ජබොක් නොවන ජොබක්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජබොක් නොවන ජොබක්

    රැකියාවක් කියන්නේ අපි හුගාක් අයගේ ජීවිතයේ හුගක් වැදගත් සංදිස්ථානයක්/ දෙයක් කියන්න පුලුවන්. ඒ වගේම වෘතීමය දියුනුව කියන එක රැකියාවක අත්‍යවශ්‍යම කාරනයක්. අපි පොඩ්ඩක් ඒ ගැන කතාකරල බලමු

    url


    විවිද අය විවිද ආකාර වලට රැකියා වලට යොමු වෙනවා
    1. පූර්ණ අද්‍යාපනයකින් පසුව
    2. අර්ධ අද්‍යාපනයකින් පසුව රැකියාව කරන අතර තුර අද්‍යාපන අවශ්‍යතා සම්පූර්න කරගන්නා අරමුනින්
    3. ආර්තික අපහසුතා හමුවේ හුදෙක් යම් මුදලක් ලබා ගැනීමේ අරමුනෙන්
    4.දෙමව්පියෝ උගන්නලා ඉගෙනගත්ත ලබ්බකුත් නැති හිගාකන්න ලෙඩක් අතපයක ආබාදෙකුත් නැති බස් එකක සින්දුවක් කියන්න කටහඩකුත් නැති උනන්දුවක් උත්සාහයක් නැති නියපොත්තේ සිට කාලකන්නි ගෙදරට වෙලා ඉන්නකොට මහ උන් පන්න තත්වය මත කුමක් හෝ රැකියාවක්

    Fotolia_43362365_XS.jpg



    තුන්වෙනි කාන්ඩය ගැන විය්‍යාපාරික අදහස් ගැන ලියවෙච්ච ත්‍රෙඩ් වල කිය උන නිසා හතර වෙනි කාන්ඩය වැලලිලාම පල කියලා එක දෙක කාන්ඩ ගැන පොඩ්ඩක් කතාකරමු.

    පූර්න හෝ අර්ධ පූර්න අද්‍යාපනේකින් පසුව යන කෙනෙක්ට හුගාක් වෙලාවට සාර්තක වෙන්නේ තුන්වෙනි හතර වෙනි රැකියාව කියලයි මම හිතන්නේ. පූර්න අද්‍යාපනයක් ලබන කෙනෙක්ට එක් විශයයකට විශේශ දැනුමක් ලබාගෙන රැකියාවට පිවිසෙන්න පුලුවන් වගේම අර්ද පූර්න අද්‍යාපනයක් ලබලා රැකියාවකට යන කෙනෙක්ට ඒ රැකියාවට අදාලව උසස් අද්‍යාපනය කරන්න අවශ්‍ය දැනුම, තොරතුරු ලබාගැනීමේදී විශේශ වාසියක් සැලසෙනවා

    what-the-job-search-after-college-graduation-is-l-1-29740-1369151376-38_big.jpg


    පූර්න අද්‍යාපනයකින් පසුව යන්නෙන් විශ්වවිද්‍යාල මොනයම් උපාදියකින් පසුව ආන්ඩුවේ පත්වීමකින් ආන්ඩුවේ ජොබකට රිංගීම මම අදහස් කරන්නේ නෑ. මේ කාලේ අනුව ආන්ඩුවේ රස්සාවකට යනවා කියන්නේ ලැබුන මනුස්ස ජීවිතේ කොටින්ම කෙලවා ගැනීමක්. රැකියාවක් යනු හම්බවෙන පලමු ආන්ඩුවේ පත්වීමේ එල්ලී සිට පැන්ශන් යන දාට දෙන පොඩි මුදලින් ඇල්ටෝ එකකට ඩිපෝසිට් බැදීම නොවේ. අන් අයුරකින් පැන්ශන් එකක වටිනාකම අව්රුදු විසි ගනන් වලදී යම් අයෙක් බලනවනම් ඌ තරම් කම්මැලියෙක් අපතයෙක් තවත් ඇතැයි මම හිතන්නේ නෑ. අපේ අම්මලා තාත්තලාට තාම අන්ඩුවේ රස්සා මැජික් වෙන්නේ ඒ කාලේ ඒ අයගේ හීන තුල තිබිච්ච නිසා. ඇත්ත.. වැලි කියුබ් එක රුපියල් 300ට තිබ්බ ඒ යුගේ ඒ අය 1000ක් 2000ක් පඩි ගත්තා ලිපිකරුවකු හෝ ගුරුවරයකු ලෙස. ඒත් වැලි කියුබ් එක 15000ක් වෙච්ච අද දවසේ ගුරුවරයෙක් ලිපිකරුවෙක්ගේ මූලික වැටුප ඊටත් අඩුයි. ඉතින් කවද්ද ගෙයක් දෝරක් වත් හදාගන්නේ? රැකියාවට යන මුල් දවසේම කිව්වහැකි ජීවිත කාලෙම හම්බකරන මුලු ගාන ගනනය කරලා

    url



    හැකි තාක් දුරට "පිලිගත් පුද්ගලික ආයතනයක/සමාගමක" ජාත්‍යන්තර නාමයක් සහිත ආයතනයක් නම් වඩාත්ම සුදුසුයි ඔබගේ පලමු රැකියාව ඉතාම අඩු පඩියකට හෝ ආරම්භ කරන්න. වැටුප නොසලකා හරින්න. මොකද ඒ වගේ ආයතන හරහා අව්රුදු එකහමාරක් දෙකක් ඇතුලත ඇතිවෙන අවස්තා (ඇතුලත පිටත ) ආන්ඩුවේ ජොබ් කට්ටකින් සියවසකින් හෝ බලාපොරොත්තු විය නොහැකියි. ඒ කාලය තුල ඔබට මාසෙකට වෙන පාඩුව කවදා හෝ යම් අයෙක් පැය 8ටේ ඕටී එකක් ලෙස ඔබට ගෙවාවි.. අව්රුදු එකහමාරකින් පසුව ඉහලට යා නොහැකිනම් රැකියාව අත හැර හැකිතාක් මද්‍යම මට්ටමේ රැකියාවකට උතසහ කරන්න. ඒ අතර තුර තමාගේ අද්‍යාපන සුදුසුකම් ඉහල නංවා ගැනීම ඉතාමත්ම වැදගත්

    11-Lessons-I-Have-Learned-By-Working-In-Big-Corporations-And-Small-Businesses-500x338.png


    මද්‍යම මට්ටමේ රැකියාවකට හෝ දෙවෙනි රැකියාවට යොමුවීමෙන් පසු අනිවාරෙන් ඒ රැකියාවේ අනාගතය ගැන බලන්න. ඔබට වයස අව්රුදු 28යි නම් ඔබේ සම මට්ටමේ වැඩිහිටි සේවකයන්ගේ ජීවන තත්වය අද්‍යනය කරන්න. තැපැල් නයින්ටියෙන් මරුටියට මාරුවෙන්න තාම හීන දකිනවවානම්, උදේ හවස රැකියා ස්තානයට සීසන් එකෙන්, බස් එකෙන් දාඩිය දාන් තවම ගාටනවනම්, ලමයින්ගේ ටියුශන් පීස් ගෙවන්න පඩිය එනකන් බලන් ඉන්නවනම්, පඩි දවස සතියකින් ලන්වෙනකොට වටේ උන්ගෙන් දාහ දාහ ඉල්ලා ගන්නවනම් එතන ඇත්තේ උබේ අව්රුදු 40දී 45දී ජීවන තත්වයේ උදාහරනයයි...හැකි ඉක්මනින් අද්දැකීම් අරගෙන අද්‍යාපන මට්ටම තව දියුනු කරගනිමින් එතනින් පිටවන්න



    බොහෝ දුරට තෙවන හෝ සිව්වන රැකියාවට ඔබ පිවිසෙන විට ඔබ අදාල ශේත්‍රයේ ප්‍රවීනයකු වී හමාරයි. අද්‍යාපන සුදුසු කම් වලින් අනූන පුද්ගලයෙක්. තමන්ගේ ඔෆර් එකට අදාල ආයතනය ඔබට රැකියාව ලබාදෙන තත්වයට ඔබ පත්වී හමාරයි. මතක තබාගන්න වෘතීමය ජීවිතය යනු ලැබුනු රැකියාවේ ලබ්බ බැස තට්ටේ පෑදෙන තුරු එල්ලී සිටීම නොවේ... වෘතීමය ජීවිතයක දියුනුව යනු නිවැරදි අවස්තාවේ අත්හැරීම සහ නිවැරදි අවස්තාවේ අල්ලා ගැනීමයි.

    පවතින සමාජ මට්ටමට අනුව ඔබේ ආදායම මදිනම්/ පවතින සමාජ මට්ටමට අනුව ජීවත් වීමට ඔබට අපහසුනම් ඒ 99.99%ක් ඔබේ වරදයි. ඔබේම වරදයි. ඉතියෝපියාවේ සෝමාලියාවේද තුන්වේල හරියට කන ලිමෝසින් පාවිච්චි කරන උන් ඉන්නා බව මතක තබාගන්න


    ත්‍රෙඩ් එක කියවන ආදරනීය පොඩි මල්ලියේ අද්‍යාපනය 99.99% දුරට ඔබේ අනාගතයයි, ඔබේ අනාගතය සකසා ගැනීම ඇත්තේ ඔබ මතයි. කැපවීමෙන් අද්‍යාපන කටයුතු වල නියැලෙන්න..

    100%ට 100%ක් මගේ අද්දැකීම් මත මගේ අදහස් පමනි. පිලි ගැනීම නොගැනීම බැහැර කිරීම ඔබ සතුයි,:)




    මේ මහ පොලව මත ඇති කිසිමම දෙයක් හීන නොවේ....



     
    Last edited:

    USBEE

    Banned
    Sep 26, 2015
    74
    13
    0
    ගොඩාක් වටිනවා සහෝ..මම නම් හිතුවේ කිරිය දාලා ගිහිල්ලවත්දෝ කියලා..එක එකා අයින් වෙවී යනවා..දිගටම ත්‍රෙඩ් දාමු
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,524
    906
    113
    ගම්පහ
    කාලෙකට පස්සේ දැක්ක ගොඩාක් වටින ත්‍රේඩ් එකක්.මේවාගේ ඒවා තව ලියවෙන්න ඕනේ.ඇත්තටම 3 වනෙ 4 වෙනි ‍රැකියාව තමා සාර්ථක වෙන්නේ.මමත් දැනට 2 වෙනි ‍රැකියාවේ තමා ඉන්නේ.තවත් ඉගෙන ගන්න තියෙනවා.පලපුරුද්ද සහ සුදුසුකම් තියෙනවා නම් ඉහලට යන එක ප්‍රශ්ණයක් නෙමේ.මම දිකින විදිහට නම් උපාධියක් අවශ්‍යයම නෑ ජීවිතේ ජයගන්න:)
     
    • Like
    Reactions: RoHA99

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කාලෙකට පස්සේ දැක්ක ගොඩාක් වටින ත්‍රේඩ් එකක්.මේවාගේ ඒවා තව ලියවෙන්න ඕනේ.ඇත්තටම 3 වනෙ 4 වෙනි ‍රැකියාව තමා සාර්ථක වෙන්නේ.මමත් දැනට 2 වෙනි ‍රැකියාවේ තමා ඉන්නේ.තවත් ඉගෙන ගන්න තියෙනවා.පලපුරුද්ද සහ සුදුසුකම් තියෙනවා නම් ඉහලට යන එක ප්‍රශ්ණයක් නෙමේ.මම දිකින විදිහට නම් උපාධියක් අවශ්‍යයම නෑ ජීවිතේ ජයගන්න:)
    ජීවිතේ ජයගන්න උපාදියක් විතරක් නෙමේ රැකියාවකුත් අත්‍යවශ්‍ය නෑ.. කදු මුදුනට පාරවල් ගොඩක් තියෙනවා. සමහර ඒවා කෙටියි, සමහර ඒවා දුරයි. සමහර ඒවා රලුයි, සමහර ඒවා සුමටයි:)
     
    • Like
    Reactions: RoHA99

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    mama me wenakam jeewithe sumatawa awilla dan bohoma ralu margayaka yana kenek. podi kale katta kala nathi nisa samahara prashna walata muhuna denna marui. eka nisa puluwan tharam katta kanna purudu wenna. e kiyala amuthuwen karanna deyak na. jeewithe ena onama prashnayakata muhuna denna hitha dadi karaganna ona :)