ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට අනුව උසස් පෙලින් හොදම අය කැම්පස් යනවා ..මෙතන උසස්පෙළ විභාගය ගැන ගැටළු තියෙන්න පුළුවන් ( ප්‍රයෝගික දැනුම තියෙන කෙනාට වඩා කටපාඩම් කරලා ලියන කෙනා සමත් වීම වගේ , එකම ප්‍රථිපලය උනත් Z වැඩිවීම )...අපි පොදුවේ බැලුවොත් දක්ෂ අයගෙන් සීමිත ප්‍රමාණයක් තමයි කැම්පස් යන්නේ....එතනම යම් කිසි පාලනයක් , තෝරාගැනීමක් වෙනවා ...එක වෙන්න ඕනි දෙයක් ...හැම එකාම දොස්තරවරු උනාම හරිද ..?
SAITM කරන්න ඕනි මේ වගේ දේවල් ..නැතිව උද්ගෝෂණ කරන එක නෙවෙයි ..
- නිසි පිළිගත් විෂය පථයක් ප්‍රයෝගික අත්දැකීම එක්ක දෙන්න ඕනි
- රජයේ සෘජු අධීක්ෂණය සහ යම් පාලනයක් ඕනි.එහෙම නැතිව මේ එන වෛද්‍යවරු ගැන වගකීමක් ගන්නේ කවුද ..?
- බල්ලටයි කොල්ලටයි හැම එකාටම මේක දෙන්නේ නැතිව යම්කිසි තෝරාගැනීමක් තුලින් සිසුන් බදවා ගන්න ඕනි ..විද්‍යා විෂය අනිවාර්ය කරලා අඩුමගානේ හැම විෂයකටම B තියෙන්න ඕනි .
- යම්කිසි ප්‍රමිතියක් ඕනි ..
එහෙම නැතිව මම නම් හිතන්නේ නෑ මේකට අනුමැතිය ගන්න ලැබෙයි කියලා ..බලෙන් අනුමැතිය දුන්නත් වෙන්නේ රජයේ වෛද්‍යවරු වැඩ වර්ජනය කරයි ආයේ අඩෙන්නම ..
..රෝගී උන මිනිහෙක්ගේ ජීවිතය තියෙන්නේ වෛද්‍යවරයෙක් ලග ..එයාගේ දක්ෂතාවය ,දැනුම ,හැකියාව මත තමයි එයා ගාවට එන රෝගියාගේ සුවපත්වීමේ හැකියාව තියෙන්නේ ..එතකොට අඩු සුදුසුකම් ,අඩු පළපුරුද්ද සහ දැනුම සහිත වෛද්‍යවරයෙක්ට කොහොමද මිනිහෙක්ගේ ජීවිතයක් බේරගන්න කියන්නේ ...?