කඨින චීවර පූජාවේ මූලාරම්භය

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
කඨින චීවර පූජාවේ මූලාරම්භය

12240048_10153789694671934_3942642208309375839_n.jpg



වසන්තය තුලදී පරිසරයේ විසිරී ගොස් නිදා සිටින ගස් වැල් වල බීජයන්ව, වසන්තය නිමා වී ඇති වන වස්සානයේ සීතල දිය දහරා පහරවල් වලින් කූද්දද්දී, පොරවාගෙන සිටින හියුමස් බ්ලැන්කෙට්‍ටුව ඈත් මෑත් කර අවදි වී අහස දෙස බලා තම කොළ පැහැ අත් දිග හරිමින් දළු ලා වැඩීමත්, ඒ පැළෑටි වලට බාධාවක් නොකිරීමටදෝ කුඩා කුරුළු කොබෙයියන්ගේ සිට මහා වනාන්තර වල සිටින සද්දන්ත හස්තිරාජයන් දක්වා නානාප්‍රකාර ජීවීන්, තම තමන් ලගින තැන් වලට වී නිස්කලංකව සිටීමත්, මේ සිරි ලකේ සිටිනා අපිට මෙන්ම අතිත භාරතවාසී ජනතාවටත් අපූරු අත්දැකීමක්ම විය. ඒ විස්මයෙන් ප්‍රමුදයට පත් වූ අතීත භාරතවාසී නිගන්ඨයෝ, ගස් වැල් වලට ජීවය ඇතැයි සිතා වස්සාන කාලයේ සංචාරය කිරීමෙන් වැළකී සිටියා පමණක් නොව, වළකින ලෙස බුදුරජාණන් වහසේ ඇතුළු ශාක්‍ය පුත්‍ර භික්‍ෂූන් වහන්සේලාගෙන් ද ඉල්ලීමක් කළහ.

කඨින චීවර පූජාවේ මූලාරම්භය

ශාක වලට ජීවයක් නොමැති බව නිදුකාණන් වහන්සේ දේශනාකොටවදාරා තිබුනත්, මා හට සිතෙන ලෙස, සංයුක්ත පද්ධතියක් ලෙස හැඩ ගැසී ඇති පරිසරයට තම ශ්‍රාවක සංඝයා වහන්සේලාව අනුගත කිරීම උදෙසාත්, වෙනත ආගමිකයින්ගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් වලට නම්‍යශීලී වීමක් ලෙසත්, අතීත කප් වල වැඩ විසූ බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවලත් තිබුන ඇවතුම් පැවතුම් ඉ‍ටු කිරීම උදෙසාත්, බුද්ධත්වයෙන් විසි වසරකට පසුව වස් විසීම අනුදැන වදාලහ.

මෙසේ වස්‌ සමාදන් වූ භික්‍ෂූන් වහන්සේලා පිරිසක්‌ සාකේත නුවර සිට සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැසි බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට පැමිණියහ. අතරමගදී වැස්‌සක්‌ ඇද හැලුණොත් භික්‍ෂූන් වහන්සේලා තෙමී ගිය සිවුරෙන් බුදුරජාණන් වහන්සේ හමුවට ගියහ. උන්වහන්සේලා සතුව වෙනත් සිවුරු නොවීය. මෙම කරුණ තේරුම් ගත් බුදුපියාණෝ කඨින සිවුරක්‌ වස්‌ වසා නිම කළ භික්‍ෂූන්ට පිළිගැනීමට අවසර දුන්හ.

සිංහල ඉතිහාසයේ දැක්වෙන කඨින චීවර පූජාව

දුටුගැමුණු මහ රජතුමා කඨින චීවර විසි හතරක් විසි හතර වාරයකදී පූජා කළ බව සඳහන් වෙයි. පොළොන්නරුවේ රජ කළ මහා පරාක්‍රම බාහු රජතුමා අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ වෙනුවෙන් කඨින චීවර දානයක් දෙමියි කියා සිතා එක් දිනකදීම කපු නෙලීම කැටීම ආදිය කොට චීවර කර්මාන්ත කරවා කැප ගරු භාණ්ඩයන් සමග අසූවක් කඨින චීවර අසූ තැනකදී පූජා කළේය. එසේම කෝට්ටේ රාජධානියේ රජකම් කළ සවැනි පරාක්‍රමබාහු මහ රජතුමා වසරක් පාසා රුහුණු මායා පිහිටි යන ත්‍රි සිංහලයෙහි මහා සංඝයා වහන්සේට කඨින චීවර පූජා කළේය. එතුමා තුන් දහස් හාරසිය තිස් දෙකක්ම කඨින චීවර පූජා කළ බව කියනු ලැබේ. මහනුවර රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ද ශ්‍රී රාජාධි රාජසිංහ රජතුමා ද මේ අන්දමට කඨින චීවර පූජා කළහ.

කඨින පින්කමක් සිදු කිරීමේදී පවත්නා සම්මතයන්

[1] අනාගත ශාසනාභිවෘද්ධියට කඨින චීවර පූජාව මෙසේ අනුදැන වදාළ බුදුරජානන් වහන්සේ මෙසේ කඨින සිවුරක්‌ පිළිගත හැක්‌කේ ඇසළ පෝදා වස්‌ සමාදන් වූ, වස්‌ ශික්‍ෂා පදය මැනවින් රැක, වප් පෝයෙන් වස්‌ පවාරණය කරන භික්‍ෂුවට පමණක්‌ බව දේශනා කළ සේක. චීවර මාසය හෙවත් වප් පොහොය දින සිට ඉල් පොහොය දක්වා දින විසි නවය තුළදී කඨින චීවර පූජාව සිදු කළ හැකිය.
[2] ඇසළ පෝදා වස්‌ සමාදන් වීමට නොහැකි වූ භික්‍ෂූන් වහන්සේලාට නිකිණි පෝදා වස්‌ සමාදන් විය හැකි වූවත් කඨින සිවුරක්‌ පූජා ලැබීමට නොහැකිය. උන්වහන්සේලා වස්‌ පවාරණය කළ යුත්තේ ඉල් පෝ දිනය.
[3] මේ පින්කම සඳහා අවම වශයෙන් උපසම්පදාලාභී භික්ෂූන් වහන්සේලා පස් නමක්වත් සම්බන්ධ විය යුතුය.
[4] වෙසෙසින්ම, කඨිනයක් කඨිනයක් වීමට කරුණු 24ක් ද, එසේ නොවීමට හේතු 17ක් ද ඇති බව සඳහන්.

“කඨින” යන්නෙහි තේරුම

කඨින යන වචනයෙන් අදහස් වන්නේ ‘තද’ ‘දැඩි’ යන තේරුමකි. තවද, ස්ථිර අකම්ප්‍ය යන වචනය ද එයට ගැලපෙයි. නො සැලෙන නො බිඳිය හැකි, සිදුරු කළ නොහැකි කුසල කර්මයකට ද ව්‍යවහාර කරන නමකි. මෙය දෙපොට සිවුර ය, තනිපට සිවුර ය, අඳින සිවුර ය යන තුන් සිවුරෙන් එක් සිවුරක් අරමුණු කොට ගෙන සෙවිය යුතු හෙයින් කඨිනය යන නම ලබයි. පුණ්‍ය කර්මය ද කඨින නම් වෙයි. කඨිනය නො සැලෙන, නොබිඳෙන, ස්ථිර වූ එමෙන් ම ප්‍රශංසා කටයුතු, ඒක ඝන වූ ආනිශංස ඇති පින්කමකි. පෘථිවිය මෙන් අකමප්‍ය, මහා මේරු පර්වතය මෙන් නිශ්චල, වජ්ර පර්වතය මෙන් බිඳිය නො හැකි, ඝන වූ යන අර්ථයෙන්, ‘කඨිනය’ නම් වෙයි. එය අතිශයින් ස්ථිර වූ කුසල කර්මයකි.

කඨින පෙරහැර

වස් පවාරණය කළ භික්ෂූන් වහන්සේට පූජා කරන කඨින චිවරය ගමේ බොහෝ දෙනාට අත ගස්සවා කඨින පින්කමෙහි ආනිසංස අනුමෝදන් කර ගැනීමට සැලැස්සවීමට අතීත සිංහල බෞද්ධ ගැමියාට අවශ්‍ය විය, ඒ සඳහා කඨින චීවරය මහත් පුද සත්කාර සහිතව තුන්යම් රාත්‍රිය පුරාම පෙරහැරකින් ගම පුරා වැඩම කරවීම සිරිතක් කර ගත්තෝය. රාත්‍රී කාලයේදී පෙරහැර ග්‍රාම සංචාරය කිරීමට හේතු වූයේ කොස්‌ කොළයේ හෝ අඹ කොළයේ නැට්‌ට පෙනෙන තරමට යන්තම් හිරු උදාවෙන අවස්ථාවේදී කඨින චීවරය පූජා කිරීමේ නිශ්චිත වේලාව ලෙස පුරාතනයේ පටන් ම සැලකුණ බැවිනි.ඉතින් රාත්‍රි කාලයේ නිදා සිටින ගැමියන්ට කඨින පෙරහැර එන බව සංඥා කිරීමටත්, මග දෙපස සිටින වන සතුන්ගෙන් බේරීම සඳහාත්, අතීත සම්ප්‍රදාය බෞද්ධ සම්ප්‍රදායට අනුගත කිරීමක් ලෙසත් කඨින පෙරහැරට තූර්ය වාදන, නැ‍ටුම් ගැයුම් ආදියත් අතීත සිංහලයෝ එක් කළහ.

එහෙත් බටහිර සංස්කෘතිය මෙන්ම දෙමළ සංස්කෘතියද ගෙඩි පිටින්ම කඨින පෙරහැරටත් ඔබ්බවා ගැනීම නිසා, වර්තමානයේදී සමහර ප්‍රදේශ වල මෙම කඨින පෙරහැරේ ඇති බෞද්ධත්වය බොහෝ දුරට විනාස වී ඇති බව පෙනෙයි. මේ ගැන වෙනම ලිපියකින් අදහස් පළ කිරීමට බලාපොරොත්තු වෙමි.

කඨින චීවරය පිළිගැන්වීමේ ආනිසංස

නාගිතාපදානයට අනුව නාගිත නම් පුද්ගලයෙක් එක් භවයකදී කඨින චීවරයක් පූජා කර අර්හත් භාවය පාර්ථනා කර ඇත. ඒ පින නිසාම ඔහු කිසිදා සතරමහාපායට නොවැ‍ටුන අතර දෙව් මිනිස් සැප කෙලවර අර්හත්භාවය ලබාගත් බව සඳහන් වේ. පංචානන්තරීය පාප කර්ම වලට අයත් නොවන කිසිදු අකුසලයකින් කඨින චීවරය පූජා කිරීමේ මහා ආනිසංසය යටපත් නොවේ, සක්දෙව් සැප සක්විති සැප ආදී සම්පත්තියන් ලැබීමට තරම් වාසනා සම්පත් ඇති කුසලකර්මයකි. යමෙක්‌ මෙම පින්කම සිදු කරන්නේ නම් කිසිදු දිනෙක දුගතියක නූපදින බවට සාක්‍ෂි නාගිතාපදානයෙන් ප්‍රකාශිතය.

කුමන සම්පත් ලැබූවත් සසර දුක්‌ කෙළවර කිරීමෙන් තොර වුවහොත් ජාති ජරා මරණාදී පොදු වූ දුක්‌ඛයනට ගොදුරු වේ. එම නිසා මෙම පින්කමේදී සසර ගමන දීර්ඝ වන පරිදි භව තෘෂ්ණාව වර්ධනය නොකර ගනිමින් බුදුරජාණන් වහන්සේ වදාළ සත්‍යය අවබෝධ කර ගැනීමට උත්සුක විය යුතුය. කුශලකර්මවල විපාක විඳිමින් පින්කම්වල නිරත වෙමින් සසරේ රැඳීමට වඩා ඉක්‌මනින් සසර දුක්‌ නිම කරන්නට අප ලබා ඇති මේ උතුම් මනුෂ්‍ය ජීවිතය ශ්‍රී සද්ධර්මය තුළින් අවබෝධ කර ගත යුතු බවත් මෙහිදී සඳහන් කළ යුතුය.

අප සියළු දෙනා පූර්වයේ කුසල් සම්භාරයන් වැපිරීම නිසා නිසා වර්තමානයේදී මනුශ්‍ය භවයන් ලබාගෙන අති අතර, එමගින් අස්වනු නෙලා ගැනීමට දැන් කාලයයි. නිවන් දක්නා තුරා යහපත් තැන්හී ඉපද පින් දහම් ‍රැස් කරගැනීමට ඉවහල් වන මෙම මහඟු කඨින චීවර පූජා පුණ්‍ය කර්මයට සහභාගී වෙන ලෙස සිංහල බෞද්ධයා අඩවිය හරහා ඔබ සැමට කාරුණිකව සිහිපත් කරමි.


මේ දවස්වල පන්සල්වල කඨින පූජාවනේ ඉතින් කඨිනය ගැන නොදන්න අයට දැනගන්න මෙක දන්නේ, කඨින කරන්න පුලුවන් නම් ජිවිතේ එක පරක් හරි ලොකු පිනක් එක හැමොටම ලැබෙන්නේ නැහැ අවුරුදුගනක් යනකන් පන්සල් වල වෙන් කරලා , එක වැරදි වැඩක් , හැම පන්සලකම නැතුව ඇති එත් කරනන් පුලුවන් නම් කොච්චර පිංක්ද

image.jpg


උපුටා ගැනිම - FB Sinhala Buddhist Page​
 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔

The_Lion

Member
Feb 16, 2015
850
73
0
වෙසෙසින්ම, කඨිනයක් කඨිනයක් වීමට කරුණු 24ක් ද, එසේ නොවීමට හේතු 17ක් ද ඇති බව සඳහන්.


මෙන්න මේ කරුණු ටික හෙව්ව, හම්බුනේ නෑ .. කව්රුහරි කෙනෙක් හොයල දෙන්නකො ..

අනිත් එක පූජාව කරන පිළිවෙල හරියට දන්න කෙනෙක් නැද්ද? අනවශ්‍ය දේවල් අතෑරලා ඇත්තටම සාමාන්‍ය කෙනෙක්ට ඔය පූජාව කරන්න අවශ්‍ය පිළිවෙත් ටික?

උදාහරණයක් විදිහට, පෙරහැරක් කියන්නෙ, බුදු හාමුදුරුවො කියපු නැති දෙයක්, එකෙන් පින වැඩි වෙන්නෙ නෑනෙ, සල්ලි අඩු මිනිහෙක් ඔය කඨින පිංකම කරන්න හිතන්නෙවත් නැත්තෙ ඔය කරන්න වෙන අධික වියදම් නිසා .. පෙරහැර අයින් කිරීමෙන් කඨිනයක් කඨිනයක් නොවෙනවා වෙන්න බෑ, ඇත්තටම මට හිතෙන්නෙ ඕක ලොකු මුදලක් යන්නෙ නැතුව කරන්න පුළුවන් මහා පින්කමක්, අපේ අය ඕකට එක එක වැඩක් නැති වියදම් යන කෑලි එකතු කරල නිසායි ප්‍රශ්නෙ .. මම කිව්ව දේ පැහැදිලි ඇති කියල හිතනව .. :oo:
 
Last edited:

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔


මෙන්න මේ කරුණු ටික හෙව්ව, හම්බුනේ නෑ .. කව්රුහරි කෙනෙක් හොයල දෙන්නකො ..

අනිත් එක පූජාව කරන පිළිවෙල හරියට දන්න කෙනෙක් නැද්ද? අනවශ්‍ය දේවල් අතෑරලා ඇත්තටම සාමාන්‍ය කෙනෙක්ට ඔය පූජාව කරන්න අවශ්‍ය පිළිවෙත් ටික?

උදාහරණයක් විදිහට, පෙරහැරක් කියන්නෙ, බුදු හාමුදුරුවො කියපු නැති දෙයක්, එකෙන් පින වැඩි වෙන්නෙ නෑනෙ, සල්ලි අඩු මිනිහෙක් ඔය කඨින පිංකම කරන්න හිතන්නෙවත් නැත්තෙ ඔය කරන්න වෙන අධික වියදම් නිසා .. පෙරහැර අයින් කිරීමෙන් කඨිනයක් කඨිනයක් නොවෙනවා වෙන්න බෑ, ඇත්තටම මට හිතෙන්නෙ ඕක ලොකු මුදලක් යන්නෙ නැතුව කරන්න පුළුවන් මහා පින්කමක්, අපේ අය ඕකට එක එක වැඩක් නැති වියදම් යන කෑලි එකතු කරල නිසායි ප්‍රශ්නෙ .. මම කිව්ව දේ පැහැදිලි ඇති කියල හිතනව .. :oo:

ඔයා කියන දේ හරි මචන් සමන්‍යන් පන්සල් අලුත් වැඩියා සහා පිංකමට අත්‍යවශ්‍ය දෙවල් සම්පාදනය කරන්වා මම හිතන්නේ පෙරහැර කියන එක සම්ප්‍රධායික පිංකම ගමේ තියෙනවා කියන්න අදල දෙවල් ඇතුලත්ව කරපු එකක් වෙන්න ඇති දැන් ලොකු පෙරහැරක් වුනාට, මම එක අනිවාරයෙන් බලලා කියන්නම් සහෝ