Ingress කතාව

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Ingress තිරය පිටුපස කතාව - 1​


    සර්න් (CERN) නැමැති ආයතනය, තම එක්තරා පර්යේෂණයක දී යම්කිසි ශක්තිමය පදාර්ථයක් සොයා ගනු ලබනවා. ඔවුන් විසින් එය එක්සෝටික් මැටර් (exotic matter - XM) නමින් හඳුන්වනු ලැබුවා. මෙය පිළිබඳව වැඩි දුරටත් අධ්‍යයනය කරගෙන යාමේදී ඔවුන්ට දැන ගැනීමට ලැබෙනවා එය යම් ව්‍යූහමය දත්තයන් රැසක අන්තර්ගතයක් බව. වෙනත් විදියකින් කියනවා නම් යම් තොරතුරු සමූහයක්. මේ ශක්ති ද්‍රව්‍යයේ තිබුණු බරපතල ස්වභාවයත් එය පිටසක්වල තොරතුරු හුවමාරු කරනා මාධ්‍යයක් ලෙසත් පෙනී ගිය නිසා ඇමරිකාවේ N.I.A. (National Investigation Agency) නැමැති රාජ්‍ය ඒජන්සිය විසින් මේ පිළිබඳව වැඩි දුර අධ්‍යයනය කිරීමට ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලබනවා.

    මෙවන් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පුරෝගාමී වූයේ N.I.A. හි ස්නායු ජීව විද්‍යාඥයෙක් වන දොස්තර එස්කියල් කැල්වින් (Dr. Ezekiel Calvin) මහතායි. කෙසේ නමුත් මෙහි අවසාන භාරකරු වූයේ N.I.A. හි මෙහෙයුම් අධ්‍යක්ෂ යුඑන් නි (Yuen Ni) නැමත්තෙක්.

    කැල්වින්, මේ අමුතු ක්‍රියාකාරීත්වයක් ඇති අනුප්‍රාණී XM වල බලපෑම N.I.A. හි තම සගයකු වන දොස්තර ඔලිවර් ලින්ටන් වුල්ෆ් (Dr. Oliver Lynton-Wolfe) කෙරෙහි ක්‍රියා කරනා ආකාරය පිළිබඳ වැඩි උනන්දුවක් දක්වනු ලැබුවා. ඔලිවර් මෙම ව්‍යාපෘතියෙහි මූලික ම අවධියේ දී මෙම ශක්ති ද්‍රව්‍යය පෝටල්ස් (portals) නමින් හඳුන්වන යම් යම් ද්වාරයන් හරහා මෙලොවට විසරණය වූ බවක් සොයා ගනු ලබනවා. ඒ වගේම කැල්වින් යෝජනා කරනවා මෙම XM හමුවේ ඉතා කාර්යක්ෂ්‍යමව සහ සක්‍රීයව වැඩ කරනා සංවේදී කණ්ඩායමක් පිහිටුවා ගන්නා ලෙසත්. හරියට ඔලිවර් ලින්ටන් වුල්ෆ් වැනි XM කෙරෙහි දැඩි සංවේදීතාවක් දක්වන්නන් පිරිසක්.

    ඒ කණ්ඩායමේ සැකසුනේ:

    - දොස්තර ඩෙව්‍රා බොග්ඩොනවිච් (Devra Bogdanovich),

    - මූර්ති ශිල්පියෙකු වන රෝලන්ඩ් ජාවිස් (Roland Jarvis),

    - සංගීතාඥයෙක් වන ඉනොක් ඩැල්බි (Enoch Dalby),

    - සංකේත විද්‍යාඥයෙක් වන කැරී කැම්බල් (Carrie Campbell),

    - ආධ්‍යාත්මික පුද්ගලයෙකු ලෙස සැලකූ මිස්ටි හැනා (Misty Hannah),

    - හිටපු හමුදා සෙබලකු හා වාර්තා චිත්‍රපට නිපැයුම් කරුවකු වන හෙන්රි හෑන්ක් ජොන්සන් (Henry Hank Johnson),

    - භෞතික විද්‍යාඥයකු වන යූරි ඇලරික් නගාසා (Yuri Alaric Nagassa)

    යන අයගෙනුයි.

    ලින්ටන් වුල්ෆ් මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ඉංජිනේරුවරයා ද වනවා. මෙම ව්‍යාපෘතියට සහය ලබා ගැනීම උදෙසා ඔහු විසින් ටියුරින් පරීක්ෂාවට සාර්ථකව මුහුණ දිය හැකි ඉතා ප්‍රභල කෘත්‍රිම බුද්ධියක් නිර්මාණය කරනු ලබනවා. අභික්ෂණ ඇල්ගොරිතමයක් ලෙසින් අර්ථ දැක්වෙන “අ ඩිටෙක්ශන් ඇල්ගොරිදම්” (a detection algorithm) යන්නෙහි මුලකුරු එක් කර ඔහු එය ඒඩා (ADA) ලෙසින් නම් කරන අතර ම ස්මාර්ට ජංගම දුරකතනයක් XM පරිලෝකකයක් (XM scanner) ලෙසින් භාවිතා කල හැකි ආකාරයක් ද සොයා ගනු ලබනවා. මුලදී මේ සඳහා විශේෂ චිපයක් අවශ්‍ය වුවත් පසුව එය මෘදුකාංගයක් ලෙසින් නිමැවෙනවා. මේ ව්‍යාපෘතියේ මූලික ම පරමාර්ථය ලින්ටන් වුල්ෆ් හට XM පිළිබඳව වැඩිදුර අධ්‍යයන කිරීමට වැඩි XM ප්‍රමාණයක් ග්‍රහණය කර ගැනීමේ මගක අවශ්‍යතාව නිර්මාණය කර දීම විය හැකියි.

    පෙර කී පෝටලයක් ලෙසින් හඳුනා ගත හැකි වූ සර්න් ආයතනයෙහිදී ම කලින් සඳහන් කල කණ්ඩායම එක් රැස් වනු ලැබුවා.

    ලින්ටන් වුල්ෆ් දිගින් දිගටම ඉතා වේගයෙන් XM හා බැඳුනු තාක්ෂණය සංවර්ධනය කරනු ලැබුවා. ඔහු පෝටල් වලින් XM එකතු කර ගැනීමට රෙසොනේටර් (resonators) ද, අවශ්‍ය විටක එම රෙසොනේටර විනාශ කර දැමීමට XMP බර්ස්ටර් (bursters) ද, XMP ප්‍රහාරයන්ගෙන් රෙසොනේටර ආරක්ශා කර ගැනීමට නිවාරක (shields) ද නිර්මාණය කරනු ලැබුවා. නමුත් මේවායේ පැවැති අමුතු ක්‍රියාකාරීත්වය හේතුවෙන් පෝටල් අසලදී ද්වීගුණ වීම වැනි දෑ සිදු වූවා. එහෙයින් ඔලිවර් ගේ අනවධානය පිළිබඳව ඩෙව්‍රා සතුටට පත් වූයේ නම් නැහැ.

    සංවේදිතයින් පරිලෝකන මෘදුකාංගය අත් හදා බැලීමට නිතර එකතු වූවා, ඒඩා වෙත තම අත්දැකීම් කියනු ලැබුවා සහ එයින් ඔවුන් කෙරෙහි ඇති වන බලපෑම පිළිබඳව වාර්තා කරනු ලැබුවා. එක් අවස්ථාවක දී ඔවුනට පෝටලය තුලින් ජාවිස් ගේ කටහඬින් කියවෙන අපැහැදිලි ශබ්ධයන් හා මුසුවූ පණිවුඩයක් සොයා ගැනීමට හැකි වෙනවා. මේ ගැන ජාවිස්ගෙන් විමසූ විට ඔහු එවන් දෙයක් කිසිදා නොකී බව පවසන අතර, ඒඩා නම් කෘත්‍රිම බුද්ධිය මගින් ඔහු පවසන්නේ සත්‍යයක් බව ද තහවුරු කර ගනු ලබනවා.

    දිනක් ලින්ටන් වුල්ෆ්ගේ එක් පර්යේශනයක් හදිසියේම ඉතා දරුණු ලෙස වැරදී වාර්තා වැඩසටහනකට පිටව සිටි හෑන්ක් ජොන්සන් හැරුණු විට අනෙක්, සංවේදී කණ්ඩායමේ සියලුම දෙනා ඉතා ඉහල XM ප්‍රමාණයකට නිරාවරණය වනවා. පෝටලය තුලින් මුහුණක සේයාවක් දිස් වී එයට වෙනස් ම අයුරකින් ප්‍රතිචාර දැක්වීම වැනි අමුතු ම ආකාරයේ අත්දැකීම් කිහිපයකට ඔවුන් එහිදී මුහුණ දෙනවා.

    එකෙහෙණිම, ඉතා හොද මිත්‍රයන් වූ ඩෙව්‍රා සහ ජාවිස් දෙදෙනා මේ ව්‍යාපෘතියෙන් ඉවත් ව පලා යා යුතු බවට තීරණය කරනවා. N.I.A. ඔවුන් පසුපස ලුහු බඳිද්දී මේ දෙදෙනා ඉක්මණින් ජාවිස් ගේ මෝටර්සයිකලයේ නැගී පලා යනවා. එක් තැනකදී මොවුන් දෙදෙනා සූරිච් (Zurich) දුම්රිය ස්ථානයේ දී නැවත මුණ ගැසෙන්නට සැලසුම් කර මාර්ගයන් දෙකක යාමට තීරණය කර ගන්නවා.

    කෙසේ නමුත් ජාවිස් හට ඩෙව්‍රා මුණ ගැසීමට හැකිවන්නේ නෑ. එනමුත් ජාවිස් හට ඩෙව්‍රාගේ පෙනුමට සමාන කාන්තාවක් එහිදී මුණ ගැසෙනවා. ඔහු තේරුම් ගන්නවා මෙය උගුලක් බව. නමුත් ඔහු ඒ වන විටත් ප්‍රමාදයි. ඔහුටත්, ඩෙව්‍රා හා සමාන කාන්තාවටත් එතැනම වෙඩි තබා දැමෙන අතර N.I.A. ඒජන්තවරු විසින් ඔවුන්ගේ සිරුරු ඉක්මණින් එතැනින් ඉවත් කරගනු ලබනවා.

    ඇත්තෙන්ම මේ ඩෙව්‍රා හා සම පෙනුමැති කාන්තාව එවන ලද්දේත් ඇය හා ජාවිස් මරා දමනු ලැබුවේත් ඒඩා කෘත්‍රිම බුද්ධිය මගිනි. නමුත් ඩෙව්‍රා හට ආරක්ෂාකාරීව පලා යාමට ඉඩ සලසනු ලැබුවේ ද ඒඩා විසින් බව පසුව දැන ගැනීමට ලැබෙනවා. ඩෙව්‍රා මෙය නොදනී. ජාර්විස්ව ඝාතනය කෙරුව ද ඇයව ආරක්ෂා වීම ගැන ඇය තමා ආරක්ෂා කල දෙවියන්ට ස්තූතිවන්ත වූවාය. අන් අයගේ ආරක්ෂාව උදෙසා ඇය ඕනෑකමින් ම තම දුරකතනය සූරිච් හි කුඩා යන්ත්‍රෝපකරණ සොරුන් හට නතු කර ගැනීමට ඉඩ හැරියා ය.

    ඒ අතරතුර, ජාවිස් මිය යා යුතු වුවත් N.I.A. විසින් ඔහු සැබැවින්ම මිය ගොස් නැති බව සොයා ගනු ලබනවා. ඔහුගේ සිරුර මරණ පරීක්ෂණය පුරාවටම අළුත්වැඩියා වෙමින් ප්‍රිති නිර්මාණය වූ අතර තවත් අනෙකුත් පෝටල් ඇති ස්ථානයන්හි තොරතුරුත්, විවිධ පණිවුඩත් ඔහුගෙන් නිකුත් වන්නට විය. මේ නිසා ඔහු එවිට ද මිය ගොස් නැති බවත්, "ප්‍රබුද්ධත්වයට සැරසෙනු" වැනි පණිවුඩ වලින් තවත් තහවුරු විය.

    N.I.A. හෙවත් නියෑන්ටික් (Niantic) හි ප්‍රථම වයිරල් වීඩියෝව ඩෙව්‍රාගේ නැතිවූ දුරකතනය පිළිබඳව විය. පරිලෝකන මෘදුකාංගය (scanner app) පොදු ජනතාවට පිට වූයේය. එය තමනුත් අන් අයවත් XM වලින් ආරක්ෂා කරගැනීමට උපකාර කර ගත හැකි ක්‍රමයක් විය හැකි බව ඒඩාගේ (මෙන්ම ඩෙව්‍රාගේ ද) චේතනාව විය. කෙසේ නමුත් ජාවිස් වෙනස් ම හැඩයක් ගෙන ඇති අතර එක්තරා ඇමුණුමක් හරහා ඔහුට විකල්ප දැක්මක් ගෙනහැර දැක්විය හැකි විය. එනම්, N.I.A. මෙන් XM ව්‍යාප්ත කිරීම සහ XM හි සම්පූර්ණ ශක්තිය ජනතාවගේ නිර්මාණශීලීභාවය හා පරිකල්පන හැකියාව ඉහළ නැංවීම සඳහා භාවිතා කිරීමයි. මෙමඟින් පිළිවෙලින් ප්‍රතිරෝධකයින් (Resistance) සහ ප්‍රබුද්ධිකයන් (Enlightened) ලෙසින් ප්‍රභේද ද්විත්වයක් ඇති වී ලොව පුරා පැවැත්වෙන අදිසි සංග්‍රාමයක් ආරම්භ විය. මෙය ඒ අදිසි සංග්‍රාමයේ උප්පත්ති කතාවයි.


    මේ විද්‍යා ප්‍රබන්ධයේ කොටසක් වෙන්න ඔබටත් පුළුවන් :)

    මේ ගේම් එක සෙල්ලම් කරන හැටි


    ලංකාවේ INGRESS සමාජයේ event එකක් (First Saturday: Colombo 2015)
    https://www.youtube.com/watch?v=t-T7fHGlPTw&list=PLikQy2ZCngfJg7zx2bsiioF5_bLY6i54K



    වර්තමාන ලාංකික INGRESS සමාජය (Enlightened සහ Resistance යන කණ්ඩායම් 2ම).
    DSC_0246-4.jpg

    Mission Day - Colombo 2015 හී දී ගනු ලැබූවකි.
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මාත් දාගෙන බැලුව .. තාම හරියට තේරෙන්නේ නැනේ ..
    මේකේ අව්ලක් වෙන්නේ නැද්ද බන් ගොඩක් permission ඉල්ලනවනේ app එකට contact list එක හිටන් ..
     

    pubudukalhara

    Active member
  • මාත් දාගෙන බැලුව .. තාම හරියට තේරෙන්නේ නැනේ ..
    මේකේ අව්ලක් වෙන්නේ නැද්ද බන් ගොඩක් permission ඉල්ලනවනේ app එකට contact list එක හිටන් ..

    awulak naa.pm ekak danna thread eka dapu kenata hari mata hari.udaw krannam :) :)
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,255
    4,392
    113
    ඇයි එන්නද
    ඕක කරන්නේ google ලට map update කර ගන්න app එක දාන් ඉන්න කට්ටිය landmark update කරනවා නේ. එතකොට google ලට වෙනම මුදලක් වියදම් කරන්න ඕනේ නැ landmark, map update කරන්න
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    ඕක කරන්නේ google ලට map update කර ගන්න app එක දාන් ඉන්න කට්ටිය landmark update කරනවා නේ. එතකොට google ලට වෙනම මුදලක් වියදම් කරන්න ඕනේ නැ landmark, map update කරන්න

    දැන් මේගොල්ලො Google ලගෙන් වෙන් වෙලා ඉන්නේ
     

    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    මට කිසිම දෙයක් තේරුනේ නැතත් ඉතා හොඳ ත්‍රෙඩ් එකක්.
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    මට කිසිම දෙයක් තේරුනේ නැතත් ඉතා හොඳ ත්‍රෙඩ් එකක්.
    කාලෙත් එක්ක ගලාගෙන යන තවමත් ගොඩනැගෙන විද්‍යා ප්‍රබන්ධයක් ආශ්‍රයෙන් ගොඩ නැගුන මොබයිල් ගේම් එකක් කියන්නම් කෝ. ගොඩක් දෙනා ගේම් එක ගැහුවට පසුබිම් කතාව දන්නෙ නෑ. ඉතින් ගේම් ගහන කට්ටියට මේ ගේම් එක ගැනත් දැන ගන්න කියලා දැම්මා කතන්දරේ. :yes::yes::yes: