කුරුල්ලන්ට ගී හදන්න...

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කුරුල්ලන්ට ගී හදන්න...


    කුරුල්ලන්ට ගී හදන්න
    ගහට කොලට පාට එන්න
    වීසි කලෙමි හදේ තිබුනු
    ආදරයයි කරුණාවයි
    කාටවත් නොදී..


    ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයා රචනා කරපු මේ සිංදුව මොනතරම් ආදර්ශමත්ද කියලි හිතෙන්නේ මේකේ වචන ටික හිතෙන් මෙනෙහි කරාම තමයි. ඒ වගේම වික්ට රත්නායක මහත්තයගේ හැමදාම තරුණ කටහඩ මේ ගීතයට මොන තරම් නම් ගැලපෙනවද, මේකේ තනුව නිර්මාණය කරලා තියන්නේ හරිම ධනාත්මක ආකාරයට, හිතට යම් කිසි උද්යෝගයක් දැනෙන විදිහට කියලා මට හිතෙනවා. ඒ තනුවේ විරහවක් කියල දෙයක් ගෑවිලාවත් නැති තරම් වගේ හැගීමක් මටනම් දැනෙන්නේ. ඒ කෙන් මේකේ අරුත අසන්නාට ඒත්තු ගන්වන්න උපරිම සහයක් ලැබෙනවා. :)
    මේ ගීතයේ මුල් පද පහෙන් සමස්ථ ගීතයම සාරාංශගත කරනවදෝ යන්න මටනම් හැගෙන්නක්.

    කුරුල්ලන්ට ගී හදන්න
    ගහට කොලට පාට එන්න
    වීසි කලෙමි හදේ තිබුනු
    ආදරයයි කරුණාවයි
    කාටවත් නොදී


    අවංකව ආදරය කරලා, අපේ භාෂාවෙන් කියනව නම් බුට් එකක් කෑවම තරුණයෙකුට ඇති වෙන්නේ මොන වගේ හැගීමක්ද? :sorry:
    එක ගීතයක තියනවා බිදුනු දා පූජාව ප්‍රේමයේ ඔහුගේ ආගම වෛරයයි කියලා. ඒ වගේම ආදරයයි වයිරයයි අතරේ වෙනස කෙස් ගසකට සමාන කරනවා. ඒත් මේ සුභ වාදි තරුනයාට ඒ වගේ හැගීමක් ඇති වෙලා තියනවද?
    කොහෙත්ම නෑ. එහෙම හැගීමක් ඇති නොව්නාට මේ තරුණයට තම පෙම්බරිය වෙන්ව යාමේ දුක දැනෙන්නෙම නැද්ද?
    මොකද නැත්තේ.
    ඒ දුක තමයි මේ තරුණයා වෙනත් ආකාරයකින් පිට කරන්නේ. ඔහු ඒකට තෝරගන්නේ වෛර කිරීමවත්, බීමට ඇබ්බැහි වීමවත්, තවත් ගැහැනුන් ඇසුරු කිරීමවත් වගේ දූශ්‍ය මාර්ඝ නෙවෙයි. ඔහු දුක නැති වෙනකන් හිතනවා තමන්ගේ හිතේ දැන් ආදරයක් තියන්නේ කෙල්ලෙක්ට නෙවෙයි මේ සොභා දහමේ තියන දේවල් වලට කියලා. ඔහු පරිසරය රස විදින්න පුරුදු වෙනවා. පරිසරය සමග හුදකලා වෙනවා.
    හිතන්න ඔහු එහෙම හිතලා හිත හදාගන්න මොනතරම් වෑයමක් දරනවද කියලා.

    විරහ වේදනා වින්දා
    ඇසුවෙමි අවමන් නින්දා
    ආදරයත් කරුණාවත්
    හදේ දර සිටි හන්දා


    ඔහුට මතක් වෙනවා ඔහු විදි විරහව.
    බොහෝවිට ආදරයක් මුලින්ම ඇති වෙන්නේ තරුණයාගේ හිතේ. ඔහු ඒ ආදරය තරුණියට ප්‍රකාෂ කරන්නත් කලින් අනාගත සිහින ගොඩක් මවනවා. ඒ විතරක් නෙවෙයි ඒක පාර්ශවිකව තරුණියට ආලය කරනවා. අඩුම තරමේ වෙන කෙල්ලෙක් දිහා බලන්නෙවත් නැතුව ඉන්න, තරුණයා පෙළඹෙන්නේ නිරායාසයෙන්.
    එහෙම ඉදලා කොහොම හර අර තරුණිය සමග ආදර සම්බන්ධතාවයක් ඇති කරගන්න තරුණයා තමන්ගේ මිතුරන් සමග තරුණියගේ ගුණ පමණක් ගායනා කරන්න අමතක කරන්නෙ නැ. ඇතැම් විට තරුණයාගේ මව සමග, සහෝදර සහෝදරියන් සමග පවා මේ ගුණ ගැයීම කරන්න ඔහු පෙලඹෙන්නේ නිරායාසයෙන්.
    එහෙම ඉන්න අතරේ තරුණිය දාලා ගියොත් මොනව වෙයිද?
    දැන් තරුණයා කොහොමද සමාජයට මූන දෙන්නේ. මේතරම් හොද ඇය තමන්ව අත් හැර ගොස් ඇත්තේ තමාගේ වරදක් නිසා යැයි තමාගේ කියන සියලු දෙනා යටි සිතින් හෝ සිතනවා විය හැකිය. ඉතිං ආදරය නැතිවුන නිසා තරුණයාට ඇති වෙන අවමානය වගේම විරහ වේදනාව ඔහුගේ ජීවිතයට මොනතරම් බලපෑම් කරනවද යන්න ඔබට දැනෙනු ඇත.
    එහෙත් මේ තරුණයා මේ හැම වේදනාවක්ම තමන්ගේ ජීවිතයට ශක්තියක් කර ගන්නවා.

    කුරුලු ගීත මට ඇහුනා
    ගහේ කොලේ මල් පිපුනා
    ලදකට පිදුවාට වඩා සතුටක් මට ඉන් ලැබුනා


    ඔහු හිතනවා දැන් මගේ සිතේ ගැහැනු ලමයෙකුට ආදරයක් නෑ. ඒ නිසා කලින් වගේ විරහ වේදනා මට දැනෙන්නෙ නෑ. ආයි මට විරහ නිසා අවමන් විදින්න වෙන්නෙත් නෑ. ඒ නිසා පරිසරයට ආලය කරන්න පටන් ගත්තු එක මොනතරම් සතුටක්ද කියලා. ඒ හැම දේකින්ම උහු උත්සාහ කරන්නේ හිතේ තියන විරහා වේදනාව කෙසේ හෝ යටපත් කර ගන්න.

    කෙල්ල බූට් එක තියපු ගමන් කෙල්ලට පිහියෙන් අනින, ෆෙස් බුක් එකේ ෆොටෝ දාලා කෙල්ලව නොමරා මරන, තමන්ගේ ජීවිතය නැති කරගන්න පවා යොමුවෙන, බීලා බීලා බාගෙට නහින අද කාලේ බොලද ආදර වන්තයන්ට මේක හොද ටොක්කක් නොවේද?


    කලින් ලියූ වියමන්
    කළක් අපව ජීවත් කළ සෝදුරු ඒ සිහිනය..
    පිටිසර හෙළ ගුරු ලිය සැරදේ..
    වෙසතුරු සදිසි පියවරුන්..
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ස්තූතියි මිත්‍රයා..
    අගය කළ යුතු කටයුත්තකි...:):)

    +3 කින් සලකන ලදී.
     
    • Like
    Reactions: Mr.Tom

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ


    සිංදුව අහල තිබ්බට ගැඹුරින්ම තේරුම දැනගත්තේ අද...

    ගොඩක් ස්තූතියි


    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    nice meaning..
    :):)
    Niyama therumak..
    :):)
    ස්තූතියි මිත්‍රයා..
    අගය කළ යුතු කටයුත්තකි...:):)

    +3 කින් සලකන ලදී.
    :):)
    නියමයි බන්, මමත් ආසම සිංදුවක්. :):)

    8+ ක් දුන්නා.
    :):)
    :D
    මමත් උදෙන්ම පැත්තකින් සෙට් උනා..:)
    :):)


    සිංදුව අහල තිබ්බට ගැඹුරින්ම තේරුම දැනගත්තේ අද...

    ගොඩක් ස්තූතියි


    You have given out too much Reputation in the last 24 hours, try again later.
    :):)
    බොහොම ස්තුතියි මචන් ..!
    :):)
    නියමයි මචං
    :):)
    Kochchara lassana song ekak da :)

    :):)