අනිත් කරුනනම් ඉන්දියාවේ බුදුන්වහන්සේ හා සමකාලීන රාජ පරම්පරාවල් පිලිබදව අද ඉන්දියාවට ගැටලුවක් වී ඇත. ලුම්බිණිය හා එම අවට ප්‍රදේශය ගැන සදහන් කිරීමේදී වැදගත් වන්නේ සිදුහත් කුමරුන්ගේ මව් පාර්ශවයයි. මෙම තෙල්දෙනිය ප්‍රදේශයෙන් හමුවූ සෙල්ලිපියක් අද පුරාවිද්‍යා දෙපර්තුමේන්තුවේ සෙල්ලිපි ලැයිස්තුවට ඇතුලත් වී ඇත. ඒ නිසා කිසිදු බයක් හෝ සැකක් නොමැතිව මෙම සෙල්ලිපිය පිලිබදව කථාකල හැක. මෙම සෙල්ලිපිය බඹරගල රජමහාවිහාරයේ පිහිටා ඇත. එය මෙසේ දැක්විය හැක.
"815 උතරගුත තෙරහ ලෙණෙ මනපදශනෙ කොලිගමහි තුබෙ කලතෙහි එකෙ ලෙණෙ චිත නගරහි පශදෙ" (I.C.63)
මෙහි වැදගත් වන්නේ "කොලිගමෙහි තුබේ" යන්නයි එහි අර්ථය ලෙස දක්වන්නේ "කෝලිත වංශික ග්‍රාමයෙහි ථූපය" ලෙසයි.එසෙනම් මේ පවසන්නේ සිදුහත් කුමරුන්ගේ මව්පාර්ශවයේ ඇති ඥාතිත්වය නොවේද? එහෙත් අද නේපාලයට ඒ සදහා ඇති සාධක මොනවාද? නේපාලයේ මායා දේවි කෝවිලක්නම් පවතී. එහෙත් එමගින් මහාමායදේවිය එහි සිටියා යයි කිව නොහැක්කේ එය පසු කාලීන ඉදිකරන ලද්දක් නිසාය. විශ්නු දෙවියන්ට ලංකාවේ දේවාල තිබූ පමනින් අපි විශ්නු දෙවියෝ ලංකාවේ යැයි කියන්නේ නැත. එහෙත් ඉන්දියා චාරිකාවල මගපෙන්වනන්ගේ දේශනාවලදී නම් ඒවා හරි අපූරුවට විස්තර කර සිටී.
සාලවනය සබැදි ඉන්ද්‍රසාල ගුහාවද සියලු සෙල්ලිපි සාධක සමග බඹරගල රජමහාවිහාරයේ පිහිටා ඇති බවද දැනටමත් සනාථ කර අවසන්ය.
""එවං මෙ සුතං – එකං සමයං භගවා මගධෙසු විහරති, පාචීනතො රාජගහස්ස අම්බසණ්ඩා නාම බ්රාහ්මණගාමො, තස්සුත්තරතො වෙදියකෙ පබ්බතෙ ඉන්දසාලගුහායං. තෙන ඛො පන සමයෙන සක්කස්ස දෙවානමින්දස්ස උස්සුක්කං උදපාදි භගවන්තං දස්සනාය. අථ ඛො සක්කස්ස දෙවානමින්දස්ස එතදහොසි – ‘‘කහං නු ඛො භගවා එතරහි විහරති අරහං සම්මාසම්බුද්ධො’’ති (දීඝ නිකාය සක්කපඤ්ඤ සූත්‍රය)
"පචින රඣ නගයහ ඣය බමණ කොඣර ඣිතය උපශික දිතය ලෙණෙ" (සෙල්ලිපි අංක 814)
මෙම ලේඛනයට හා සූත්රදේශනවට අනුව අම්බසණ්ඩා නම් බමුණු ගමේ ජීවත් වූ කොඣර නම් බමුණාගේ දියණිය වූ දිත්තා උපශිකාවගේ ස්වාමිපුරුෂයා වූයේ පචින රජතුමාය බව මින් පැහැදිලි වන අර්ථයයි. තවද මෙම අම්බසඛ්ඩා නම් බමුණුගම පිහිටා තිබුනේ ඇඹුලඹේ බවට ලිඛිත සාක්ෂි ශිලා ලේඛන මගින් තහවුරු වේ. වැදගත් තවත් කරුනක් වන්නේ ඉන්ද්‍රසාල ගුහාවේ තහවුරු වීමත් සමග ඒ සමග සූත්‍රයේදී විස්තරකරන මගධ රාජ්‍යයේ පිහිටීමද නිවැරදි බව සනාථ වීමයි. නමුත් ඉන්දියාවේ හා නේපාලයේ මෙම ස්ථාන තහවූරු කිරීමට ඇත්තේ කලින් සදහන් කල අශෝක ස්ථම්භයේ කොටා ඇති අරුම පුදුම සයොමුනිති උපන් බව සදහන් කල ලිපිය පමනි.
මෙම ඉන්ද්‍රසාල ගුහාව හා එම ප්‍රදේශය අතීතයේ සිටි රජදරුවන්ගේ නොමද ගෞරවයට පාත්‍ර වූ පුද බිමකි. මේ පුදබිම ලගදී මතු වූ ස්ථානයක් නොවන බවට ඒවා හොදම නිදසුන් වේ.
වසභ රජතුමාගේ මාලිගාවේ සිට දම් දෙසන මහ තෙරනුවන් වහන්සේ රජතුමාට මහ සායේ ධාතු නිධානය වර්ණනාව පැහැදිලි කරමින් දේශනාවක් පැවැත්වූ අතර එම සිදුවීම ඇදහිය නොහැකි සිදුවීමක් බව රජු ප්‍රකාශ කර සිටි විට තෙරනුන්වහන්සේ මේ ඉන්ද්‍රසාල ලෙනේ බුදුන්වහන්සේ සක්කස්ස දේවානමින්දට කල දේශනාව හා එම රැස් වූ පිරිස පිලිබදව රජතුමාට නිදසුන් දෙමින් පැහැදිලි කල බව මහාවංශයේ වංසත්ථප්පකාසිනී නම් ටීකාවේ සදහන් කර තිබේ. මෙම ඉන්ද්‍රසාල ගුහාව එතරම් ප්‍රසිද්ධියට පත් ස්ථානයකි. එසේම මෙම ලුම්බිනිය පිහිටි බඹරගල විහාරය රජමහාවිහාරයක් ලෙස හදුන්වන්නේ එම රාජ අනුග්‍රයන් නො අඩුව ලැබුනු බව සනාථ කිරීමට නොවේද?
තවත් වැදගත් දෙයක් වන්නේ මෙම තෙල්දෙනිය නම් නාමය සෑදුනු ආකාරයයි. සිදුහත් කුමාරයන් උප්පත්තිය ලද ස්ථානයේ ගිනිකොනට ගලා ගිය කුඩා දිය පාරක් ගැන සදහනක් වෙයි. එය තෙල්නදිය ලෙස හදුන්වා ඇත. මෙය බෝධිසත්ව ප්‍රසූතියේදී මහාමායාදේවියගේ පරිහරණයට දෙවියන් විසින් මැවූ පොකුණ්ක් යැයි සදහන්ය. පසුව එය කුඩා ගගක් බවට පත්වූ බව පැහැදිලිය. දෙවියන්ගේ මැවීමේ කථාව කෙසේ වෙතත් එතන නදියක් පිහිටි බව පැහැදිලිය. මෙම තෙල් නදිය අපට වැදගත්ය. බඹබගල රජමහාවිහාරයට නුදුරින් ලුම්බිණිය පිහිටා ඇත. එම ප්‍රදේශය හදුන්වන්නේ තෙල්දෙනිය ලෙසය. එසේනම් මෙහි ගැලපීමක් ඇති බව පැහැදිලිය. ලුම්බිනිය අසල පිහිටි තෙල්නදිය පසු කාලයේදී තෙල්දෙනිය ලෙස නම් දරා ඇත. මෙතෙක් කාලයක් තෙල්දෙනිය ග්‍රාමයට නම ලැබුනු සැටි සොයා ගැනීමට නොහැකිව සිටියේ ලුම්බිනිය හා තෙල්නදිය නේපාලයට පටවා තිබූ නිසාය. මෙතරම් අපූරු ආකාරයට ගැලපීමක් ඇති හෙලදිව ලුම්බිණිය අහලකටවත් ලංකිරීමට නේපාලයේ ආකෘතියට බැරිය.
කෙසේ වෙතත් හෙලදිව ස්භාවිකව පිහිටි මෙම තෙල්නදිය ඇසුරු කරගෙන නේපාලයේ ලුම්බිනි ආකෘතිය අසලද දිය පොකුනක් නිර්මානය කර ඇති බවද කිව යුතුය.නමුත් එහි හරයක් හෝ කිසිදු සාධකයක් නොමැත. ඇතැම් වෙසක් කලාපවලදී සිරිපා ආකෘතිය නිර්මානය කරයි. එහිදී ඔවුන් සීත ගගුලක්ද නිර්මානය කරයි. ඒ සිරිපා අඩවිය හා සීත ගගුල සම්බන්ධ නිසාය. නමුත් එය කවදාවත් සිරිපා අඩවියේ සීත ගගුලට සමාන වන්නේ නැත. නේපාලයේ සිදුවී ඇත්තේද එවැනිම වූ සිදුවීමකි.
නේපාලයේ ලුම්බිණිය සනාථ කිරීමට ඇති එකම සාධකයද අමූලික බොරුවකි. එසේම එහි සල්ගසක් වෙනුවට ඇත්තේ අශෝක ගසකි. මහාමායා දේවිය සිටි බව සනාත කිරීමට ඇත්තේ කෝවිලකි. තවත් පසු කාලීන නටඹුන් කීපයක් හා කුඩා දරුවෙකුගේ පා සටහනක් ඉතිරිව ඇත. බුද්ධපරිනිර්වානයෙන් වසර 218 ඇතුලත කිසිදු ආරාමයක සාධකයක් නොමැතිව විනාශ වී ගිය නේපාලයේ මේ පා සටහන පමනක් ඉතිරි වූයේ කෙසේද යන්න ගැටලුවකි. මෙය විස්තර කරන අපේ භක්තිවන්ත පින්වතුන් මහත් ආඩම්බරයෙක් කියා සිටින්නේ එය ආස්චර්යක් නිසා ඉතිරි වූ බවයි. සැබවින්ම එය ආස්චර්යක්නම් ඒ බෝසතානන් වහන්සේම මරුන් පරදා බුද්ධත්වය අවබෝධකිරීමට පිට දුන් සිරි මහ බෝධීන්වහන්සේව අශෝකගේ බිරිද විසින් කටු ගසා විනාශ කිරීමද සාදු කාර දිය යුතු ආස්චර්යකි. බුදුන්වහන්සේ වැඩ සිටි මහා ආරමයන් විනාශ වී යන කල්හි, බුදුන්වහන්සේගේ සිරිපා සටහන් ඉන්දියාවෙන් සොයා ගැනීමට නොහැකි ලෙස අතුරුදහන්වන කල්හි කෙලෙස් සහිතව සිටින බුද්ධත්වයට පත්වීමට අපේක්ශාවෙන් උපන් බෝසතානන් වහන්සේගේ පාද සටහන පමන මෙසේ ඉතිරිවූයේ කෙසේද යන්න දන්නේ දෙවියන්, ධර්මාශෝක රජු හා ලුම්බිනිය සොයාගත් සුදු ජාතිකයන්ම පමණි.
නමුත් හෙලදිව පිහිටි නියම නිවැරදි ලුම්බිනිය එසේ වනයෙන් යට වූයේ නැත. සාධක අතුරුදහන් වූයේ නැත. සල්ගස් අශෝක ගස් බවට පත්වීයේ නැත. සියල්ල නිවැරදි ලෙස පිහිටියේය. ඉන්ද්‍රසාල ගුහාවද එසේය. ඒවා සනාථ කිරීමට සෙල්ලිපි සාධකද තිබේ. රජදරුවන්ගේ නොමද ගෞරවාදරයට පත්වූ බවද ඉතිහාසය සාක්සි දරයි. ඉන්දියාවේ ආකෘති ලුම්බිනිය සුද්ධන් විසින් සොයා දීමට ප්‍රථම අපේ මුතුන් මිත්තන්ට මහා පරිනිර්වාන සූත්‍රය අමතක වී තිබුනේ නැත. ඔවුන් මේ ස්ථාන දැක බලා වැද පුදා ගත්හ. හෙලදිව පිහිටි ලුම්බිනියට ඇත්තේ නේපාලයේ ලුම්බිනියට මෙන් අහසින් පාත්වූ ඉතිහාසයක් නොවන බවද කිව යුතුය.
කෙටියෙන් සදහන් කරන්නේනම් පරදේශනාමාවලියට අනුවද නේපාලයේ බුදුවරු පහල වන්නේ නැත.
“මෙයින් පිටත් බංගාලය, අරමණ ය, වඟුරට ය, කොඬ්කණ ය, කඬ්ගුදෙස ය, සින්ධු ය, ඕහළ ය, නේපාල ය, ගුර්ජ ය, තිංගුර ය, දොළුවර ය, කර්ණාට ය, ලාටා ය, පර ලාට ය, තිමිරදෙශ ය, කාකා ය, යවන ය, තුරඟ ය, අඳු ය, මඳු ය, කාම්බොජය, පූප්පොලය, කුරුකය, ඡත්තීශය, කර්ණාභාරය, චූඩය, වල්ලූරය මලයූර ය, පංඩූර ය, චීන ය, මහා චීන ය, කාශ්මිර ය, යොනක ය, බර්බර් ය, ශවර ය, වඩිගර ය, වීර ය, කල්යා ණ ය, පූරණ ය, චෝඩ ය, පාණ්ඩ ය, යනාදි මෙ කී දෙශ මධ්යයමණ්ඩලයෙන් පිටත් වූ ප්රාත්යඩන්ත දෙශ නම. මේ දෙශවල බුද්ධාදීහු නූපදනාහුය.”
(පූජාවලිය සත්වන පරිච්ඡෙදය)
මේවා ඉතින් ඇතමුන්ට දිරවන්නේ නැති බව කීමට අමුතුවෙන් අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නැත. ඔවුන්ගේ ලෞකික අපේක්ශා භංගවීම සම්බන්ධයෙන් අපිට කරන්න දෙයක් නැත. මේ කරන්නේ සාසනය වෙනුවෙන් විය යුතු අපේ සේවයයි. මෙය කිසිම හේතුවක් නිසා නැවත් නවත්වන්නේ නැති බවද කිවයුතුය.
මේ ලුම්බිනිය පෙන්වා දෙන්නේ සද්දස්සකුල පුත්‍රයන්ට විනා විනෝද චාරිකා යන සංචාරකයන්ට නොවන බව මතක තබා ගත යුතුය.