ඒත් දැන් ගැටලුවක් තියෙනවනෙ පරිනාමවාදය බුදුදහමට එකඟද නැද්ද කියලා. ඒක විසඳගන්නෙ කොහොමද?
උත්තර කීපයක් දෙන්න පුලුවන්.
1. පරිනාමවාදය බුදුදහමට එකඟයි
2. පරිනාමවාදය බුදුදහමට අනුව පිලිගත නොහැක
3. ප්රශ්නය වැරදියි ( මොකක්ද හරි ප්රශ්නය?)
1 හා 2 උත්තර දෙකෙන් එකක් තෝරගත්තොත් ඊට පස්සෙ අහන ප්රශ්නවලින් ඔබ අමාරුවේ වැටෙනවා. ඒ නිසා ඔබට 3වෙනි උත්තරයට යන්න සිද්ධ වෙනවා.
මම දැන් මේ ගැන දෙපාරක්ම කිව්ව. ඒකම ආයිත් දාන්නම්කො
" මමනම් දන්නා විදිහට බුද්ධාගමේදි පරිණාමවාදය සම්පුර්ණයෙන් වැරදියි කියන්න බෑ.
කල්ප විනාසයකදී බොහෝ වෙලාවට සියලු සතුන් ආභස්සර බඹ ලෝකයේ උපත ලබනවා. ඊට පස්සෙ ඒ අයගේ කෙලෙස් වල බලපෑමෙන් පටවි,ආපෝ, තේජෝ, වායෝ නැවතත් ඇති වෙලා මේ ලෝකය ඇතුළු විශ්වය නැවත ඇති වෙනව. ඊට පස්සෙ පෘථිවියේ ඇති වෙන ඕජාව(අහාර/සාරය) කෙරෙහි ඇල්මක් ඇති වෙලා, මේකට අර ආභස්සර බඹ ලෝකෙන් කට්ටිය ඇවිත් ඒ ඕජාව පරිභෝජනය කරනව. එහෙම යනකොට ටික ටික ඒ අයගේ රුපය රළු වෙලා පෘථිවියේ ජීවි රූප නිර්මාණය වෙනව. ඒක තමයි තමයි අන්තීමට සුද්දගෙ භාෂාවෙන් කියනවනම් "beginning of life on earth."
මම දන්නා තරමින් ඒ ඉස්සෙල්ලම හැදෙන ජීවින් කෙලින්ම මිනිස්සු වෙලා ඇති වෙන්නේ නෑ. මගේ පුද්ගලික මතය තමයි ඔය ඉස්සෙල්ලම හැදෙන රූප සමහරවිට single cell organisms වගේ ඒව වෙන්න පුළුවන් කියල.
එතන ඉඳන් ටික ටික, ඒ ජීවින් පෘථිවියේ ඕජාව පරිභෝජනය කරල පරිණාමය වෙනව. එතන ඉඳල ඉතින් පරිණාමවාදය. සසර කියන cycle එකේ අංශු මාත්රයක් තරම් පුංචි කොටසක් තමයි ඔය පරිණාමය. ඒකනිසා ඒ ගැන මහා ලොකුවට විස්තර කරලත් නෑ, කරන්න ඕනෙත් නෑ. "
මේ ගැන මොකද්ද ඔයාගෙ මතය?



This is a good argument.