තෙල් සහිත සමකට නිවසේදීම සාදාගත හැකි Toner වර්ග..
තෙල් සහිත සමක් හිමි විවිධ කෘතීම Toner වර්ග වලට අකමැති ඔබ සඳහා මේ ලිපියෙන් නිවසේදීම සාදාගත හැකි Toner වර්ග කීපයක් ගෙන ඒ.
01. විනාකිරි
විනාකිරි හා ජලය සමාන ප්‍රමාණ වලින් මිශ්‍ර කර මිශ්‍රණයක් සාදා ගන්න. පුළුන් කැබැල්ලක් ගෙන මේ මිශ්‍රණයේ හොඳින් තෙත් කර ගෙන මුහුණ පිරිමදින්න. මෙමඟින් මුහුණේ ඇති තෙල් හා කුණු දූවිලි ඉවත් කරවයි.
02. මිංචි කොළ
උණු ජලයේ මිංචි කොළ සාමාන්‍ය ප්‍රමාණයක් ගෙන මිශ්‍ර කරන්න. මෙහිදී කොළ ජලය මත පාවීම වළක්වන්න. මෙය සිසිල් වන තෙක් තබා පුළුන් කැබැල්ලක් මඟින් මුහුණේ පිරිමදින්න.
03. Lemon Juice+Peppermint tea+Hazel
ඉහත ද්‍රව්‍ය මේ ආකාරයෙන් ගන්න. Lemon Juice මේස හැන්දක්, Peppermint tea bag 1ක්, hazel මේද හැඳි 2ක් උතුරන ජලයට යොදා මිශ්‍රණය සාදා ගන්න. කොට්න් රෙදි කැබැල්ලකින් මුහුණු සහ ගෙල ප්‍රදේශයේ ආලේප කරන්න.
04. කෝමාරිකා
කෝමාරිකා මදය ගෙන එය මුහුණ හා ගෙල ප්‍රදේශයේ ගල්වා මිනිත්තු කිහිපයකින් සීතල ජලයෙන් සෝදා හරින්න.
05. පිපිඤ්ඤා හා මුදවපු කිරි
අළුත් පිපිඤ්ඤා ගෙන Grate කරගන්න එය මුදවාපු කිරි වල මිශ්‍ර කර මිශ්‍රණයක් සාදා ගන්න. මේ ආලේපය මුහුණේ ගල්වා මිනිත්තු 5-10 අතර ප්‍රමාණයක් තබා සීතල ජලයෙන් සෝදා හරින්න.
06. අයිස් වතුර
ක්ලෙන්සර් කිරීමෙන් පසු අයිස් වතුර හෝ අයිස් කැටයක් ගෙන මුහුණ හොඳින් පිරිමදින්න.
07. තක්කාලි යුෂ හා මී පැණි
තක්කාලි යුෂ හා මී පැණි සමාන ප්‍රමාණ වලින් මිශ්‍ර කර මිශ්‍රණයක් සාදා ගන්න. මෙයින් ඝන ආලේපයක් මුහුණේ ගල්වා මිනිත්තු 15ක් තබන්න.

මගේ ස්කින් එකේ කේස් එකක්ද මන්ද 