අම්මාගේ කකුල අයින් කරද්දී
අම්මාගේ කකුල අයින් කරද්දී
අම්මේ මට සමාවෙයන්
ඉක්මන් නොවුණාට දෑස්
පයක් අහිමි වෙන බව දැන්
පුදම් දිවිය දන්නව නම්
ගිලුණු නුඹේ අවිහිංසක
වාවනු බැරි කරුණා හිත
කිඹුලකුගේ සාගින්දර
නිවාලයිද පවසන් මට
පැන්නෙම් එබැවින් පතුලට
ගඟේ කිමිද සොයනට නුඹ
හිතුවේ බුදුවන්නට නොව
දිවිය නුඹේ බේරන්නය
එනමුදු එතකොටත් නුඹේ
සටනක් දුටුවමත් ගඟේ
කෙතරම් එඩිතරද මගේ
අම්මා යැයි සිතුනි ඉබේ
කෙලෙසක නම් වාවන්නද
එවන් නුඹේ ලෙයින් ඉපිද
පන්සිල් බින්ඳේ එබැවින
කිඹුලාගෙත් මරු මුව දැක
-මාලන් විදානපතිරණ
අම්මාගේ කකුල අයින් කරද්දී
අම්මේ මට සමාවෙයන්
ඉක්මන් නොවුණාට දෑස්
පයක් අහිමි වෙන බව දැන්
පුදම් දිවිය දන්නව නම්
ගිලුණු නුඹේ අවිහිංසක
වාවනු බැරි කරුණා හිත
කිඹුලකුගේ සාගින්දර
නිවාලයිද පවසන් මට
පැන්නෙම් එබැවින් පතුලට
ගඟේ කිමිද සොයනට නුඹ
හිතුවේ බුදුවන්නට නොව
දිවිය නුඹේ බේරන්නය
එනමුදු එතකොටත් නුඹේ
සටනක් දුටුවමත් ගඟේ
කෙතරම් එඩිතරද මගේ
අම්මා යැයි සිතුනි ඉබේ
කෙලෙසක නම් වාවන්නද
එවන් නුඹේ ලෙයින් ඉපිද
පන්සිල් බින්ඳේ එබැවින
කිඹුලාගෙත් මරු මුව දැක
-මාලන් විදානපතිරණ

Last edited:

