⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මාවන්ගේ පුරප්පාඩුවට තුන්කොන් සටනක්

    මාවන් අතපත්තුගෙන් පුරප්පාඩු වූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරය සඳහා තුන් දෙනෙකු කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා. එ් චන්දික හතුරුසිංහ, ග‍්‍රෑම් ෆෝර්ඞ් සහ ජෙෆ් මාර්ෂ්.
    චන්දික හතුරුසිංහ මේ වන විට බංග්ලාදේශ කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනවා. ඔහුගේ සේවා කාලය තුළ බංග්ලාදේශ කි‍්‍රකට් කණ්ඩායම කැපී පෙනෙන සංවර්ධනයක් පෙන්නුම් කළ බවයි විචාරකයන් පවසන්නේ. එක්දින කි‍්‍රකට් තරගාවලින් හිදි දකුණු අපි‍්‍රකාව, පාකිස්තානය සහ ඉන්දියාව පරාජය කිරීම ඊට උදාහරණයන් වනවා.

    චන්දික හතුරුසිංහ 2009 වසරේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙසද කටයුතු කළා. ඔහු මීට පෙර වසර 3ක් ශී‍්‍ර ලංකා එ් කි‍්‍රකට් කණ්ඩායමේද පුහුණුකරු ලෙසද කටයුතු කළ අයෙක්.

    ග‍්‍රැහැම් ෆෝර්ඞ් සහ ජෙෆ් මාර්ෂ් ද මීට පෙර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම සමග කටයුතු කර තිබෙනවා. දකුණු අපි‍්‍රකානුවෙකු වන ග‍්‍රැහැම් ෆෝර්ඞ් 2012 සිට 2014 දක්වා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරුවායි.

    ඔස්ටේ‍්‍රලියානු ජාතිකයෙකු වන ජෙෆ් මාර්ෂ් 2011 වසරේ සැප්තැම්බර් සිට මාස 4ක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා

    11921892_979031152155667_1064536895375701826_o.jpg


    මේ තුනෙන් නම් ෆොර්ඩ් තමයි එකම විකල්පය.
    හතුරුසින්හ මේ වගේ වෙලාවකට හොද කෝච් කෙනෙක්වුනත් ලන්කාවේ කෝච් කෙනෙකුට ටිම් එක හරියට පාලනය කරන්න අමාරු වෙයි.ඒ වගේම හතුරුසිහගේ අනාගතයටත් වඩා හොදයි බන්ගලාදේශ්වල දිගටම ඉන්න එක.
    මාෂ් ආපහු ගෙන්වන්න්න නම් මාෂ්ටයි ලන්කාවෙ ක්‍රිකට් බෝඩ් එකටට්යි දෙකටම ලැජ්ජාවක් නැතිවෙන්න ඕනේ
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    ඉන්දීය ක්‍රීඩක ඉෂාන්ත් ශර්මා සහ ධම්මික ප්‍රසාද් අතර ඇතිවූ ආරවුල ඔබට මතක ඇති.



    ඉන්දීය තරගයේ අවසන් කඩුල්ල දැවී යාමෙන් පසුව ශර්මා ක්‍රීඩාගාරයට ඉක්මනින් දිව ගිය අතර ධම්මික ප්‍රසාද්ද ඒ සමග පසුපසින් දිවගිය අයුරු කාගේත් නිරීක්ෂණයට ලක්වුණා.



    ධම්මික ප්‍රසාද් ඉෂාන්ත් ශර්මාට ගහන්නද ගියේ?..ඇතැමුන් අතර ඒ ප්‍රශ්නය කතා බහට ලක්වුණා.



    මේ පිළිබඳව මාධ්‍ය ධම්මික ප්‍රසාද්ගෙන් ප්‍රශ්න කළ අතර ඔහු ලබාදුන් පිළිතුරු පහත දැක්වෙනවා.





    ඉෂාන්ත් ශර්මා එක්ක තියෙන අවුල මොකක්ද...?


    මුකුත් නෑ. මම කිසිම දෙයක් පටන් ගත්තෙ නෑ. පන්දුවක් මගේ අතේ වැදුණ. ඒක ක්‍රිකට්වල ස්වභාවය. නමුත් ඔහු හිතාමතාම මගේ ඇඟේ වද්දන්න තමයි පන්දු යැව්වෙ. ලෝක කුසලානයේදී මගේ සැත්කම කරපු ඇඟිල්ලට තමයි පන්දුව වැදුණෙ. ආයි දෙවැනි පාර බැට් කරන්න ගියාම ඔහු මට තවත් කෙටි පන්දු කිහිපයක් දැම්ම. මම ඒ වෙලාවෙ වේදනාවත් එක්ක තමයි බැට් කළේ. ඉතින් ඉන්දියාව එහෙම ආක්‍රමණශීලීව ක්‍රීඩා කරද්දි අපිත් එහෙම ප්‍රතිචාර දක්වන්න ඕන. හැබැයි නිතරම කුමාර් අයියත් කියන ආකාරයට පාලනයක් ඇතිව. ඒ නිසා මාත් ශර්මට බවුන්සර් කිහිපයක් දැම්ම.





    ශර්මා පිට්ටනිය මැදදි මොනවද කිව්වේ?


    ශර්මා ටිකක් නොහොබිනා විදියට මට යම් යම් දේ කිව්ව. මම කවදාවත් ක්‍රීඩකයෝ එක්ක ප්‍රශ්න ඇති කරගෙන නෑ. ඉතින් මට මේක නුපුරුදු දෙයක්. මම කැමැති නෑ වෙනත් ක්‍රීඩකයෙක් මට එහෙම කරනවට. ඒත් ශර්ම මගේ ඉවසීමේ සීමාව ඉක්මවල යන දේවල් කිව්වත් මම ඉවසන් හිටිය. ඔවුන් ක්‍රීඩා කළේ පොඩි ළමයි වගේ. මම ඇත්තටම අනුමත කරන්නෙ නෑ ඔවුන් හැසිරුණු විලාසය.





    ඔබ ඉන්දීය අවසන් කඩුල්ල දවාගත්තට පස්සේ, ශර්ම ක්‍රීඩාගාරයට ඉක්මනින් දිව යනව ඉක්මනින් ලෑස්තිවී නැවත පන්දු රකින්න එන්න. ඔබත් අපි දුටුව ශර්මගේ පස්සෙන් දුවනව. ඇත්තටම පස්සෙන් එළෙව්වෙ ගහන්නද?


    ඇත්තටම නෑ. ලාංකිකයො විදියට අපි කවදාවත් පළිගන්නෙ නෑ. ඇත්තටම ඒ වෙලාවේ වුණේ ඔහුත් දුවනව මාත් දුවනව වගේ වැඩක්. ගහන්න නෙවෙයි ගියේ. ඒත් පස්සෙ ගොඩාක් අය මගෙන් කතා කරල ඇහුව අරයට ගැහුවද කියල. ඇත්තටම එහෙම කරන්න අපිට පුරුදු නෑ. ගෙදර ආවම අම්මත් මට ‍දොස් කිව්ව ඇයි එහෙම හැසිරුණේ කියල.


    මේ සිද්ධියට චන්දිමාල්, මම, තිරිමාන්න අහුවුණාට ඔවුන් අපේ ගොඩාක් අයට පොඩි පොඩි හිරිහැර කරල තිබුණ. ඉතින් ඕක අපිත් ඔළුවෙ තියාගෙන තිබුණෙ. ටික ටික තිබිල අන්තිමට ගිනි කන්දක් වගේ පිපිරුණා.

    http://offair.nethfm.com/article/25710
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    gillespie looks pretty good. specially with his eng, aus experience. some other names are langer, mahela (don't think he will even consider it at this point of time), gilchrist.
    mahela won't be a good coach too soon. he needs a break and exposure in somewhere else as a coach before he can comeback when new faces are there:) yeah gillipse would be good but chances are pretty limited yet we should give it a go to see can we get him.:)
    agree, marsh wouldn't be a good choice :dull:

    but I am god damn sure Gillespie wouldn't even consider a SL coaching role :rolleyes: and Greg Blewett is on a 3 year contract with Aus :rolleyes: Ford is the only option as far as I can :yes::)
    hmm yeah financially it wont be too attractive to him but if he wants to make a name as a national team coach he might consider:) greig bluwett yeah i think aussies might release him:)
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    thawa kawda inne coaching job ekata approach krna pluwan kattiya danna :)

    not only for head coach but also for batting n fielding:nerd:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ජෙෆ් මාෂ්, ග්‍රැහැම් ෆෝඩ්, චන්දික හතුරුසිංහ
    මේ තුන් දෙනාගේ අතරෙන් තමයිලු කෝච් තෝරන්නේ...
    ග්‍රැහැම් ෆෝඩ් එනවනම් තමයි මම කැමති...

    ග්‍රැහැම් ෆෝඩ් kiyana eka needa kalin apita polla thiyala engalantheta giye
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    එකෙක් නෙවෙයි හතරක් ගත්තනම් හරි.
    1/මයිකල් බෙවන් බැටින් වලට කෝච්
    2.ජොන්ටි රෝඩ්ස්- ෆීල්ඩින් කෝච්
    3ජෙසන් ගිලෙස්පි-ෆාස්ට් බෝලින් කෝච්
    4.ශේන් වෝන්- ස්පිනර් කෝච්


    තව චන්දික හතුරු සිංහ මාස්ටර් කෝච් කරමු
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    එකෙක් නෙවෙයි හතරක් ගත්තනම් හරි.
    1/මයිකල් බෙවන් බැටින් වලට කෝච්
    2.ජොන්ටි රෝඩ්ස්- ෆීල්ඩින් කෝච්
    3ජෙසන් ගිලෙස්පි-ෆාස්ට් බෝලින් කෝච්
    4.ශේන් වෝන්- ස්පිනර් කෝච්


    තව චන්දික හතුරු සිංහ මාස්ටර් කෝච් කරමු

    lol_vladimir_putin.gif