Toners 4 Oil Skin

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    තෙල් සහිත සමකට නිවසේදීම සාදාගත හැකි Toner වර්ග..


    තෙල් සහිත සමක් හිමි විවිධ කෘතීම Toner වර්ග වලට අකමැති ඔබ සඳහා මේ ලිපියෙන් නිවසේදීම සාදාගත හැකි Toner වර්ග කීපයක් ගෙන ඒ.



    01. විනාකිරි

    විනාකිරි හා ජලය සමාන ප්‍රමාණ වලින් මිශ්‍ර කර මිශ්‍රණයක් සාදා ගන්න. පුළුන් කැබැල්ලක් ගෙන මේ මිශ්‍රණයේ හොඳින් තෙත් කර ගෙන මුහුණ පිරිමදින්න. මෙමඟින් මුහුණේ ඇති තෙල් හා කුණු දූවිලි ඉවත් කරවයි.

    to1.jpg


    02. මිංචි කොළ

    උණු ජලයේ මිංචි කොළ සාමාන්‍ය ප්‍රමාණයක් ගෙන මිශ්‍ර කරන්න. මෙහිදී කොළ ජලය මත පාවීම වළක්වන්න. මෙය සිසිල් වන තෙක් තබා පුළුන් කැබැල්ලක් මඟින් මුහුණේ පිරිමදින්න.

    to2.jpg


    03. Lemon Juice+Peppermint tea+Hazel

    ඉහත ද්‍රව්‍ය මේ ආකාරයෙන් ගන්න. Lemon Juice මේස හැන්දක්, Peppermint tea bag 1ක්, hazel මේද හැඳි 2ක් උතුරන ජලයට යොදා මිශ්‍රණය සාදා ගන්න. කොට්න් රෙදි කැබැල්ලකින් මුහුණු සහ ගෙල ප්‍රදේශයේ ආලේප කරන්න.

    to3.jpg


    04. කෝමාරිකා

    කෝමාරිකා මදය ගෙන එය මුහුණ හා ගෙල ප්‍රදේශයේ ගල්වා මිනිත්තු කිහිපයකින් සීතල ජලයෙන් සෝදා හරින්න.

    29-1443528686-aloeveragel.jpg


    05. පිපිඤ්ඤා හා මුදවපු කිරි

    අළුත් පිපිඤ්ඤා ගෙන Grate කරගන්න එය මුදවාපු කිරි වල මිශ්‍ර කර මිශ්‍රණයක් සාදා ගන්න. මේ ආලේපය මුහුණේ ගල්වා මිනිත්තු 5-10 අතර ප්‍රමාණයක් තබා සීතල ජලයෙන් සෝදා හරින්න.

    to5.jpg


    06. අයිස් වතුර

    ක්ලෙන්සර් කිරීමෙන් පසු අයිස් වතුර හෝ අයිස් කැටයක් ගෙන මුහුණ හොඳින් පිරිමදින්න.

    to6.jpg


    07. තක්කාලි යුෂ හා මී පැණි

    තක්කාලි යුෂ හා මී පැණි සමාන ප්‍රමාණ වලින් මිශ්‍ර කර මිශ්‍රණයක් සාදා ගන්න. මෙයින් ඝන ආලේපයක් මුහුණේ ගල්වා මිනිත්තු 15ක් තබන්න.


    to7.jpg




    :cool::cool::cool:
     
    • Like
    Reactions: Deadmau5

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Yeah same here:dull:
    :(:(
    Eka thama malli milk/rose water wage dewal add karanne.... Man oyata ewanamko hadana widiha.
    (Eda kiyapu eka test karala baluwada?)

    තාම නම් කරන්න බැරි උනා අක්කි ..!! :sorry::sorry:
    ගොඩක් ඒවා පනුවෝ කාල නිසා නිකන් මොකක්ද වගේ :baffled::baffled:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,408
    16,198
    113
    ;) ela ela. tfs.
    :baffled: aparade nature secret ekak genawa ban dawas dekakata kalin.
    :angry: You must spread some Reputation around before giving it to Chathuranga1 again.
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ;) ela ela. tfs.
    :baffled: aparade nature secret ekak genawa ban dawas dekakata kalin.
    :angry: You must spread some Reputation around before giving it to Chathuranga1 again.

    nature secret එකත් ෆට්ට බන් .!! මමත් ඉස්සර ගෑවා .
    .හැබැයි ඉතින් හැම ස්කින් එකටම පොදුවේ නේ හදන්නේ ..!!
    ඒ නිසා සමහර ස්කින් වලට ඉෆෙක්ට් වෙන විදිහ වෙනස් වෙනවා :yes::yes: