වසන්තව_මරලා

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mokenda bn uge muna kapala thiyenne :D
    venna athi venna athi,mokak hari loku case ekak thiyenava bn,nathnam ohoma maranne nane.

    aiyoo salli,padirine bn :D
    මූණ කපල නැහැ පොලු වලින් ගහල තියෙන්නෙ පේන්නෙ නැද්ද ඔම්ලට් එකක් වෙලා..
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    මේ වගේ උන් මැරුනට දුක්වෙනෙ මොකාද බ්න්...:eek::eek:අනුරාදපුරේ අයිතිහාසික නගරයක්...මේකට නයිට් ක්ල්බ් ගෙනල්ල රෑ එලිවෙනකන් අරක්කු විකුනල ගනිකාවො විකුනන කොල්ලො නන්නතාර කලේ මූ...මේක කාට කාටත් හොඳ පාඩම්...

    කල කම් පලදේ.....:cool::cool::cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕඃ බලපං සමාජයේ බලු කමින්, මැර කමින්, සල්ලි බලෙන් ජීවත් උනාම වෙන දේ.. මැරුනත් මිනිස්සු බනිනවා.. කාට කාටත් හොඳ පාඩම් ඔව්වා..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕඃ බලපං සමාජයේ බලු කමින්, මැර කමින්, සල්ලි බලෙන් ජීවත් උනාම වෙන දේ.. මැරුනත් මිනිස්සු බනිනවා.. කාට කාටත් හොඳ පාඩම් ඔව්වා..

    මේ මනුස්සයා ඇත්තටම මැර කමින්ද ජීවත් වෙලා තියෙන්නෙ ? එක්කෝ ම්ඒක ඉරිසියාවට කර වැඩක් වෙන්න බැරිද ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ මනුස්සයා ඇත්තටම මැර කමින්ද ජීවත් වෙලා තියෙන්නෙ ? එක්කෝ ම්ඒක ඉරිසියාවට කර වැඩක් වෙන්න බැරිද ?
    ඉරිසියාවට ඔහොම වැඩක් කරන්නෙ නැහැ අයියෙ සාමාන්‍ය පැලැන්තියෙ උන්.. එහෙනම් සේම් ක්ලාස් ගේමක් යන්න ඕනි.. මේ එන අය දැක්කාම පේනවා සාමාන්‍ය උන් කියලා.. කඩුවක්, පිස්ටල් එකක් අතටවත් ගනිපු නැති.. පොලු කෑලි අරන් එන්නෙ ඒකනේ..

    ගොසිප් සයිට් හැම එකකම වගේ මෙයාගෙ වැරදි තමා වැඩියක් කියල තිබ්බෙ.. මේ ත්‍රේඩ් එකෙත් කීප දෙනෙක් කියල තිබ්බා..

    මේ ගොසිප් එකේ තිබ්බ කොමෙන්ටුවක්..

    මම ලගදී බලපු විද්‍යාත්මක වැඩසටහනක තිබ්බා , සමහර මිනිස්සු තුල තියන අමානුෂික
    හැසිරීම් වලට ජාන සම්බන්දයක් තියෙනවා කියලා . ඒ කියන්නේ පරම්පරවෙන්ම
    බිහිසුණු මිනිස්සු ඇතිවෙන්න හැකියාවක් තියෙන බව .

    මට මේක මතක් උනේ මේ " වසන්ත සොයිසා " මහත්මයා කාගේ කවුද කියලා
    ගොඩක් අය නොදන්නා නිසා .

    1950 ගණන් වල මුළු රටේම නමගිය අපරාද කාරයෙක් උන , ඉතා සංවිදනාත්මක විදියට
    මිනී මැරුම් කරපු අවසානයේ ජීවතේ පෝරකයෙන් කෙළවර උණු , කැලැත්තාවේ " ඇල්ෆ්‍රඩ් සොයිසා " ගේ
    පුත්‍ර රත්නයක් තමයි මේ .

    කැලැත්තෑවේ සොයිසා ගැන නම් අහලා තියෙනවා.. ඒත් දෙමව්පියෝ වැරදි කාරා කියලා දරුවොත් එහෙමයි කියන එක වැරදියි නේද මල්ලි..? :)
    මේක අරක්ශක අංශයක සෙට් එකක් කරපු වැඩක්ද කියලත් හිතෙනවා මේවා දැක්කහම.. නිකං මිනිස්සු ටිකක් මෙච්චර සංවිධානාමකව එන්න විදිහක් නෑ නේද..? අනිත් එක ආපු ඔක්කොගෙම වගේ ඇඟවල් එක සමානයි.. එහෙම එක වගේ සෙට් එකක් ඉන්නේ ආරක්ශක අංශවල තමයි.. විශේශයෙන් යුද හමුදාවේ..
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මේ මනුස්සයා ඇත්තටම මැර කමින්ද ජීවත් වෙලා තියෙන්නෙ ? එක්කෝ ම්ඒක ඉරිසියාවට කර වැඩක් වෙන්න බැරිද ?

    මෙහෙමයි මචන්. ඔහොම මරන්න තරම් මූ චාටර් නෑ.මූ දන්න තරමින් මිනී මරල එහෙම නෑ. එත් ඉතින් පොඩි පොඩි චන්ඩි සීන් දාලා තියනවා. ඕකේ ඉතින් හැමදාම වලි යනවලු. කොහොමත් අපේ සින්හල කැරියෝ ඊර්ෂයයිනෙ. අනික ඉතින් ඕකට ඉතින් මිනිස්සු කැමති වෙලා නෑ. පවුල් කැඩෙන සීන්, පොඩි කොල්ලෝ යනවා ඒ හින්දා මිනිස්සු තරහෙන් ඉඳල තියෙන්නේ. ඕක ඉතින් මූ දැම්මේ නැතත් කවුරුහරි එකෙක් ඕක දානවා ඉතින්. මොකද කොලඹ සීන් ටික ටික අනිත් පලාත් වලටත් යනව ඉතින්.ඔය කැරෝකෙ සීන් එක නම් තහනම් කරන්න ඕනේ. අනිත් එක ගනන් වැඩි කරන එකෙත් සීමාවක් තියෙන්න ඕනේ. පිටරටවල් වල නයිට් ක්ලබ් වල ගනන් වැඩි ඒත් මේ අපේ ලන්කාවේ වගේ ඔහොම මිනිස්සුන්ව ගසා කන්නේ නෑ. අනිත් එක කෙල්ලෝ බොරුවට හේත්තුව දාල කොල්ලන්ට පොව්වල සල්ලි ගලවන එක තමා කරන්නෙ. ඔය වගේ මිනිස්සුන්ගෙන් ගසා කන ඒවට නම් කවදා හරි පඩිසන් දෙනවා ඉතින්.
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    ඉරිසියාවට ඔහොම වැඩක් කරන්නෙ නැහැ අයියෙ සාමාන්‍ය පැලැන්තියෙ උන්.. එහෙනම් සේම් ක්ලාස් ගේමක් යන්න ඕනි.. මේ එන අය දැක්කාම පේනවා සාමාන්‍ය උන් කියලා.. කඩුවක්, පිස්ටල් එකක් අතටවත් ගනිපු නැති.. පොලු කෑලි අරන් එන්නෙ ඒකනේ..
    Dorawal adin nane api bus andata. (sad)(sad)(sad)
    ගොසිප් සයිට් හැම එකකම වගේ මෙයාගෙ වැරදි තමා වැඩියක් කියල තිබ්බෙ.. මේ ත්‍රේඩ් එකෙත් කීප දෙනෙක් කියල තිබ්බා..

    මේ ගොසිප් එකේ තිබ්බ කොමෙන්ටුවක්..

    මම ලගදී බලපු විද්‍යාත්මක වැඩසටහනක තිබ්බා , සමහර මිනිස්සු තුල තියන අමානුෂික
    හැසිරීම් වලට ජාන සම්බන්දයක් තියෙනවා කියලා . ඒ කියන්නේ පරම්පරවෙන්ම
    බිහිසුණු මිනිස්සු ඇතිවෙන්න හැකියාවක් තියෙන බව .

    මට මේක මතක් උනේ මේ " වසන්ත සොයිසා " මහත්මයා කාගේ කවුද කියලා
    ගොඩක් අය නොදන්නා නිසා .

    1950 ගණන් වල මුළු රටේම නමගිය අපරාද කාරයෙක් උන , ඉතා සංවිදනාත්මක විදියට
    මිනී මැරුම් කරපු අවසානයේ ජීවතේ පෝරකයෙන් කෙළවර උණු , කැලැත්තාවේ " ඇල්ෆ්‍රඩ් සොයිසා " ගේ
    පුත්‍ර රත්නයක් තමයි මේ .

    Danne nathi dewal kiyanna epa bn ayye ehema mara scene na anuradhapure...soyza ehema marayek neme...bar eke bila bila gewwe nathi wunama one thanaka bipu ekata part daanwa thama eka marakamakda? Kenek kiyala thibba wage panorama eka athulata balen minissu gaththe na minissu dana dana giya ekata waradda wasanthage nemeine..anika alfred soyzage widiyata puthawa maninna epa bn...wasantha hitapu hati mehe ayama thama danne wena kwruwath neme....
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    උඹට පයිත්තියන්ද බන්. නිකන් මේ වලි දා ගන්න ලපටි සිපයි නෙමේ බන් ඇවිල්ල තියෙන්නෙ. අනිවා ප්‍රොෆෙෂනල්. උඹ හිතනවද ඔය වගෙ නිතරම සෙනඟ යන පොට් එකක , සී සී ටී වී තියෙනවා කියල දන්න මූත් මැරය කියල දන්න එකේ ලපටි සිපයි එයි කියල. එහෙම නම් ගන් එකෙන් දෙන්නෙක් ඇවිල්ලා බයික් එකකින් කෙලල දාලා යනවනේ. මුන් ටික බලපන්කො කිසිම ටෙන්ෂන් එකක් නැතුව සෙල්ලමක් කරනවා වගේ ගේම දීලා යන්නෙ. අනිත් එක ලපටි සිපයි වැඩේ කරා නම් මාරු වෙලා යනවා සල්ලි, අරක්කු උස්සන්න මොලයක් තියේද ඔය වෙලාවේ.

    මේක නිකන් භීතියට පත් කරන්න වගේ කරල තියෙන්නේ. ඇටෙන්ෂන් එක වැඩි වෙන්නත් එක්ක කරල තියෙන්නේ. ගන් එකෙන් තිබ්බ නම් මෙච්චර ඇටෙන්ෂන් එකක් එන්නේ නෑනේ. මූ ඕකට ආපූ ආමි ලොක්කෙක්ට වත් දර්ශනයක් දැම්මද දන්නේ නෑ. ෆොර්ස්ස් ගේමක්දෝ කියලත් හිතෙනවා.

    :cool::cool::cool::cool::cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙහෙමයි මචන්. ඔහොම මරන්න තරම් මූ චාටර් නෑ.මූ දන්න තරමින් මිනී මරල එහෙම නෑ. එත් ඉතින් පොඩි පොඩි චන්ඩි සීන් දාලා තියනවා. ඕකේ ඉතින් හැමදාම වලි යනවලු. කොහොමත් අපේ සින්හල කැරියෝ ඊර්ෂයයිනෙ. අනික ඉතින් ඕකට ඉතින් මිනිස්සු කැමති වෙලා නෑ. පවුල් කැඩෙන සීන්, පොඩි කොල්ලෝ යනවා ඒ හින්දා මිනිස්සු තරහෙන් ඉඳල තියෙන්නේ. ඕක ඉතින් මූ දැම්මේ නැතත් කවුරුහරි එකෙක් ඕක දානවා ඉතින්. මොකද කොලඹ සීන් ටික ටික අනිත් පලාත් වලටත් යනව ඉතින්.ඔය කැරෝකෙ සීන් එක නම් තහනම් කරන්න ඕනේ. අනිත් එක ගනන් වැඩි කරන එකෙත් සීමාවක් තියෙන්න ඕනේ. පිටරටවල් වල නයිට් ක්ලබ් වල ගනන් වැඩි ඒත් මේ අපේ ලන්කාවේ වගේ ඔහොම මිනිස්සුන්ව ගසා කන්නේ නෑ. අනිත් එක කෙල්ලෝ බොරුවට හේත්තුව දාල කොල්ලන්ට පොව්වල සල්ලි ගලවන එක තමා කරන්නෙ. ඔය වගේ මිනිස්සුන්ගෙන් ගසා කන ඒවට නම් කවදා හරි පඩිසන් දෙනවා ඉතින්.

    ඒක තමයි මටත් ප්‍රශ්නේ.. මෙහෙම මරන්න තරම් මූ චාටර් එකෙක් කියලා ආරංචියක් නෑ.. අනිත් එක පාතාල ඩයල් එකෙකුත් නෙමෙයිනේ.. :dull:
    කොයි නයිට් ක්ලබ් එකෙත් ඉතිං ගසාකන එක තමයි බං වෙනවා ඇත්තේ.. මම පත්තර වල එහෙම දැකලා තියෙනවා ඕවගේ ගිහිල්ලා විස්තර දාන ඒවා.. ඒත් ඉතිං මිනිස්සු සල්ලි තියෙන නිසානේ ඒවට යන්නේ.. අනුරාධපුරේ දුර පැත්තක් වුනාට එහෙත් පට්ට සල්ලිකාරයෝ ඉන්නවා.. ඒවට යන මිනිස්සු දැගන්න ඕනේ සල්ලි විනාස වෙන තැන් වලට නොයා ඉන්න.. :D
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මැරුම් කෑ “කරාටේ වසන්ත“ එල්ලා මැරූ “කැලැත්තෑවේ සොයිසා“ගේ පුතෙක්!

    අනුරාධපුර කඩ පනහ අසළ රාත්‍රී සමාජ ශාලාවක් පවත්වාගෙන ගිය ඇලෙක්සැන්ඩර් වික්‍රම වසන්ත සොයිසා බොහෝ දෙනනෙකු හැඳින්වූයේ “කරටේ වසන්ත“ ලෙසය. වසන්තගේ පියා අනුරාධපුර ප්‍රදේශයේ සිටි බලවත් ව්‍යාපාරිකයෙක් මෙන්ම අපරාධකරුවෙකුද වේ. මිනීමැරුම් කිහිපයකට වරදකරුවන කැලැත්තෑවේ සොයිසා නම් ඔහු 70 දශකයේ එල්ලා මරා තිබේ.

    ඇල්ෆ්‍ර‍ඩ් සොයිසා හෙවත් කැලැත්තෑවේ සොයිසාගේ මුල් ගම වූයේ දෙල්ගොඩය. ඔහු එකල ජනප්‍රිය වෛද්‍යවරයෙකු (ඇපොතිකර්) ව සිට ඇත. වෛද්‍ය වෘත්තිය අතැර ව්‍යාපාරික කටයුතු අරඹන සොයිසා ඒ සඳහා තෝරා ගන්නේ ඉදිකිරීම් ව්‍යාපාරයයි. ඒ සඳහා අනුරාධපුරයට යන සොයිසා කොන්ත්‍රාත් කරුවෙකු ලෙස සාර්ථක ව්‍යාපාරිකයෙකු වන්නේය. මහකනදරාව වැව්බැම්ම නැවත ඉදිකිරීම් ඔහු කොන්ත්‍රාත් ගෙන ඉදිකරන ලද්දක් බව රජරට වැසියන්ට අදටත් මතක බව නෙත් නිව්ස් වාර්තාකරු අතුල බණ්ඩාර පැවසුවේය.

    ඔහුට දෙල්ගොඩ විසූ බිරිඳට අමතරව අනුරාධපුරයේද තවත් බිරිඳක් විය. වසන්තගේ මව වන්නේ ඇයයි.

    ඉදිකිරීම් ව්‍යාපාරයෙන් නොනැවතුනු ඔහු රේන්ද බලපත්‍ර‍යක්ද ලබා ගත්තේය. මෙසේ මත්පැන් ව්‍යාපාරයට අත ගැසීමත් සමග ඔහුට තරහකරුවන්ගෙන්ද අඩුවක් නොවීය. යාපනය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු මේ තරහකරුවන් අතර මුල් තැන විය. ඔහු මරා, ඔහුගේ කේම්බ්‍රිජ් වර්ගයේ මෝටර් රථයද සමග කැලැත්තෑවේ වත්තේ වලදැමීමේ සිදුවීම කැලැත්තෑවේ සොයිසාගේ තරම රටම දැනගත් අවස්ථාව විය.

    කැලැත්තෑවේ සොයිසා එතැනින් නැවතුනේ නැත. තමාට එරෙහිව සිටි බොහෝ දෙනෙකු තම කැලැත්තෑවේ වත්තට ගෙනගොස් කෘෘර අයුරින් මරා දමා ඇතැයි අතීතයේ තතු දන්නෝ පවසති. ඒ පමණක් නොවේ, කැලැත්තෑව වත්තේ සිදුවන නීතිවිරෝධී ජාවාරම් සහ අපරාධවල තොරතුරු පිටවෙතැයි සැකයෙන් කැලැත්තෑව වත්තේ සේවකයින්ටද අත්වූයේ එම ඉරණමමය. වත්තේ සේවකයින් ගම්රටවල් බලා යන්නට නිවාඩු ඉල්ලූවිට නිවාඩු ලැබුනද, ඔවුන් කිසිවෙකු ගම්රටවල් බලා ගියේවත් නැවත වැඩට ආවේවත් නැත.

    මේ සියළු කටයුතු වලට සොයිසාගේ සහයට සිටියේ කළු ඇල්බට් සහ විලී මාමාය.මොවුන්ගේ මේ අපරාධ අනාවරණය කරගන්නනේ කැලැත්තෑවේ වත්තේ සේවකයෙකු ලෙස වෙස්වලාගෙන කලක් සේවය කළ රහස් පොලිස් නිලධාරියෙකි. ජීවිතයේ සැඳෑසමය පැවිදිව ගතකරන ඔහු කැලැත්තෑවේ මිනීමරුවා අල්ලාගත් හැටි මාධ්‍යට පවසා තිබුණේ මෙසේය.

    “ මට පැවරුනා කැලැත්තෑවේ මිනීමැරුම් නඩුවට තොරතුරු හොයන්න. සොයිසා, කළු ඇල්බට්, විලී මාමා කියන පිරිස දරුණු අපරාධකාරයෝ. මිනිස්සු මරලා කාර් පිටින් වළදාලා තියෙනව. ඒ අය ගංජා හේන් පවත්වනවා. එහාට කවුරුහරි සැක හිතෙන කෙනෙක් ගියොත් මරල වළ දානවා. ඒ තරම් දරුණු මිනිස්සු ටිකක් ඒ.

    මං රාජකාරිය පටන් ගත්ත. අනුරාධපුරය පැත්තට ගිහින් විරිදුකාරයෙක් විදියට හිටියා. පොළේ විරිදු කියමින් සිටියදී එක් කෙනෙක් ඇවිත් අඬගැහුවා එයත් එක්ක යමු කියලා. මම එයත් එක්ක ගියා. බලන කොට මේ අරන් ගිහින් තියෙන්නේ කළු ඇල්බට් ළඟට. මම ඒ ගොල්ලන්ට හිතවත් විදියට වැඩකළා. සමහර දාට කෑම උයන්නත් සිදුවුණා. කෑම රස නිසා මට දිගටම උයන්න සිදුවුණා. එතැනින් පිට වෙන්න දුන්නේ නැහැ.අපරාධවල තොරතුරු ටිකෙන් ටික දැනගෙන දවසක් වට්ටක්කා කොළ වෑංජනක් හොඳට ගංජා දාලා හදල දුන්නා. ඒක කාල කට්ටියම මත්වෙලා හොඳටම නිදි. මං ඒ අතර එතැනින් පැනගෙන අපේ කට්ටියට තොරතුරු දුන්නා. අපේ කට්ටිය වෙලාවට පැනලා මිනීමරු කල්ලිය කොටුකර ගත්තා. සොයිසා, කළු ඇල්බට් ඇතුළු මිනීමරුවෝ අත්අඩංගුවට ගත්තා.“

    කැලැත්තෑවේ සොයිසා සහ ගොලයින් කළ අපරාධ සියල්ල එකින් එක අනාවරණය වන්නේ ඉන් අනතුරුවය.

    logo.png
     
    gepa

    Well-known member
  • මචන්ලා මම දන්න විදියට අපේ පුරේ යාලුවෙක් කිව්වේ දැනට හිතන්නේ ආමි එකේ සෙට් එකක් බැහැලා ගේමක් දුන්නාය කිඔයලලු.කලකට කලින් ආමි එකේ ලොක්කෙක් ඇවිත් බිල ගෙවන් නැතුව දාපු සීන් එකකට ඌට නෙලලා ඇතුලේ දාගෙන ඉඳලා තියනවා.. වාහනේත් එක්ක පොරව රිලීස් කරලා තියෙන්නේ බිල සෙට්ල් කලාම.ඒ පලිය ගත්තා කියලා හිතන සීන් එකක් තමයි කිව්වේ..පොර උගේ ක්ලබ් එක ඇතුලේ සීන් වලට මැරකම් දැම්මට එලියේ නම් රන්ගනේ දාලා නෑ.පුරේ එහෙම ලොකු චන්ඩිත් නෑ දන්න විදියට .. ඔය සීන් එක කඩ පනහා හරියේ යාලුවෙක් තමා කිව්වේ.. ඇත්ත නැත්ත නොදනිමි
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනුරාධපුර ක්ලබ් හිමි ඝාතනයට හයක් සැකපිට?
    2015 ඔක්තෝබර් මස 26 10:27:44 | . , උපුල් හේරත්, රෝහන චන්ද්‍රදාස

    අනුරාධපුර කඩ පනහේ පැනෝරාමා රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු වසන්ත සොයිසා මරා දැමීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ හිටපු සෙබළුන් දෙදෙනකු ඇතුළු හය දෙනකුගෙන් සැකපිට ප්‍රශ්න කරන බව පොලිසිය කියයි.
    ලේ තැවරුණු පොලු හතරක් ද ඔවුන්ගේ තොරතුරු අනුව සොයා ගත් බවත්, එම පුද්ගලයන් දහයියාගම, මස්මඩුව, විජයපුර හා පාලන්කුලමේ බවත්, බොහෝ දුරට ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා අධිකරණයෙන් රඳවා ගැනීමේ නියෝග ලබා ගැනීමට ඉඩ ඇති බවත් වාර්තාවේ.

    http://www.lankadeepa.lk/index.php/top_story/356511
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මචන්ලා මම දන්න විදියට අපේ පුරේ යාලුවෙක් කිව්වේ දැනට හිතන්නේ ආමි එකේ සෙට් එකක් බැහැලා ගේමක් දුන්නාය කිඔයලලු.කලකට කලින් ආමි එකේ ලොක්කෙක් ඇවිත් බිල ගෙවන් නැතුව දාපු සීන් එකකට ඌට නෙලලා ඇතුලේ දාගෙන ඉඳලා තියනවා.. වාහනේත් එක්ක පොරව රිලීස් කරලා තියෙන්නේ බිල සෙට්ල් කලාම.ඒ පලිය ගත්තා කියලා හිතන සීන් එකක් තමයි කිව්වේ..පොර උගේ ක්ලබ් එක ඇතුලේ සීන් වලට මැරකම් දැම්මට එලියේ නම් රන්ගනේ දාලා නෑ.පුරේ එහෙම ලොකු චන්ඩිත් නෑ දන්න විදියට .. ඔය සීන් එක කඩ පනහා හරියේ යාලුවෙක් තමා කිව්වේ.. ඇත්ත නැත්ත නොදනිමි

    :shocked:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    :yes::yes:

    ආරංචිය ඔහොම එකක් තමයි..කට වහන් හිටු....දුරදිග යන වැඩ ඕවා....අරූව පැය දෙකක්ද කොහෙද දනගස්සල තිබ්බලු ඇතුලේ
     
    danlix

    Well-known member
  • Feb 12, 2012
    2,814
    767
    113
    Dark Horizon
    මචන්ලා මම දන්න විදියට අපේ පුරේ යාලුවෙක් කිව්වේ දැනට හිතන්නේ ආමි එකේ සෙට් එකක් බැහැලා ගේමක් දුන්නාය කිඔයලලු.කලකට කලින් ආමි එකේ ලොක්කෙක් ඇවිත් බිල ගෙවන් නැතුව දාපු සීන් එකකට ඌට නෙලලා ඇතුලේ දාගෙන ඉඳලා තියනවා.. වාහනේත් එක්ක පොරව රිලීස් කරලා තියෙන්නේ බිල සෙට්ල් කලාම.ඒ පලිය ගත්තා කියලා හිතන සීන් එකක් තමයි කිව්වේ..පොර උගේ ක්ලබ් එක ඇතුලේ සීන් වලට මැරකම් දැම්මට එලියේ නම් රන්ගනේ දාලා නෑ.පුරේ එහෙම ලොකු චන්ඩිත් නෑ දන්න විදියට .. ඔය සීන් එක කඩ පනහා හරියේ යාලුවෙක් තමා කිව්වේ.. ඇත්ත නැත්ත නොදනිමි

    :shocked:
     
    Similar threads