අපිත් ගියානේ පේන්ට් බෝල්...

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,913
    5,492
    113
    අපිත් ගියානේ පේන්ට් බෝල්...

    අද උදේ මම දැම්මා අපි හැමිල්ටන් ඇල දිගේ ගිය විස්තරේ... මම සෑහෙන කාලෙක ඉඳලා ආසාවෙන් හිටපු දෙයක් තමයි පේන්ට් බෝල්. ඒකෙ තියන ආශ්වාදය දන්නෙ ගියපු උන්ම තමයි. මේ පෝස්ට් එක අපි ගියපු පේන්ට් බෝල් යුද්ධයක් ගැන. පෙර පරිදිම බ්ලොග් එකේ තමයි මුලින්ම පල උනේ මේක.....


    ටික කාලෙකට කලින්, හරියටම කියනවා නම් සැප්තැම්බරයේ අග හරියේ අපි යුධ වැදුනා. හැබැයි යුධ වැදුන කට්ටිය යහතින් ආපහුත් ආවා. කාලෙකින් රවුමක් නොගහපු එකේ යන්න තැනක් ගැන කල්පනා කර කර ඉද්දි යමු අඩවියේ ලිපියකින් අපිට හම්බුනා හොඳ ඔත්තුවක්. ඒ හංවැල්ලේ තියෙන පේන්ට් බෝල් අංගනයක් ගැන. තීර්ථ යාත්‍රිකයාට හොඳටම අවශ්‍යවෙලා තිබුනේ පේන්ට් බෝල් ක්‍රීඩා කරන්න ඒ කාලෙ වෙනකොට, ඒ හින්දා මේ ආපු ඔත්තුව නිකං සුරලොවින් ආපු පණිවිඩයක් වගේ උනා :D . එතන නම Hustler's Paint Ball, තියෙන්නේ හංවැල්ලේ ටිකක් ඇතුලට කැළණි ගඟ අයිනට වෙන්න.

    පැත්තකින් කැළණි ගඟට මායිම් වෙච්චි මෙතන හරියට විමුක්තිකාමී ගරිල්ලන්ගේ කඳවුරක් වගේ. අක්කර 16 ක වපසරියකුත් ඒ වගේම කැලෑබද ගතියත් නිසා අපිට තේරුනා මෙතන පේන්ට් බෝල් වලට කදිම තැනක් කියලා පළමු බැල්මෙන්ම.


    හිමිකරුගෙ නම ෂේන්, ඔහු හොඳ ශක්තිමත් මාංශපේෂීන්ගෙන් යුක්ත හැඩිදැඩි පෙනුමක් තියෙන කෙනෙක්. ඔහු ඇමරිකානු හාමුදාවේ කාලයක් සේවය කරපු බවයි අපිත් එක්ක කිව්වේ. එතන පොඩි පොඩි ගොඩනැඟිලි කීපයක් ඒ එක්කම අනාගතයේ විලාස් බවට පත්වීමට නියමිත ගොඩනැඟිලි දෙකකුත් තිබෙනවා. ඒවායේ අභ්‍යන්තර ඉදිකිරීම් කටයුතු තාම අවසන් නැහැ. තරඟයට ඉන්න ප්‍රමාණය අනුව තෝරාගන්න පුලුවන් විවිද ප්‍රමාණයේ අංගන කීපයක්ම මේ අක්කර 16ක භූමි ප්‍රමාණයේ තියෙනවා. ඒ අංගන වල වැලි කොට්ට, බංකර් වගේ දේවල් හදලා යුද වදින්න සුදුසු පරිසරයක් නිර්මාණය කරලා තියෙනවා.
    අපේ හිටියෙ කුඩා කණ්ඩායමක් නිසා අපි තෝරාගත්තේ කුඩා අංගනයක් සමඟ Last Man Standing ක්‍රීඩාව. ඒ කියන්නේ එක කණ්ඩායමක අන්තිම කෙනාටත් වෙඩි වදිනකල් සටන යනවා.සාමාන්‍යයෙන් එක ක්‍රීඩාවක් මිනිත්තු දහයක් වගේ තමයි තිබෙන්නේ. ෂේන් අපිට කැමෝ ඇඳම් ලබාදුන්නා. ඒ එක්කම එක්කෙනකුට තුවක්කුවක් ,උණ්ඩ 100 ඒ වගේම මුහුණ ආවරණය කරගැනීමට වෙස්මුහුණ බැගිනුත්.ආරම්භ කිරීමට කලින් ෂේන් මූලික අවබෝධයක් ලබාදෙනවා. ක්‍රීඩාව කරන ආකාරය, උපක්‍රමශීලීවන හැටි, පරිසරයේ තිබෙන ස්වාභාවික පිහිටීම් සහ ඉදිකරීම් තම වාසියට යොදාගන්නා ආකාරය වගේ දේවල් ගැන.ඒ එක්කම ඔහු තදින් අවවාද කරනවා තරඟය අතරතුරේදී මොනම හේතුවක් නිසාවෙන්මත් මුහුණ ආවරණය ඉවත් නොකරන ලෙසට. තරඟය ෂේන් සහ තවත් අයෙක් විසින් විනිශ්වය කරනවා. ඒ නිසා ක්‍රීඩාවේ නීතිවලට පිටින් කාටවත් යන්න බැහැ. කෙනෙක් නීතියක් කඩ කලොත් ඔහුව ඉවත්කරලා දානවා ක්‍රීඩාවෙන්.


    පේන්ට් බෝල් ක්‍රීඩාවේදී භාවිතාකරන තුවක්කුව සම්පීඩනය කරපු වායුවර්ගයක් පුරවපු එකක්. භාවිතා කරන උණ්ඩය ජෙලටීන්වලින් සාදපු ජිල් බෝලයක් විතර ගෝලයක්. මේ බෝලය පෘෂ්ඨයක හයියෙන් වැදුනාම පුපුරලා තීන්ත පැල්ලමක් හිටිනවා. හොඳම දේ මේකයි, සමහර වෙලාවට මේ බෝලය පුපුරන්නේ නැහැ. :D . අන්න ඒ වගේ වාසනාවන්ත ෂොට් එකක් වැදුන කෙනෙකුට වෙඩි වැදිලත් තරඟයේ දිගටම රැඳී සිටින්න පුලුවනි හැබැයි උණ්ඩය තුවක්කුවේ හෝ ශරීරයේ කොහේ හරි වැදිලා පුපුරලා ගියොත් ඒ කෙනාට සිද්ද වෙනවා මලවුන්ගේ පෙට්ටියට යන්න (Dead Box). ඒක දැල්වලින් ආවරණය කරපු අංගනය කෙලවර තිබෙන හිස් ඉඩක්. මිනිත්තු දහයේ තරඟය ඉවරවෙනකල් වෙඩි වැදිච්චි කෙනාට එතනට වෙලා ඉන්න සිද්ද වෙනවා.මැරිච්චි උදවියට ජීවත්වෙලා ඉන්න අයත් එක්ක කතාකරන්න බැරි නිසා Dead Box එකට ගිය අයට තාමත් තරඟ බිමේ ඉන්න අයත් එක්ක කතාකරන්න අවසරයක් නැහැ. හැබැයි මලවුන්ට ,අනිත් මලවුන් එක්ක කතාකරන්න තහංචියක් නැහැ :D .ෂේන් ලබාදෙනවා පැය හතරක කාලයක්. ඒ පැය හතර තුල මිනිත්තු දහයේ තරඟ ඔබට ඇති තරම් කරන්න පුලුවනි උණ්ඩ ඉවරවෙනතුරු. උණ්ඩ ඉවරවුනොත් නැවත මුදල් ගෙවා උණ්ඩ ලබාගැනීමටත් පුලුවනි.


    ඉතිං අපිත් සෙල්ලම් කලා.වැටෙමින් , මුවා වෙමින්, වෙඩි කමින් යුද වැදුනා. ඒ දවස්වල කූඩැල්ලෝ යහමින් හිටපු නිසා කූඩැල්ලා සාමාන්‍යකරණය උනාට පස්සේ අපි උන්ව නොතකා හැරියා. එල්ලිච්ච කූඩැල්ලෝ ෆුල් ටෑන්ක් ගහගෙන බහින්න ඇති :D . අපිට ක්‍රීඩා කරද්දි තමයි හිතුනේ හමුදා සෙබලුන් යුධ පිටියේදී මොනතරම් දෙයක්ද කරන්නේ කියලා. මේ සරල සෙල්ලමකටත් මෙහෙම දැනෙනවා නම් ඇත්තටම ජීවිතය ගැන නොහිතා සටන් වදිද්දි කොයි ආකාරයකට දැනෙනවා ඇතිද ?


    ෂේන් ගාව Jet Ski තියෙනවා, ඒ වගේම All-terrain vehicle නැත්තං රෝද හතරේ මෝටර් සයිකල් වගේ එව්වත් තිබෙනවා. අපි නම් එව්වා ට්‍රයි කරන්න ගියේ නැහැ. ඒවගේම එතන තව විවිදාකාර ඉවෙන්ට්ස් සඳහා භාවිතකරන්න පුලුවන් බවයි ෂේන් අපිට කිව්වේ. හොඳින් සන්තෝෂ වෙන්න නම් ටිකක් ලොකු කණ්ඩායමක් එක්ක යන්න. එතකොට ඉලක්ක වැඩි ගණනක් සමඟ තරඟකාරීත්වයත් වැඩිවෙනවා. වෙලාවක ගිහින් බලන්න.ඒක අපූරු අත්දැකීමක් හැබැයි නිකම් හමට වැදුනොත් ටිකක් රිදෙනවා.ඒත් ඒ හැටි ගාණක් නැහැ.


    හැන්දෑවෙ අපි නතරවුනේ අම්බලමේ. එතනත් අපූරු තැනක්. සියලු පහසුකම් සහිතව කබානා වගේම කඳවුරු බඳින්න කඳවුරු පිටියකුත් අම්බලමේ තිබෙනවා.කෑම බීම වගේම කටගැස්මත් බොහොම රසයි. පහුවදා උදේ අපි නැවතත් කොළඹට පිටත්වුනා, හැබැයි අපූරු මතකයකුත් හිතේ දරාගන.

     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පට්ට මචන්..:P
    ගණන් හිලව් ගැනත් පොඩ්ඩක් දැනුවත් කළොත් තවත් ප්‍රයෝජනවත් වෙයි...:)
    +Rep
     

    S.Kota

    Member
    Oct 19, 2013
    257
    12
    0
    එල, මචං උබල කිදෙනෙක් ගියාද? එකෙක්ට කීයක් විතර යනවද? බෝල 100 කොච්චර වෙලා සෙල්ලම් කලාද ?
     
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,913
    5,492
    113
    ගණන් හිලව් ගැන අහල තියන නිසා....

    දැන් ටික කාලයක් නිසා මට ගාන හරියටම මතක නැහැ දල වශයෙන් 2000 Rs වගේ යයි එක්කෙනෙකුට.

    අපි ගියේ හත් දෙනෙක්. ඒත් වැඩි විනෝදයක් ලබාගන්න නම් ටීම් එකකට හතක් අටක් වත් හිටියොත් හොඳයි. අපි සෙල්ලම් කලේ 4,3 ගානෙ ටීම්..

     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,913
    5,492
    113
    ට්‍රිගර් එක අල්ලගන හිටියොත් බෝල සීය විනාඩි පහෙන් ඉවරවෙනවා. :D මැෂින් තුවක්කුවෙන් වගේ උන්ඩ යන්නේ. ට්‍රිගර් එක එක පාරක් ඔබලා අතාරින්න ඕන. එතකොට එක උන්ඩයයි යන්නේ. සෙල්ලම් කරන්න පුලුවන් වෙන කාලෙ ඉතිං තමන් ට්‍රිගර් කරන හැටියට තමා තීරණය වෙන්නේ...

    උණ්ඩ ඉවරඋනොත් ආයෙ සල්ලි දීල උණ්ඩ ගන්න පුලුවන්.
     

    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    මමත් ගියා පානම එකට 2012 දි
    මතක හැටියට බඩු ටිකයි තුවක්කුයි රෙන්ට් කලේ එකාට 1600 ගානේ පැය 2කට