බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අප පරම්පරා ගනනක් තිස්සේ විශ්වාස කළ දේවල් අභියෝගයට ලක්වන විට ඊට එකහෙලාම විරුද්ධ වීම මිනිස් ස්වභාවයයි. නමුත් අඩුම තරමේ ඒ දේවල් වල සත්‍ය අසත්‍යතාවය කුමක්ද කියාවත් විමසා බැලීමට තරම් මුහුකුරා ගිය නුවණක් ඇති අය අප අතර සිටින්නේ අතලොස්සක් විය හැකියි.

    බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර තිබෙන්නේ යමක් උන්වහන්සේ දේශනා කළ පමණින්වත් පිලිනොගන්නා ලෙසයි. එමෙන්ම පරම්පරාවෙන් ආ පමනින්වත්, පොත්පත් වල සඳහන් පමනින්වත්, බහුතරයක් පිලිගන්නා පමනින්වත්, සමහර උගතුන් කී පමනින්වත් යමක් පිලිනොගන්නා ලෙස උන්වහන්සේ දේශනා කර තිබේ. යමක් පිලිගත යුත්තේ අදාල කරුණු තමන් විසින්ම තම නුවණින්ම විමසා බලා ඒ ගැන ගැඹුරින් අධ්‍යයනය කොට තමාට එය ප්‍රත්‍යක්ශ වේ නම් පමණකි.

    පිටස්තරයින් විසින් ලියා පලකළ වැරදි ඉතිහාසයක් තුල අද අප ජාතියද අතරමන් වී සිටීම කණගාටුවට කරුණැකි. අපේ සතුරන් විසින් හිතාමතාම මනාව සැලසුම් සහගත ලෙස සත්‍යය සඟවා විකෘති කරන ලද කරුණු අපේ ඉතිහාසයට ඇතුලත් කර තිබේ.අද අපි ඒ වැරදි දේවල් අපේ නියම ඉතිහාසය ලෙස වරදවා වටහාගන සිටින්නෙමු. අපි අද දවසේ මේ වැරැද්ද නිවැරදි කර නොගතහොත් අපේ මතු පරම්පරාවන්ද මේ වැරදි මග ඔස්සේම ගමන්කර විනාශය කරා යනු ඇත.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඉන්දියානු භූමියේ සොයනා, හෙළදිව පොළවෙන් අතුගාදැමූ ගංගාවෝ.






    උපුටාගැන්ම

    C. W. නිකලස් මහතා විසින් රචිත "Historical Topography of Ancient and Medieval Ceylon" නම් ග්‍රන්ථය.
    සිංහල පරිවර්තනය "පුරාතන හා මධ්‍යතන ලංකාවේ fඑතිහාසික ස්ථාන විස්තරය" (පරිවර්තක - සෝමපාල ජයවර්ධන


    පිටු අංක 219,220





    river-map-lanka_zpsymvj57qe.jpg




    kaalinga-nuwara4_zps5jgwr1ro.jpg



    vanished-rivers-in-lanka_zpsekywfgfe.jpg
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඉන්දියානු භූමියේ සොයනා, හෙළදිව පොළවෙන් අතුගාදැමූ ගංගාවෝ.






    උපුටාගැන්ම

    C. W. නිකලස් මහතා විසින් රචිත "Historical Topography of Ancient and Medieval Ceylon" නම් ග්‍රන්ථය.
    සිංහල පරිවර්තනය "පුරාතන හා මධ්‍යතන ලංකාවේ fඑතිහාසික ස්ථාන විස්තරය" (පරිවර්තක - සෝමපාල ජයවර්ධන


    පිටු අංක 219,220





    river-map-lanka_zpsymvj57qe.jpg




    kaalinga-nuwara4_zps5jgwr1ro.jpg



    vanished-rivers-in-lanka_zpsekywfgfe.jpg
    ඒ කියන්නේ බන් අර ජාතක කතාවල එන අචිරවතී ගංගාව තිබ්බෙත් ලංකාවේ ද??:confused::confused:
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    "ලංකාපුරයට – අනුරාධපුරයට – එදා හෙළදිව අග නගරය ගෙන යන්නට පෙර මෙම හෙළබිමේ ඉතාමත්ම දියුණු නගර හා ගම් පිහිටා තිබුණේ නැගෙනහිර වෙරළ තීරයේ, රුහුණේ සහ රට මැද ප‍්‍රදේශ වලය. රජගහ නුවර අගනුවර කොටගත් මගධ රාජ්‍යයද (අද අම්පාරේ රජගල) විශාලා මහනුවර අගනුවර කොටගත් ලිච්චවි රාජ්‍යයද (අද යාල අභය භූමියට යට වූ ප‍්‍රදේශය) කෑගල්ල, රත්නපුර මෙන්ම මහනුවර ප‍්‍රදේශයන් අයත් වූ රාවණා රජ පරපුරට අයත් රාජධානියද, කසී රට වරනාසී නුවර පිහිටි රාජධානියද (අද වව්නියාව මුලතිවු ප‍්‍රදේශය) සැවැත් නුවර අග නගරය කොටගත් කෝසල රාජධානියද (අද රිටිගල ප‍්‍රදේශය) එදා හෙළදිව බලවත්ම රාජ්‍යයන් විය. කිඹුල්වත් නුවර අග නගරය කොටගත් ශාක්‍ය රාජධානිය පිහිටියේද අද මහවැලි ගඟට දකුණේ පිහිටි දිඹුලාගල ප‍්‍රදේශයේය. මෙවන් වූ දියුණු ඉතිහාසයක් සහමුලින්ම වැසී යටපත් වන්නට හේතු භූත වූ මූලික කරුණුද අප සොයා බැලිය යුතුය.

    ලංකා ඉතිහාසය යැයි අද අප සම්මතයෙන් ඉගෙන ගන්නා, පිළිගත් ඉතිහාසය ලෙසින් පොත්වල ලියා තැබූ, අප දන්නා වූ ලංකා ඉතිහාසය නිර්මාණය කර, අපට උරුම කර ලියා දෙන ලද්දේ ඉංගි‍්‍රසි සුදු පාලක මහත්වරුන් විසින්ය. ඉන්දියාවේ මෙන්ම ලංකාවේද එදා පාලනය භාරව සිටි සමහර සුදු සිවිල් නිළධාරී මහත්වරු ලංකා ඉතිහාසය ලිවීමේ කාර්යයෙහිද යෙදුණාහ. කෑගල්ලේ සහකාර දිසාපති ධූරය දැරූ ජෝර්ජ් ටර්නර් සහ ජේමිස් පි‍්‍රන්සස්, ස්ට්‍රෝන්ග්, රීස් ඩෙවිස්, මෙන්ම විශේෂයෙන්ම කොඞ්රිංග්ටන් හා එච්.සී.පී. බෙල් වැනි සුදු සිවිල් නිළධාරී මහත්වරු ඔවුන්ට තේරුම් ගන්නට හැකි වූ පරිදි, පොතපතින් කියවා ඔවුන් ලැබූ අල්ප දැනුම අනුව ලංකා ඉතිහාසයක් ලියා අටවා, අමුණා නිර්මාණය කර අපට බාර දුන්හ. පසුව පැමිණි සිංහල උගතුන්ද මහාචාර්යවරුන්ද බටහිර මතයන්ටම ගරු කළ නිසා ඉංගි‍්‍රසීන් විසින් නිර්මාණය කර දුන් ඉතිහාසය දෙස විමර්ශනාත්මකව බැලුවේ නැත. යමෙකු එසේ මැදිහත්ව විමර්ශනාත්මකව බලා යම් පර්යේෂණාත්මක ස්වාධීන මතයක් ඉදිරිපත් කළේ නම්, එවන් මතවලට විරුද්ධ වීමට නම් ඔවුන් වගබලා ගත්හ. සුදු මහත්වරුන් පෙන්වා දුන් මතය රැුක ගැනීමත් ඊට විරුද්ධ මත වලට, විරුද්ධ වීමත් අපේ ඉතිහාසඥයින්ගේ හා පුරා විද්‍යාඥයින්ගේ රාජකාරිය විය. අදටත් එය එසේම සිදුවෙයි."
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    "ඉන්දියාවේ කපිලවස්තු පුරය යැයි මුලින්ම හඳුනාගත් තැන සිට නේපාලයේ ලුම්බිනියට දුර කි.මී. 3000 ක් පමණ වේ. (පසු කලෙක මේ දුර ගැන ම සලකා, කපිලවස්තුපුරය ලෙස වෙනත් තැනක ද අලුතින් හදුනාගෙන නම් කර ඇති බවත් පෙනේ. ඒ අද උගතුන් විසිනි) දරු ප්‍රසූතියට ආසන්නයේ ගැබ් පෙරහර පාන්නට තම දෙමවුපියන් වෙත ගමන් කරන මවු කෙනෙකුට යාන වාහන නොවූ එවන් යුගයක මෙවැනි දුරක් මග ගෙවා ගමන් කිරීම කිසි සේත් ම සිතාගත නොහැකිය."
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    එදා සැවැත්නුවර ජේතවනාරාමය අද රිටිගල





    ritigala-8_zpsel25dspl.jpg




    10_zps2nkpc1yq.jpg




    1802_zpskdruijmj.jpg





    Ritigala168-copy_zpslk8tcjtb.jpg




    Ritigala170-copy_zpshwxicavy.jpg




    Ritigala-destinations-sri-lanka-steuart-holidays2_zpsjgw244qa.jpg




    ritigala-forest-monastery_zpszck70x6a.jpg




    Ritigala118-copy_zpse138wfug.jpg



    අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ රිටිගල නමින් අද හඳුන්වන කඳු වලින් වට වූ ප‍්‍රදේශය පුරා පැතිරුණු ඓතිහාසික පුරාවස්තූන් හමු වූ ප‍්‍රදේශය එදා සැවැත් නුවර ජේතවනාරාමය යනුවෙන් හැඳින්වු අටමස්ථානයන්ගෙන් එකකි.

    බුද්ධත්වයට පත් වූ ගෞතම බුදුපියාණන් වහන්සේ තම මුල් කාලය ගත කළේ රජගහ නුවර වේලුවනාරාමය ආශ‍්‍රය කරගෙනය. අනේපිඬු සිටුතුමා විසින් අලංකාර ලෙසත්, මහා ධනයක් වැය කරමින් රිටිගල කන්දේ නා වනය තුළ ජේතවනාරාමය ඉදිකර දුන් පසුව අවසාන වසර 20 ක් පමණම ගෞතම බුදුපියාණන් ජීවත් වුයේත්, ධර්මය දේශනා කළේත් මෙම රිටිගල ජේතවනාරාමය මුලස්ථානය කර ගනිමින්ය.

    කොසොල් රාජ්‍යය නමින් එදා හෙළබිම දේවහෙළයට අයත් වූ ප‍්‍රධානතම රාජ්‍යයේ අගනුවර වුයේද සැවැත් නුවරයි. රිටිගලට නැගෙනහිරින් වූ අද මහවනයක් සහිත වූ ප‍්‍රදේශයේ එදා කොසොල් රටේ අගනුවර වන සැවැත් නුවර පිහිටියේය. මේ ප‍්‍රදේශය පසුගිය වසර 1000 කටත් වැඩි කාලයක්ම මහ වනයෙන් වැසී වනගතව පවතින නිසා සැවත් නුවර ද ඉතිහාසයෙන්ම මැකී යන්නට ඇත.


    ගෞතම බුදු පියාණන් වහන්සේ ජීවමානවම වැඩසිටි යුගයේදීම. සැවැත්නුවර ජේතවනාරාම භූමියේ මඟඵල ලාභී භික්ෂුන් වහන්සේලා දහස් ගණනක් වාසය කළ බව අදටත් එහි දකින්නට ඇති නටඹුන් වලින් මනා සේ පැහැදිලි වෙයි. සුදත්ත සිටුතුමා විසින් කරවන ලද මෙම සුවිශේෂි පූජාභූමියේ විශේෂත්වය වන්නේ එහි සියලු ඉදිකළ විහාර ආරාම තනි කලුගල් වලින් නිම කිරීමයි.

    රිටිගල නමින් අද ප‍්‍රසිද්ධව ඇති ජේතවනාරාමය යනුවෙන් ති‍්‍රපිටකයේ, පිරිත් පොතේ හා මහාවංශයේද නම් කර ඇති මෙම ඓතිහාසික පූජා භූමිය එදා අනුරාධපුර යුගයට පෙර යුගයේදී බෞද්ධයින් වන්දනා මාන කරගත් අටමස්ථානවලින්ද එකක් විය. ගෞතම බුදුන්ගේම අනුදැනුම මත හිරිවඩුන්න ජය සිරි මහ බෝ සමිඳුන්ගෙන් ලබාගත් බෝධි අංකුරයක් මෙහි රෝපණය කර එයට ආනන්ද බෝධිය යනුවෙන් නම් කර ඒ අසළම බුදු සිරි පතුල් යුගලයක්ද පිහිටුවා එදා වැඳුම් පිදුම් කරගත් බව ඉතිහාසයෙන් පැහැදිලි වෙයි. ආනන්ද බෝධිය රෝපණය කර තිබුණේ දැනට රිටිගල පුරාවිද්‍යා වැඩබිම ලෙසින් හඳුනාගෙන ඇති ගෞතම බුදුපියාණන් උදෙසා පිළියෙළ කර දුන් ගඳකිළියට උතුරු දෙසින් වු නා වනයේය. අද මේ බෝධීන් වහන්සේ පෙනෙන්නට නැත්තේ එය මහ වනයට යට වී අභාවයට ගිය නිසාය. රිටිගල කන්ද වටාම පිහිටි කඳුවැටි ආශි‍්‍රතව තවත් පූජා භූමි 8ක්ද එදා මෙහි පැවති බව ඉතිහාසයේ සඳහන්ය.
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    "ගෞතම බුදුපියාණන් ජීවත්ව සිටි යුගය යැයි අපි අද සම්මතයෙන් පිළිගන්නා රාජ්‍ය වර්ෂ වලින් කි‍්‍ර.පු. 589-543 අතර කාලයේදී හෝ ඒ ආසන්නම කාලයකදී හෝ භාරතයේ දේශපාලනය මහා අවුල් වියවුල් සහිත ග‍්‍රීක හා පර්ෂියන් ආක‍්‍රමණ වලින් රට අවුලට පත් වූ බුදු කෙනෙකුට උපත ලබන්නට කිසි සේත්ම සුදුසු නොවු සාමයෙන් තොර වූ තත්ත්වයක භාරතය පැවති බව බෂාම් තුමාද තම ඉතිහාස පොතේ සඳහන් කරයි. බුද්ධ පරිනිර්වාණයෙන් වසර 283 කට පමණ පසුව කාලයකදී අශෝක අධිරාජයා භාරත දේශය එක්සේසත් කරන තුරුම එහි මහා අවුල් වියවුල් සහිත අරාජික යුගයක් පැවතිණි. ඒ යුගයේ භාරතයේ දේශපාලනය ගැන කිසිම පොතක පතක හෝ ලියැවිල්ලක ලියැවී නොතිබීමෙන්ම මේ බව මනාව පැහැදිලි වෙයි."
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    "නේපාලයේ ඇති ලුම්බිණි නම් ව්‍යාජ සෙල්ලිපිය කරවූ Feuhrer නම් ජර්මානු ජාතිකයා විසින් ඊට අමතරව දන්ත ධාතුවක් ද සොයාගත්තාය කියමින් අශ්ව දතක් ඉදිරිපත් කර ඇත. වාසනාවකට එය පහසුවෙන් ම අශ්ව දතක් බව හදුනා ගැනීමට හැකිවිය . නැතිනම් එය ද අප විසින් වන්දනා කරනු ඇත. Feuhrer පසුව පවසා ඇත්තේ බුදුන් 18 රියන් උස වූ නිසා දත විශාල විය යුතු බවය ."
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ලුම්බිනි ආකෘතියේ බොරුව


    අද නේපාලයේ ඇති ලුම්බිනි ආකෘතියේ අසත්‍ය කරුනු බොහෝමයකි. නමුත් ඉන් කීපයක් දැන් හෙලිදරව් කිරීමට බලාපොරොත්තුවන අතර ඉතිරිය ඉදිරියේදී පල කිරීමට බලාපොරොත්තු වෙමි.

    සිදුහත් කුමරුන් උපත ලැබූ ස්ථානය ලෙස අද බොහෝ දෙනා වන්දනා කිරීම සදහා නේපාලයට යාමට පුරුදු වී සිටී.බ්‍රිතාන්‍යයන් විසින් ආසියාව ආක්‍රමනය කිරීමට පෙර වනාන්තරයෙන් වැසී තිබූ මෙම ස්ථාන නැවත සොයා ගනු ලැබුවේ බ්‍රිතාන්‍යන් විසිනි. බ්‍රිතාන්‍යයන් ආසියාව ආක්‍රමනය කිරීමට පෙර අපේ බෞද්ධ ජනයාට පරිනිර්වාන සූත්‍රය අමතක වී පැවතීම ගැටලුවකි.

    කෙසේ වෙතත් වනයෙන් යට වී තිබූ නේපාලයේ ඇති පුදබිමේ තිබූ අශෝක ස්ථම්භයේ සදහන් කර ඇති ශිලා ලේඛනය මුලින්ම සොයා ගත්තේ ඉංග්‍රීසි ආණ්ඩුවට මුදලට වැඩකල ජර්මන් ජාතික Alois Fuhrer. මොහුගේ නම ඉතිහාස ගතවී තිබෙන නමකි. ඒ සුචරිතවත් චරිතයක් ලෙස නොව හොර තක්කඩියෙක්ගේ චරිතයක් ලෙසය. Alois Fuhrer විසින් සොයාගත් මේ නේපාලයේ සෙල්ලිපියේද බොහෝ ව්‍යාකූල තැන් සොයාගෙන තිබේ.මෙම සිදුවීම නිසාද ඔහුට හිමිවන්නේ සුචරිතවත් චරිතයක්නම් නොවන වග මතක් කල යුතුය. .Alois Fuhrer විසින් එම ස්ථානයේ කැනීම් කිරීමට වසර 12කට පෙර එම ස්ථානය V.A.Smith මහතා විසින් පරික්ශාකර තිබේ. නමුත් ඔහුගේ වාර්ථාවලට අනුව එම ස්ථානයේ අශෝක ශිලාලේඛනයක් තිබී නොමැත. තව කරුනක් නම් අශෝක රජු විසින් කල අනිකුත් සෙල්ලිපි සමග සැසදූ විට මෙම සෙල්ලිපියේ අක්ශරවල වෙනස්කම් තිබේ. අශෝක රජුගේ වෙනත් සෙල්ලිපිවල අකුරු ලිවීමේදී වචන ඈත් නොකර එකට ලියා තිබිනත් නේපාලයෙන් හමුවන මෙම සෙල්ලිපියේදී පමනක් එම ක්‍රමය වෙනස් වී ඇත. එනම් මෙහි සෙල්ලිපිය ලිවීමෙදී එහි වචන ඈත් කිරීමක් ඇත. වැදගත්ම දෙයනම් මෙම සෙල්ලිපියේ ඇතැම් වචන වලට කිසිදු තේරුමක්ද නොමැති වීමයි. අශෝක රජු වෙනත් ලිපිවලදී එක් ආකාරයකටත් නේපාලයේදී තවත් ආකාරයකටත් එසේම තේරුම් නැති වචන භාවිතාකරමින් මෙසේ ලිවීම මධ්‍යස්ථව සිතන ඕනම කෙනෙකුට සැකයට කාරනයකි.

    ඒ නිසාම මෙම නේපාලයේ ඇති ලිපිය අශෝක රජුගේ නොව Alois Fuhrer විසින් කරන ලද ව්‍යාජ ලිපියක් බව අද වනවිට විද්වතුන් සොයාගෙන තිබේ.


    කෙසේනමුත් නේපාලයේ ලුම්බිනිය තහවුරු කිරීමට ඇති එකම සාධකය මෙය නිසා මෙම ලිපිය ව්‍යාජ එකක් බව හදුනා ගැනීම යනු නේපාලයේ ලුම්බිනිය ව්‍යාජයක් බව සනාථ වීමය. ඇතැම් විට Alois Fuhrer විසින් මෙම නේපාලයේ ලුම්බිනිය සනාථ කිරීමට වෙනත් සාධක නොමැති නිසාත් කෙසේ හෝ ලුම්බිනියක් සොයාගත යුතු නිසාත් මෙසේ අශෝක රජුගේ ස්මාරකයක් මුල්කරගෙන ව්‍යාජයක් ඇටව්වායැයි සිතිය හැක.මක්නිසාද ඔහුට නොසන්සිදෙන ආශාවක්ව තිබී ඇත්තේ නයිට් පදවියක් ලබා ගැනීමය. නමුත් කුමක් හෝ පාපයක් පටිසන් දී එම නයිට් පදවිය ඔහුට ලැබී නොමැත. තවද සමස්ත ඉන්දියාවේ ඉතිහාසය ගවේශනකල මහාචාර්ය බශාම් මහතාද මෙම නේපාලයේ අශෝක ස්ථම්බය පිහිටි ස්ථානයේ සිදුහත් උපතක් සිදුවී නොමැති බව තමන්ගේ වාර්ථාවල(අසිරිමත් ඉන්දියාව) සදහන් කර ඇත.

    නමුත් ඇතමුන් මෙම ලිපිය තවදුරටත් විශ්වාස කරයි. ඔවුන්ටත් සාධාරනයක් කල යුතු නිසා මෙම නේපාලයේ සෙල්ලිපිය අශෝක රජු විසින් කරවූ එකක් බව අකමැත්තෙන් හෝ උපකල්පනය කරමින් එම සෙල්ලිපිය භාවිතාකර ඇතැම් උගතුන් යැයි කියාගන්නා එහෙත් සෙල්ලිපි කියවීමට නොදන්නා ඇත්තන් විසින් එම සෙල්ලිපියට දෙන අර්ථකතනයන් විමසා බලමු. ඔවුන් සෙල්ලිපිය පරිවර්ථනය කර ඇති අන්දමට ඔවුන් පවසන්නේ එම සෙල්ලිපියේ ඇත්තේ මෙවැන්නක් බවයි.



    "දෙවනපියෙන පියදසින ලාජිනවිසති වසාහි සිතෙන
    අගතඅගාච මහිය්තෙ හිදබුධෙජාතෙ සාක්‍යමුනිති
    ශිලාවිගඩහිමා කලාජත සිලාථභෙච උසපාපිතෙ
    සිද භගවංජානේති ලුම්බිණිගාමේ උබලිකරට අථභාගියෙච"

    මෙහි අර්ථය ලෙස ඔවුන් දක්වන්නේ,
    දේවානංපිය දසි(රජු) ගේ අභිෂේකයෙන් අවුරුදු විස්සක් ගිය කල්හි මෙහි සාක්‍යමුනි බුදුරදුන් උපන්නේ යැයි(සලකා) තමාම පැමිණ ගෞරව කලේය. භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ මෙහි උපන්නේ යැයි අසා(ප්‍රකාශයට පත් කොට) දැඩි ඇල්මකින් යුක්තව සිලා ටැඹක් පිහි‍ටුවිය. ලුම්බිණි ග්‍රාමය බද්දෙන් නිදහස් කොට අර්ථලාභය ඇති කලේය.

    නමුත් මෙය නිවැරදි කියවීමක් නොවන බවද මෙහි අකුරුවල දෝෂ සහිත බව සෙල්ලිපි කියවීමට දන්නා ඕනම කෙනෙකුට තේරෙන දෙයකි. එසේම විද්වතුන් විසින් මෙම කියවීම නිවැරදි කොට දක්වා ඇත. මෙහි කියවීමේදී සදහන් අක්ෂර නැවත නිවැරදි කල ආකාරය මෙසේ සදහන් කල හැක.

    මෙහි පලමු පෙලෙහි හතරවන වචනයේ ඇති "හි" අක්ශරය මහප්‍රාණ "භි" අක්ශරය වශයෙන්ද, දෙවන පේලියේ ඇති "ගත" අක්ශර දෙක 'තන" වශයෙන්ද, එම පේලියේම දෙවනි වචනයෙහි "ය්" අක්ශරය "යි" ලෙස වෙනස් විය යුතුය. දෙවනි පේලියේම අවසාන වචනය වන "ක්‍ය" යන්න මෙහි පෙන්වා ඇති ආකාරයට "යො" වශයෙන්ද, "නි" අක්ශරය "නී" වශයෙන්ද වෙනස් විය යුතුය. තුන්වන පෙලෙහි පලමු වැනි වචනයේ "ශි" අක්ශරය "සි" ලෙසද 'හි මා" අක්ශර "භිඡා" ලෙසද තෙවනි පෙලෙහිම "ක" අක්ශරය සහ "ජ" අක්ශරයත් ලිපිවෙලින් "කා" සහ "පි" ලෙසද හතරවන පෙලෙහි ඇති "නෙ" අක්ශරය "තෙ" විය යුතු අතර දෙවන පදයේ ඇති "ලුම්" ලුං" වශයෙන් වෙනස් විය යුතුය.

    ඒ අනුව නිවැරදි කියවීම මෙසේ දැක්විය හැක.
    "දෙවානපියෙන පියදසින ලාජිනවීසති වසාභී සිතෙන
    අතනඅගාච මහීයිතෙ හිදබුධජාතෙ සයොමුනීති
    සිලාවිගඩභීචා(ඡා) කාලාපිත සිලාථභෙච උසපාපිතෙ
    හිද භගවංජාතෙති ලුංමිනිගාමෙ උබලිකෙකටෙ අථභාගීයෙච"

    අද තාක්ශනය දියුනුය. මිනිස්සුන් තොරතුරුවලින් සන්නද්ධය. එසේම අද බොහෝ දෙනා සෙල්ලිපි කියවීමට ඉගෙන ගෙන සිටී. ඒ නිසා කාටවත් බොරු වංචා කර ඔවුන්ව ඇන්දවිය නොහැක. මේ සෙල්ලිපියේ තියෙන්නේ මේක යැයි කීවට එකවර පිලිගන්නා යෙහෙයියන්(yesmen) ඇත්තේ සීමිත පිරිසකි. කවුරු මොනවා කිව්වත් ඒ සෙල්ලිපි තමාද කියවා බැලීම සෙල්ලිපි කියවීමට දන්නා ඇත්තන්ගේ සිරිතකි. මේ සෙල්ලිපිය බ්‍රිතාන්‍යයන් කියවා ඇති ආකාරය වැරදි නිසා පසු කාලීන උගතුන් විසින් එම වැරදි ඉවත් කොට මෙම නේපාලයේ ලිපිය නැවත කියවා නිවැරදි කර ඇත. නමුත් ඇතමුන් තවමත් අල්ලාගෙන සිටින්නේ බ්‍රිත්‍යයන් කියවා දුන් වැරදි විස්තරයයි.

    මෙහි සිදුහත් උපත දක්වා ඇත්තේ සිදුහත් යන නම වෙනුවට "සාක්‍යමුනි"යන නමින් යැයි අපේ සමහර ඇත්තන් පවසයි. එහෙත් එහි ඇත්තේ සාක්‍යමුනි ලෙස නොව "ස යො මු නී ති" ලෙසය. තවද මෙහි සාක්‍යමුනි යන වචනයේ "ක්‍ය" යන අක්ශරය බ්‍රාහ්මීය අක්ෂරවල පමනක් නොව සංස්කෘතිවලද භාවිතා කෙරෙන වචනයක් නොවේ. මේ මුල් කියවීම් සිදුකර ඇති ආකාරයට එය සාක්‍යමුනී ලෙස වැරදියට කියවා ඇතිබව පැහැදිලිය. එසේනම් මෙහි සදහන් සයොමුනිතී යනු කවරහුද?මෙවැනි නමකින් බෝසතානණ්වහන්සේව හදුන්වනවා මා අසා නැත. එසේ සදහන් තැන ක් තිබේනම් කරුනාකර දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි.

    මේ කරුනු අනුව මෙම ලිපිය උඩින්ම ප්‍රතික්ශේප වනු ඇත. එනමුදු ඇතමුන් තවත් මේ ලිපියේ එල්ලී සිටින නිසා තුන්වන වරයත් දීමට කැමතිය. ඇතමුන් පවසන අන්දමට මෙම ලිපියේ සයෝමුනිති යන්න සාක්‍යමුනි ලෙස ඇතැයි අකමැත්තෙන් හෝ උපකල්පනය කර තවත් වචනයක් දෙස බලමු. මෙම ලිපියේ සිදුහත් උපත සිදුවී ඇත්තේ මෙම ස්ථානයේ යැයි තහවුරු කර දක්වා නොමැත. එහි ඇත්තේ සලකා වැනි අර්ථයකි. මෙම ලිපිය කියවූ මුල් පුද්ගලයාද අර්ථ දක්වා ඇත්තේ එසේය. එසේම අබය අරියරත්න මහතාගේ පරිවර්තනයෙන් පෙනෙන්නේද බුදුරදුන් එහි උපන්නේ යැයි ''සලකා" ටැම් ලිපිය පිහි‍ටුවා ඇති බව මිස මෙහි ස්ථීරවම බුදුන් උපන්නේ යැයි කියා නැති බවය. මේ අපි දුන් අර්ථයක් නොව ඔවුන් විසින්ම දී තිබූ අර්ථයයි. අපිත් මේ පුන පුනා කියන්නේද එම කරුනම. එහි සිදුහත් උපතක් සිදුවී නොමැත. එහි ඇත්තේ ආකෘතියකි. රත්නපුර ප්‍රදේශයේ පුංචි දඹදිවක් පිහිටා ඇත. එයට අපි ඉන්දියාවේ දඹදිව(ආකෘතිය) ලෙස කියන්නේ නැත. එය සදහන් කරන්නේ ඉන්දියාවේ නිර්මාන සිහිවීමට සෑදූ එකක් බවය. නේපාලයේ ලිපිය කියන්නේද එම කරුනමය.

    එමෙන්ම එකම බුදුන්වහන්සේ හැදින්වීමට මෙහි නම් දෙකක් (ශාක්‍යමුනි-බුදුන්) යොදා තිබුනත් කිසිම තැනක සිදුහත්/ගෝතම යන නාම ගෑවී හෝ නොතිබීම පුදුමයකි. ඇතමුන් අපි අතපසුවීමකින් හෝ බුදුන් උපන්නා යැයි කීවිට දහසකුත් දේ කීවත් මෙම නේපාලයේ සෙල්ලිපිය පිලිබදව කටක්වත් අරින්නේ නැත. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුවන්ගේ යැයි කියන්නේ මේවාට විය හැක.

    මේ ලිපිය ගැන තවදුරටත් කථාකිරීමට අවශ්‍ය නැත. මන්දයත් මෙම ලිපිය ව්‍යාජයක් බව ජාත්‍යන්තරයම පිලිගෙන අවසානය. ඒ නිසාම සිදුහත් උපත තමන්ගේ ප්‍රාන්තයේ හෝ තමන්ගේ රටේ සිදුවී ඇති බව බොහෝ ජාතීන් මතපල කරයි. මේ නේපාලයේ ලිපිය ව්‍යාජ නොවූ හා නිවැරදි එකක් නම් අන් රටවල් තමන්ගේ ප්‍රාන්තරය සිදුහත් උපත ඈදාගැනීමට වෙහෙසෙන්නේ නැත.

    මේ ලිපිය වැරදීමත් සමග ඉන්දියාවේ බිහාරයේ ඇති ඉන්ද්‍රසාල ගුහාවද බොරුවක් බව සනාථවෙයි. මක්නිසාදයත් එම ලෙන සනාථ කිරීමට කිසිදු සාධකයක් නොමැත. ඇති එකම සාධකය ලුම්බිනි ආකෘතියේ ඇති ටැම් ලිපියයි.ටැම් ලිපි කථාව පැත්තකින් තියමු. දැන් සිදුහත් කුමරු ඉපදී ඇත්තේ කුමන වෘක්ශයක් මුලදීද යන්න ගැටලුවක් මතුවේ. ඒ අන්කිසිවක් නිසා නොව අපි නේපාලයේ ගියවිට අපිට සිදුහත් කුමරු උපන්නායැයි කියා පෙන්වන්නේ අශෝක ගසකි.

    එහෙත් අරියපර්යේෂණ සූත්‍රයට, ආචාර්යා සූත්‍රයට,සක්කපඤ්හ සූත්‍රයට අනුව සිදුහත් කුමරු උපත ලබා ඇත්තේ සල් ගසක් මූලයේදීය. එසේම පැරණි පන්සල්වල සිතුවම් කර ඇත්තේද එම සල් ගසකි. සල් හා අශෝක යනු ගස් දෙකකි. නමුත් මේ පැටලැවිල්ල නිසා ඇතමුන් සල් ගස හා අශෝක ගස යනු එක් ගසක් බවද, ඒ නම් දෙකින්ම හදුන්වන්නේ එකක් බවද පෙන්වා දෙයි නමුත් සල් ගසේ උද්භිත විද්‍යාත්මක නාමය Shorea robusta ය. අශෝක ගසේ උද්භිත විද්‍යාත්මක නාමය saraca indica ය. උද්භිත විද්‍යාත්මක නාම ශාඛ හා සතුන් හැදින්වීමට යොදාගෙන ඇත්තේ මෙවැනි පැටලෙන තැන් වලට පිලිතුරු ලෙසය. එදා මිනිසුන්ව හොද හැටි ඇන්දුවද අද එය කල නොහැක. ඒ මේ 21වෙනි සියවස නිසාය.

    මෙම අශෝක ගසට සල් ගස කියා කිසිවෙකු කියන්නේ නැත. එය එසේ කියන්නේ ඉන්දීය සංචාරකයන් හා ඔවුන්ගේ අනුගාමිකයන් ලියූ පොත්වලදී පමනි. මෙම නේපාලයේ ඇති අශෝක ශාක විශේෂය හැදින්වීමට යොදන නම් මෙසේ දැක්විය හැක.

    In Sanskrit: Sita-Ashoka, Anganapriya, Ashopalava, Ashoka, Asupala, Apashaka, Ashoka, Hemapushpa, Kankeli, Madhupushpa, Pindapushpa, Pindipushpa, Vanjula, Vishoka, Vichitra.

    Other languages: Thawgabo, Thawka (Burmese), Vand ichitrah, Vanjulam (Hindi), Oshok (Bengali), Ashoka (Oriya), Asogam (Tamil), Asokam (Malayalam), Asokamu, Vanjulamu (Telugu), Sokanam โสกน้ำ (Thai), Diyaratmal, Diyeratembela (Sinhala), Nikabilissa (Divehi), Achenge, Akshth, Ashanke, Kenkalimara, (Kannada), Gapis, Tengalan (Malay).

    කෙසේ වෙතත් මේ පිලිබදව පුදුම වීමට අවශ්‍ය නැත. මන්දයත් මේ නේපාලෙයේ ඇත්තේ ආකෘතියක් මිස සත්‍ය ස්ථානය නොවන නිසාය. හෙලදිව පිහිටි සිදුහත් කුමරු උපතලද ස්ථානයේ ඒ සල් ගස තවමත් සු‍රැකිව පවතී.එම වෘක්ෂයට එදත් කිවේ සල් කියාය අදත් කියන්නේ සල් කියාය අනාගතයෙත් එය එසේමය. අනිත් කරුනනම් එය අද ඊයේ හටගත් සල් ගසකුද නොවේ. එය වසර 3000ක්පමන පැරනි එකක් බව විද්‍යාත්මකවද සනාථ කර ඇත. එය දු‍ටු කෙනෙකුට විද්‍යාත්මක සනාථ කිරීම් කොහෙත්ම අවශ්‍ය නොවේ. මන්ද එය එතරම් පැරණි බව දු‍ටු විගස ඕනම කෙනෙකුට පසක්වන කරුනකි.


    මෙය උපුටාගැනීමකි.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අනිත් කරුනනම් ඉන්දියාවේ බුදුන්වහන්සේ හා සමකාලීන රාජ පරම්පරාවල් පිලිබදව අද ඉන්දියාවට ගැටලුවක් වී ඇත. ලුම්බිණිය හා එම අවට ප්‍රදේශය ගැන සදහන් කිරීමේදී වැදගත් වන්නේ සිදුහත් කුමරුන්ගේ මව් පාර්ශවයයි. මෙම තෙල්දෙනිය ප්‍රදේශයෙන් හමුවූ සෙල්ලිපියක් අද පුරාවිද්‍යා දෙපර්තුමේන්තුවේ සෙල්ලිපි ලැයිස්තුවට ඇතුලත් වී ඇත. ඒ නිසා කිසිදු බයක් හෝ සැකක් නොමැතිව මෙම සෙල්ලිපිය පිලිබදව කථාකල හැක. මෙම සෙල්ලිපිය බඹරගල රජමහාවිහාරයේ පිහිටා ඇත. එය මෙසේ දැක්විය හැක.
    "815 උතරගුත තෙරහ ලෙණෙ මනපදශනෙ කොලිගමහි තුබෙ කලතෙහි එකෙ ලෙණෙ චිත නගරහි පශදෙ" (I.C.63)

    මෙහි වැදගත් වන්නේ "කොලිගමෙහි තුබේ" යන්නයි එහි අර්ථය ලෙස දක්වන්නේ "කෝලිත වංශික ග්‍රාමයෙහි ථූපය" ලෙසයි.එසෙනම් මේ පවසන්නේ සිදුහත් කුමරුන්ගේ මව්පාර්ශවයේ ඇති ඥාතිත්වය නොවේද? එහෙත් අද නේපාලයට ඒ සදහා ඇති සාධක මොනවාද? නේපාලයේ මායා දේවි කෝවිලක්නම් පවතී. එහෙත් එමගින් මහාමායදේවිය එහි සිටියා යයි කිව නොහැක්කේ එය පසු කාලීන ඉදිකරන ලද්දක් නිසාය. විශ්නු දෙවියන්ට ලංකාවේ දේවාල තිබූ පමනින් අපි විශ්නු දෙවියෝ ලංකාවේ යැයි කියන්නේ නැත. එහෙත් ඉන්දියා චාරිකාවල මගපෙන්වනන්ගේ දේශනාවලදී නම් ඒවා හරි අපූරුවට විස්තර කර සිටී.

    සාලවනය සබැදි ඉන්ද්‍රසාල ගුහාවද සියලු සෙල්ලිපි සාධක සමග බඹරගල රජමහාවිහාරයේ පිහිටා ඇති බවද දැනටමත් සනාථ කර අවසන්ය.
    ""එවං මෙ සුතං – එකං සමයං භගවා මගධෙසු විහරති, පාචීනතො රාජගහස්‌ස අම්‌බසණ්‌ඩා නාම බ්‍රාහ්‌මණගාමො, තස්‌සුත්‌තරතො වෙදියකෙ පබ්‌බතෙ ඉන්‌දසාලගුහායං. තෙන ඛො පන සමයෙන සක්‌කස්‌ස දෙවානමින්‌දස්‌ස උස්‌සුක්‌කං උදපාදි භගවන්‌තං දස්‌සනාය. අථ ඛො සක්‌කස්‌ස දෙවානමින්‌දස්‌ස එතදහොසි – ‘‘කහං නු ඛො භගවා එතරහි විහරති අරහං සම්‌මාසම්‌බුද්‌ධො’’ති (දීඝ නිකාය සක්කපඤ්ඤ සූත්‍රය)

    "පචින රඣ නගයහ ඣය බමණ කොඣර ඣිතය උපශික දිතය ලෙණෙ" (සෙල්ලිපි අංක 814)
    මෙම ලේඛනයට හා සූත්‍රදේශනවට අනුව අම්බසණ්ඩා නම් බමුණු ගමේ ජීවත් වූ කොඣර නම් බමුණාගේ දියණිය වූ දිත්තා උපශිකාවගේ ස්වාමිපුරුෂයා වූයේ පචින රජතුමාය බව මින් පැහැදිලි වන අර්ථයයි. තවද මෙම අම්බසඛ්ඩා නම් බමුණුගම පිහිටා තිබුනේ ඇඹුලඹේ බවට ලිඛිත සාක්ෂි ශිලා ලේඛන මගින් තහවුරු වේ. වැදගත් තවත් කරුනක් වන්නේ ඉන්ද්‍රසාල ගුහාවේ තහවුරු වීමත් සමග ඒ සමග සූත්‍රයේදී විස්තරකරන මගධ රාජ්‍යයේ පිහිටීමද නිවැරදි බව සනාථ වීමයි. නමුත් ඉන්දියාවේ හා නේපාලයේ මෙම ස්ථාන තහවූරු කිරීමට ඇත්තේ කලින් සදහන් කල අශෝක ස්ථම්භයේ කොටා ඇති අරුම පුදුම සයොමුනිති උපන් බව සදහන් කල ලිපිය පමනි.
    මෙම ඉන්ද්‍රසාල ගුහාව හා එම ප්‍රදේශය අතීතයේ සිටි රජදරුවන්ගේ නොමද ගෞරවයට පාත්‍ර වූ පුද බිමකි. මේ පුදබිම ලගදී මතු වූ ස්ථානයක් නොවන බවට ඒවා හොදම නිදසුන් වේ.
    වසභ රජතුමාගේ මාලිගාවේ සිට දම් දෙසන මහ තෙරනුවන් වහන්සේ රජතුමාට මහ සායේ ධාතු නිධානය වර්ණනාව පැහැදිලි කරමින් දේශනාවක් පැවැත්වූ අතර එම සිදුවීම ඇදහිය නොහැකි සිදුවීමක් බව රජු ප්‍රකාශ කර සිටි විට තෙරනුන්වහන්සේ මේ ඉන්ද්‍රසාල ලෙනේ බුදුන්වහන්සේ සක්කස්ස දේවානමින්දට කල දේශනාව හා එම ‍රැස් වූ පිරිස පිලිබදව රජතුමාට නිදසුන් දෙමින් පැහැදිලි කල බව මහාවංශයේ වංසත්ථප්පකාසිනී නම් ටීකාවේ සදහන් කර තිබේ. මෙම ඉන්ද්‍රසාල ගුහාව එතරම් ප්‍රසිද්ධියට පත් ස්ථානයකි. එසේම මෙම ලුම්බිනිය පිහිටි බඹරගල විහාරය රජමහාවිහාරයක් ලෙස හදුන්වන්නේ එම රාජ අනුග්‍රයන් නො අඩුව ලැබුනු බව සනාථ කිරීමට නොවේද?


    තවත් වැදගත් දෙයක් වන්නේ මෙම තෙල්දෙනිය නම් නාමය සෑදුනු ආකාරයයි. සිදුහත් කුමාරයන් උප්පත්තිය ලද ස්ථානයේ ගිනිකොනට ගලා ගිය කුඩා දිය පාරක් ගැන සදහනක් වෙයි. එය තෙල්නදිය ලෙස හදුන්වා ඇත. මෙය බෝධිසත්ව ප්‍රසූතියේදී මහාමායාදේවියගේ පරිහරණයට දෙවියන් විසින් මැවූ පොකුණ්ක් යැයි සදහන්ය. පසුව එය කුඩා ගගක් බවට පත්වූ බව පැහැදිලිය. දෙවියන්ගේ මැවීමේ කථාව කෙසේ වෙතත් එතන නදියක් පිහිටි බව පැහැදිලිය. මෙම තෙල් නදිය අපට වැදගත්ය. බඹබගල රජමහාවිහාරයට නුදුරින් ලුම්බිණිය පිහිටා ඇත. එම ප්‍රදේශය හදුන්වන්නේ තෙල්දෙනිය ලෙසය. එසේනම් මෙහි ගැලපීමක් ඇති බව පැහැදිලිය. ලුම්බිනිය අසල පිහිටි තෙල්නදිය පසු කාලයේදී තෙල්දෙනිය ලෙස නම් දරා ඇත. මෙතෙක් කාලයක් තෙල්දෙනිය ග්‍රාමයට නම ලැබුනු සැටි සොයා ගැනීමට නොහැකිව සිටියේ ලුම්බිනිය හා තෙල්නදිය නේපාලයට පටවා තිබූ නිසාය. මෙතරම් අපූරු ආකාරයට ගැලපීමක් ඇති හෙලදිව ලුම්බිණිය අහලකටවත් ලංකිරීමට නේපාලයේ ආකෘතියට බැරිය.
    කෙසේ වෙතත් හෙලදිව ස්භාවිකව පිහිටි මෙම තෙල්නදිය ඇසුරු කරගෙන නේපාලයේ ලුම්බිනි ආකෘතිය අසලද දිය පොකුනක් නිර්මානය කර ඇති බවද කිව යුතුය.නමුත් එහි හරයක් හෝ කිසිදු සාධකයක් නොමැත. ඇතැම් වෙසක් කලාපවලදී සිරිපා ආකෘතිය නිර්මානය කරයි. එහිදී ඔවුන් සීත ගගුලක්ද නිර්මානය කරයි. ඒ සිරිපා අඩවිය හා සීත ගගුල සම්බන්ධ නිසාය. නමුත් එය කවදාවත් සිරිපා අඩවියේ සීත ගගුලට සමාන වන්නේ නැත. නේපාලයේ සිදුවී ඇත්තේද එවැනිම වූ සිදුවීමකි.

    නේපාලයේ ලුම්බිණිය සනාථ කිරීමට ඇති එකම සාධකයද අමූලික බොරුවකි. එසේම එහි සල්ගසක් වෙනුවට ඇත්තේ අශෝක ගසකි. මහාමායා දේවිය සිටි බව සනාත කිරීමට ඇත්තේ කෝවිලකි. තවත් පසු කාලීන නටඹුන් කීපයක් හා කුඩා දරුවෙකුගේ පා සටහනක් ඉතිරිව ඇත. බුද්ධපරිනිර්වානයෙන් වසර 218 ඇතුලත කිසිදු ආරාමයක සාධකයක් නොමැතිව විනාශ වී ගිය නේපාලයේ මේ පා සටහන පමනක් ඉතිරි වූයේ කෙසේද යන්න ගැටලුවකි. මෙය විස්තර කරන අපේ භක්තිවන්ත පින්වතුන් මහත් ආඩම්බරයෙක් කියා සිටින්නේ එය ආස්චර්යක් නිසා ඉතිරි වූ බවයි. සැබවින්ම එය ආස්චර්යක්නම් ඒ බෝසතානන් වහන්සේම මරුන් පරදා බුද්ධත්වය අවබෝධකිරීමට පිට දුන් සිරි මහ බෝධීන්වහන්සේව අශෝකගේ බිරිද විසින් ක‍ටු ගසා විනාශ කිරීමද සාදු කාර දිය යුතු ආස්චර්යකි. බුදුන්වහන්සේ වැඩ සිටි මහා ආරමයන් විනාශ වී යන කල්හි, බුදුන්වහන්සේගේ සිරිපා සටහන් ඉන්දියාවෙන් සොයා ගැනීමට නොහැකි ලෙස අතුරුදහන්වන කල්හි කෙලෙස් සහිතව සිටින බුද්ධත්වයට පත්වීමට අපේක්ශාවෙන් උපන් බෝසතානන් වහන්සේගේ පාද සටහන පමන මෙසේ ඉතිරිවූයේ කෙසේද යන්න දන්නේ දෙවියන්, ධර්මාශෝක රජු හා ලුම්බිනිය සොයාගත් සුදු ජාතිකයන්ම පමණි.

    නමුත් හෙලදිව පිහිටි නියම නිවැරදි ලුම්බිනිය එසේ වනයෙන් යට වූයේ නැත. සාධක අතුරුදහන් වූයේ නැත. සල්ගස් අශෝක ගස් බවට පත්වීයේ නැත. සියල්ල නිවැරදි ලෙස පිහිටියේය. ඉන්ද්‍රසාල ගුහාවද එසේය. ඒවා සනාථ කිරීමට සෙල්ලිපි සාධකද තිබේ. රජදරුවන්ගේ නොමද ගෞරවාදරයට පත්වූ බවද ඉතිහාසය සාක්සි දරයි. ඉන්දියාවේ ආකෘති ලුම්බිනිය සුද්ධන් විසින් සොයා දීමට ප්‍රථම අපේ මුතුන් මිත්තන්ට මහා පරිනිර්වාන සූත්‍රය අමතක වී තිබුනේ නැත. ඔවුන් මේ ස්ථාන දැක බලා වැද පුදා ගත්හ. හෙලදිව පිහිටි ලුම්බිනියට ඇත්තේ නේපාලයේ ලුම්බිනියට මෙන් අහසින් පාත්වූ ඉතිහාසයක් නොවන බවද කිව යුතුය.

    කෙටියෙන් සදහන් කරන්නේනම් පරදේශනාමාවලියට අනුවද නේපාලයේ බුදුවරු පහල වන්නේ නැත.
    “මෙයින් පිටත් බංගාලය, අරමණ ය, වඟුරට ය, කොඬ්කණ ය, කඬ්ගුදෙස ය, සින්ධු ය, ඕහළ ය, නේපාල ය, ගුර්ජ ය, තිංගුර ය, දොළුවර ය, කර්ණාට ය, ලාටා ය, පර ලාට ය, තිමිරදෙශ ය, කාකා ය, යවන ය, තුරඟ ය, අඳු ය, මඳු ය, කාම්බොජය, පූප්පොලය, කුරුකය, ඡත්තීශය, කර්ණාභාරය, චූඩය, වල්ලූරය මලයූර ය, පංඩූර ය, චීන ය, මහා චීන ය, කාශ්මිර ය, යොනක ය, බර්බර් ය, ශවර ය, වඩිගර ය, වීර ය, කල්යා ණ ය, පූරණ ය, චෝඩ ය, පාණ්ඩ ය, යනාදි මෙ කී දෙශ මධ්යයමණ්ඩලයෙන් පිටත් වූ ප්රාත්යඩන්ත දෙශ නම. මේ දෙශවල බුද්ධාදීහු නූපදනාහුය.”
    (පූජාවලිය සත්වන පරිච්ඡෙදය)
    මේවා ඉතින් ඇතමුන්ට දිරවන්නේ නැති බව කීමට අමුතුවෙන් අ‍ටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නැත. ඔවුන්ගේ ලෞකික අපේක්ශා භංගවීම සම්බන්ධයෙන් අපිට කරන්න දෙයක් නැත. මේ කරන්නේ සාසනය වෙනුවෙන් විය යුතු අපේ සේවයයි. මෙය කිසිම හේතුවක් නිසා නැවත් නවත්වන්නේ නැති බවද කිවයුතුය.

    මේ ලුම්බිනිය පෙන්වා දෙන්නේ සද්දස්සකුල පුත්‍රයන්ට විනා විනෝද චාරිකා යන සංචාරකයන්ට නොවන බව මතක තබා ගත යුතුය.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    දඹදිව පිලිබඳ විස්තරයක්.


    අනොතත්ව විල සතර දිග සිංහ මුඛය, හස්ති මුඛය , අස්වමුඛය, වෘෂඹ මුඛය, සතර මුඛ වෙයි. සතර ගංගාවෝ විල තුන්තුන් විට පැදකුණු කොට ඒ ඒ දිග ගියෙය. දකුණු දිගින් නික්මුණු ගඟ විල වට තුන් විටක් පැදකුණු දිගින් ශට යොදුනක් ගොස් සරස සිටි පර්වත වටින් තුන් ගව්වක් පමණ ජලධාරාවක් ආකාශයෙන් ශට යොදුන් ගොස් ඒ වේගයෙන් තියග්ගල පනස් යොදුන් පොකුණු විය. එහි වෙරල බිඳ අතගල වැද ශට යොදුනක් ගොස් ගනකඩ පොලව බිඳ ගෙන උමගින් ශට යොදුනක් අවුරස සිටි රවින්ද්‍ර නම් පර්වත ගැසී හස්ත ගිලි වැනි ධාරා පසක් විය. අනොතත්ව විල තුන් විටක් පැද ගිය තැන ගඟ නම්වේ. ඉඳුරාගල පිටින් ගිය ගඟ කළු ගඟ නම් වේ. (පිටුව 257 රාජාවලිය, මහාචාර්ය ඒ.වී සුරවීර )



    දඹදිව ඉන්දියාව නම් ඉඳුරාගල පිටින් ගිය කළු ගඟ කුමක්ද?
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    හදිසියේ මතුවූ දඹදිව

    (තායිලන්ත ජාතික මහාචාර්‍ය Chaiyong Brahmawong විසින් සිදුකල පර්යෙශණ වලින් සොයාගත් කරුණුද මෙහි ඇතුලත් වේ )



    සුද්දන් විසින් සොයා කියවා
    සුද්දන් විසින් පතුරුවා හැරී
    අපුරු බෞද්ධ ඉතිහාසය





    අඳුරු අධිරාජ්‍යවාදී යුගයක අධිරාජ්‍යවාදීන් විසින් දෝතින් පුදනු ලදුව වහල් මිනිසුන් විසින් තුටින් වැළඳ ගත් බෞද්ධ ඉතිහාසය අද පෙර අපරදිග විද්වතුන්ගේ විවේචනයට ලක්වෙමින් පවතී. නිවහල් යුගයක බිහිවෙන මිනිස්සු නිවහල් අදහසටම ගරු කරති.



    මීට වසර 200 කට පමණ පෙර ඉන්දියාව වැදගත් ඉතිහාසයක් නැති ප්‍රශස්ත සංස්කෘතයක් නැති රටක් ලෙස සැලකිණි. එහෙත් බ්‍රිතාන්‍ය ජාතික සුප්‍රකට කවියෙකු වන Allan Cunningham ගේ පුත් Alexander Cunningham ගේ ප්‍රමුක දායකවත්යෙන් මෙය උඩුයටිකුරු කරන ලදී. නමුදු ඔහු විසින් ගොඩනගන ලද බුදු උපත භාරතයේ සිදුවිණි යන සංකල්පය පිළිගත නොහැකි ගැටළු පිරි එකකි. 18 වන සියවසේදී කල්කටාවේ ASIATIC සංගමයේ උගතුන් පවා බුදුන්වහන්සේ ඊජිප්තු,ඉතියෝපියානු හෝ දෙවියකු ලෙස සැලකිය. ඒ අනුව එදවස ඉන්දියාව බුදුන්වහන්සේ පිලිබඳ දැරූ ආකල්පය මැනවින් විදහා දැක්වේ.
    (History What We Know, Dr. Chaiyong Brahmawong, PhD, (former Venerable Apinyano Bhikkhu), Senior Professor of Sukhothai Thammathirat Open University, Thailand)
    1812 දී Francis Buchanan විසින් බ්‍රහ්මනවරුන් පුදපුජා පවත්වමින් තිබු ගරා වැටුණු ගොඩනැගිල්ලක් බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස නිගමනය කිරීමෙන් අනතුරුව පසු කාලීනව Alexander Cunningham එය බුද්ධගයා ස්තුපය ලෙස නම් කරන ලදී. ගරාවැටී තිබුණු එම ගොඩනැගිල්ලේ.පින්තාරු අදටත් එංගලන්තයේ පවතී. එම පින්තුරත් අද ඇති බුද්ධගයා විහාරයත් සසඳා බලනවිට, බ්‍රහ්මණ විහාරයක් බෞද්ධ විහාරයක් බවට පත් කරන්නට බොහෝ ප්‍රතිසංස්කරණ කර ඇති බව පෙනේ. (History What We Know, Dr. Chaiyong Brahmawong)


    අදටත් ඉන්දියාවේ බුද්ධ ගයා විහාරය හින්දු කෝවිලක ස්වරුපය නොවේදැයි බලන්න. එහෙත් මෙම ස්ථානය බුදුන්වහන්සේ
    බුදුවූ ස්ථානය ලෙස සුද්දන් නම් කලේ කුමන පදනමක සිට දැයි සිතාගත නොහැක. අරියපර්යේෂණ සුත්‍රයෙන් පෙන්වන්නේ

    බුදුන් බුදුවූ බෝධිය ගන්තීරයක ඇති බවත්, එම පෙදෙස වැලිවලින් ගහන වූ (උරුවෙලා ගන්තිරේ) තොටුපොළක් ඇති තැනක්
    බවය. මහා පාලිවග්ගයෙන්ද මෙය සනාථ කරයි. ඉන්දියාවේ බෝධිය ඇත්තේ ගන්තීරයකද? අඩුම වශයෙන් ගඟක් තිබී වියලී ගිය බවටවත් කිසිම විද්‍යාත්මක සාක්ෂියක් නැත. අරියපර්යේෂණ සුත්‍රයේ සඳහන් කිසිම විස්තරයකට එය සමාන නොවේ.

    1820 දී බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියකු වන කපිතාන් O Fell මහ කැලයක් මැද තිබී සාංචිය සොයා ගනු ලැබීය. නිරන්තරයෙන් සාංචිය නැරබීමට ගිය කපිතාන්වරයා එහි අලංකාර කැටයම් සහිත නොයෙක් අංගයන්ද, කුලුණුද, කිසියම් ආගමකට අයත් මනාව පිලිබිබු කරන ලද කතා වස්තුන්ද දැක සාංචිය බෞද්ධ නටබුමක් යයි විශ්වාස කළේය. චිත්‍ර ශිල්පී william Simpson කරන ලද එංගලන්තයේ ඇති එම මුල් අවධියේ වූ සාංචියේ රුප බලන විට, සාංචිය බෞද්ධ සිද්ධාස්තානයක දැයි සීතා ගැනීම අපහසු කරුණකි. එම මුල් (original) සාංචියේ පින්තාරු දෙස විමසිල්ලෙන් බලන්නෙකුට එහි පුර්ණ නිරුවත් ගැහැණු රුප දැක ගත හැකිය.
    රාගය අවුස්සන එවැනි රුප අන්තර්ගත වීම තුලින් පෙනෙන්නේ සාංචිය කිසි කලකත් බෞද්ධ සිද්ධස්ථානයක්ව නොපැවතුන බවය. අද අප දකින්නේ බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස පසු කාලීනව බොහෝ ප්‍රතිසංස්කරණ ලද සාන්චියයි,
    (History What We Know, Dr. Chaiyong Brahmawong)


    සාංචිය සම්බන්ධයෙන් කරුණු ගෙනහැර දක්වන ගත්කත්වරයකු වන John Keay වීමසන්නේ, සාංචිය බෞද්ධ සිද්ධස්ථානයක්
    නම් අද බෞද්ධ අනුගාමිකයන් සිටින්නේ කොහෙද යන්නයි. අද ඉන්දියාවේ හැරුණකොට මුළු ආසියාව පුරාම බුදුදහම ව්‍යාප්තව
    පවතී. නමුත් ඉන්දියාවට බුදු දහම ආගන්තුක ධර්මයක් වී ඇත්තේ බුදුදහම කිසි කලෙකත් ඉන්දියාවෙන් බිහිනොවුණු ආගමක්
    නිසාය. ඉන්දියානු ඉතිහාසය පුරාම සියලු ආගම් අභිබවා තිබුනේ හින්දු ආගමය. ජනයා මුලාකරමින් බුදුදහම ඉන්දියාවෙන් බිහිවුන
    ආගමක් ලෙස ලෝකය ඉදිරියට ගෙන යාමේ වරද 1912 - 1867 වකවානුවේ රාජකාරි කල බ්‍රිතාන්‍ය ජාතික පුරාවිද්යාඥයන් වන
    Alexander Cunningham, James Princep, Briyan H Hodgson, Francis Buchanan, George Turnour භාර ගත යුතුය .
    (History What We Know,Dr. Chaiyong Brahmawong)


    මෙම කතාව කොතරම් සත්‍ය දැයි වැටහෙන්නේ ඉන්දියාවේ ඉපැරිණි මහා පුරාන කියවන්නකුටය. ඉන්දියාවේ මහ පුරාන ග්‍රන්ථ 18 කි.
    එහි ලියවීඇත්තේ හින්දු දහම සහ පැරණි ඉන්දියාවේ ඉතිහාසයයි. නමුදු බුදු දහම ගැන ලියවුන කිසිම ඉපැරිණි ග්‍රන්ථයක් ඉපැරිණි ඉන්දියාවෙන් සොයාගත නොහැක. එම ඉපැරිණි ඉතිහාසය ලියවුනු කිසිම ග්‍රන්ථයක බුදුන්වහන්සේ කෙනෙකු ගැන කිසිම සඳහනක් නැත. බුදුන්වහන්සේලා 4 නමක් බුදු වුනි යයි කියන ඉන්දියාවේ සැබෑ තතු එලෙසය.. සියල්ල කණපිට පෙරලා ඇත්තේ සුද්දන් ආසියාව ආක්‍රමණය කිරීමෙන් පසුය, (ලංකාවේ මහාවංසය ඉංග්‍රීසියට පෙරලූ) භාරගත යුතු බවය.
    එදවස සිටි ලාංකිකයන්ගේ පිළිගැනීමක් නොතිබුණු මහාවංසයයේ පරිවර්තනයටද, George Turnour බොරු කඳු ගණන් එකතු
    කර ඇත. සැබෑ ඉතිහාසය සොයායාමේදී කල යුත්තේ සුද්දන්ගේ පොත් සහ ඔවුන්ගේ පරිවර්තන පොත් පසෙකලා මුල්පිටපත (original) සහ තමන්ගේම රටේ අය ලියා ඇති පොත් කියවීමය.

    සුද්දන් ලියාදුන් බෞද්ධ ඉතිහාසයේ පෙරමුණ ගෙන කටයුතු කලේ Alexander Cunningham ය, ඔහු විසින් 1834.54 කාලයේදී
    භාරතයේ බිල්ශා, සාංචි, සාරනාත් යන ස්ථාන වල කරන කැනීම් වලින් සොයාගත් යම් යම් දැනුම මත එලබුන නිගමනය අනුව 1867 දී බුදුන්වහන්සේ ඉන්දියාවට උරුම කොට පොත පත ලියන ලදී. බෞද්ධ දර්ශනය, බෞද්ධ ඉතිහාසය, බෞද්ධ සංස්කෘතය මාගධී භාෂාව ගැන මනා දැනුමක් නොතිබුණු, එමෙන්ම කිසිදිනක සුත්‍ර පිටකයක් කියවා නොතිබුණු සුද්දන් අතින් මෙවැනි වරදක් සිදුවීම පුදුමයක් නොවේ, ආසියාවේ තිබු බෞද්ධ රටවල් බොහොමයක්ම එංගලන්තයට යටත්ව සිටි බැවින් මෙම ප්‍රතිසංස්කරන ලද නව බෞද්ධ ඉතිහාසය ලැව්ගින්නක් ලෙස පැතිර ගොස් තිබේ. එහෙත් මෙම නව බෞද්ධ ඉතිහාසයට එරෙහිව 1890 කාල වකවානුවේදී බෞද්ධ ජනතාව උද්ගෝෂණ පවත්වා තිබේ.. තායිලන්තයේ වට්මහනපරම් පන්සලේ අත්පුජනිය ප්‍රා ධම්මචේදී හිමියන්
    ඊට එරෙහිව පොත් පත් ලිය තිබේ. මෙම වකවානුවේ ඉන්දියාවේ කාසි සිට පැමිණි 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තායිලන්තයට පැමිණ ත්‍රිපිටක පොත් රැගෙන ගොසින් ත්‍රිපටකයේ සඳහන් ආකාරයට නගර,ගංගා , කඳු ඉන්දියානු සිතියමේ ලකුණු කර නැවත ගෙනවිත් පෙන්වූ බව තායිලන්තයේ පොත්පත සඳහන් කරන බව දැක්වේ. එමෙන්ම තායිලන්තයේ මහාචාර්ය ප්‍රීදී කසේම්ස්ප් මහතා පවසා ඇත්තේ බොහෝ වයසක පිරිස් මේ සම්බන්ධයෙන් ඉතා කනස්සල්ලෙන් ජීවත් වූ බවය.
    (History What We Know, Dr.Chaiyong Brahmawong)