ඉලෙක්ට්‍රික් කාර් වැඩි කිරීමට ඇත්තම හේතු

gepa

Well-known member
  • ඉලෙක්ට්‍රික් කාර් වැඩි කිරීමට ඇත්තම හේතු

    මෙවර අයවැයෙන් විදුලි ආරෝපණයෙන් ධාවනය වන නිසාන් ලීෆ් කාර් එකක මිල ඉතා අසාධාරණ අයුරින් වැඩි කරලා තියෙනවා. ඒ ගැන රජය දක්වන හේතුව නම් වැඩි වෙන විදුලි ඉල්ලුම සැපැයීමේ අපහසුව සහ ඒ සදහා තාප ශක්තිය හෝ තවත් ජල විදුලි බලාගාර ඉදිකරෝතින් සිදුවන පාරිසරික විනාශය. කතාව ඇත්ත. අපි වගේ රටකට ඒක දරාගන්න බෑ. එහෙනම් අපි මිල වැඩි කරාම හරි කියන එක මුල් ළමාවිය සංවර්ධනය නොවුන ළදරුවෙක් ගේ කතාවක්.

    අපි මුලින්ම බලමු මේ කාර් එකේ අපිට තියෙන වාසිය මොකද්ද කියලා. මගේ හිතවත් කිහිප දෙනෙක්ම හයිබ්‍රීඩ් ගන්න ගිහින් මගේ පූර්ණ දිරිගැන්වීම මත නිශාන් ලීෆ් කාර් ගත්තා. ඒ වගේම මගේ වෘතීය සහකරුවෙකුත් ඒකට ප්‍රොමෝට් කරා. ඒ අයගේ මාස තුනකට ආසන්න අත්දැකීම් අනුව, වරක් ආරෝපනයෙන් 2015 Nissan Leaf රථයක් කිලෝමීටර 180කට වඩා දුරක් A/C සහිතව දාවනය කරන්න පුලුවන්. ඒ වගේම දිනපතා කොළඹ යන අක්කාට රුපියල් 15 000කට අධික (පෙට්‍ර‍ල් වියදමින් 75%ක් ඉක්මවූ) ඉතිරියක් මාසිකව දැන් තියෙනවා. සේවා වියදම් නඩත්තු වියදම් නොමැති වීමත් තවත් වාසියක්. අපේ හුගක් අය ඉලෙක්ට්‍රික් කියපු ගමන් බය වුනාට දැනටමත් ලංකාව පුරා චාර්ජින් සෙන්ටර් 100කට වඩා තියෙනවා. එයින් 85%ක් පමන පැය 4කින් සම්පූර්ණ චාර්ජ් කිරීමට හැකි ඒවා සහ 15% ක් පමන විනාඩි 20න් 80%ක් චාර්ජ් කරන්න පුලුවන්. ඉක්මන් චාජරය (44kwh) ක මිලියන 4ක් පමණ වන අතර 6.6 kwh පැය 4 චාජරයක් රුපියල් ලක්ෂ එකහමාරක් පමණ වෙනවා. මේ සදහා ආයෝජනය කරන පිරිස දිනෙන් දින ඉහල යන බව පේන්න තියෙනවා. නමුත් කාර් එකට ලක්ෂ පනහක් වියදම් කරා නම් ඔය වාසි එකක් වත් වැඩක් නෑ.

    මොකද්ද දැන් විදුලි ඉල්ලුමට විසදුම, ඒකට අමුතුවෙන් හොයන්න දෙයක් නෑ. නිසාන් සමාගම ම වාහනයේ නමත් එක්කම පැහැදිලි කරලා තියෙනවා. Zero Emission කියලා කියන්නේ පෙට්‍රෝල් පුච්චලා විදුලිය හදලා ඒකෙන් දුවන එක නෙමෙයි. ගෙදරට සූර්‍ය ශක්ති විදුලි ජනකයක් සවි කරලා ඒ මගින් දාවනය කිරීමෙන්. සරළවම අපි වගේ සමකාසන්න රටකට ඒක හරිම ප්‍රායෝගිකයි. අපි දේශීය සැපයුම් කරුවන්ගෙන් කරපු මිල කැදවීම් බැලුවාම දැනගන්න ලැබුනා 5kw සූර්‍ය ශක්ති විදුලි ජනකයක මූලික පිරිවැය ලක්ෂ අට හමාරත් දහයත් අතර වෙනවා. ඒ අනුව අපිට කරන්න තිබුනේ Leaf එක ගන්න එකාට පොල්ලෙන් ගහන එක නෙමෙයි, උන්ට සෝලා පවර් සිස්ටම් එකක් ගන්න ලීසින් එකක් දෙන එක. සොලා සිස්ටම් වලට තියෙන බදු අඩු කරන එක. ග්‍රිඩ් සිස්ටම් එකක් ගත්තා නම් වැඩිපුර ජනනය වෙන සැපයුම ජාතික සැපයුමට සපයන්නත් ඒ මගින් මුදලක් උපයාගන්නත් වාහන කාරයාට පුලුවන් වෙනවා. ලීෆ් එකක් ගන්න එකාට සෝලා පවර් අනිවාර්‍ය කරන්න රජයක් හැටියට පුලුවන්. වසරකට එක් වාහනයකට තෙල් ගේන්න රජයට වැය වෙන ලක්ෂයකට අධික වියදම මේකෙන් අඩුවෙනවා. දුම එජින් ඔයිල් නිසා සිදුවෙන පරිසර හානිය අවම වෙනවා වගේම ජාතික විදුලි සැපයුමත් තව ශක්තිමත් වෙයි.

    මේක ආන්ඩුවට නොකරන්න හේතු තියේ‍නවා. පළවෙනි කාරණය තමයි මේ නිසා පාලකයන්ට මූලික පිරිවැයෙන් පස්සේ කොමිස් ගහන්න ක්‍ර‍මයක් නැති එක. දෙවැනි එක ජාතික විදුලි සැපයුම නමින් කරන ආයෝජන හරහා තියෙන අයතා ආදායම් අඩුවෙන එක සහ මෙච්චර කල් කරපු බොරු අහුවෙන එක. තවත් එකක් 1970 ගණන් වල ඉදන් ඡන්ද කාලෙට විතරක් මතුවෙන මන්නාරම තෙල් නිධි බොරුව ඡන්ද පොරොන්දු වලට තවදුරටත් දැමීමට නොහැකි වෙන එක.

    මේ අදහස අපිට පුලුවන් නම් හැමෝටම ගෙනියන්න නිසාන් ලීෆ් කාර් එකට සිදුවුන අසාධාරණය සහ ඒ හරහා සිදුවන මගඩිය මිනිස්සුන්ට දැනුවත් කරන්න පුලුවන්. රටේ නැති බොරු කියන ගොසිප් සයිට් වලට මේක හොද අලවියක් තියෙන ලිපියක් නොවෙන්න පුලුවන්. හැබැයි ඔයාලාට පුලුවන් මේක සමාජයට ගෙනියන්න. මතක තියාගන්න ලංකාවේ ආන්ඩුවක් වෙනස් කරන්න FB එකට පුලුවන් බව රටේ විධායක ජනාධිපතිත් පිළිගෙන තියෙනවා. මත්පැන් තහනම් කරොත් ආන්ඩුව පෙරළනවා කියා කියුවා නම් Leaf එකත් ආන්ඩුව පෙරළන මාතෘකාවක් වෙන බව ආන්ඩුවට කියාදෙන එක ඔයාලාගේ වැඩක්.

    නැවත පළ කිරීමට සහ උපුටාගැනීමට පූර්ණ නිදහස...
    Pubudu Indika
     
    මොකද්ද දැන් විදුලි ඉල්ලුමට විසදුම, ඒකට අමුතුවෙන් හොයන්න දෙයක් නෑ. නිසාන් සමාගම ම වාහනයේ නමත් එක්කම පැහැදිලි කරලා තියෙනවා. Zero Emission කියලා කියන්නේ පෙට්‍රෝල් පුච්චලා විදුලිය හදලා ඒකෙන් දුවන එක නෙමෙයි. ගෙදරට සූර්‍ය ශක්ති විදුලි ජනකයක් සවි කරලා ඒ මගින් දාවනය කිරීමෙන්. සරළවම අපි වගේ සමකාසන්න රටකට ඒක හරිම ප්‍රායෝගිකයි. අපි දේශීය සැපයුම් කරුවන්ගෙන් කරපු මිල කැදවීම් බැලුවාම දැනගන්න ලැබුනා 5kw සූර්‍ය ශක්ති විදුලි ජනකයක මූලික පිරිවැය ලක්ෂ අට හමාරත් දහයත් අතර වෙනවා. ඒ අනුව අපිට කරන්න තිබුනේ Leaf එක ගන්න එකාට පොල්ලෙන් ගහන එක නෙමෙයි, උන්ට සෝලා පවර් සිස්ටම් එකක් ගන්න ලීසින් එකක් දෙන එක. සොලා සිස්ටම් වලට තියෙන බදු අඩු කරන එක. ග්‍රිඩ් සිස්ටම් එකක් ගත්තා නම් වැඩිපුර ජනනය වෙන සැපයුම ජාතික සැපයුමට සපයන්නත් ඒ මගින් මුදලක් උපයාගන්නත් වාහන කාරයාට පුලුවන් වෙනවා. ලීෆ් එකක් ගන්න එකාට සෝලා පවර් අනිවාර්‍ය කරන්න රජයක් හැටියට පුලුවන්. වසරකට එක් වාහනයකට තෙල් ගේන්න රජයට වැය වෙන ලක්ෂයකට අධික වියදම මේකෙන් අඩුවෙනවා. දුම එජින් ඔයිල් නිසා සිදුවෙන පරිසර හානිය අවම වෙනවා වගේම ජාතික විදුලි සැපයුමත් තව ශක්තිමත් වෙයි.

    :yes::yes::yes::yes:
     
    සාමාන්‍ය යෙන් ලංකාවේ ගෙදරකට යන විදුලි බිල 5000-6000 වගේ . එහෙම අයට ලක්ෂ 6-7 දිලා සුර්ය පැනල ගන්න එක තේරුමක් නැ..

    සුර්ය පැනල වල වාසිය තියෙන්නේ හොඳට විදුලිය පාවිච්චි කරද්දි....ලීෆ් වගේ එක්ක තියේ නම් අන්න වාසියි.......
    පෙට්‍රල් බිලත් ඒ කෙන් හරියනවා එතකොට
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    බම්ප්...
    වටිනවා මචං..
    තේරුම් ගන්න බැරුව හිටපු ගොඩක් දේ තේරුම් ගත්තා..
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    UNP ආණ්ඩුව ආවම හිතුවේ ඉගෙන ගත්ත දෙයින් ලංකාවේ ඇතුලෙම වැඩක් කරනවා කියල.අයවැයෙන් පස්සේ නම් හොදටම කලකිරිලා ඉන්නේ. මම නම් PR ගන්න ඉන්න Australia වලට. එවන්නේ නැහැ එක ඩොලර් එකක් ලංකාවට.
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    සාමාන්‍ය යෙන් ලංකාවේ ගෙදරකට යන විදුලි බිල 5000-6000 වගේ . එහෙම අයට ලක්ෂ 6-7 දිලා සුර්ය පැනල ගන්න එක තේරුමක් නැ..

    සුර්ය පැනල වල වාසිය තියෙන්නේ හොඳට විදුලිය පාවිච්චි කරද්දි....ලීෆ් වගේ එක්ක තියේ නම් අන්න වාසියි.......
    පෙට්‍රල් බිලත් ඒ කෙන් හරියනවා එතකොට

    :yes:
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ඒ අයගේ මාස තුනකට ආසන්න අත්දැකීම් අනුව, වරක් ආරෝපනයෙන් 2015 Nissan Leaf රථයක් කිලෝමීටර 180කට වඩා දුරක් A/C සහිතව දාවනය කරන්න පුලුවන්.

    sure da ? galle idan highway enna puluwan yantham maharagamata AC nathuwa.
    100ta ennath ba
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    පෙට්‍රල් ලීටර් 1ක් 117යිනෙ. ඉලෙක්ට්‍රික් කාර් චාජ් කරන්න අය කරන්නෙ කොහොමද?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    මේ කතාවෙ ඇත්ත නැත්ත නම් දන්නෙ නෑ හරියටම ..
    ලබන අවුරුද්දෙ ලන්වේ නිශ්පාදිත electric car එකක් එනව කියනව නේද
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    පෙට්‍රල් ලීටර් 1ක් 117යිනෙ. ඉලෙක්ට්‍රික් කාර් චාජ් කරන්න අය කරන්නෙ කොහොමද?
    Ceb එකෙන් අලුත් line එකක් ගන්න පුලුවන් ලු ගැරිජ් එකට
    Unit එකක් 18/=Rs fixed
    Full charge 20x 18= 360
    Average 120-180 km :dull:
    2-3 rs per km :eek:
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Ceb එකෙන් අලුත් line එකක් ගන්න පුලුවන් ලු ගැරිජ් එකට
    Unit එකක් 18/=Rs fixed
    Full charge 20x 18= 360
    Average 120-180 km :dull:
    2-3 rs per km :eek:

    එල. කොළඹින් පිට පළාත් වල චාජින් පොයින්ට් අඩු එක තමයි අවුල
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    සෝලාර් පැනල් විල වියදම වැඩි නිසා තමයි ලංකාවෙ ප්‍රචලිත වුනේ නැත්තෙ නැත්තන් අවුරුදු 20කටත් එහා කාලෙ ඉඳන් තමයි සෝලාර් පැනල් ගැන කතා කරන්නේ