සද ඇවිදින්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    සද ඇවිදින් මගෙ තනිකඩ හිත ලග...
    මවන රටා සෙවනැලි බන්දා.......
    නිදි නැති මං තව දුකට අඩන්නද...
    ශෝකය හෙට දිනටත් කැන්දා......
    ‍එක ඉගියෙන් ආයෙත් ඔය නිල් නෙතු..
    මා හදවත සනසන හින්දා......
    හිත රිද්දන්නේ කොහොමද මා නම්....
    දෙවියන්ගේ ගැලපුම හින්දා.......

    මට නැතිමුත් මා තරමට ආලේ....
    හිතේ තියෙන බව දනිමි මෙමා.....
    දැගලිලි ගෙරවිලි කෝලම් කෙරුවට
    ආරයෙ ඇති දේ නොවෙයි පමා.....
    චාටු කථා දොස් තියනු එපා මට...
    හදවත ආදර පහන නිමා....
    මැනිකක් වාගේ මගෙ ජීවිතයෙම...
    මා රැක ගන්නේ ඔබම තමා.......

    අද අපගේ හිත් ලග තනි රකිනා..
    මේ සිතුවිලි ගග ගලා ගියා......
    මට පමණක් නොව ඔබටත් ඒ ගග
    ආදර සිසිලක් මවා ගියා......
    පැරදුම් ලැබුනත් නෑ හිත පැරදී...
    තවමත් ඔබ පසුපසම නියා.....
    දිනාගන්න වෙන කිසිවක් නෑ මට...
    ලොවම දිනයි හිමි උනොත් ඔයා.....


    moonlove.jpg

     
    • Like
    Reactions: anju.r

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    niyamai palaweni ekai deweni ekai copy karala mage wifeta yewwa merenna lesthiya eya oyata mechchara honda adahas enawada kiyala mama shape eke keewa oyage adare nisai ehema wenne kiyala awasaana eka mama yewwe nehe eka yewwanam dikkasade sure