Passport..

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,573
    7,784
    113
    මෙන්න මෙතන...
    ගමන් බලපත්‍ර පිළිබඳ සාමාන්‍ය තොරතුරු​

    ගමන් බලපත්‍ර අයදුම්පත් අනුමත කිරීමේ නව ක්‍රියවලිය

    2015 අගොස්තු මස 10 වන දින සිට සාමාන්‍ය ගමන් බලපත්‍ර අයදුම්කරුවන් විසින් අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සංවිධානයේ සම්මත ප්‍රමිතීන්ට අනුකූල අංකිත ඡායා රූපයක් සහ ජෛවමිතික දත්ත ලෙස ඇඟිලි සලකුණු මෙම දෙපාර්තමේන්තුවට ලබා දිම අවශ්‍ය වේ.මෙම අංකිත ඡායාරූප දිවයින පුරා විසිරී ඇති අප දෙපාර්තමෙන්තුවේ අනුමත ඡායාරූප ශාලාවකින් හෝ අප ප්‍රධාන කාර්යාලය හා ශාඛා කාර්යාල වල ඇති ඡායා රූප ශාලා වලින් ලබා ගත හැක. මෙහිදී මුද්‍රණය කරන ලද ඡායා රූප ලබා දීම අවශ්‍ය නොවේ.ඇඟිලි සලකුණු අප දෙපාර්තමේන්තුවේ ප්‍රධාන හා ශාඛා කාර්යාල වලට අයදුම්කරු පැමිණ ලබා දීම අත්‍යවශ්‍ය වේ.


    වැදගත් තොරතුරු

    වයස භේදයකින් තොරව සියළුම ගමන් බලපත්‍ර අයදුම්කරුවන් විසින් පිරිවිය යුත්තේ “K ආ. වි. 35A” අකෘති පත්‍රයයි.
    අවු 16ට අඩු ළමුන් ඇතුළු සියළුම අයදුම්කරුවන්, අනුමත කරන ලද ඡායාරූප ශාලාවකින් ලබා ගන්නා ලද අංකිත ඡායාරූපයක් ලබාදීම අත්‍යවශ්‍ය වේ.
    අවු 16ට වැඩි සියළුම අයදුම්කරුවන්ගේ ඇඟිලි සලකුණු ප්‍රධාන කාර්යාලය හා ශාඛා කාර්යාල වලදී ලබා ගනු ඇත.
    දෙමාපියන්ගේ ගමන් බලපත්‍ර සඳහා දරුවන් ඇතුලත් කිරිම මින් පසු වලංගු නොවන අතර දරුවන් සඳහා වෙනම ගමන් බලපත්‍ර ලබා ගත යුතුය.
    2015 අගෝස්තු මස 10 වන දිනෙන් පසු අවුරුදු 16ට අඩු අයදුම්කරුවන් සඳහා නිකුත් කරන ලද ගමන් බලපත්‍ර සඳහා එම අයදුම්කරුවන් අවුරුදු 16 සම්පූර්ණ වූ වහාම මෙම දෙපාර්තමෙන්තුවට පැමිණ ඇඟිලි සලකුණු ලබාදීම අවශ්‍ය වේ.එවැනි ගමන් බලපත්‍ර සහිත විදේශයන් හි ජීවත් වන අයවලුන් ශ්‍රි ලංකාවට පැමිණි වහාම අදාල අත්‍යවශ්‍යතාව සම්පූර්ණ කල යුතුයි.
    අවුරුදු 60ට අඩු කිසිම පුද්ගලයෙකුට හදිසි සහතිකයන් නිකුත් නොකරනු ඇත.

    ඡායාරූප දෙපාර්තමේන්තුවට ලබා දෙන ආකාරය

    අප දෙපාර්තමෙන්තුවේ අනුමත ඡයාරූප ශාලාවකට ගොස් ඔබගේ ඡයාරූපය ලබා ගන්න.
    ඡයාරූප ශාලාව මගින් ඔබගේ ඡයාරූපය අප දෙපාර්තමෙන්තුවේ දත්ත පද්ධතිය වෙත යොමු කරන අතර ඔබ වෙත ලදු පතක් නිකුත කරනු ඇත. ගමන් බලපත්‍ර අයදුම්පත සඳහා මුද්‍රිත ඡායාරූප අවශ්‍ය නොවේ.

    දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හෝ ශාඛා කාර්යාලයකට පැමිණ ඡයාරූප ශාලාවෙන් ලබා දෙන ලදු පත, ගමන් බලපත්‍ර අයදුම්පත හා අනෙකුත් අවශ්‍ය ලිපි ලේඛන සමඟ ලබා දිය යුතුය.
    වැඩි විස්තර සඳහා:ක්ෂණික ඇමතුම් 1962 හෝ දුරකථන අංක 011 532 9120 / 001 532 9123

    ශ්‍රී ලාංකික ගමන් බල පත්‍රයක් ලැබීමට මට හිමිකම් තිබේද ?
    ඔබ පරම්පරාවෙන් හෝ ලියාපදිංචියෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නම් ඔබට ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රයක් ලබාගත හැක.

    ගමන් බලපත්‍රයක් හදිසියේ ලබා ගැනීම
    ඔබට හදිසි ගමන් සඳහා ගමන් බලපත්‍රයක් අවශ්‍ය නම් එක් දින සේවය මගින් ඊට ඉල්ලුම් කළ හැකිය. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් පමණක් මෙම සේවාව ලබාගත හැකිය. ගමන් බලපත්‍ර ලබා ගැනීම යටතේ බලන්න

    ගමන් බලපත්‍රයක වලංගු කාල සීමාව
    දැනට නිකුත් කරන එන් (N) ඛණ්ඩයේ ගමන් බලපත්‍ර අන්‍යාකාරයකින් දක්වා නොමැති නම් අවුරුදු 10කට වලංගු වේ. අවුරුදු 16 අඩු ළමුන් සඳහා වන ගමන් බලපත්‍ර වල වලංගු කාලය අවුරුදු 03 කි. හදිසි සහතික අවුරුදු දෙකකට වලංගු වන අතර තවත් අවුරුදු දෙකකට එය දීර්ඝ කළ හැක.

    වැඩ කරන වේලාවල් මොනවාද?
    අයදුම්පත් භාර ගැනිම,
    සාමාන්‍ය සේවා ඉල්ලුම් පත් සතියේ දිනවල පෙ.ව. 8.30 සිට ප.ව.2.00 දක්වා.
    හදිසි පදනමින් වූ ඉල්ලුම් පත් - සතියේ දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 1.30 දක්වා.
    සති අන්තයේ සහ රජයේ නිවාඩු දිනවල කාර්යාලය වසා ඇත.
    ගමන් බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කරන්නේ කෙසේද?
    කොළඹ ආනන්ද රාජකරුණා මාවතේ අංක 41 පිහිටා ඇති ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගමන් බලපත්‍ර අංශයට (01 මහල) සියලුම ගමන් බලපත්‍ර ඉල්ලුම් පත් මෙහිදී භාර දිය හැකිය. මෙහිදී ස්ථාන සිතියම බලාගැනීමට අදාළ බොත්තම තද කරන්න.

    ගමන් බලපත්‍ර වර්ග මොනවාද ?
    සියළුම රටවල් සඳහා වලංගු ගමන් බලපත්‍ර
    සාමාන්‍ය ගමන් බලපත්‍ර
    රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර
    රාජකාරී ගමන් බලපත්‍ර
    ආසියාවේ සහ මැද පෙරදිග නියමිත රටවල් සඳහා වලංගු ගමන් බලපත්‍ර.
    ඉන්දියාවට හා නේපාලයට බෞද්ධ වන්දනා ගමන් සඳහා හදිසි සහතික.
    විදේශයෙහි වූ ශ්‍රී ලංකා දූත මණ්ඩල වලින් නිකුත් කෙරෙන හඳුනාගැනීමේ සහතික සහ යන්ත්‍රානුසාරයෙන් කියවිය නෙහැකි ගමන් බලපත්‍රය, හදිසි තනි ගමන් සඳහා


    Source: මෙතනින්​
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    Ivey aiya menna meh tika gena ahanna kiuwa.. Danna kenek innawa nam utharayak danna :)
    - Dan agili salakunu deddi aluth passport ekakda hamba wenne?
    -Parana passport ekata monada wenne?
    -Keeyak yanawada?
    -Parana passport eke tiyena visa walata monada wenne?
     
    • Like
    Reactions: IveyStyle

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Thanks for sharing :)+

    Ivey aiya menna meh tika gena ahanna kiuwa.. Danna kenek innawa nam utharayak danna :)
    - Dan agili salakunu deddi aluth passport ekakda hamba wenne?
    -Parana passport ekata monada wenne?
    -Keeyak yanawada?
    -Parana passport eke tiyena visa walata monada wenne?

    Machan pitarata visa ekak tiyena kenekge danata tiyena passport ekata monada wenne etakota?

    Aluth passport ekata parama eka attach karanawada?nathnam parana eka ain karanawada?

    Prashnawalata uththara hambewa bump :)
     
    • Like
    Reactions: IveyStyle
    Aug 12, 2012
    4,169
    652
    0
    Ivey aiya menna meh tika gena ahanna kiuwa.. Danna kenek innawa nam utharayak danna :)
    - Dan agili salakunu deddi aluth passport ekakda hamba wenne?
    -Parana passport ekata monada wenne?
    -Keeyak yanawada?
    -Parana passport eke tiyena visa walata monada wenne?

    Machan pitarata visa ekak tiyena kenekge danata tiyena passport ekata monada wenne etakota?

    Aluth passport ekata parama eka attach karanawada?nathnam parana eka ain karanawada?

    Applicants submitting passport applications through Sri Lanka Diplomatic Missions overseas could do so without providing fingerprints and digital photograph. Holders of such passports could provide fingerprints on their first arrival in Sri Lanka at the head office or any of the regional offices of the Department.


    source :- http://www.immigration.gov.lk/web/i...ontent&view=article&id=137&Itemid=190&lang=en
     
    Aug 12, 2012
    4,169
    652
    0
    INSTRUCTION FOR OVERSEAS APPLICANTS

    No fingerprints will be captured from overseas applicants at the time of submitting application at Diplomatic Missions.

    Submission of digital photograph through a registered photo studio is not required.

    However, holder should provide fingerprints to the Department upon first arrival to Sri Lanka or before departure from the country.

    Other document requirement remain same.


    source:- http://www.immigration.gov.lk/web/i...ontent&view=article&id=131&Itemid=192&lang=en