Jaffna යනවනම්...

weechami

Active member
  • Apr 6, 2008
    164
    82
    28
    Jaffna යනවනම්........
    Jaffna Trip එකක් යනන් ඉන්නවනම් ඔයාලට උදව් වෙයි කියල හිතලයි දැම්මේ.
    මුලින්ම කියන්න ඕනෙ අපි ගියේ අපේම වාහනයක ALTO එකක සම්පූර්න දුර 1200 km තෙල් ගියා රු 8,700.00 ක ට්‍රිප් එක දවස් 3ක්.
    තව දෙයක් දෙමළ කතා කරන්න පුලුවන් නම් හොදයි නැත්නම් Google navigation තියන Smart phone එකක් අරගෙන යන්න නැත්නම් Sorry ම තමා (මොකද පාරවල් ඇහුවට උන්ට තේරෙන්නෙත් නෑ කිව්වට අපිට තේරෙන්නෙත් නෑ.)

    මුලින්ම අපි බ්‍රහස්පතින්දා හවස 5.30 ට විතර කොළඹින් අනුරාධපුරේට ගියා. රෑ අනුරාධපුරේ ඉදල සිකුරාදා උදේම ගමන පටන් ගත්ත
    root.png


    A9 පාරේ මුලින්ම හම්බවෙන්නෙ ඉසින්බැස්සගල රුවන්ගිරි රජමහා විහාරය
    ඉසින්බැස්සගල කියන්නෙ ඍදිවරුන් බැස්ස ස්ථානය කියන එකට කියල කියනව. කොහම උනත් ලස්සන පන්සලක්, මෙතනට යනවනම් උදේම යන්න අව්ව වෙලාවට අමාරු වේවි.

    iss1.jpg

    iss2.jpg

    iss3.jpg

    iss4.jpg

    iss5.jpg

    iss6.jpg

    iss7.jpg

    iss8.jpg


    ඊට පස්සෙ දෙයියනේ කියලා 150 ට විතර පාගල 90 km විතර ආවට පස්සෙ
    කොකාවිල් ටවර් එක තියනව එතන අයිය කෙනෙක් ඉදන් A – Z සිද්දිය විස්තරයක් දෙනව

    kk1.jpg

    kk2.jpg

    kk3.jpg

    kk4.jpg


    එතනින් පස්සෙ තිරුමුරුක්කන්ඩි ගණ දෙවි කොවිල මෙතන හාස්කම් තියන තැනක් කියල මෙයාල විස්වාස කරනව
    tm1.jpg

    tm2.jpg


    ඊට පස්සෙ ඉරනමඩු හන්දිය සහ Iranmadu Welfare Shop මෙතන කෑම හොදයි

    im1.jpg

    im2.jpg


    ඊට පස්සෙ කිලිනොච්චි නගරය

    kn1.jpg

    මේ තමයි රණවිරු සැමරුම
    kn2.jpg

    kn3.jpg

    kn4.jpg


    මෙම රණවිරු සැමරුමෙහි ඝනකාභය මගින් කොටිත්‍රස්ථවාදය හා එය දෙදෙරවන වෙඩිඋණ්ඩය මගින් හමුදා බලය ද එම මානුෂීය මෙහෙයුමේ අනුහසින් පැනනැගෙන සාමයේ පියුමෙන්ද නිදහසේ අභිමානය විහිදුවාලමින් ඉහල අහසේ ලෙලදෙන ජාතික ධජයෙන් සමන්විත වෙයි

    kn5.jpg

    kn6.jpg

    kn7.jpg


    2009 ජනවාරි පුපුරවාහරින ලද ජල ටැංකිය



    ඊට පස්සෙ තව 15 km විතර ආවම අලිමංකඩ හසලක ගාමිණී රණවිරු ස්මාරක තියනව


    am1.jpg

    am2.jpg

    am3.jpg

    am4.jpg

    am5.jpg

    am6.jpg

    am7.jpg

    am8.jpg

    am9.jpg

    am10.jpg

    am11.jpg

    am12.jpg


    ඊට පස්සෙ තමයි යාපනේට අඩිය තිව්වේ

    කොහමින් කොහම හරි යාපනේට යනකොට වෙලාව 12.00 ට විතර ඇති නවතින තැනට ගිහිල්ල පොඩි රෙස්ට් එකක් දාලා ආපහු හවස 3.00 ට විතර තමයි එලියට බැස්සෙ

    කෙලින්ම ගියේ නිලාවෙරී පතුල නැති ලිද බලන්න

    bl1.jpg

    bl2.jpg

    bl3.jpg

    ඒක බලාගෙන පේදුරතුඩුව පැත්තට ගියා


    pp1.jpg

    pp2.jpg


    ඒ පැත්තෙ රවුම දාගෙන ආපහු කංකසන්තුරේට ගිහිල්ලා සිමෙන්ති ෆැක්ට්‍රි එක පාරෙ ඉදල බලල කීරිමලේ නගුලෙස්වරම් කෝවිලට ගියා.


    km1.jpg

    km2.jpg


    එතනම තියනව සිරාප්පර් අම්බලම

    km3.jpg

    km4.jpg

    km5.jpg

    km6.jpg


    තව අඩි 2ක් ගියපු ගමන් තියනව කීරිමලේ පොකුණ මේකෙ කාන්තා හා පිරිමි පොකුනු දෙක වෙනවෙනම තමයි තියෙන්නෙ


    km8.jpg

    km9.jpg

    km10.jpg


    කීරිමලේ පොකුණ පහුකරල ඒ පාරෙ කෙලින්ම එන්න පුලුවන් දඹකොළ පටුන

    dp1.jpg

    dp2.jpg

    dp3.jpg

    dp4.jpg

    dp5.jpg

    dp6.jpg

    dp7.jpg

    dp8.jpg

    dp9.jpg



    දඹකොළ පටුන පහුකරල අපි කෙලින්ම ගියේ කරෙයිනගර් වල තියන කැෂුරිනා බීච්(Casuarina Beach) එකට අපේ වෙලාව නම් හොද වුනේ නෑ මොකද අපි එතනට යනකොට වෙලාව හවස 6.30 එතන හවස 6 න් පස්සෙ ඉන්න දෙන්නෙ නෑ මොකද ගමේ මිනිස්සු වාහන වලට ගහනවලු
    cb0.jpg

    cb1.jpg

    cb2.jpg

    cb3.jpg


    මොනව කරන්න ද ඉතින් අපි ආපහු ආව
    යාපනයේ පලවෙනි දවස ඉවරයි දෙවෙනි දවසේ ටික ඊලගට :D:D:D:D ......





     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    මාර වටිනව මචන් මේ ත්‍රෙඩ් එක.ගොඩක් මහන්සි වෙලා දාල තියෙනව.
    අපිත් මේ මාසේ යන්න ඉන්නෙ
     

    weechami

    Active member
  • Apr 6, 2008
    164
    82
    28
    mama yanakota muktuth hadala thibbe na 5 days trip ekak 2010-3-14 venida

    good post bro

    බෙදා ගත්තට ස්තුතියි මචං




    bump macho..eelaga dawase tikath daapan :) tfs rep+

    මාර වටිනව මචන් මේ ත්‍රෙඩ් එක.ගොඩක් මහන්සි වෙලා දාල තියෙනව.
    අපිත් මේ මාසේ යන්න ඉන්නෙ



    bump

    patta machan



    කට්ටියටම තෑන්ක්ස් ඔයාලගේ අදහස් වලට මේක මගේ පලවෙනි පොස්ට් එක......
     
    • Like
    Reactions: tas

    weechami

    Active member
  • Apr 6, 2008
    164
    82
    28
    Patta machan. Machan kisi awuak nadda bun Yapane gihin enna. Samaharu eka eka kath kiyanawane. Army eken innawada?

    කිසි අවුලක් නෑ බං එහෙම, හැබැයි ෆෝසස් කවුරුහරි අදුනනවනම් chances තියනව.
    මොකද NAVY එකේ කවුරුහරි ඉන්නවනම් නාගදීපෙට යන්න වෙනම boat service එකක් තියනව. ඒ විස්තර මම ඊලග එකේ දානව මචන්....
     
    • Like
    Reactions: dilshan87

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අපි අඳුරන අයිය කෙනෙක් මේ ලඟදි ගිහින් බැන බැන ආව කිලෝ මීටර 1000 ගාණක් තනියම පාර දිගේ වෑන් එක එලෙව්ව එක විතරයි, බලන්න මෙලෝ දෙයක් තිබුණේ නෑ කියල...:lol:
    වෙලාවක මේ ත්‍රෙඩ් එක පෙන්නන්න ඕනේ....
    :P