දී දකුණත් පා දඟ පන්දු යවන්නෙකි. කාලයාගේ ඇවෑමෙන් ලොව හොඳම පිතිකරුවන් අතරින් පෙරමුණ ගන්නා අපේ සංගා 2015 ලෝක කුසලානයේදී තරග හතරකදී පිට පිට ශතක 4 ක් වාර්තා කරමින් , ක්‍රිකට් වාර්තා පොතෙහි මෙතෙක් සටහන් නොවූ කඩ ඉම් පසු කරයෑමට සමත්වුණා. සංගා තම පියාණන්ගේ ඉල්ලීමට ගරු කිරීමක් වශයෙන් අද ඔබ ක්‍රිකට් දිවියෙන් සමු ගන්නවා. මට නම් හීනයකි.
    සත්‍ය වශයෙන්ම සංගා ඔබ මව්පියන් කියනා දේ තවමත් හිස් මුදුනින් පිළිගන්නා ලක් මැණීයන්ට මේ ලොවට ක්‍රිකට් ක්‍රීඩාවට දායද වුණු ශ්‍රේෂ්ඨ , පරිපූර්ණ වූ නිහතමානී මිනිසෙක් බව මා කිව යුතුමය. මේ සියලු කරුණු දෙස යළිත් හැරී දෙවරක් සිතීමේදී ලෝක ප‍්‍රකට වූ ‘කුමාර් චූක්‍ෂානාද සංගක්කාර’ නමැති ඒ අසහාය ක්‍රීඩකයා වෙතින් වත්මන් තරුණ පරපුරට ගතහැකි ආදර්ශ බොහෝ බව මා කිව යුතුයි. සැබැවින්ම ඔහු ඔහුගේ ජීවිතයට මොනතරම් අරුතක් දී ඇතිදැයි අපට සිතා ගත හැකි නොවේද ?
    ඒ අනුව අපි සැමගේ ආදරණීය සංගා යනු ලෝ ප‍්‍රකට චරිතයක් පමණක් නොව මහ බරක් ඇති චරිතයකි. සංගා ඔබට දළඳා සමිඳු පිහිටයි !!! සැමදා යෙහෙන් වැජඹේවා !!!

    - වරුණ චින්තක වගවත්ත -
    (උපුටා ගැනීම් : Cricinfo/Wikipedia/Sangakkaraweb)‍‍


    11905789_10153059533602546_9035120138754618603_n.jpg




    Kumar-Sangakkara-Sri-Lanka-2013_2911247.jpg



    සංගාගෙ පින්තූරයක් අපේ කුමාර සහෝ
    ඇදලා එවලා තියෙනවා

    මහත්තයෙක් වගේ මහත්වරුන්ගෙ ක්‍රිඩාවෙ නියැලුනු මම වගේම කුමාරයෙක්...
    මෙන්න මගෙන් උපහාරයක්.... සංගව වෙක්ටර් කරා... පුලුවන්නන් මේක ෆර්ස්ට් පේජ් එකේ දාපන් මම වෙනුවෙන්..
    14sjn04.jpg

     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පොර කකා බලයේ රැදි ඉන්න ට්‍රයි කරන අය දැක්කම
    මෙ වගේ වීරයෙක් සමුගන්න එක ගැන ඇත්තටම දුකයි:(
    +10
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පොර කකා බලයේ රැදි ඉන්න ට්‍රයි කරන අය දැක්කම
    මෙ වගේ වීරයෙක් සමුගන්න එක ගැන ඇත්තටම දුකයි:(
    +10
    :sorry: ඒක නං ඇත්ත මචං.. 28+
    සංගා මේ මැච් එකේවත් 200 ගැහුවොත් නියමයි නේද :)
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    පට්ට දුකයි බං :( මේ මැච් එක දිනලා සංගාට කප් එකත් අරන් යන්න දුන්නා නං වටිනවා :) මේ වගේ වීරයෝ තව තවත් ලංකාවේ ක්‍රිකට් වලට ලැබේවා !! ++
     
    • Like
    Reactions: Dinushasankalpa

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,473
    113
    වයබ පාලාතේ
    අලි ඔලුවෙන් ජිවත් වෙන්නෙ නැති මිනිහෙක්
    මගදි දැකලා හිනාවෙලා කතා කරන ක්‍රිකට් ක්‍රිඩකයෙක්

    :):)
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :sorry: ඒක නං ඇත්ත මචං.. 28+
    සංගා මේ මැච් එකේවත් 200 ගැහුවොත් නියමයි නේද :)
    ඔව් බන් එහෙම උනොත් නම් ලොකු දෙයක්......:)
    ඊට වඩා දුකයි බන් මට මැච් එක බලන්න වෙන්නෙත් නැ:(:(:(
     

    K M J

    Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    පට්ට දුකයි බං :( මේ මැච් එක දිනලා සංගාට කප් එකත් අරන් යන්න දුන්නා නං වටිනවා :) මේ වගේ වීරයෝ තව තවත් ලංකාවේ ක්‍රිකට් වලට ලැබේවා !! ++

    :yes::yes::yes::yes::yes::yes:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පොර කකා බලයේ රැදි ඉන්න ට්‍රයි කරන අය දැක්කම
    මෙ වගේ වීරයෙක් සමුගන්න එක ගැන ඇත්තටම දුකයි:(
    +10

    :(:(:(:(:(:(:(:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මහත්තයෙක් වගේ මහත්වරුන්ගෙ ක්‍රිඩාවෙ නියැලුනු මම වගේම කුමාරයෙක්...
    මෙන්න මගෙන් උපහාරයක්.... සංගව වෙක්ටර් කරා... පුලුවන්නන් මේක ෆර්ස්ට් පේජ් එකේ දාපන් මම වෙනුවෙන්..
    14sjn04.jpg
     
    • Like
    Reactions: Rangau2