--iPhone එක වටේ

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කුහුඹුවන් iPhone එක වටේ මේ විදියට ගමන් කරන්නේ ඇයි කියලා දන්නවද?

    n8YiKaK.jpg


    මේ වීඩියෝවෙන් දැක්වෙන්නේ iPhone දුරකතනයට ඇමතුමක් ලැබෙන විට කුහුඹුවන් එය වටා යම් පිළිවෙලකට ගමන් කරන ආකාරයයි. මේ හරහා සාමාන්‍ය YouTube ප්‍රේක්ෂකයන් පමණක් නොව ප්‍රවීණයන් පවා ව්‍යාකූල වී ඇති බවයි වාර්තා වන්නේ. මෙන්න ඒ වීඩියෝව



    සැප්තැම්බර් 9 පැවැත්වීමට නියමිත iPhone launch event එකට පෙර Apple සමාගම සැකසු වෙළඳ දැන්වීමක් නම් නෙමෙයි මේ. මේ වීඩියෝව පල කරලා තිබෙන්නේ Viral Video Lab කියන YouTube channel එක මගිනුයි. බොහෝ දෙනා අනුමාන කරන්නේ විද්‍යුත් චුම්බක තරංග මගින් මේ කුඩා කෘමියන්ගේ මනසට බලපෑමක් සිදු කරන බවයි. කුහුඹුවන් වැනි තවත් සතුන් කිහිපදෙනෙක් සහ කුරුළු විශේෂ චුම්බක බලය යොදා ගෙන තමාව හසුරුවා ගන්නා බව නම් කවුරුත් දන්නා දෙයක් නේ. නමුත් මේ වීඩියෝවෙහි එලෙස චලන සකස් කර ගැනීම තරමක් වේගවත්. තවත් අයගේ මතය වන්නේ, කුහුඹුවන්ගේ පුරුද්දක් වන එකිනෙකා පසුපස ගමන් කිරීම හරහා මේ දෙය සිදු වන බව. කෙසේවෙතත් මේ වක්‍රාකාර චලනය තවමත් පිළිතුරු නැති ගැටළුවක්. වීඩියෝ එක බලල තමන්ගේ අදහසත් දාගෙනම යන්න




    අන්තර්ජාලය ඇසුරෙනි..