Navitel_එක්ක_අලුත්ම_Offline_මැප්එක_මෙන්න

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Navitel_එක්ක_අලුත්ම_2015_Offline_මැප්එක_මෙන්න

    ඔන්න කාලයක් හොය හොය හිටපු navitel එක්ක ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එකකට පාවිච්චි කරන්න පුළුවන් අලුත්ම මැප් එක හම්බ වුණා

    මීට කලින් මම ත්‍රෙඩ්ඩ් එකක් දැම්මා
    Navitel 9.5.30 එක්ක SalaPro ලංකාවේ මැප් එක පාවිච්චි කරමු කියලා.

    ඒත් ඒ කිව්ව විදිහට Navitel 9.5.3 එක්ක ඒ මැප් එක පාවිච්චි කරන්න පුළුවන් වුනේ ඇන්ඩ්‍රොයිඩ් 4.4.1 හෝ ඊට ට වඩා අඩු වර්ෂන් වලට විතරයි.
    Kitkat වලට ඔය මැප් එක වැඩ කලේ නෑ.

    ඊට වඩා වැඩි වර්ෂන් වලට nm7 මැප් එකක් හොය හොය හිටියා
    එහෙම එකක් ඉල්ලලා මෙහෙම ත්‍රෙඩ් එකකුත් දැම්මා
    ලංකාවේ nm7 මැප් එකක් හොයාගන්න නැද්ද? කියලා.

    අන්තිමට malith789 ඒ ත්‍රෙඩ් එකට කමෙන්ට් එකක් දාලා තිබ්බා වෙතත් ෆෝරම් එකක ලින්ක් එකක් එක්ක.

    ඒ මැප් එක යස අගේට ලෝඩ් වෙනවා ඇන්ඩ්‍රොයිඩ් ඕනෑම වර්ෂන් එකකට

    මේක 2015-08-25 ආව අලුත් මැප් එකක්.

    කලින් Navitel වලට වැඩ කරපු මැප් වල වගේ නෙවෙයි මේකේ District Boarders පවා මේ අලුත් මැප් එකේ පෙන්නනවා

    ඕෆ් ලයින් මැප් පාවිච්චි කරන්න පුළුවන් GeoNET, Mapfactor වගේ Navigation ඇප් තිබුනත් මට ඒවා එකක් වත් Navitel තරම් ඇල්ලුවේ නෑ.
    ඒවා User friendly නෑ වගේ දැනුන නිසා.

    අලුත්ම වර්ෂන් එක Navitel 9.5.30 මෙන්න
    මෙන්න අලුත්ම ලංකාවේ මැප් එක මෙන්න

    App එක ඉන්ස්ටෝල් කරලා ඕපන් කරගන ඉස්සරහට යද්දී message එකක් එයි මැප් එක නෑ කියලා.
    ඊට පස්සේ ඇප් එක exit කරලා මේ \sdcard\NavitelContent \Maps ෆෝල්ඩර් එක ඇතුලට ඩවුන්ලෝඩ් කරපු LK-FULL.nm2 ෆයිල් එක දාන්න

    ඔය දෙක දාගන්න හැටි අලුතෙන්ම කෙනෙක්ට ඕනේ නම් මෙතනින් බලාගන්න


    eykA5cv.png


    විශේෂ ස්තූතිය : මේ මැප් එක හදපු Sri Lanka OSM ඇඩ්මින් සහෝදරයාට

    --------------පසුව ලියමි----------------------

    Navitel හැර පාවිච්චි කරන්න පුළුවන් අනිත් Navigation සොෆ්ට්වෙයාර් වලට හරියන ලංකාවේ offline මැප් මෙන්න

    1) Geonet
    www.dropbox.com/s/eoab3u2caswhru8/LK-FULL.cgnet

    2) Navitel (Android ඕනෑම වර්ෂන් එකක් සඳහා)
    www.dropbox.com/s/3rnhtlu1mfw2u7p/navitel.zip

    3) 7ways
    www.dropbox.com/s/ta85jpfjz5e8h3q/LK-FULL.7w

    4) Garmin
    www.dropbox.com/s/dr60a4xet6wci26/garmin-20150826.zip
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    අලුත් මැප් එක දාලා destination එකක් සෙට් කලාම ඉද්ද ගැහුවා වගේ පාර පෙන්නන එක හදාගන්න උදව් කරපන්කෝ කවුරු හරි.
    මේ වම් පැත්තෙ වගේ Route on Roads දැම්මත් ඉද්ද ගැහුවා වගේනේ පෙන්නන්නේ

    කලින් මැප් එකේ මෙහෙම වුනේ නෑ යස අගේට පාර පෙන්නුවා
    මේක අලුත් මැප් එකේ අවුලක් වෙන්න පුළුවන්ද?


    WTWf07p.png


    පරණ මැප් එක දාපුවම එහෙම නෑ.
    ලස්සනට පාර දිගේම රූට් එක පෙන්න්නවා මේ වගේ


    0UosIXA.png
     
    Last edited:

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මේකෙ කියල තියෙන විදියට කළා but මෙහෙම එනව මොකෝ මේ ?? :confused:
    Screenshot_2015_08_29_16_45_53.png
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මේකෙ කියල තියෙන විදියට කළා but මෙහෙම එනව මොකෝ මේ ?? :confused:
    MMkwRWR.png

    ඔය North කියන එකට උඩි තියන 2000Km කියන එක 200m වගේ වෙන්න zoom කරපන් ඇඟිලි දෙකෙන් දෙපැත්තට ඇදලා.
    නැත්නම් ඔය + ලකුන ඔබාගබ හිටපන්
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    අලුත් මැප් එක දාලා destination එකක් සෙට් කලාම ඉද්ද ගැහුවා වගේ පාර පෙන්නන එක හදාගන්න උදව් කරපන්කෝ කවුරු හරි.
    මේ වම් පැත්තෙ වගේ Route on Roads දැම්මත් ඉද්ද ගැහුවා වගේනේ පෙන්නන්නේ

    කලින් මැප් එකේ මෙහෙම වුනේ නෑ යස අගේට පාර පෙන්නුවා
    මේක අලුත් මැප් එකේ අවුලක් වෙන්න පුළුවන්ද?


    WTWf07p.png

    lede hada gattada?
     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    ඔය North කියන එකට උඩි තියන 2000Km කියන එක 200m වගේ වෙන්න zoom කරපන් ඇඟිලි දෙකෙන් දෙපැත්තට ඇදලා.
    නැත්නම් ඔය + ලකුන ඔබාගබ හිටපන්
    එබුවට වැඩක් නැත :no: zoom වෙලා සුදු පාටට පේනව ඔයවගේ එච්චරයි :oo:
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    එබුවට වැඩක් නැත :no: zoom වෙලා සුදු පාටට පේනව ඔයවගේ එච්චරයි :oo:

    මැප් ෆයිල් එක දාලා ඕපන් කරද්දී Indexing map කියලා වැටිලා කොල පාටට පිරීගන ගියාද?
    ගියේ නැත්නම් මැප් එක ලෝඩ් වෙන්නේ නෑ. ආපහු මුල ඉඳන් දාලා කියපන්කෝ....