කිඹුලා මුහුදෙන් බම්බලපිටියට එයි!

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,843
    9,578
    113
    කිඹුලා මුහුදෙන් බම්බලපිටියට එයි!

    සතියක පමණ කාලයක සිට දෙහිවල ප‍්‍රදේශය ආශ‍්‍රිත මුහුදේ සිටි කිඹුලා මේ වන විට බම්බලපිටිය වෙරළ ආසන්නයට පැමිණ තිබෙනවා.

    එය නැරඹීමට විශාල පිරිසක් ද බම්බලපිටිය වෙරළ ආශ‍්‍රිත ප‍්‍රදේශයේ රැඳී සිටිනු නිරීක්ෂණය වුණා. මේ හේතුවෙන් බම්බලපිටිය මුහුදු මාර්ගයේ තරමක රථ වාහන තදබදයක් ද පවතිනවා.

    අඩි 17ක් පමණ දිගැති මෙම දැවැන්ත කිඹුලා අල්ලා ගැනීමට ඊයේ දෙහිවල ප‍්‍රදේශයේ ධීවරයින් උත්සහ ගත්ත ද එය සාර්ථක වූයේ නැහැ.

    මේ හේතුවෙන් එම ප‍්‍රදේශයේ ධීවරයින් ධීවර කටයුතු සඳහා මුහුදු යාමට ද බියෙන් පසුවුණා. මේ වන විට මෙම කිඹුලා බම්බලපිටිය වෙරළ ආශ‍්‍රිතව සිටින බව නෙත් නිවුස් මගින් වනජීවී දෙපාර්තමේන්තුව හා සෙසු බලධාරීන් දැනුවත් කිරීමට ද කටයුතු කළා.


    IMG_20150922_141811.png


    20150922_141809.png




     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,843
    9,578
    113
    ado mu kohe idan apu ekekda ban??

    අනේ මන්ද බන්..මිනිස්සු බයේ හිටියට ඌට යන එනමං නැතුව ඉන්නේ.ඇයි මුහුදු රැල්ල ඇගේ වදින නිසා යන්න අමාරුයිනේ..
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    පව් බන් අල්ලල සාමාන්‍ය වතුර තියෙන දිහාකට දාන්න බැරි වුනොත් මැරෙයි..... කිඹුලන්ට කරදියේ ඉන්න බෑ මම දන්න තරමින් නම්..:sorry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කව්ද දන්නේ මේ ඒ එදා දෙහිවල හිටපු එකාමද කියල...
    කිඹුලො සෙට් එකක් මුහුදට බැහැලද දන්නේ නැහැ වෙනම ගේමකට.....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කව්ද දන්නේ මේ ඒ එදා දෙහිවල හිටපු එකාමද කියල...
    කිඹුලො සෙට් එකක් මුහුදට බැහැලද දන්නේ නැහැ වෙනම ගේමකට.....

    :eek: