ප්‍රේම පුරාණය

මේක උපුටා ගත්තෙ චන්ද්‍ර අනගිරත්න මහතා විසින් රචනා කරපු නරලොව හොල්මන් කියන පොතෙන්.නම ප්‍රේම පුරාණය.ඔන්න එහෙනම් කතාව.:rofl::rofl::eek:

ජීවිතයේ ලොකුම විහිළුව ආලයයි.:sorry::sorry:මෙම විහිළුව දික් ගැස්සුන හොත් විවාහයෙන් ඇස් රතු වෙයි.:Pකාමය නමැති අවලම් ශාරීරික අවශ්‍යතාවයේ චෛතසික නියෝජිතයා වන රාගය විසින් මෙහෙය වනු ලැබ,ආදරය නමැති කෑදර කමින් මත් වී,ප්‍රේමය නමැති සෙමදානයෙන් විඩාවට පත්ව ආලය නමැති සෙවලංකෘත මනෝරාජ්‍යයේ කිරුළ පතා විවාහය නමැති මුළුතැන්ගේ සදාකාලික ලෙස හැලි වළං සේදීමට මමද සූදානම් වීමි.:lol::lol::lol::lol::lol:

මේ අනුව මම මගේ නෑනාට පිරිසිදු සිතින් අවුරුදු ගනනාවක්ම ප්‍රේම කළෙමි.:nerd::Pඑහෙත් විවාහයෙන් මගේ ප්‍රේමය අපිරිසිදු නොකිරීමට ඈ අන් අයෙකු හා විවාහ වූවාය.:baffled::growl:
පාසල් ශිෂ්‍යාවන් ගනනාවකට මම ප්‍රේම කළෙමි.:dull::dull:එහෙත් වර්ෂය මිලදී පොත් පත් හා ලිපි ද්‍රව්‍ය ආදිය මාගෙන් ලබා ගැනීමෙන් පසු ඔවුන් මා අමතක කළේ ඉගනීම ගැන පමණක් හිත යෙදවීමටය.:shocked::shocked::shocked:"චන්ද්‍ර,ජීවිතේ ඉස්සරෝම මං ආදරේ කළේ ඔයාට :rofl:"යැයි රූපා දහස් වරක් මා සමග කියා ඇතත් මා සමග එක් වීමට ඇයට තිබූ බාදාව නම් ඇයගේ ස්වාමි පුරුෂයා හා දරුවන් පස් දෙනාය.:growl::nerd::nerd::dull::baffled::rofl::rofl:බටනලාව වයන ගමන් හාදුවක් දීමට මා අපොහොසත් වූ බැවින් නන්දා මා සමග අමනාප වූවාය.:lol::lol:එහෙත් චම්පා මා සමග තරහ වූයේ සිගරට් එකක් තොල අග රදවා මා ඇයට හාදුවක් දුන් නිසාය.:sorry:

දිනක් බසයක මා ඉදිරියෙන් අසුනක සිටි සුරූපී කාන්තාවක් දැඩි මිත්‍රත්වයකින් යුතුව මා සමග සිනා සෙන්නට වූවාය.:shocked::shocked:මෙයින් දැඩි ආඩම්බරයකට පත්ව පහතට හිස හැරවූ මට දක්ණට ලැබුණේ මා ඇද උන් කලිසමේ වැදගත් තැනක් ඉරී තිබුණ අන්දමය.:Pඅනෝමා කලුය.මා ඇයට "සුදූ"කියා කතා නොකල නිසා ඈ මගෙන් වෙන් වූවාය.මා කලිසම් කාරයෙකු බැවින් අනුලා මට පෙම් කළාය.එහෙත් නිදා ගැනීමට යන විට මා සරම ඇද ගන්නා බවට කවුදෝ කී කේළමක් නිසා ඕ මා අත් අත් හැර දැම්මාය.:rofl::rofl::rofl::rofl:

අමිතා ඇගේ මුළු හදවතම මට පිදීමට සූදානම් වූවාය.:)එහෙත් මා ශල්‍ය වෛද්‍යවරයෙකු නොවන හෙයින් ඇගේ ආදරය මට අහිමි විය.:no::no::lol:

"මගේ ආදරේ පිරිසිදුයි" කියා අමරා පැවසුවාය.:shocked:"නමුත් ඔයා අපිරිසිදුයි" මම කීවෙමි.ආලය එයින් කෙලවර විය.:rofl::baffled::baffled:

මම නර්ස් නෝනා කෙනෙකුට ප්‍රේම කළෙමි.දිනක් ඉතා ආදරයෙන් මා ඇයගේ අත ඇල්ලූ කළ, "ප්ලීස් ඩොක්ටර් නොට් නව්!"යැයි ඇය කීවාය මට ඈ එපා විය.:nerd:මා සමග විවාහ වීමට ආශා කළ චිත්‍රා මට නිතරම කීවේ දරුවෙකු නැත්නම් විවාහය සාර්ථක නැති බවය.:Pඑයට එකග වූ මම "අපි දරුවෙක් ඉන්නවද බලල සාර්ථක විවාහයකට මුහුණ දෙමු.:rofl::rofl:!"යැයි යෝජනා කළෙමි.ඈ ඊට විරුද්ධ වූවාය.මට ඈ එපා විය.:dull::dull:

"චන්ද්‍ර, ඔයා වෙනුවෙන් මගේ ජීවිතය උනත් පුදන්න ලෑස්තියි"කියා දයා කීවාය.:)එහෙත් "මළ කදකට ප්‍රේම කරන මිනීමරුවෙකු වීමට මට බැහැ."යැයි කියා මම ඇයගෙන් ඈත් වූයෙමි.:eek:අජන්තා සමග චිත්‍රපටියක් බැලීමට ගිය මා චිත්‍රපටි ශාලාවේදී චිත්‍රපටිය දෙස බලා සිටිය හෙයින් ඈ මා අප්‍රිය කළාය.:lol::lol:"අනේ චන්ද්‍ර,මට මොකවත් එපා.මට ඕන ඔයාව විතරයි!"කියා කුසුමා පැවසූ විට මම වහාම මගේ සපත්තු කූට්ටමත් මේස් කූට්ටමත්,බැනියමත්,කමීසයත් ගැලවීමි.:shocked:ඈ වහාම මගේ අත් දෙකින් අල්ලා ගෙන "එපා ආයෙ ගලවන්න එපා - මට ඔයාව ඕනෙ ඇදුමුත් එක්කයි"කියා මා නතර කළාය.මට ඈ එපා විය.:rofl::rofl:

නීතා සමග මුහුදු වෙරලට ගිය මම මුහුදට පස්ස හරවා වාඩි වී ඇය සමග කතාවට වැටුනෙමි.ගසා ආ මුහුදු රළ වැදී මගේ පස්සා පැත්ත හොදටම තෙමුණි."හරිම රසවත් සිද්දියක් නේද?"කියා ඈ සිනා සෙන්නට වූවාය."ඔව්,හැබැයි ලුණු රසයි"කියා අතේ තිබුණු සගරාවෙන් පස්ස වසාගෙන මම ඇගෙන් වෙන් වූයෙමි.:baffled::baffled:

"ආදරය පැණි රසයි!"කියා නාලිනී මට තුරුලු වූ නමුත්,දියවැඩියාවට බියෙන් මම ඇගේ ආදරය ප්‍රතික්ශේප කළෙමි.:nerd::nerd:මා සමග ප්‍රේම සම්භන්ධයක් පැවැත් වූ ගුරුවරියක් මට එපා වූයේ,මා ඇයට යැවූ පෙම් ලිපියක් හරි වැරදි බලා රතු තීන්තෙන් ලකුණු දමා ආපසු මට එවූ නිසාය.:lol::lol::lol::lol::lol::lol:

ටැලිපෝන් සේවිකාවක් මා සමග ප්‍රේමයෙන් වෙලී සිටිය නමුත් මා ඇයට කතා කළ කිහිප වතාවකම ඇය උත්තර දුන්නේ,"සොරි අයෑම් එන්ගේජ්ඩ්!"කියාය.:rofl:මම ඇය අත් හලෙමි.ටයිප් ගසන්නියක සමග සම්භන්ධයක් පැවැත් වූ මට ඇය එපා වූයේ,නිතරම මගේ ඇගට කොටන්නට වූ නිසාය.:oo:

දැන් කිසිම ප්‍රේම සම්භන්ධයක් නැතිව මා හුදකලාව කල්පනා කරමින් සිටින්නේ මාගේ කුළුදුල් ආලය පිදීමට සුදුසු කෙනෙකු ලැබෙන තෙක්ය.
නිමි.
:rofl::rofl::rofl::rofl:​
 

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
මා සමග ප්‍රේම සම්භන්ධයක් පැවැත් වූ ගුරුවරියක් මට එපා වූයේ,මා ඇයට යැවූ පෙම් ලිපියක් හරි වැරදි බලා රතු තීන්තෙන් ලකුණු දමා ආපසු මට එවූ නිසාය:lol::lol::lol:
 

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
අජන්තා සමග චිත්‍රපටියක් බැලීමට ගිය මා චිත්‍රපටි ශාලාවේදී චිත්‍රපටිය දෙස බලා සිටිය හෙයින් ඈ මා අප්‍රිය කළාය.:lol::lol:"අනේ චන්ද්‍ර,මට මොකවත් එපා.මට ඕන ඔයාව විතරයි!"කියා කුසුමා පැවසූ විට මම වහාම මගේ සපත්තු කූට්ටමත් මේස් කූට්ටමත්,බැනියමත්,කමීසයත් ගැලවීමි.:shocked:ඈ වහාම මගේ අත් දෙකින් අල්ලා ගෙන "එපා ආයෙ ගලවන්න එපා - මට ඔයාව ඕනෙ ඇදුමුත් එක්කයි"කියා මා නතර කළාය.මට ඈ එපා විය.:lol::lol:
 
මා සමග ප්‍රේම සම්භන්ධයක් පැවැත් වූ ගුරුවරියක් මට එපා වූයේ,මා ඇයට යැවූ පෙම් ලිපියක් හරි වැරදි බලා රතු තීන්තෙන් ලකුණු දමා ආපසු මට එවූ නිසාය:lol::lol::lol:

:P:P:P:P
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    පට්ට පොත.. මං ගාව ඇති..:)

    මේක ඉශාන්ගේ බ්ලොග් සටහන් කියන බ්ලොග් එකෙන් ගත්තෙ.. ටයිප් කරකර ඉන්න අමාරු නිසා..


    Dnlw6Y3.png



    ​
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    මේකත් මරු..

    WwmTBDI.png


    මේකත් ඉස්සුවෙ ඉශාන්ගෙ බ්ලොග් සටහන් එකෙන්ම තමයි..

    මෙතන තවත් කතා ඇති නරලොව හොල්මන් පොතේ තියෙන..
    LINK

    ​
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    මේකත් මරු..

    WwmTBDI.png


    මේකත් ඉස්සුවෙ ඉශාන්ගෙ බ්ලොග් සටහන් එකෙන්ම තමයි..

    මෙතන තවත් කතා ඇති නරලොව හොල්මන් පොතේ තියෙන..
    LINK

    ​

    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: NRTG
    පට්ට පොත.. මං ගාව ඇති..:)

    මේක ඉශාන්ගේ බ්ලොග් සටහන් කියන බ්ලොග් එකෙන් ගත්තෙ.. ටයිප් කරකර ඉන්න අමාරු නිසා..


    Dnlw6Y3.png



    ​

    මම ළගත් තව කතා ඇති පස්සෙ දාන්නම් :)