ජෝතිෂ්‍යය මොන බන්බුවක්ද ??????????

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔයාට ඔයාගෙ හඳහන බලල මැරෙන දවස කියන්න පුලුවන්ද?:rolleyes:

    kain ohoma kramayak thibila thibba ,eka abawayaa ta gihin
    marenna hethu wenna puluwan de ha ,sthana kiyanna puluwan ban

    කලින් එහෙම ක්‍රම තිබිලා තියෙනවා ,බාවිතයේ තියෙන ගැටළු නිසාත් ,එක ගොඩක් අවදානම් කාරී දෙයක් නිසාත් වැළලී යන්න ඇති .එනිසාම පසු කාලීනව අචාර දරමයක් ලෙස ඕක එකතු උනා කියලා හිතන්න පුළුවන්

    ඔයාගෙ හඳහන බලල කියන්න පුලුවන් ද අහවල් වෙලාවට මාරකයක් නැහැ, කිසිම කරදරයක් වෙන්නෙ නෑ කියල?

    ජෝතිර්විද්‍යාව කියන්නේ මැරෙන්න පලාපල කියන විෂයක් නෙමේ ,ජීවත්වෙන්න තමා පලා පල කියන්නේ .මාරක කල් තියා හදුනා ගන්න විවිද ක්‍රම තියෙනවා ,බලන ජෝතිර් වේදියා කොයිතරම් විෂය දැනුම මේ සදහා බාවිතයට දක්ෂද කියන එක මත තමයි එක තීරණය වෙන්නේ .ගොඩක් ඉගෙන ගත්ත අයටත් පාලා පල කියන්න බැරිවෙන්නේ ප්‍රරායෝගිකව විෂය යොදා ගන්න බැරි කම නිසා යි .

    නමුත් මැරෙන දිනයක් පැවසීම ජෝතිශ්‍ය ආචාරධර්මයන්ට පටහැනි දෙයක් නේද ?
    :dull::dull::dull::dull:
    නැකැත් රාල;19430530 said:
    :dull::dull::dull::dull:

    :dull::dull::dull:
     
    Sep 18, 2014
    143
    8
    0
    ජෝතිෂ්‍ය වලින් පවුල් ජීවිතය ගැනත් කියනවද? මොකද්ද ඔය පතාගෙන ආපු අය කියල කියන්නෙ. ඒ වගේ ඒව ජෝතිෂ්‍ය බලන අය කියල තියනව මම දැකල තියනව. එතකොට ඒව ඇත්තද? ආත්ම ගානක ඉදන් එකට ආපු අයටද? මම දන්නෙ නැති නිසා අහන්නෙ.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    චූටි කුකූ;19434113 said:
    ජෝතිෂ්‍ය වලින් පවුල් ජීවිතය ගැනත් කියනවද? මොකද්ද ඔය පතාගෙන ආපු අය කියල කියන්නෙ. ඒ වගේ ඒව ජෝතිෂ්‍ය බලන අය කියල තියනව මම දැකල තියනව. එතකොට ඒව ඇත්තද? ආත්ම ගානක ඉදන් එකට ආපු අයටද? මම දන්නෙ නැති නිසා අහන්නෙ.
    කියන්න පුළුවන් ,තමුන්ගේ හදහ්නින් ,අම්මා ගැන ,තාත්තා ගැන ,සහෝදර සහෝදරියෝ ගැන ,වැදගත්ම දේ සහකාරිය ගැන යාළුවො ගැන ,බාප්පලා ,මාමලා ගැන ,වගේ ගොඩක් දේවල් හොදට බැලුවොත් කියන්න පුළුවන්
     
    Rocky1

    Member
    Dec 16, 2015
    43
    3
    0
    godakma jothidhya epa une mahinda paraduna nisa.
    ana waki gana lipiyak dann.
    oyawage anawaki kiyanna godak hoda danumak one.ewagema sium dakimak one.

    මට ඇහිලා තියෙනවා සමහර උන් කියනවා 2012 ලෝක විනාශ වෙනවා කියලා කිව්වා කෝ උනාද ඕකුන් දන්න බම්බුව
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    මට ඇහිලා තියෙනවා සමහර උන් කියනවා 2012 ලෝක විනාශ වෙනවා කියලා කිව්වා කෝ උනාද ඕකුන් දන්න බම්බුව
    2012 ලෝක විනාශය බන් ,මාකට් කරපු එකක් මිසක් සිරා සීන් එකක් නෙමේ
    මායන් වරුන්න්ගේ කැලැන්ඩර් එක එවර වෙලා ආයිත් පටන් ගත්තා එචරයි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,401
    1
    57,501
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කලින් එහෙම ක්‍රම තිබිලා තියෙනවා ,බාවිතයේ තියෙන ගැටළු නිසාත් ,එක ගොඩක් අවදානම් කාරී දෙයක් නිසාත් වැළලී යන්න ඇති .එනිසාම පසු කාලීනව අචාර දරමයක් ලෙස ඕක එකතු උනා කියලා හිතන්න පුළුවන්

    ජෝතිර්විද්‍යාව කියන්නේ මැරෙන්න පලාපල කියන විෂයක් නෙමේ ,ජීවත්වෙන්න තමා පලා පල කියන්නේ .මාරක කල් තියා හදුනා ගන්න විවිද ක්‍රම තියෙනවා ,බලන ජෝතිර් වේදියා කොයිතරම් විෂය දැනුම මේ සදහා බාවිතයට දක්ෂද කියන එක මත තමයි එක තීරණය වෙන්නේ .ගොඩක් ඉගෙන ගත්ත අයටත් පාලා පල කියන්න බැරිවෙන්නේ ප්‍රරායෝගිකව විෂය යොදා ගන්න බැරි කම නිසා යි .

    මම අහන්නේ ඔයාට ඔයාගෙ හඳහන බලල කියන්න පුලුවන් ද හෙට ඔයාට හොඳ දවසක් කියල. එහෙම දෙයක් බැරි නම් ඔයාට මොනවගේ අනාවැකියක් හෙට දවස ගැන කියන්න පුලුවන්ද?
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මම අහන්නේ ඔයාට ඔයාගෙ හඳහන බලල කියන්න පුලුවන් ද හෙට ඔයාට හොඳ දවසක් කියල. එහෙම දෙයක් බැරි නම් ඔයාට මොනවගේ අනාවැකියක් හෙට දවස ගැන කියන්න පුලුවන්ද?
    හෙට දවස කියලා කියන්නේ අනාගතය වෙන්න ඕනේ ,පුළුවන් කියන්න එකට සියුම් විශ්ලේශ්න්යක් කරන්න ඕනේ ,දවස ගානේ පලා පල කියන එකේ අවුල අපිට තප්පරේටම හරි උපන් වෙලාවද ලැබෙන්නේ කියන එක .එකේ පොඩි වෙනසක් නම් ගොඩක් වෙලාවට ලොකු දෙයක් වෙන්නේ නැ,එත් බන් ඔය කෙස් වෙච්ච ගොඩක් අයගේ ඒ වෙලාවට හදහන චෙක් කරාම එක වැරදි ,ඉස්සර තිබ්බ ලිත් ප්‍රශ්න ,හදන කොට වරද්දපු නිසා ගොඩක් කෙස් ,එත් දැන් පරිගණක මෘදු කාංග නිසා වඩාත් නිවැරදි ලෙස ගනනය කරන්න පුළුවන් ,ජගනත් හොරා වගේ එකක් පුදුම දියුණු ඒවගේ එකක් .
    එතුල කාලය ඉතිරි වෙනවා වගේම හොද පලා පලයක් කියන්න ඕනේ නිවැරදි දත්ත ලබා ගන්න පුළුවන් .මෘදුකාංග වලින් පලාපල කියන්න නම් බැ ,එකට හොද වැඩ්ඩේක් ඕනේ ,දැන් ගොඩක් අය ජීවිතය හා ග්‍රහයෝ පොතෙන් පලා පල කියන්න ගිහින් නා ගන්නවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඉස්සර කාලේ තප්පරේට තියා මිනිත්තුවටවත් වෙලාව මනින්න පුළුවන්කමක් තිබුනේ නෑ නේ මචන්. ඉතිං කොහොමද ඒ කාලේ උපන් වෙලාව මැන්නේ හරියටම. අද මෙච්චර ඩිජිටල් ඔරලෝසු තියෙන කාලේ මෙහෙම වරදිනවනන් ඉස්සර කාලේ හදපු කේන්දර ඔක්කොම වගේ වැරදි ඇතිනේ. ඒව බලල පලාපල කියපු සහ ජ්‍යෝතිෂ්‍ය ගැන පොත් ලියපු අයත් වැරදි වෙන්න බැරිද :oo: ?
     
    Rocky1

    Member
    Dec 16, 2015
    43
    3
    0
    2012 ලෝක විනාශය බන් ,මාකට් කරපු එකක් මිසක් සිරා සීන් එකක් නෙමේ
    මායන් වරුන්න්ගේ කැලැන්ඩර් එක එවර වෙලා ආයිත් පටන් ගත්තා එචරයි

    hari man ahanna ai jothishayo loke vinasha vanawa kiyala kivve gon harak
     
    • Like
    Reactions: vmsgamer

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මම නම් කියන්නේ මහ බැංකුවේ කෝටි 7000 ක බැදුම්කර හොරකම උනේ නෑ ම කියලයි... :lol:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    "භරණ ගණිතයා "

    හමිබන්තොට දිස්ත්‍රික්කයේ බටහිර ගිරිවාපත්තුවේ පල්ලත්තර නම් ග්‍රාමයේ සාමාන්‍ය ගොවි පවුලක උපන් ඔහුගේ මුල් නාමය "සේදා" නම් විය.පවුලේ අනිත් පිරිමි දරුවන්ට වඩා බුද්ධිමත් ක්‍රියාශ්‍රීලී ගතියක් සේදාගෙන් කුඩා කල සිටම දිස් විය.ලක්දිව විසූ ශේෂ්ඨ පඩිරුවනක් වූ සිටිනාමළුවේ ධම්මජෝති හිමියන් සේදාට මව් පාර්ශ්වයෙන් මාමා කෙනෙකු විය.මෙම ඥාතී සම්බන්ධය නිසාම කුඩා කල සිටම ධම්මජෝති හිමියන්ගේ ප්‍රධාන ගෝලයකු ලෙස ශාස්ත්‍ර ඉගෙනීමට සේදාට වාසනාව උදා විය.ශාස්ත්‍ර ඉගෙනීමෙහි මහත් දක්‍ෂයකු වීම නිසාම සේදා මහනාහිමිගේ විශේෂ අවධානයට ලක්ව තිබුණි.සේදාගේ ජන්ම කේන්දයය පරීක්‍ෂා කිරීමේදී දුටු විශේෂ කරුණක් නිසා ඔහුව ගුප්ත ශ්‍රාස්ත්‍ර ඉගෙනීමෙන් ඉවත් කොට සාමාන්‍ය ධර්ම හා ආයුර්වේද ශාස්ත්‍රීය කරුණු පමනක් ඉගැන්වීමට ධම්මජෝති හිමියන් ප්‍රවේශම් විය.නමුත් කොළුවාගේ සිත ගුප්ත විද්‍යා ශාස්ත්‍ර අධ්‍යාපනයට වැඩි කැමැත්තක් දැක්වීය.

    ඉන්දියාවේ සිට පැමිණි බ්‍රාහ්මණ පඩිවරයෙක් විය.යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජ්‍යොතිෂශාස්ත්‍රයේ කෙල පැමිණියකු වූ "වෛජයන්ත" නම් මෙම බ්‍රාහ්මනයාගෙන් ගුප්ත ශාස්ත්‍ර ඉගෙනීමේ අවස්ථාව සේදාට හිමි විය.සේදා බ්‍රාහ්මණයාගෙන් ගුප්ත ශාස්ත්‍ර ඉගෙනීම වැලැක්වීමට ධම්මජෝති හිමියන් ගත් උත්සාහයන් ව්‍යර්ථ විය.හොද මෙන්ම නරක වැඩ සදහා වූ ගුප්ත ශාස්ත්‍ර සේදා ඉගෙනගත්තේය.
    ------------------------------------------------------------------------------------
    ධම්ම ජෝති හදමියන් දිනක් සේදා සමඟ රජ වාසලට වැඩි දිනෙක සේදාව දුටු රජතුමා
    "කවුද හාමුදුරුවනේ මේ කෙළු ගැටයා."
    "මේ මගේ ඥාතී කොල්ලෙක් රජතුමනි.මගේ ගාව ඉදන් ඉගෙන ගන්නවා."
    "කොළුවෝ එතකොට උඹ ජ්‍යොතිෂය ගැනත් ඉගෙන ගෙන තියෙනවද?"
    "ටිකක් විතර රජතුමනි."
    "ම්...එහෙනම් කියපන් බලන්න අද රික්තාව තියෙන්නේ කොහේද කියලා."

    වහා ඉදිරිපත් වූ සේදා රජමාලිගයේ මැද මිදුලට එන්නැයි රජුගෙන් ඉල්ලා සිටියේ ය. මැද මිදුලට පැමිණි රජුගෙන් හතර රියන් රිටක් ද පුළුන් කැබැල්ලක් ද ඉල්ලා ගත්තේ ය. මැද මිදුලෙහි ඉදිරියට පියවර කිහිපයක් තැබුවේ ය. නැවතුණේ ය. අහස දෙස බැලුවේ ය. අතැති රිට අහසට දිගුකොට සිට, රිට කෙළවරට පුළුන් තබා රිට යළි අහසට දිගු කොට යටිතොල පෙරලුවේ ය.

    ”තව ඩිංගිත්තක් දිග තිබුණ නම් තමා හොඳ” කොලුවා රජුට ඇසෙන සේ කීයේය. රජු කොලුවාට ඇත් දළ මුවා පුටුවක් ගෙන්වා දුන්නේය. ඒ මත නැඟුණු කොලුවා පුළුන් තැබූ රිට අහසට දිගු කළා පමණි. පුළුන් රොද වහා ගිනි ඇවිලිණි. කොලුවා රජුගේ මුහුණ බැලීය.

    "රජතුමනි, රික්තාව ඇති තැන ඔබ දුටුවා නේද?"

    මහත් සතුටට මෙන්ම විශ්මයට පත් රජතුමා සේදාව ප්‍රශංභා කොට ඔහුගේ "සේද"ා නාමය වෙනුවට "චන්ද්‍රාභරණ" නම් ගරු නාමය සන්නසකින් පිරිනමා බොහෝ වස්තුවද දුන්නේය.
    "හාමුදුරුවනේ මේ කොළුවාට තව හොදින් ශාස්ත්‍ර උගන්වන්න.මොහුව ඉදිරියේදී රජවාසල නැකැත් තනතුරට බදවා ගැනීමට මා හට අදහසක් පහළ විය."

    රජු අදහස් කළ පරිදි කොළුවා හොදින් ශාස්ත්‍ර උගෙන "බරණ ගණිතයා " නමින් රජවාසළ ප්‍රධාන නැකැත්තා බවට පත්විය.

    ------------------------------------------------------------------------------------
    බරණ ගණිතයා හොද හැඩිදැඩි පුරුෂයෙකු විය.ඔහු සතුව තිබූ දුර්වල තත්ත්වයක් වූයේ තදින් කෝප ගැනීමය.ධම්මජෝති හිමියන් ඔහුව ගුප්ත ශාස්ත්‍ර ඉගෙනීමෙන් ඉවත් කර තැබීමට එයද ප්‍රධාන හේතුවක් විය.
    දිනක් හෙතෙම මුහන්දිරම් හමුවීමට ගියේ ය. වලව්වේ පසුවූ මුහන්දිරම් තමන්ගේ හිතවතුන් පිරිසක් හා එක් ව රා පානය කරමින් සිටියහ. අනුභව කරමින් සිටියේ රසමසවුළු ය. මුහන්දිරම් තමන් දැක දැක නොතකා මෙන් සිටීමෙන් තරහ උපදවා ගත් බරණ උගුරේ රැල් බුරුල් හැරියේ ය. ඔහු ගණනකට ගත්තේ මුහන්දිරම් නොවේ. බරණ මිදුලට බැස මෙසේ කීවේ ය.

    ’පෙර ලෙස නගාපල හා අන්තිම රාසී
    නොම ලෙස එක්ගහන් දස එක්වන රාසී
    යුග ලෙස වන් දනෝ එකතුව කර පෑසී
    පස ලෙස ලෙයින් විකුමින් බස් දෙති වාසී’

    පෙර ලෙස නම් මේසය ය. අන්තිම රාසිය මාළු ය. දස එක්වන රාසිය නම් කළය ය. යුග ලෙස නම් ගොන් ය. වෘෂභයන් වැනි වූ මිනිසුන් මේසයක් මත මාළු තබාගෙන කමින් කළයකින් රා බොමින් සිංහයන් සේ විකුම් බස් දොඩති. නොඑසේ නම් මුහන්දිරම් ඇතුළු පිරිස සිංහ වෙසින් දොඩන ගොනුන් යැයි ඒ හිටිවන කවියේ තේරුම විය.
    බරණ ගණිතයා දක්‍ෂ කවියකු මෙන්ම සාහිත්‍ය ධරයෙකුද විය.පත්තායමේ ලේකම්, ගජමන් නෝනා, ඇයගේ පියා වූ ගජමන් ආරච්චි, තෙන්නකෝන්, ඇතිරාළ, මීගහජඳුරේ දිසානායක, ගං ඇති රාළේ, කිවුලෙ, අමදෝරු රාළහාමි, වලකඩ මුදලි ගුණරත්න, කටුවානේ මුහන්දිරම් දිසානායක, රිදියාගම ඔරුකෙම මුහන්දිරම්රාළ, බූන්දල ගම්බාෙර්යා, ආදී වියත් ප්‍රභූ කවීහු ඔහුගේ සමකාලීනයෝ ය. මොවුන් අතුරින් බරණගේ කවිත්වයට ලැබුණේ අද්විතීය ස්ථානයකි.

    බරණ ගණිතයා විසින් රචිත සාහිත්‍ය ලේඛන හා ඔහු දායක වූ ප්‍රධාන සේවාවන් කිහිපයක්
    * සියම් නිකාය පිහිටුවීමෙන් අනතුරු ව මුල්කිරිගල විහාරය ආදී නිර්මාණ කිරීමට වටරග්ගොඩ ධම්මපාල හිමියන් ගේ ඉල්ලීමකට අනුව සුබ නැකැත් හෝරාවන් සකස් කිරීම
    *කපුටු ශාස්ත්‍රය පිළිබඳ ව ද විසල් දැනුමකින් හෙබි හේ කපුටු ශාස්ත්‍රය පිළිබඳ පැදි 54කින් යුතු කාව්‍යය ග්‍රන්ථයක් රචනා කළේ ය. එය ‘වායස නිමිත්ත’ කාව්‍යය සංග්‍රහය නමි. මහ සොහොන් හටන රචනා කළේ ද බරණ ගණිතාචාර්යවරයා ය.

    ඉතා කෙළිලොල් හා සැප සම්පත් විදිමින් ජීවිතය ගත කල බරණ ගණිතයා නාස්තිකාරයෙකු විය.අවසාන කාලයේ ඔහුගේ අතමිට හිඟ විය.එවැනි අවස්ථාවලදී ඔහු උදවු උපකාර ලබා ගත්තේ තම හිතවතෙකු වූ "පත්තායමේ ලේකම්" ගෙන්ය.පත්තායමේ ලේකම්ද බරණ ගණිතයාට උදවු කිරීමට ඉදිරිපත් විය.ඉතා ප්‍රකට ‘වියෝවග රත්නමාලය’ නම් ශෘංගාරාත්මක මාල කාව්‍යය නිබන්ධකයා වූයේ පත්තායමේ ලේකම් ය. පත්තායමේ නොපැකිළ ව ඔහුට උපකාර දැක්වූයේ ය. එපමණක් නොව හේ නිතර නිතර බරණ ගේ ගෙදරට ද එන්නට පටන් ගත්තේ ය. රෑ දාවල් නැතිව ආවේ ය. ගියේ ය. යන්ත්‍ර මන්ත්‍ර කටයුතු වෙනුවෙන් බරණයන් දින ගණන් දුර බැහැර ගොස් රැඳී සිටියදී ද පත්තායමේ ඔහුගේ ගෙදර ආවේය.
    ------------------------------------------------------------------------------------
    "කෝ අද බරණ ගුරුතුමා ගෙදර නැද්ද?" ගෙදරට ගොඩ වන ගමන්ම පත්තායමේ ලේකම් බරණ ගණිතයාගේ බිරින්දෑගෙන් විමසීය.
    "දැන් දවස් කීපයක්ම වෙනවා මහනුවර පැත්තේ වැඩකට ගිහින්.අද හෙටම එන පාටක් නම් නැහැ." බරණ බිරිද උළුවස්සට හේත්තු වී නෝක්කාඩුවට මෙන් පිළිතුරු දුන්නාය.මනබදිනා රූසපුවක් හිමි බරණ බිරිද තම ග්‍රහණයට හසුකර ගැනීමට පත්තායමේ ලේකම්ට සිත් පහළ විය.බරණ ගණිතයා දින ගනන් නිවසින් බැහැරව සිටීම තමාට වාසියක් බව ඔහු වටහා ගත්තේය.ගැහැණු සිත් ගැන මනා වැටහීමක් තිබූ පත්තායමේ බරණ බිරිද සමඟ රහස් ඇසුරකට මුලපිරීමට මාන බැලුවේය.
    "අනේ මන්ද අපේ බරණ ගුරුණ්නාන්සේට තියෙන වැඩ රාජකාරීත් එක්ක ගෙදර රැදෙන්නවත් වෙලාවක් නැති හැටි"
    "අනේ පත්තායමේ ලේකම් අයියණ්ඩිට කියන්න මම ඉන්නේ හරිම විශ්සෝපෙන්.එයාට ඉතින් මන්ත්‍ර ගුරුකම් වලට ගියාම අපි ගැන හාංකවිස්සියක් දැනෙන්නේ නෑ."
    "ඇත්ත තමයි මෙච්චර හැඩ මැණිකේ කෙනෙක් ගෙදර තනියම තියලා ගියාම හොරු අරන් යන්න පුළුවන් කියල වත් බරණ ගුරුතුමාට තේරෙන්නේ නැද්ද?" යටිතොල හපමින් මනමාල හිනාවක් පා බරණ ගණිතයාගේ බිරිද දෙස බලමින් පත්තායමේ පැවසුවේ තව අඩියක් ඉදිරියට තැබීමට සිතමිනි.
    "අනේ මන්ද එයාට එහෙමවත් හිතෙන්නැද්ද කියලා." බරණ බිරිද මද සිනාවක් පාමින් උළුවස්ස අතගාමින් පැවසුවේ "අනේ මගේ ලඟට ඇවිත් මගේ ඇගේ පොඩ්ඩක් හැප්පෙන්නකෝ " වැනි ආරාධනා බැල්මක් පත්තායමේ වෙත හෙලමිනි.
    පත්තායමේ ලේකම් හා බරණ ගණිත බිරිද අතර රහස් ඇසුරක් ආරම්භ විය.තම බිරිය සමඟ පත්තායමේ හාදකමක පැටලී ඇති බවට සැක හැර දැනගත් බරණ ඔහුට කිසිත් නොකියා බිරියට දොස් නැඟී ය. වරෙක අවවාද කළේ ය. ඔහුගේ ශෝකය දෙගුණ තෙගුණ වූයේ ඈ පත්තායමේ ලේකම් සමඟ රහසේ පලායාමෙනි
    තම බිරිද තමා අතහැර යාම පිළිබද බරණ ගණිතයා දැඩිසේ දුක්විය.බිරිද නැවත තමා වෙත ගෙන්වා දෙන ලෙස ඔහු තමා පෙර කල සිටම මහත් ගෞරව දැක්වූ කතරගම දෙවිදුගෙන් යැදුවේය.
    ”වීරිය කර බාලේ ලැබ පුලමා
    නෑරිය එක්වෙන්න නෑසියො දුජන සැමා
    සූරිය දෙවියන්ට වැඳ කියමි අත නමා
    බාරිය මගෙ එවන් දෙවියනි කතරගමා”
    රූණු රට උතුම් නායක දෙව් කතරා
    මූණු සයකි බර අත් යුත් නැඟි මයුරා
    පේණු කර සිටිය මගෙ සුරතල් සොඳුරා
    දේනු ඔබෙ තෙදිනි උදුරා මට මෙවරා

    තමා කතරගම දවිදුට කෙතරම් ඇවිටිලි කලද බිරිද තමා හමුවට යළි නොපැමිණීම නිසා බරණ ගණිතයාගේ සිත බිදුනේය.එම සිත් වේදනාවෙන්ම රෝගාතුරවූ ඔහු තුල කතරගම දෙවිදුන්ට තිබූ ගෞරවයද හින විය.
    කතරගම දෙවියන් තමන්ට දඬුවම් දුන්නේ යැයි සිතාගත් බරණයන් නීල කොබෙයියකු දූත මෙහෙවරට ගෙන දේවායාචනයක් බඳු පැදි 148කින් යුතු සංදේශයක් ලියා යැවී ය. සංදේශ බාරකයා නීල කොබෝ පක්ෂියා ය. ගමන් මාර්ගය වූයේ සිටිනාමළුවේ සිට කතරගමට ය.
    ”රුදා සහ හන්දිවල සැදි සියලු ලෙඩ
    සිඳ හැරලමින් දී ඔහුට කට හඬ
    යොදා එවූ හසුන් නම් මේ පඬුරු දිඩ
    හදා සිතින් පිළිගත මැන මේ දුක් හඬ

    කෙසේවතුදු බිරිය ඔහු කරා ආවේ නැත. සෞඛ්‍ය තත්ත්වයද බලා සිටියදී මෙන් පිරිහෙන්නට ම විය. පත්තායමේ ලේකම්ට දිවා රෑ සාප නැඟුවේ ය. ඔහුගේ සේවය පතා පැමිණෙන්නවුන් ද ඔහු කරා නාහ.
    මහත් කළකිරීමටත් වේදනාවටත් පත් බරණ ගණිතැදුරන් තමන් සතු සියලු ලේඛනයන් තම ගෙවත්තේ කෙළවරෙක පිහිටි බෝගසෙක තුන්බලේ නිදන්කළේ ය. ඒ බෝගස වසර හාරසියය ඉක්මවා ගිය ඉපැරැණි බෝගසකි. අදත් එහි කපුටන් ලගින්නේ නැත. කපුටෝ කූඩු නොතනති. එදා ඔහු පදිංචි වී සිටි ඉඩමෙහි අද නිවසක් තනා තිබේ. (බරණ ගනිතයාගේ පරපුරෙන් පැවත එන නීතිඥ නිශාන්ත සඳබරණ මහතාගේ නිවස)
    රාජ සම්මානයෙන්, ප්‍රශංසාවෙන්, කිත් පැසසුමින් ලක්දිව ප්‍රචලිත ව උපන් හැකියා රැසකින් පිරිපුන් බරණ ගණිත නම් රුහුණු පුත්‍රයා ලෙඩ ඇඳ මත වැතිර සිටිය දී 1787 දෙසැම්බර මස 27 දා සදහට ම දෙනෙත පියා ගත්තේ ය.
     
    • Like
    Reactions: Satan_at_Hell

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඉස්සර කාලේ තප්පරේට තියා මිනිත්තුවටවත් වෙලාව මනින්න පුළුවන්කමක් තිබුනේ නෑ නේ මචන්. ඉතිං කොහොමද ඒ කාලේ උපන් වෙලාව මැන්නේ හරියටම. අද මෙච්චර ඩිජිටල් ඔරලෝසු තියෙන කාලේ මෙහෙම වරදිනවනන් ඉස්සර කාලේ හදපු කේන්දර ඔක්කොම වගේ වැරදි ඇතිනේ. ඒව බලල පලාපල කියපු සහ ජ්‍යෝතිෂ්‍ය ගැන පොත් ලියපු අයත් වැරදි වෙන්න බැරිද :oo: ?
    මම මේ කිව්වේ 1960 ත් 2000 අතර වගේ පංචාංග ලිත් වල ගැටළු බන්
    ඉස්සර පට්ට ක්‍රම තිබිල තිනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම මේ කිව්වේ 1960 ත් 2000 අතර වගේ පංචාංග ලිත් වල ගැටළු බන්
    ඉස්සර පට්ට ක්‍රම තිබිල තිනවා

    පට්ට ක්‍රම කියන්නේ තප්පරේට වෙලාව මැනල තියෙනවද මචන් ? නෑනේ. උපරිම ආසන්න විනාඩි පහලවට වගේ මනින්න ඇති.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මම නම් කියන්නේ මහ බැංකුවේ කෝටි 7000 ක බැදුම්කර හොරකම උනේ නෑ ම කියලයි... :lol:
    මන් ඒ ගැන හොද ලිපියක් දැම්ම ,නොබලුවන්ම් සොරි තමයි
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පට්ට ක්‍රම කියන්නේ තප්පරේට වෙලාව මැනල තියෙනවද මචන් ? නෑනේ. උපරිම ආසන්න විනාඩි පහලවට වගේ මනින්න ඇති.
    ඉස්සර ඕක කලේ අද්යාත්මික දියුණු අය ,එනිසා වැරදි අඩුයි ,එත් 1600 න් පස්සේ ආක්‍රමණ වලින් උන් අපේ සම්ප්‍රදායන් විනාශ කළා .
    එකෙන් තමා අපිට කෙල උනේ ,
    අර බරණ ගනිතයගේ කතාව තියෙන පොස්ට් එකේ කාල ගණනය ගැන තිනවා
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පට්ට ක්‍රම කියන්නේ තප්පරේට වෙලාව මැනල තියෙනවද මචන් ? නෑනේ. උපරිම ආසන්න විනාඩි පහලවට වගේ මනින්න ඇති.
    ඔබ තුමා රජයට සබඳතා තියෙන කළා අන්න්ශ්යට සම්බන්ද කැටයම් වගේ අත්කම් ක්ර්යකද කරන්නේ
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    "පොන්නා"

    මාතෘකාව දැක්කම කට්ටියට නිකං මඤඤං වගේ ඇති නේද? මේ මොන කුනුහරුපයක් කියන්න යනවද කියලා.ඒත් කමක් නැහැ ඕන දෙයක් හිතා ගන්න.මේ ලිපිය ලියන්නේ අපේ ඉතිහාස පොත්වල සටහන් වෙලා තියෙන රාජකීය දෛවඥයන් කිහිප දෙනෙකු පිළිබද ඇති පටලැවිල්ලක් පරස්පද විරෝධී වීමකට ගවේශණාත්මක හැදින්වීමක් ඉදිරිපත් කිරීම වෙනුවෙනි.

    ---------------------------------------------------------------------------------

    රාවණා රජ සමයේදී නිධන් ගත කරන ලද රන් පුහුලක් (පුහුලක හැඩයට සෑදූ රත්රන් ගුලියක්) පිළිබදව පුස්කොළ පොතක ලියවුනු නිධන් වදුලක් ඉන්දියාවේ තෙළිගු බ්‍රාහ්මණ තරුණයෙකු අතට පත්විය.මෙම බමුණු තරුණයා නිධන් වදුල කියවා රන් පුහුල ඇත්තේ ලංකාවේ මාවෙළ ප්‍රදේශයේ නයින් කෙළිනා තොට නම් ස්ථානයේ ගල් දොරකින් වැසී ඇති ගල් ගුහාවක් තුළ බව දැන ගත්තේය.රන් පුහුල ගැනීමට තමාගේම දරුවකු බිළි දිය යුතු බව නිධන් වදුලෙන්ම අවබෝධ කරගත් වස්තු ලොල් මෙම බමුණු තරුණයා නිධානය ගැනීමේ අරමුනින්ම ඉන්දියාවෙන් නැව් නැග මාවෙල ප්‍රදේශයේ කාන්තාවක් සරණ පාගෙන එහිම ජීවත් විය.
    ඉන්පසු එම ස්ති‍්‍රයට දාව උපදින කුලුඳුල් පුත‍්‍රයා රන්පුහුල ගැනීමේදී බිලි දෙයි. රන් පුහුලක් රැගෙන එය අරක් ගෙන සිටි නාගයා පසුපස හඹා ඒවියැයි සිතා ගල්තලාවක් මතට දිව ගිය අතර එහිදී හටගත් පිපාසය නිසා රන් පුහුල බිම තැබීය.එවිට ගලපලාගෙන රන් පුහුල නැවතත් එම ගලෙහි නිදන්ගත වූ බව ද රන්පුහුල බිම තැබූ ස්ථානය පුසුල්පිටිය ලෙස හැඳින්වූ බවද සඳහන්ය.තම දරුවාත් නිධානයත් දෙකම නැති වීම ගැන දුක් වූ බමුණු තරුණයා සිත් තැවුලට පත්ව දිවි නසා ගැනීමට සූදානම් වුවත් බෞද්ධ භික්ෂුවකගේ ධර්ම දේශනයක් අසා වස්තු තන්හාව තුනී වී යහපත් පුද්ගලයකු බවට පත්විය.
    බෞද්ධයකු බවට පත්වූ බමුණු තරුණයාගේ දෙවෙනි පුතු අප කතාන්දරයේ ප්‍රධාන චරිත දෙකෙන් පළමු වැන්නා විය.තම තෙළිගු බමුණු පෙළපත් නාමය වූ "පොන්නා"(පොන් යනු තෙළිගු බසින් "රන්" හෙවත් රත්රන් හැදින්වීමයි.) ඔහු භාවිතා කළ නාමය විය.තරුණ වියට පත් පොන්නා තම පියා මෙන්ම ජ්‍යොතිෂයේ හා ගුප්ත ශාස්ත්‍රයේ ප්‍රවීනයකු විය.(ලංකාවට ආ පොන්න පරපුර තම කීර්තිය වැඩීගිය පසු දකුණු ඉන්දියාවෙන් පැමිණීම හා කුල තොරතුරු වසා දැමීමක් ඔවුන් විසින්ම සිදු කලේය.)
    ----------------------------------------------------------------------------------

    "පොන්නා ගුරුන්නාන්සේ මේ ගුත්තා ළමයාට ඔහේව හම්බවෙන්න ඕන කියලා ඇවිත් ඉන්නේ"
    "කව්ද බන් ගුත්තා කිව්වේ.ආ මේ අපේ කොටගේ පිටියේ විසුරුගෙදර ඌරු පැලැස්සේ ගමරාළලැයි නැවතිලා ඉන්න ගුත්තා ළමයා නෙව.මොකෝ ළමයෝ මේ හදිස්සියේ මේ පැත්තේ."
    පොන්නා ඇසූ දෙයට එකවර පිළිතුරක් නොදුන් ගුත්තා පොන්නා දෙස මොහොතක් බලා සිටියේය.යකුන් මෙල්ල කරන ගුප්ත ශාස්ත්‍ර උගත් බලවන්තයෙකු වුවද තමා ඉදිරියේ සිටින ආරෝහ පරිනාහ තරුණයාගේ තියුණු තේජස් බැල්ම ඉදිරියේ පොන්නා මදක් පසුබා ගියේය.තමා ඉදිරියේ සිටින තරුණයාට තමාව තනිව මුණගැසීමේ අවශ්‍යතාව ඇති බව පොන්නා වටහා ගත්තේය.

    "තේගිසෝ උඹ ගිහින් මේ ගුත්තා ලමයාට බොන්න වෑවරයක් කපාගෙන වරෙන්."
    අතවැසියා පිටතට ගිය පසු ගුත්තා කතා කලේය.
    "ගුරුන්නාන්සේ මම ඊයේ අමුතු විකාර හීන වගයක් දැක්කා.ඒ හීන වල තේරුමක් තියෙනවද කියල දැන ගන්නයි ආවේ.
    "හොදයි එහෙනම් අන්න අර පේන දෙහි ගහ ලඟට ගිහින් මෙන්න මේ වතුර විදුරුව දිහා බලාගෙන රහසින් තමා දැක්ක හීනේ ගැන කියලා ඒ වතුර ටික දෙහි ගහට වත් කරලා ආවනං"
    පොන්නා ගුරා පැවසූ දේ එලසම සිදුකොට ගුත්තා නැවත පොන්නා ගුරු වෙතට පැමිණියේය.
    "හොදයි දැන් මෙන්න මේ බුලත් අතෙන් තමාට හිතෙන බුලත් කොළ ගානක් අතට අරගෙන ඔය ළමයා දැක්කයි කියන හීනේ ගැන මටත් කිව්වනම්."
    " මම දැක්ක හීනේ හරි විකාරයක් වගේ හීනේ දැක්කේ කොටස් තුනකට වගේ මුලින්ම දැක්කේ මගේ බඩවැල් කටින් එළියට ඇවිත් දිග්වෙලා නැවත කෙටි වී බඩතුලටම ඇදී යාමයි.දෙවැනි පාර දැක්කේ මගේ දිව දික්වෙලා මුළු ලංකාද්වීපයේම වටේටම ගමන් කර නැවත කෙටි වී මුවට ඇදී යාමයි.තුන්වෙනි පාර දැක්කා මගේ මහපටැඟිල්ලේ මී වදයක් බැදලා තියෙනවා.මේ හීනවල ත්රුමක් තියේද ගුරුණ්නාන්සේ."
    "ගුත්තා තමා දුටු සිහිණ විස්තර කිරීම ආරම්භ කරනවාත් සමගම කවඩි බෙල්ලන් අතට ගත් පොන්නා සිහින් හඩින් මතුරමින් කවඩි කිහිපයක් පෙත මත දමමින් කිසියම් ක්‍රියාවක් සිදු කලේය.නැවත වරක් එම ක්‍රියාව සිදු කළ පොන්නා කවඩි පෙත දෙස විශ්මයෙන් යුතුව බලා සිටියේය."
    "ඔබතුමා කවුද?සිහිණ හා තත්කාලය අනුව පෙනෙන විදියට ඔබ මහා බලගතු රාජ කුමාරයෙක් විය යුතුයි.කවදා හරි දවසක ඔබ මේ රට එක්සේසත් කර රටේ මහ රජු බවට පත්වෙනවා ඒකාන්තයි.සිහිණ වලින් පෙන්වා ඇත්තේ එයයි.කාවන්තිස්ස රජු සමඟ අමනාපව රජවාසලෙන් පැන ගිය ගැමුණු කුමරු ඔබ නේද?"
    " ඔබ හරි මම ගැමුනු කුමරු තමයි. ඒත් ඔබ මෙය රහසක් ලෙස පවත්වා ගත යුතුයි.ඔබ පැවසූ පරිදි සොලීන් පලවා හැර මේ රට මුදවා ගැනීම මගේ එකම අරමුණයි.ඔබගේ ශාස්ත්‍රීය දැනුමට මා ගරු කරමි."
    තමා ඉදිරියේ සිටින්නේ අනාගතයේ රට භාර ගැනීමට සිටින දුටු ගැමුණු රාජ කුමාරයා බව දැනගත් පොන්නා ගුරුතුමා කුමරුට ගෞරව නමස්කාර කොට කුමරු පිළිබද රහස රැකීමට ප්‍රතිඥා දුන්නේය.

    පසු කලෙක දුටු ගැමුනු රජු සොලීන් පරදවා රට එක්සේසත් කලේය.ඒ සදහා අනාගත වාක්‍ය පැවසූ පොන්නාව රාජකීය දෛවඥයා ලෙස පත්කරගත්තේය.මෙලෙස පොන්නා නැකැත් පරපුර රාජකීය සම්මණයට පාත්‍ර වීම ආරම්භ විය.ඉන් පසු පරම්පරා ගනනක්ම පොන්නා නැකැත් පරපුර රාජකීය දෛවඥයන් ලෙස පිදුම් ලැබුවේ එම නැකැත් පරපුරේ දක්‍ෂතා ජානමය වශයෙන් ඉදිරි පරම්පරාවටද ගමන් කිරීම හේතුවෙනි.අපේ කතාවේ දෙවන කතා නායකයාද පොන්නා කෙනෙකුය.ඔහු දුටු ගැමුණු රජුගේ ප්‍රධාන නැකැත් ඇදුරා වූ පොන්නාගේ මුණුපුරෙකු විය.අපි ඔහුට පොන්නා 2 යැයි කියමු.මෙම පොන්නා 2 නැකැත් ඇදුරා වෙන කිසිවකු නොව කීර්ති ශ‍්‍රී රාජසිංහ (ක‍්‍රි.ව. 1747 - 82) හා රාජාධිරාජසිංහ (කි‍්‍ර.ව. 1782 - 98) රජවරුන් දෙදෙනාගේම ප්‍රධාන රජවාසළ නැකැත් ගණින්නා ලෙස ඉමහත් ප්‍රසිද්ධියට පත්වූ "කොත්මලේ ගණිතයා"මය.අපි මේ පොන්නා 2 හෙවත් "කොත්මලේ ගණිතයා" ගේ කතාව විමසා බලමු.

    පොන්නා නැකැත් පරපුරේ අවසන් පුරුක වූ "කොත්මල් ගණිතයා" මහා ප්‍රාඥයකු විය.ජ්‍යොතිෂය,ගුප්ත විද්‍යා ක්‍රම මෙන්ම හේ කවියටද දක්‍ෂයකු විය.ඉතිහාස පොත්වල සදහන් වන ප්‍රධාන රාජකීය දෛවඥයන් වන කොත්මලේ,භරණ හා දොඩම්පේ ගණිතයන් අතරින් ඉතා රසවත් මෙන්ම වඩාත් වැඩි වශයෙන් විස්තර සටහන් වී ඇත්තේ කොත්මලේ ගණිතයා පිළිබදවය.කොත්මලේ ගණිතයාද පොන්නා නැකැත් පරපුරේම අයෙකු වීමත් ඇතැම් ස්ථාන වල කොත්මලේ ගණිතයාවද පොන්නා ලෙස හැදින්වීම නිසා දුටු ගැමුනු කුමරුට අනාවැකි පැවසූ පොන්නා හා ඔහුගේම මුණුපුරෙකු වූ කොත්මලේ ගණිතයාව ඉතිහාසඥයන් පටලවා ගනී.

    කොත්මලේ ගණිතයා රාජ සේවයට බැදුනේ කීර්ති ශ‍්‍රී රාජසිංහ (ක‍්‍රි.ව. 1747 - 82) රජතුමාගේ කාලයේදීය.ඔහුට එම තනතුර උරුම වුයේ පිය උරුමයෙනි.කොත්මලේ ගණිතයා මාවෙල ගමේ සිට තල අත්ත කිහිළි ගන්නා ගෙන සෙන්කඩගල රාජසභාවේ රාජ සේවයට යෑම සිරිත විය. සුබ නැකතින් මන්ත්‍ර පුරවා කොත්මලේ ඔය හරහා දැමූ උස්‌ ගල්තලා හෙවත් පාදියවලට අඩි තබමින් ඔයෙන් එතෙරවීම ගණිතයාගේ පුරුද්ද විය.කොත්මලේ ගණිතයා දක්‍ෂ කවි කාරයකුද විය.දිනක් තමා ඉදිරියට වතුර පිරවූ කළයක් උකුළ තබා එන රූමත් තරුණියක් දුටු ඔහු කවියෙන් මෙසේ කීවේය.

    තුන්පස සිසිලසෙහි දිසිවුවන පූරණ
    තුනුවිසි සිව් කළා රතිමායම් නිපුණ
    තුන් ඇස් දිනූ යස රුසිරැති අඟන
    තුන් සතරෙන් එකක් හැර මාවත සිටින

    කොත්මලේ ගණිතයා පැවසූ මෙම කවියේ අර්ථයද ගණිතය හා බැදී ඇත.තුන්පස (3 x 5 = 15) සිසිලසෙහි දිසිවුවන පූරණ යනු පසළොස්වක දවසෙ පේන පූර්ණ චන්ද්‍රයාටය.තුන්විසි සිව් (3 x 20 + 4 = 64) කළා රතිමායම් නිපුණ යනු 64 මායම් දන්නා බවයි. තුන් ඇස් දිනූ යස රුසිරැති අඟන යනු තුන් කල් ( එනම් අතීතය, අනාගතය හා වර්තමානය) හිදීම ලස්සන ගැනු ළමයෙක් යන්නයි. තුන් සතරෙන් එකක් හැර (3 x 4 – 1 = 11 ) මාවත සිටින කියන්නෙ 11 වන රාශිය වන කුම්භ (කළයක්) අතින් ගෙන පාරෙ සිටිනා බවයි.

    කොත්මලේ මාවෙලගමේ පදිංචිව සිටි කොත්මලේ ගණිතයා විවාහ වූයේ උඩුනුවරිනි. ඔහුට සිටියේ දුවරුන්ම හත් දෙනෙකි. හත්දෙනාම අවිවාහක වූහ. ගෙදර වැඩට ගණිතයා විසින් හිසේ කටුවක්‌ ගසා මෙල්ල කොට රැගෙවිත් සිටි යක්‌ෂයෙක්‌ ඔහු නැති දිනෙක ගැබ්බර සිටි ගණිතයාගේ බිරිඳ හා දුවරුන් හත්දෙනා මරා ලේ විලක්‌ වගුරුවා ශ්‍රීපාද අඩවියට පළාගොස්‌ සැඟවුණේය. කෝපය ඉහව හා ගිය ගණිතයා කරුංකා ගෙඩියක්‌ මතුරා පිල්ලියක්‌ ලෙස යවා යක්‌ෂයා මන්ත්‍ර බලෙන් ගේනවා තිස්‌පනේ පිහිටා තිබූ බුදුන්හිටිලෙන අසල ඉපැරණි ඇටඹ ගහට තබා ගෙල කපා මරා දමා ඇත. ඉන්පසු මේ ඇටඹගහ "යකඹ" ගහ නමින් ප්‍රසිද්ධ විය.

    කොත්මලේ නැකැත්තා ජීවත් වූ කාලයේ දී ප‍්‍රබල ග‍්‍රහයෝගයක් ඇති බවත් එහිදී හටගන්නා සිකුරු සෙනසුරු ග‍්‍රහ යුද්ධයක් පිළිබඳව ඔහු දැනුම්වත් ව සිටියේ ය.මේ ප‍්‍රබල ග‍්‍රහ යුද්ධයෙන් සිකුරාගේ කුණ්ඩලාභරණය ගැලවී පෘථිවි තලය මත පතිත වන බව දැනගත් කොත්මලේ ගණිතයා කුණ්ඩලාභරණය ලබාගැනීම් අදිටනින් එය වැටෙන ස්ථානයේ පැලක් ඉදිකරගැනීම සඳහා පිටත් වෙයි. දකුණු ඉන්දියාවේ සිට පැමිණි ගණිත බමුනකු එම ස්ථානයේ පැලක් ඉදිකර කුණ්ඩලාභරණය අයත් කරගනු පිණිස බලා සිටියේලු. කර කියාගත දෙයක් නොවූ කොත්මලේ ගණිතයා එකී බමුණා ඉදිකරගෙන තිබූ පැලෙහි වහලේ වැදීකුණ්ඩලාභරණය බිම පතිත වන බව දැක එම ස්ථානය සෙවීම ආරම්භ කළේය. කුණ්ඩලාභරණය නියම ලෙස බිම පතිත වන ස්ථානය සොයාගන්නා කොත්මලේ ගණිතයා ඒ ඉඩ ප‍්‍රමාණය වෙන් කරගනී. ග‍්‍රහ යුද්ධය ආරම්භ වී සුළු මොහොතකින් කොත්මලේ ගණිත සිටි ස්ථානයට කුණ්ඩලාභරණය පතිත වනුයේ අනෙක් බමුණා ගේ පැලේ වහලේ වැදීමෙනි. එහෙයින් එකී බමුණා ද කුණ්ඩලාභරණයට අයිතිවාසිකම් කියයි. ආරවුල විසඳ්‍රගත නොහී එය දුර දිග ගොස් අවසානයේ නතරවන්නේ රජතුමා ඉදිරියෙනි.මෙතරම් වටිනා කුණ්ඩලාභරණයක් තොප දෙදෙනාටත් රාජත්වයෙහි වූ මටත් නොවටිනා හෙයින් එය උත්තම දළදා වහන්සේ වෙත පුදමි” යැයි කියමින් එම රත්තරන් කුණ්ඩාලාභරණයෙන් නෙළුම් පලා පෙත්තක් සකසා ශ‍්‍රී දළදා වහන්සේ වැඩ සිටුවීමට ප‍්‍රයෝජනයට ගන්නා ලදී.වර්තමානයේ දළදා වහන්සේ වැඩ හිඳින ගණ රන් පලාපෙත්ත සිකුරාගේ කුණ්ඩලාභරණයේ වූ රත්තරන්වලින් සකසනු ලැබූවක් යැයි කියති. මෙකී කුණ්ඩලාභරණය වැටුණු ස්ථානය කුණ්ඩසාලය වශයෙන් ප‍්‍රසිද්ධ වූයේය.

    කොත්මලේ ගණිතයා පිළිබඳව ඇති එක්‌ රසවත් ජනප්‍රවාදයක්‌ මෙහි ඉදිරිපත් කරමු. දිනක්‌ උදෑසන මැතිරූ තල අත්ත කිහිළි ගන්නා ගෙන කොත්මලේ ඔය හරහා දමා ඇති පාදියවලට, පා තබමින් ගඟෙන් එතෙරව සෙන්කඩගල රාජසේවයට යන කොත්මලේ ගණිතයා විඩාව සංසිඳුවා ගෙන ගිමන් හැරීමට අඩිපාර අද්දර තිබූ අම්බලමකට ගොඩ වී අසුන්ගෙන බුලත් මඩිස්‌සලය ඇද විටක්‌ සපන්නට විය. ටික වේලාවකින් මහලුවියේ පසුවන තවත් වැසියෙක්‌ පැමිණ අම්බලමේ අසුන් ගත්තේය. පාලුව යැමට දෙදෙනා කතාබහට එකතු විය. තමා නක්‌ෂත්‍රකරුවකු බවත් රාජසේවය සඳහා සෙන්කඩගල රාජසභාවට යන බවත් බුලත්විට සපමින්ම ගණිතයා මහල්ලාට කීවේය. මහල්ලා නළල රැළි ගන්වා ගණිතයා දෙස බැලුවේය.හොඳයි මේ වෙලාවේ සිකුරු ග්‍රහයා ඉන්න ස්‌ථානය කියන්න පුළුවන්ද? මහල්ලා ගණිතයාගෙන් විමසුවේය. ගණිතයා කොටු අඳිමින් බෙල්ලන් දමමින් පන්හිඳ රැගෙන හිස කසමින් කීප වරක්‌ ග්‍රහචාරය ගැන බැලුවේය. එහෙත් සිකුරු සිටින ස්‌ථානය අපැහැදිලිය.
    "තවම හොයාගන්න බැරිවුණාද?" - අමුත්තා අසයි.
    ගණිතයා නැවතත් ග්‍රහචාරය පරීක්‌ෂා කොට හිස්‌කෙස්‌ අතින් පීරමින් පරීක්‌ෂා කළත් පිළිතුරක්‌ නොලැබෙයි. ඔහු අමුත්තා ලෙස බලා මොහොතක්‌ කල්පනා කරන්නට විය.
    "සිකුරු ග්‍රහයා ඔබතුමාවත්ද?" ගණිතයා අමුත්තාගේ දෑත අල්ලා ගනිමින් මුහුණ දෙස බැලුවේය.
    ඉගෙන ගත්තේ එච්චරයිද? - අමුත්තා ගණිතයාගේ දෙනෙත්වලට ඇඟිල්ල තැබුවා පමණෙකි. ඔහුගේ පෙනුම අතුරුදන් වී දෑස්‌ අන්ධ විය. කොත්මලේ ගණිතයා මහල්ලාගේ දෑත් තදින් ම බදාගෙන වැළපෙන්නට විය.
    ඔබ වහන්සේ මට නැවත පෙනුම ලබාදෙන්න. මොහොතකින් ගණිතයාට යළිත් තිබූ පෙනුම හිමිවිය. උතුරා ගිය ප්‍රිතියෙන් සිකුරුගේ පාමුල වැටුණු ගණිතයා සිකුර දෙවියාගේ වරම් හා ආශිර්වාදය ඉල්ලා සිටියේය. ඔහුගේ හිස මත අත තබා සිකුරු ග්‍රහයා ඔහුට ආශිර්වාද කළේය. ඒ සමග ඉන්පසු සිකුරු ග්‍රහයාගේ අසීමිත බලවේගය ඔහුගේ නක්‌ෂත්‍ර කටයුතුවලට හා ජීවිතයට එකතු විය. සිකුරුගේ ආශිර්වාදය හා වරම් ලැබූ කොත්මලේ ගණිතයාට ඉන්පසු "සිකුරාධිපති" යන ගෞරවනාමය හිසමිවිය. ඔහුගේ පරපුරේ අයද සිකුරාධිපති නම ආඩම්බරයෙන් අදත් භාවිත කරති

    නැකැත් තරුවක් ගැහෙනු දැකීමෙන් කොත්මලේ නැකැත්තා අපූරු ප‍්‍රකාශයක් කරයි. ඉදිරි කලෙක කොත්මලේ ඔයේ දෙපස පිහිටි තිස්පනේ කන්දත් කඹදොරකන්දත් එකට එක්වී රටට සෞභාග්‍ය ගෙන එමින් ගඟ උතුරු දෙසට ගලන්නට පටන්ගන්නා බව නැකැත්තා පැවසුවේ යැයි ජනප‍්‍රවාදයේ එයි.

    එම ප‍්‍රකාශයෙන් අවුරුදු 200 කටත් පසුව ගඟ හරහා වේල්ලක් බැඳ කඳු දෙක යා කොට ගඟෙහි ජලය, අඩි 1300 කට ආසන්න තිරස් කොන්කී‍්‍රට් අතුරණයකින් යුතු උමඟකින් හා අඩි 390 කින් යුත් අධිපීඩන උමඟකින් උතුරු දෙසින් පිහිටි බලාගාරයෙහි ට’ර්’බයින තෙක් ගෙන යන ආකාරයෙන් කොත්මලේ ජලාශය ඉදිකරනු ලැබීය.ජලාශය ඉදිකිරීම මත නිසැකවම රටේ අභිවෘද්ධියක් ඇති විය. ප‍්‍රකාශයෙන් අවුරුදු ගණනාවකට පසු එය සත්‍ය බවට පත්වී ඇත.
    කොත්මලේ ගණිතයා විසින් ලියන ලද යැයි සලකන ‘මහාගණිතය’ නම් වූ පුස්කොළ පොතක් වෙයි. එය අදටත් මාවෙල පදිංචි ඩී.ජී.සරත් සෝමවීර මහතා ළඟ සුරක්ෂිතව තිබේ. එසේම නැකැත්තා භාවිත කළායැයි සැලකෙන පන්හිඳ ද ඔහු ළඟ සුරක්ෂිතව ඇත.මෙකී පුස්කොළපොත ලියැවී ඇත්තේ තෙලිඟු භාෂාවෙනි. ‘තෙලිඟු’ යනු දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා දේශයේ පවුල් කතා කරනු ලබන භාෂාවකි. (මහා සිංහල ශබ්ද කෝෂය) එහි අග බුද්ධ වර්ෂ 2301 (එනම් කි‍්‍ර.ව. 1757) ලෙස සඳහන් ය. “ශිකුරාජපති” “ස්වස්ති සිද්ධම්” යන පාඨය ද එයි.

    පුස්කොළ පිටු 191 කින් සමන්විත දිගින් හා පළලින් පිළිවෙළින් සෙ.මි. 15.5, සෙ.මි. 4.8 වන මෙම පුස්කොළ පොත දෙපසින් ලී පටි තබා බැඳ පසු සෙ.මී. 7 උසයි. ඇතුළත පළමු පුස්කොළයේ ‘මහා ගණිතය’ ලෙස සටහන් කර ඇති මෙහි දෙමළ අක්ෂර ද බහුලව භාවිතා කොට ඇති බව පෙනේ.

    කීර්ති ශ්‍රී රාජසිංහ රජුගෙන් පසු රාජාධිරාජ සිංහ රජුටද කොත්මලේ ගණිතයා සේවය කලේය.ඒ වනවිට මහළු වයසේ සිටි කොත්මලේ ගණිතයාට රජ වාසළ තරුණ නැකැත් කරුවන් විරුද්ධව කුමන්ත්‍රණ දියත් කලේය. තමන්ට සේවය කරන ජ්‍යෝතිෂ ශාස්ත‍්‍රඥයින්ගේ දැනුම පිරික්සීමට සිතූ රජතුමා නින්ද ගමකින් ලැබෙන විශාල ලබු ගෙඩියක් නොකපා එහි ඇති ඇට ගණන කොපමණ දැයි විචාරයි.

    අයෙකු ඇට නැලියක් ඇතැයි ද තවත් අයෙකු ඇට දෙනැලියක් ඇතැයි ද විවිධ ප‍්‍රකාශ කළත් ලබු ගෙඩිය හොඳින් පිරික්සූ කොත්මලේ ගණිතයා මෙහි ඇට තුනක් ඇති බවත් ඉන් ඇට දෙකක් පුහු බවත් එක් ඇටයක් පමණක් හොඳ ඇටයක් බවත් ප‍්‍රකාශ කරයි.මෙතරම් විශාල ලබු ගෙඩියක ඇට තුනක් පමණක් ඇති බවට කෙරෙන ප‍්‍රකාශය ගැන අනෙකුත් ශාස්ත‍්‍රඥයින් විසුළු කළ බැව් ජනප‍්‍රවාදයේ එයි. එහෙත් රජතුමා ඇතුළු රජවාසල සියලු දෙනාම මවිතයට පත් කරමින් නැකැත්තා කියූ ප‍්‍රකාශය සත්‍ය විය. ලබු ගෙඩිය දෙපලු කළ විට එහි හොඳ ඇට එකක් සහ පුහු ඇට දෙකක් තිබී ඇත.මේ සිදුවීමෙන් රජතුමාගේ ප‍්‍රසාදය ලැබිය යුතු වුව ද ඔහුට සිදුවූයේ අනෙකකි. මේ පුද්ගලයා ජීවත්ව සිටියහොත් තමාගේ රජ පදවියට ද අභියෝගයක් වේදැයි සිතූ රජතුමා නැකැත්තාගේ හිස ගසා දමන්නට නියම කළේ ඉන් අනතුරුව ය.
    නැකැත්තා එවෙලෙහි කාල හෝරාවක් තමන්ගේ ජන්ම වේලාවත් සසඳ්‍ර බලා තව පැය තුනකින් මිය යන බව දැන වදකයින්ගේ කඩු පහරින් මිය යනවාට වඩා තම ආයුෂ ක්ෂය වීමෙන් මිය යාම සුදුසු යැයි සිතා කවියෙන් ඉල්ලීමක් කරයි.

    “සත් අවුරුද්දක් වසිනා වැස්සේ
    බිංදු ගණන් කරලා දෙඤ්ඤං
    සත් අවුරුද්දක් ගිය කණ්කුණ්ඩගෙ
    කකුල් ගණන් කරලා දෙඤ්ඤං
    අබ තුන් පෑලක් මැනලා දුන්නත්
    පියලි ගණන් කරලා දෙඤ්ඤං
    තව තුන් පැයකට නොමරා සිටියොත්
    මෙතුන් පදේ තෝරා දෙඤ්ඤං”

    රජ අණ පරිදි තව පැය තුනක් සඳහා අභය දානය දෙනු ලබයි. පැය තුන නිම වත්ම තම ආයුෂ ක්ෂය වී අදෘශ්‍යමාන චිත්ත බලයක් තිබූ, අද විද්‍යාඥයින්ටත් සොයාගත නොහැකි වූ ආශ්චර්යවත් පෙළහර පාන ලද කොත්මලේ ගණිතයා ස්වභාවිකව මිය පරලොව යයි.

    මේ පිළිබඳ තවත් එක් මතයක් ගැමියන් අතර පවතී. නිශ්චිත වශයෙන්ම වදකයින්ගේ කඩු පහරින් මිය යන බව දැනගත් නැකැත්තා තමාටම වස්කවි කියාගෙන තම ආයුෂ ක්ෂය කරගත් බවක් ඉන් කියැවේ. කෙසේ නමුදු මේ ප‍්‍රාඥයාගේ මරණය සිදුවූයේ ඉහත සිද්ධියෙන් බව පිළිගත් මතයයි.

    මේ අයුරින් කොත්මලේ පුරාවට පැතිර ඇති ජනශ‍්‍රැතිවල සදහන් කොත්මලේ ගණිතයා ජීවමානව තවමත් සිටියි.

    උපුටාගැනීම

    http://lankajhothisha.blogspot.com/
     
    http://www.elakiri.com/forum/showthread.php?p=19434901&posted=1#post19434901
    මේකට දාපන් බන් මේක කියවන්න අහු නොවෙන්න පුළුවන්