☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අඟහරුවාදා පෝය... එදාට තරිඳු ගොයියාගේ රේඩියෝ ඒක තියේද කියල දන්නා පින්වතෙක් පින්වතියක් කියන්න බලන්න... මොකද කිවුවෝතින් එදාට මම නයිට්.... රේඩියෝ අහගෙන ඉන්න පුළුවන්...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සේයා ගේ මරණෙට කොණ්ඩය අහු වෙලා කියල දැක්කම මට මතක් උනේ දිනුකයා.. උගෙත් දිග කොණ්ඩයක් තිබුනනේ....
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    බස් එකකින් මගියෙක් වැටෙන්න ගියාම වරදකරු වන්නේ ඩ්‍රයිවර්.... මේ කතාව මතක් උනේ පහු ගිය දිනයක වෙච්ච සිද්දියක් නිසා....
    මම බස් එකක යනවා... වලවල් සහිත පාරක්.. බස් ඒක වලවල් මග අරිමින් යනවා... අයිත පාර ක්ලියර්... දැන් වේගෙන් යනවා... ඒ වෙලාවේ සිට් ගානට සෙනග... ඒක ඇන්ටි කෙනෙක් බස් ඒකෙ පිටිපස්සේ දොර ළඟ හිටගෙන.... ඉස්සරහ පොඩි වලක් තිබුන නිසා ඉදිරියෙන් එන බස් එකට ඉඩක් දෙන්න අපේ බස් ඒක ස්ලෝ කළා.. ඒ ඩිංගට අර ඇන්ටි බස් එකෙන් බහින්න ගත්තා... පහල පඩියට යද්දී බස් එක ඇද්ද.. තව ටිකෙන් ඇන්ටිට බඩුම තමයි... අමාරුවෙන් උඩට ඇවිත් ඩ්‍රයිවර්ගේ අම්ම මුත්තා නැතිව බනිනවා....
    කොන්දා ඇවිත් අහනවා මොකද උනේ කියල.... බස් ඒකෙ සේරම ඩ්‍රයිවර්ට බනිනවා... මම හිටියේ පිටිපස්සේ සිට් ඒකෙ දොර ළඟ නිසා මම දැක්ක මොකද උනේ කියල.. කොන්ද මගෙන් ඇහුව මොකෝ මල්ලි වෙච්ච සීන් ඒක කියල... මම කිවුව මේ ඇන්ටි වැරදි, ඒ උනත් මිනිස්සු හොයන්නේ බලන්නේ නැතිව බනිනවා අහිංසකයෙකුට කියල.. ඒ ඇන්ටි මගේ ඇඟට ආව ඒ වෙලාවේ.... මේ වෙලාවට නැති කට මොකටද කියල මට හිතුනා....
    බස් ඒකෙ බෙල් වැඩ... ඒ මදිවට ලනුවකුත් අදාල සිනුවක්‌ එල්ලලා තිබුනා... බස් ඒකෙ යන ඩ්‍රයිවර් දන්නේ නැහැනේ මිනිස්සු කොහෙද බහින්නේ කියල... මිනිස්සු දැනගන්න ඕන තමන්ගේ ගමනාන්තේ ආවම බෙල් ඒක ගහන්න... ඒ වගේම තමන්ගේ හෝල්ට් එකට කලින් අහවල් එකකට බහිනවද....
    මම ඒ දේවල් කියල ඇහුව කහ ඉර තියෙනේ පාර පනින්න උනාට, වාහන එද්දී අපි පාර පනිනවද කියල... ඒ වෙලාවේ සේරම පිළිගත්තා අර ඇන්ටි වැරදි කියල... සේරම ඒ පාර එයාට බැන්න.... ඔන්න ලංකාවේ තත්වේ.. මිනිසුන්ගේ වැරදි නිසා තව චුට්ටෙන් අහිංසක ඩ්‍රයිවර් ගුටි කනවා... ඇන්ටිට තුවාල උනා නම් රජයේ දේපලක් වන බස් එකත් ගිනි තියනවා... ඇයි හිතන්නේ බලන්නේ නැතිව වැඩ කරලා අපි අපිටම පාඩු කරගන්නේ....
    ඒ මනුස්සය බැහැලත් මට රව රව ගියේ... මම එයාගේ පැත්තට කතා නොකරපු නිසා...
    ලබු ගෙඩියාගේ මතක පොතින් උපුටා ගන්නා ලදී...
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,528
    906
    113
    ගම්පහ
    sasliit

    ගහ දන්න අය හට කොළ කඩලා පෙන්නන්න හොද නෑනේ පොඩි නංගීලා.......
    නංගීලා පොඩිකාලේ අපි බයිලා කියූ කාලේ නැටුවේ ඔබේ අක්කලා..:lol:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අද කාටත් මඤ්ඤං වගේ :frown::frown:
    :eek::eek:
    අඟහරුවාදා පෝය... එදාට තරිඳු ගොයියාගේ රේඩියෝ ඒක තියේද කියල දන්නා පින්වතෙක් පින්වතියක් කියන්න බලන්න... මොකද කිවුවෝතින් එදාට මම නයිට්.... රේඩියෝ අහගෙන ඉන්න පුළුවන්...
    Tharindu malligen thamay ahanna vene ayya:)
    sasliit

    ගහ දන්න අය හට කොළ කඩලා පෙන්නන්න හොද නෑනේ පොඩි නංගීලා.......
    නංගීලා පොඩිකාලේ අපි බයිලා කියූ කාලේ නැටුවේ ඔබේ අක්කලා..:lol:
    :eek::eek:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බස් එකකින් මගියෙක් වැටෙන්න ගියාම වරදකරු වන්නේ ඩ්‍රයිවර්.... මේ කතාව මතක් උනේ පහු ගිය දිනයක වෙච්ච සිද්දියක් නිසා....

    ඒ මනුස්සය බැහැලත් මට රව රව ගියේ... මම එයාගේ පැත්තට කතා නොකරපු නිසා...
    ලබු ගෙඩියාගේ මතක පොතින් උපුටා ගන්නා ලදී...

    :yes::yes::yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපි ට්‍රිප් එක ගිහින් මාර සීන් එකක් උනා... හලාවත මුන්නේශ්වරම් ගිහින් එලියට එද්දී සාස්තර කියන ගෑනු කෙනෙක් මට කියනවා.. ඔයා ගොඩක් කටකාරයි, මුලින් ප්‍රශ්න ගොඩකට මුහුණ දීල තියෙනවා, තව කියන්නද කියල... මම කිවුව චුට්ටක් ඉන්න වතුර එකක් බිල එන්නම් කියල... වෑන් එක ලඟට ගිහින් මල්ලිගේ දූ පැටිය (මාස 03) වඩාගෙන මල්ලිගේ නෝනත් එක්ක ශේප් එකේ ආව... ඇවිත් ඇහුව කියක් ගන්නවද කියල... කියන දේ හරි නම් විතරක් ගෙවන්නලු.... මගෙයි මල්ලිගේ නෝනගේයි අත බලල කියනවා දෙන්නට හොඳට පවුල් ජිවිතේ ගෙවන්න පුළුවන්... කොහොමත් මේ මහත්තය වගේමයි දුවත් හැදෙන්නේ... ඔයාල දෙන්නට ඉස්සරහට තව බබාල ලැබෙනවා... පවුලේ කෙනෙක් ඉන්නවා එයා නිසා ප්‍රශ්න එන්න පුලවන්... එතකොට මම ඇහුව මේ නංගිගේ තාත්ත නැති වෙලා නිසා (තාත්ත ඉන්නවා හොඳේ) අපිට එයාගෙන් ප්‍රශ්නයක් එන්න පුලුවන්ද කියල.. එතකොට කියනවා එයා වෙනුවෙන් පින් දෙන්න ඕන... මල ප්‍රේත ආත්මයක් වෙලා ඉන්නවලු ඔන්න කොහෙද පැත්තක.... ඒක කියල ඉවර කරන්න කලින් අපි දෙන්නට පැලෙන්න හිනා... තව පොඩ්ඩෙන් දරුවත් බිම....

    ඇයි මේ වගේ දේවල් වලට කන් දෙන්න ගිහින් අහිංසක පවුල් විනාස වෙන්නේ... ඒ ගියේ මමයි මගේ මල්ලිගේ නොනයි... ගෙදර සේරටම හිනා... අර ගෑනිට බනින්න හදද්දී ගෙදර අය මාව ආපහු එක්කන් ආව... මලයාල ගුරුකම් හරි ප්‍රභල නිසා එයාල බයේ... අනේ උන්ගේ නල්ල මලේ ගුරුකම්... අච්චර රටට එපා කරපු ප්‍රභාකරන් මරන්න තිබුනනේ උන්ගේ ගුරුකම් වලින්..... තවත් බොරු වලට අහු වෙන එවුන් ඉන්නවනේ...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපේ පැත්තට එක සාස්තර කියන කෙනෙක් ආව... රුපියල් 500ක් ගන්නවා... ගෑනු යන්නේ පෝලිමේ... මේ නෝනගේ මුහුණේ සිරියාව දැක්කම රැජිනක් වෙන්න පින් කරලා තියෙනවා වගේ දේවල් කිවුවම කවුද නොයන්නේ.... ඕන කෙනෙක් එක්ක තරඟෙට සාස්තර කියනවලු දින වකවානු එක්කම ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැන... අපේ එකෙක් ගිහින් පිහියක් පෙන්වල ඇහුවලු "කියපන් මම මේකෙන් තොට අනිනවද නැත්ද" කියල... අරූට කට උත්තර නැති වෙලා... අනිනවා කිවුවෝතින් පිහියෙන් අනින්නේ නැතිව එනවා... අනින්නේ නැහැ කිවුවෝතින් අනිනවා... ඌට ඉතින් මල පනින එක අහන්න දෙයක්ද... උගේ ගෑනිට කිවුවලු රැජිනක් වගේ ඉන්න ඕන කෙනෙක් ඔයා, නිකන් කාලකන්නි ජිවිතයක් ගෙවන්නේ කියල....:lol: එදා ඉඳල සාස්තරේ ආවේ නැහැ ඒ පැත්තේ... අපිට දෙනියායේ යද්දී එහෙදි හම්බ උනා.... ලංකාවේ තවමත් ඉන්නවා දක්ෂයෝ, ඒ අස්සේ ඉන්නවා මිනිසුන්ගේ දුර්වලකමින් ප්‍රයෝජන ගන්න එවුනුත්...
     
    සාත්තර කාරයන්ව දැක්ක තැන ගහලා පන්නපන්.
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,528
    906
    113
    ගම්පහ
    සිංදුවක් හොයා ගන්න උදව්වක් ඕනේ

    කෙල්ලෙකුයි කොල්ලෙකුයි කියන්නේ
    වෙඩින් එකක් ගැන වගේ කියන්නේ

    සංසාර හීනයේ පෙම් කාරියේ or කුමාරියේ

    දිවිතුරා or පිවිතුරා ආලේ පපුතුරින්
    වියතක් ඈත් නොකරමි ඔයා
    මේ භවෙත් සෙවනැල්ල වාගේ
    පසුපසින්...
    මතක නෑ ඊට පස්සේ​
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සිංදුවක් හොයා ගන්න උදව්වක් ඕනේ

    කෙල්ලෙකුයි කොල්ලෙකුයි කියන්නේ
    වෙඩින් එකක් ගැන වගේ කියන්නේ

    සංසාර හීනයේ පෙම් කාරියේ or කුමාරියේ

    දිවිතුරා or පිවිතුරා ආලේ පපුතුරින්
    වියතක් ඈත් නොකරමි ඔයා
    මේ භවෙත් සෙවනැල්ල වාගේ
    පසුපසින්...
    මතක නෑ ඊට පස්සේ​

    මතක නෑ ඊට පස්සේ
     
    Status
    Not open for further replies.