අග්නිදිග සරසවි සිසුන්

66000V

Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    අග්නිදිග සරසවි සිසුන්

    අග්නිදිග සරසවි සිසුන් අද(10) කොළඹ උද්ඝෝෂණයක නිරත වේ. ඒ, තම උපාධියට නිසි තැන ලබා දෙන්නැයි ඉල්ලමිනි.

    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණය නිසා කොළඹ වෝඩ් පෙදෙස අවට දැඩි වාහන තදබදයක් හට ගැන තිබේ.


    Kelaniya-University-Students-Protest-Sri-Lanka.jpg
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එ් ඇයි බන් ආන්ඩුවේ උපාධි කරන උන් අතරෙත් ලොකු පොඩි බේද තියෙන්නෙ. කැම්පස් යන්නෙ ලන්කාවේ ‍හොදම උන් කියලා නේද කියන්නෙ? එතකොට මුන් කවුද බන්?
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    යු ඇම්පිය අසු ගනන්වල මෙවුන්ට සලකපු හැටි දන්නැනෙ හරියට තාම...ඉස්සරහට හරියයි
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    එ් ඇයි බන් ආන්ඩුවේ උපාධි කරන උන් අතරෙත් ලොකු පොඩි බේද තියෙන්නෙ. කැම්පස් යන්නෙ ලන්කාවේ ‍හොදම උන් කියලා නේද කියන්නෙ? එතකොට මුන් කවුද බන්?


    Mun kiyanne eheta lecturersla yanne na kiyala. Nathuwa loku podi deyak gana newe
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එ් ඇයි බන් ආන්ඩුවේ උපාධි කරන උන් අතරෙත් ලොකු පොඩි බේද තියෙන්නෙ. කැම්පස් යන්නෙ ලන්කාවේ ‍හොදම උන් කියලා නේද කියන්නෙ? එතකොට මුන් කවුද බන්?

    පෙරට්ටෝ :yes:
     
    ජෙප්පෝ පෙරෙට්ටෝ ඉන්නකන් මේ ප්‍රශ්න විසදන්න අමාරුයි

    උන් වවාගෙන කනවා නේ බන්

    ඕක ප්‍රශ්නේ ඇත්ත
    ඒත් උද්ඝෝෂණ කරලා විසද ගන්න පුලුවන් වෙයිද දන්නෑ
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Podi Silva - පොඩි සිල්වා;19408633 said:
    ජෙප්පෝ පෙරෙට්ටෝ ඉන්නකන් මේ ප්‍රශ්න විසදන්න අමාරුයි

    උන් වවාගෙන කනවා නේ බන්

    ඕක ප්‍රශ්නේ ඇත්ත
    ඒත් උද්ඝෝෂණ කරලා විසද ගන්න පුලුවන් වෙයිද දන්නෑ

    පෙරටුගාමින් :yes: jvp එකේ කාලේ ගියා :yes:

    නවත්තන්න පුළුවන් ක්‍රමයක් :yes:

    අධ්‍යාපන කප්පාදුව නතර කිරීමට සමාජවාදී ප‍්‍රතිපත්තිවලට සටන් කරමු!

    “රාජ්‍ය අධ්‍යාපනය විකිනීම නවතනු! සියලුම පුද්ගලික විශ්වවිද්‍යාල අහෝසි කරනු!” යන සටන්පාඨ වටා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) නොවැම්බර් 23 පේරාදෙනිය සිට කොලඹ දක්වා ආරම්භ කල පාගමනක් දැන් පැවත්වේ. මෙම විරෝධතා උද්ඝෝෂනය සංවිධානය කර ඇත්තේ සිසුන් අතර පමනක් නොව පලල් මහජනතාවන් අතර අධ්‍යාපන අයිතිය කප්පාදු කිරීමට ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් මැඩීමට ද එරෙහිව වර්ධනය වන බරපතල විරෝධතාවක් මධ්‍යයේ ය.

    ආන්ඩුව උසිගැන්වූ පොලිස් ප‍්‍රහාරයන් ඇතුලු මර්දනකාරී ක‍්‍රියාවන්ට මූන දෙමින් පැවත්වෙන විරෝධතා ව්‍යාපාර ශිෂ්‍යයන් තුල වැඩෙන සටන්කාමීත්වය ඉහලින්ම ප‍්‍රදර්ශනය කරයි. කෙසේවෙතත්, අධ්‍යාපනය විකිනීමේත් පුද්ගලික විශ්වවිද්‍යාලවලට ඉඩ දීමේත් ආන්ඩුවේ ප‍්‍රතිපත්තිය පරාජය කිරීමට නම්, වත්මන් උද්ඝෝෂනය සංවිධානය කරන අවිශිබම ක‍්‍රියාමාර්ගයට මුලුමනින්ම වෙනස් දේශපාලන ක‍්‍රියාමාර්ගයක් සරසවි සිසුන්ට ද කම්කරුවන්ට ද අවශ්‍යය ය.

    අවිශිබම වාර්තාව

    මෙවර පාගමන කැඳවුම් කරමින් අවිශිබමය නිකුත් කල පත‍්‍රිකාවේ මෙසේ සඳහන් වේ: “ශිෂ්‍යයෝ පාලකයන්ගේ අධ්‍යාපන පුද්ගලීකරන ප‍්‍රතිපත්තිවලට එරෙහිව 1978 ඉඳන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය විදියට සංවිධානය වෙලා සටන් කරනවා.” පත‍්‍රිකාව මෙසේද සඳහන් කරයි: “2008 මාලඹේ හොර උපාධි කඩය විවෘත කල දවසේ ඉඳන් එයට එරෙහිව ශිෂ්‍යයෝ විවිධ සටන් ක‍්‍රියාමාර්ග ගත්තා, දැනුවත් කලා. නමුත් ආන්ඩුව තවමත් තමන්ගේ පුද්ගලීකරන ක‍්‍රියාමාර්ගය අකුලාගන්න සූදානම් නෑ.” 2012 සැප්තැම්බර් 24 සිට 28 දක්වා පැවත්වූ පාගමන මෑතම අත්දැකීමක් යැයි අවිශිබම ප‍්‍රකාශ කරයි. දැන්, “අරගලයෙන් තොර ජයග‍්‍රහනයක් නෑ යන විශ්වාසය” තුල මෙම විරෝධතාව සංවිධානය කර ඇත.
    මඳක් හැරී ඉහත කී වාර්තාව ගැන කල්පනාකාරී වන ඕනෑම සිසුවෙකුට හෝ කම්කරුවෙකුට පැහැහැදිලි වනු ඇත්තේ අධ්‍යාපන කප්පාදුවට හා පුද්ගලීකරනයට එරෙහිව හුදෙක් විරෝධතා පැවත්වීමේ ක‍්‍රියාමාර්ගයේ අන්ත බංකොලොත් බව යි. දශක හතරක් පමන එන්නඑන්නම ඉහල දමමින් පැවත්වූ විරෝධතා තිබියදීම පුද්ගලීකරන හා අධ්‍යාපන කප්පාදුව තවතවත් ඉහල දමා ඇත්තේ ඇයි දැයි අවිශිබමය උත්තර බැඳිය යුතු ය.

    ධනපති පන්තියේ ප‍්‍රහාර

    ලෝක පරිමාන ධනපති අර්බුදය උග‍්‍රවන පමනට රාජ්‍ය අධ්‍යාපනය අහෝසි කර, එය ලාභ කර්මාන්තයක් බවට පත්කිරීමේ ප‍්‍රහාර ද සෑම රටක් තුලම උග‍්‍ර කර ඇත. ලෝක පරිමානව කම්කරු පන්තිය හා දුගීන් දැන් ජීවත් වෙන්නේ 2008 සැප්තැම්බරයේ ඇමරිකාවේ මහා බැංකු බිඳ වැටීමෙන් සලකුනු වී ගැඹුරු වන මූල්‍ය කලබැගෑනියෙන් ද අවපාතයේ කොන්දේසි වැඩෙන්නාවූ ද ගෝලීය ධනවාදයේ අර්බුදයක් තුල ය. ලෝක ආර්ථිකය මත්තේ පරපුටු අධිකාරිය පිහිටුවා ගෙන සිටින මූල්‍ය ප‍්‍රාග්ධනයත් මහා සංගතත් ඉල්ලා සිටින්නේ ආර්ථියන් අස්සක් මුල්ලක් නෑර විවෘත කර ලාභ සූරා ගැනීමේ නව කොන්දේසි නිර්මානය කරන ලෙස යි.

    රාජ්‍ය වියදම් කප්පාදු කිරීමට අන පනවමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ ආන්ඩුවලට නියම කර ඇත්තේ එම ගෝලීය උවමනාකම්වලට ගැලපෙන ලෙස සමාජ අයිතීන් මට්ටම් කර දමන සමාජ ප‍්‍රති-විප්ලවයේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට දැමීමට යි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවෙන් පසුව දැන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුව ද මෙම ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට දැමීමට යයි. අගමැති වික‍්‍රමසිංහ නොවැම්බර් 5 කියවූ ආන්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් හා ගිය සතියේ මුදල් ඇමති ඉදිරිපත් කල අයවැයෙන් ඉදිරිපත් කර ඇත්තේ මෙම වැඩපිලිවෙල යි. අධ්‍යාපන ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් ගත්කල සරසවිවලට වවුචර් ක‍්‍රමය හඳුන්වා දීමටත් සුලු හා මධ්‍යම පරිමාන කර්මාන්තවලට අනුබද්ධව උසස් අධ්‍යාපන පාඨමාලාවලට හා පුද්ගලික විශ්වවිද්‍යාවලට ඉඩ හැරීමටත් පුලූල් කෙරුනු ප‍්‍රහාරයක් සඳහා ආන්ඩුව පිඹුරුපත් සකස් කර ඇත.

    විරෝධතා දේශපාලනය

    ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ උවමනාකම්වලින් තීන්දුවී ඇති ධනපති පන්තියේ ප‍්‍රතිපත්ති හුදු විරෝධය පෑම මගින් අහෝසි කරගත හැකිය යන අවිශිබම ක‍්‍රියාමාර්ගය සිසුන් හා කම්කරුවන් අතර වැඩෙන විරුද්ධත්වය නොමග යැවීමට සූදානම් කල එකකි. ජනතා විමුක්ති පෙරමුනේ නායකත්වය යටතේ 1978 පටන් හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය යටතේ 2012 පටන් ද අවිශිබම ය ක‍්‍රියාත්මක වේ. මෙම පක්ෂ දෙකම ධනපති ගැති පක්ෂ දෙකකි. අවිශිබම හා මෙම පක්ෂවල නායකයන් වාම හා සටන්කාමී වචනවලට මුවාවී ධනපති ආන්ඩුවලට බලපෑම් දමා ඒවායේ ප‍්‍රතිපත්ති වෙනස් කර සිසුන්ට හා මහජනතාවට හිතකර ලෙස ධනවාදය පවත්වා ගත හැකිය යන ප‍්‍රලාපය තොරොම්බල් කරයි.
    සිසුන් බංකොලොත් වැඩපිලිවෙලක් ඔස්සේ දේශපාලනිකව නිරායුධ කර පොලිසියේ හා මැරයන්ගේ ප‍්‍රහාරවලට ලක්වූ විට ලේවැගිරීම් පෙන්වා කීරි ගැසෙන පූච්චානම් කතාවලින් තමන්ගේ ධනපති ගැති වැඩපිලිවෙලට සිසුන් යටත් කර ගැනීමේ අවිශිබම/පෙසපෙ නායකයන්ගේ ප‍්‍රයත්නයට ඉඩ නොදිය යුතු ය.

    සමාජවාදී වැඩ පිලිවෙල

    විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය හා එහි අනුප‍්‍රාප්තික සමාජවාදී සමානතා පක්ෂය ද ඒවායේ තරුන සංවිධාන වූ තරුන සමාජවාදියෝ හා දැන් සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) හි ද අධ්‍යාපන වැඩපිලිවෙල මෙයයි:
    “මහාවතු ව්‍යාපාර හා බැංකු කම්කරු පාලනය යටතේ ජනසතු කරන, විදේශ නය නිෂ්ප‍්‍රභා කරන සමාජවාදී වැඩපිලිවෙල ක‍්‍රියාවට දැමීම සඳහා කම්කරුවන්ගේ දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමට ශිෂ්‍යයන්ද තම දායකත්වය සපයමින් ඉදිරිපත් විය යුතුය. ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස, ධනපති පන්ති පාලනය පෙරලා දමා ලංකාව තුල කම්කරුවන්ගේ හා ගොවියන්ගේ ආන්ඩුවකට සටන් කරමු. ශිෂ්‍යයන් කම්කරු පන්තිය වෙතට හැරී විප්ලවවාදී නායකත්වය ගොඩ නැගීමට එක් වනු!”
    අප සත්‍යය පැවසිය යුතු ය. අවිශිබම හා එහි ජවිපෙ හා පෙසප ගුරාලා මෙම වැඩපිලිවෙලට තරයේ සතුරු වෙමින් විරෝධතාවලම සිසුන් කොටුකර වත්මන් ප‍්‍රහාරවලට දොර විවර කිරීමේ ද්‍රෝහී ක‍්‍රියාකලාපයේ නිරත වූහ.

    සිරිසා අත්දැකීම

    අවිශිබම හා පෙසප ග‍්‍රීසියේ සිරිසා ව්‍යාපාරය වන්දනාමාන කරන ගමන් තමන් ද ඒ හා සමාන ව්‍යාපාරයක් ලංකාවේ ගොඩ නගන බවට දිව්රයි. සිරිසා වාම සලු හැඳගත් ධනපති සංවිධානයකි. එය පසුගිය ජනවාරියේ හා පසුව සැප්තැම්බර් මාසයේ ග‍්‍රීසියේ ආන්ඩු බලය ගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යුරෝපා මහ බැංකුව හා යුරෝපා සංගමය යන ට්‍රොයිකාවේ රුදුරු සූරාකෑමේ පිලිවෙත් කම්කරුවන් හා දුගීන් මත පටවයි.

    විකල්ප නායකත්වය

    සරසවි සිසුන් අවිශිබම හා පෙසපෙ පිලිවෙත් තරයේ ප‍්‍රතික්ෂේප කල යුතු ය. ඔවුන් තමන්ගේ බුද්ධිය ද ජවය ද සමාජවාදී ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවියන්ගේ ආන්ඩුවක් බලයට ගෙනඒම සඳහා අවශ්‍ය වන විප්ලවවාදී මාක්ස්වාදී නායකත්වය ගොඩ නැගීමට යොමුකල යුතු යැයි සසජාතශි උදක්ම ඉල්ලා සිටී. සිසුන් කම්කරුවන් වෙතට හැරී ධනපති පන්තියේ ද ආන්ඩුවේද ප‍්‍රතිපත්ති පරාජය කිරීමට වර්ජනය ඇතුලු පන්ති ක‍්‍රියාවන් සංවිධානය කරන ලෙස ඉල්ලමින් මැදිහත් විය යුතු ය. ආන්ඩුව සමග පෙල ගැසුනු ව්‍යාජ වම්මුන්, වෘත්තීය සමිති හා විවිධ අවස්ථාවාදී කන්ඩායම් පරාජය කර විප්ලවවාදී සමාජවාදී ක‍්‍රියාමාර්ගයකට සටන් කරන නායකත්වයක් මත ජයග‍්‍රහනය රැඳී පවතී.
    සරසවි තුල අවිශිබමයෙන් බිඳී සිසුන් තමන්ගේ ක‍්‍රියාමාර්ග ගොඩ නැගීමට අවශ්‍ය ය. මෙම පිලිවෙත් මත පිහිටා සටන් වදින සසජාතශි සමග එක්වීමට සියලුම සිසුන්ගෙන් අපි ඉල්ලමු.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සොහොන;19409418 said:
    පෙරටුගාමින් :yes: jvp එකේ කාලේ ගියා :yes:

    නවත්තන්න පුළුවන් ක්‍රමයක් :yes:

    අධ්‍යාපන කප්පාදුව නතර කිරීමට සමාජවාදී ප‍්‍රතිපත්තිවලට සටන් කරමු!

    “රාජ්‍ය අධ්‍යාපනය විකිනීම නවතනු! සියලුම පුද්ගලික විශ්වවිද්‍යාල අහෝසි කරනු!” යන සටන්පාඨ වටා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) නොවැම්බර් 23 පේරාදෙනිය සිට කොලඹ දක්වා ආරම්භ කල පාගමනක් දැන් පැවත්වේ. මෙම විරෝධතා උද්ඝෝෂනය සංවිධානය කර ඇත්තේ සිසුන් අතර පමනක් නොව පලල් මහජනතාවන් අතර අධ්‍යාපන අයිතිය කප්පාදු කිරීමට ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් මැඩීමට ද එරෙහිව වර්ධනය වන බරපතල විරෝධතාවක් මධ්‍යයේ ය.

    සරසවි තුල අවිශිබමයෙන් බිඳී සිසුන් තමන්ගේ ක‍්‍රියාමාර්ග ගොඩ නැගීමට අවශ්‍ය ය. මෙම පිලිවෙත් මත පිහිටා සටන් වදින සසජාතශි සමග එක්වීමට සියලුම සිසුන්ගෙන් අපි ඉල්ලමු.

    නිදහස් අධ්‍යාපනයේ අයිතිය රැක ගන්න වලි කන උදවිය, සැමට අධ්‍යාපනය ලැබීමේ අයිතිය කප්පාදු කරන්නේ ඇයි ?
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,259
    1
    1,003
    113
    Borella
    පවු බන්... ලැබ් පහසුකම් එහෙම නැතිව ඇති....පේරාදෙණියට assign කලානම් හරි...