ලොතරැයියක් ඇදෙන්න තියන සම්භාවිතාව ගණනය ක

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ලොතරැයියක් ඇදෙන්න තියන සම්භාවිතාව ගණනය ක

    ගොඩක් කට්ටිය තියන ප්‍රශ්නවලින් ගොඩ එන්න හිතගෙනත් එක්ක ලොතරැයි ගන්නවනේ.එත් මේකට කියක් හරි ඇදෙන්න තියන සම්භාවිතාවය කියාද කියලා නිකමටවත් හිතලා බලන්නේ නෑ.

    අපි පොඩ්ඩක් ලොතරැයියක් ඇදෙන්න තියන ඉඩකඩ ගණනය කරලා බලමු.බොහෝ විට ඔබ හෙට ඉදං ලොතරැයි ගන්න එක නවත්තයි කියලා මම හිතනවා.
    ගොඩක් ටිකට් වල ඉලක්කම් දෙකේ අංක හතරක් හා ඉංග්‍රීසි අකුරක් තියනවා.සුපිරි තෑග්ගටනම් මේ ඔක්කොම හරියන්න ඕනේ.

    උදා:- V 52 36 56 98


    ඕක දිනුම් අදින්න 01 ඉදං 99 වෙනකන් බෝල ගොඩක් අර මැෂිම ඇතුලට දානවා.ඒ කියන්නේ බෝල 99ක් දානවා.අපි ගණනය කරන්න ලේසි වෙන්න 100ක්ම දානවා කියලා ගමු.

    එතකොට එක අංකයක් හරියන්න තියන සම්භාවිතාව වෙන්නේ සියට 1යි(0.01යි).මොකද තියන බෝල සීයෙන් එකක් කනවට ගද්දි ඒක ඔයාගේ අතේ තියන අංකය වීමේ හැකියාව වෙන්නේ 1/100යි නේ.

    ඒ කියන්නේ රුපියල් 20ක් ඇදෙන්න තියන ඉඩකඩ 4% (මොකද අර හතරෙන් කොතන තිබ්බත් කමක් නෑ නේ.ඒ නිසයි හතරෙන් ගුණ කරේ.)

    ඒ විදිහටම අංක දෙකක් හරියන්න තියන සම්භාවිතාව වෙන්නේ සියට එක ගුණ කිරීම සීයට එක.
    ඒ කිව්වේ සම්භාවිතාවය

    =1/100 x 1/100
    =1/10000
    =0.0001 (දහ දාහකට එකයි)

    ඔය විදිහට අංක හතරම හරියන්න තියන ඉඩකඩ
    =1/100 x 1/100 x 1/100 x 1/100
    =1/100000000
    =0.00000001

    ඒ කියන්නේ ලක්ෂ දහයක් ඇදෙන්න තියන ඉඩකඩ වෙන්නේ මිලියන 100කට එකයි.

    එත් සුපිරි තෑග්ග ඇදෙන්නනම් ඉංග්‍රීසි අකුර හරියන්නත් ඕනේ.ඉංග්‍රීසි අකුරු 26ක් තියන නිසා කොටි තුනක් හතරක් වෙන සුපිරි තෑග්ග ඇදෙන්න තියන ඉඩකඩ වෙන්නේ මිලියන 2600කට එකයි.එහෙම නැත්තන් කෝටි 26කට එකයි.

    එහෙම වෙන්නේ අංක හතරම පිළිවෙලට තියෙන්න ඕනේ උනොත්.අංක හතර කොහේ හරි තිබ්බට කමක් නැත්නම් සම්භාවිතාව 4x3x2x1 න් වැඩි වෙනවා.(පලවෙනි අවස්ථාවේ අංක හතරකින් එකක් වෙන්න පුළුවන්.දෙවැනි අවස්ථාවේ ඒ අංකෙ ඉවත් කරාම තව අංක 3ක්‌ ඉතුරුයි.ඒ නිසා දෙවෙනි අංකෙ අර අංක තුන ඇතුලේ තියෙන්න පුළුවන්.අන්න ඒ විදිහට ගත්තම)

    එහෙම ගත්තම ඇදෙන්න තියන ඉඩ කඩ
    = මිලියන 2600/24
    =මිලියන 108කට එකයි
    =කොටියෙන් එකකටත් වඩා අඩුයි..

    ටිකට් එකක් ගන්න කලින් හිතලා බලන්න .ලංකාවේ ජනග්‍රහණයත් කෝටි 2යි.ඒකෙන කියෙන් කීදෙනාද ටිකට් ගන්නේ.ඒ නිසා ටිකට් මුද්‍රණය කරන ප්‍රමාණය කියක් වෙයිද කියලා.එතකොට ඒ ගහන ටිකට් අතරේ සුපිරි තෑග්ග නොතිබීමේ ඉඩකඩත් වැඩි. මේක තනිකරම මිනිස්සු රැවට්ටිමක් විතරයි.

    සැ.යු:-මේකෙදි බෝල 99ක් දානවද දන්නේ නෑ.සමහර විට එක ඊට අඩු වෙන්න පුළුවන් ඒත් 70ඉලක්කම තියන ටිකට් දැකලා තියනවා.ඒ කියන්නේ අවම බෝල 70ක් වත් දානවා.

    අනික තමා දෙවන අංකය අදිද්දී තියෙන්නේ බෝල 99යි.මොකද එකක් කලින් අංකෙදි අයින් වෙනවනේ.ඒක නොසලකා හැරියා.ගණනය කිරීමේ පහසුවට.


    Source http://scienzlife.blogspot.com/2014/03/blog-post_21.html
     
    • Like
    Reactions: DJLik and dmtx

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    සූදුව කියන්නේ කොහොමත් වංචාවක් තමා..
    ලොතරැයි කියන්නේ නීත්‍යානුකුල සූදුවක් වීම තමා විශේශත්වය
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ow bn lottry wala boruwada dnna eka jeewitheta gnne na. mn ae wunata idala hitala gnnwa mcn samahara asarana minissungen ehema. horakam krnne nathuwa higa kanne nathuwa keeyak hri hoyanna mahansi wena ekath loku deyakne bn. ehema gaththa ticket samahara welawata godak kal purse ekema tibila athurudahan wenwa
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    දැන් වැඩිය මිනිස්සු ස්වීප් ගන්නේ නෑ, විශේෂයෙන් තරුණ අය ගන්නේ නෑ.

    අනිත් එක උන්ට කලින් උන්ගේ කම්පියුටර් සිස්ටම් එකෙන් බලාගන්න පුලුවන් මොන නම්බර් තියෙන ටිකට්ස් ද විකිණිලා තියෙන්නේ කියලා, නැත්තම් කොහොමද උන් කියන්නේ අද රු.20 ජයග්‍රාහකයෝ මෙච්චරයි, රු.50 ජයග්‍රාහකොයෝ මෙච්චරයි කියලා, etc

    හැබැයි රු.20 ටිකක් ලේසියෙන් දිනන්න තමා උන් සිස්ටම් එක හදලා තියෙන්නේ එතකොට කට්ටිය කොහොමත් තව ගන්නවානේ.
    උදා - ඕනෑම ඉලක්කමකට, බෝනස් අංකයට, etc
    :yes:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ප්‍රශ්නයක් නැහැ මචන් රුපියල් 20 යි නේ. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ගොඩක් දුප්පත් මිනිස්සුන්ට උදව් කරනවා.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ow machn .. kathaaawa hari.. meka jilmarkt ekak denna deayak neh .. edenne nethi wime sambawithaawa maara wedi ... godak aya hithan inne meke horayak yana nisa thama ticket win wenne neththe kiyala ...

    ee wagema mama danna tharamin numbers 70 ta wada nam thiyena ticket neh ... mama dekala thiyenne numbers 70ta wenakan yana ewa witharai...:)
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    200_s.gif
     

    AgiJaya

    Junior member
  • Apr 7, 2015
    80
    6
    8
    Colombo,Sri Lanka
    anagaththanae dekay....bolayak gaththama a bole apahu machine ekata danne nanee.ethakota gaththa bole adu wenna ona.ethakota anka 2k labime sambawithawa enne 1/100*1/99 nee???
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව්වා ගන්නෙ නෑ බං.. තේරුමක් නෑ..
    එක සැරයක් හූරන ටිකට් එකක් අරන් කීයක්ද තිබ්බා..
    එච්චරම තමා..:lol:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Oken hambena salli private company ekakata yanawa nam thama prashne. Ehema wenne naha.
    Gov eken ticket wikunana ena salli walin 50% ticket gaththa minissu athare bedila yanna thama hadala thiyanne. Kotiye ewa adenne nathi unata podi ganan godak adenawa.

    Ithuru 50% arogyashala lottery nam government health sector eka diyunu karanna saha eelanga dinum adeemata awashya salli walata thama pawichchi karanne.
    Oke aththatama ratata sewayak wenne.