TOYOTA SIENTA 2015 (HYBRID AND NON HYBRID)

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    කිරියේ මල්ලි කෙනෙක් මට PM එකකින් අහලා තිබුණා මේක : වැදගත් කියලා හිතුන නිසා දාන්නම්

    මචන් පොඩි බඩුවක් දැන ගන්න කථා කලේ... දැන් මේ පහු ගිය ටිකේ ලොකු කථිකාවක් ගියානේ සේල් වල තියෙන වාහන 95%ක් ජපානේ ගංවතුර හැප්පිච්ච අනන් මනන් කේස් වලට ලක් උන වාහන කියලා.. එහෙදි ජෙනුයින් විදියටම රෙපයාර් කරලා ඉටිකොල දාලා මීටර් කර කවලා මෙහෙට එවුවම හිතන්නේ මේක අඩු දාවන තත්වේ හොඳ වාහනයක් කියලා... ගංවතුරට අහු උන 2015 ප්‍රිමියෝ එකක් උනත් ඔය විදියට මෙහේ ලක්ෂ 60 ට විකුණන්න පුළුවන්... එහෙම නරකම කුණු ගොඩක් ලැබෙන්න ඉතින් කරුමේ තමා... එහෙම සේල් වාහනයක් කිසිඳු කරදරයකින් තොරව කාලයක් පාවිච්චි කල හැකිද?

    මෙහෙම දෙයක් වුනා ගංවතුරට සුනාමි වලට අහුවුන වාහන ලංකාවට sale කාරයෝ ගෙනාවා බොහොම පොඩි ගණන්වලට තමා ඒවා ජපානයේ විකිනුනේ. ගොඩක් අඩුගනන්වලට අපේ වගේම වෙනරටවල එවුනුත් ගත්තා. ඕක එකපාරටම ඒකාලේ තිබුන ආණ්ඩුවට ඕක මාට්ටු වුනා . ඊට පස්සේ නීතියක් දැම්මා ගංවතුර , විකිරණ සහ සුනාමි වලට face කරපු වාහන ගෙන්න බැරිවෙන විදියට ජපානයේ දීම ඒවා පරික්ෂාවට ලක් කරලා එරට පරිසර අමාත්‍යංශ මගින් සහතිකයක් ලබාගන්න. මෙය දැනටත් වලංගුයි. JAAI ,JAVIC , Bureau Veritas සහතික ලබාගන්න විට අනිවාර්යෙන් වහනයට අදාළ සහතික වාර්තා ලබගන්නවිට මෙය සදහන් කරනවා. නමුත් SALE එකකින් වහනයක් ගන්න විට කියන සහතික එකක් වත් දෙන්නේ නැහැ. ඔවුන් දෙන්නේ එමසහතිකවල 1ST PAGE එකේ PHOTOCOPY එකක් .2015 PREMIO ගංවතුරට අහුවුනේ නැහැ 2014 වාහන විතරයි අහුවුනේ.මම දන්නා විදියට සුනාමි සහ ගංවතුරට අහුවුන වාහන 75 -100 අතර ප්‍රමාණයක් ලංකාවට තිබුනා. දැන්නම් ඔයවගේ වාහන ගෙන්න අමාරුයි. කරන්න පුළුවන් උනොත් සුපිරිම පොරකට තමයි කරන්න පුළුවන්.

    පළමු තත්ත්ව සහතිකයේ කරපු, සිදුවුණ හැම මගුලම සටහන් වෙනවා. නමුත් ඒ සහතිකේ මෙහෙට ගෙනල්ලා ORIGINAL වගේ හදනවා. DEPARTMENT OF MOTOR TRAFFIC එකෙදිවත් ඕවා හරියට බලන්නේ නැහැ . සාමාන්‍යයෙන් ORIGINALS DMT එකෙන් ගන්නවා. අද සල්ලිවලට ඕක ඇතුලේ ඕන දෙයක් කරන්න පුළුවන්. කොටින්ම කිසිම සහතිකයක් නැතුව වහනයක් REGISTER කරගන්න පුළුවන්. SALE කාරයෝ උන් අල්ලාගෙන ඉන්නේ.( සැලකිය යුතුයි : හොද SALE කාරයොත් ඉන්නවා)
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මරු වන්ඩිය..... :D

    හයිවේ PERMIT දැන් දෙනවා. අවුරුදු 5 -10 කාලයක් එකදිගට PASSENGER SERVICE එකේ හිටිය අයට මේකට APPLY කරන්න පුළුවන්. මචන් TRY එකක් දෙන්න 55 SEATER වලට වඩා වැඩි BUS මගේ ලග තියෙනවා 2010 න් උඩ . මොකද උරාජ් උබ හිතන්නේ. SALE වලට වඩා 1.0 M අඩුවෙන් දෙන්නම්.
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Man oka dakka wellawate car sale ekaka. face eka dakke eka parata Aqua aluth model ekak wage. patta bandayak
     
    • Like
    Reactions: creed1

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Man oka dakka wellawate car sale ekaka. face eka dakke eka parata Aqua aluth model ekak wage. patta bandayak

    දෙතුන් දෙනෙක් ගිය සතිවල ගෙන්නලා තිබුනා. මගෙත් වහන දෙකක් එනවා . එතකොට මම ගාන දාන්නම් . මේකේ HYBRID ආණ්ඩ NON HYBRID තියෙනවා.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මචන් ඔය දානවා වගේම බයික් ගැනත් පුලුවන්නම් දාපන්කෝ ..වාහනයක් කියන්නේ තවමත් හීනයක් .අඩුම ගානේ ඉන්දියන් ලබ්බවල් නැතිව හොද ජපන් බයික් එකක් වත් ගන්නයි බලන්නේ .රේස් පදින්න් නෙමේ බන් උපරිම 125 cc ගෙන්වනවානම් ගානත් එක්කම දාපන්කෝ :(