මට තාමත් හිතාගන්න බැරි ඇයි මේ මෝඩ මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි වෛද්‍ය වෘත්තීය කියන්නේ සාමාන්‍ය අනෙක් වෘත්තියක් වගේ නෙවෙයි කියලා ..දොස්තර කෙනෙක් ගාවට අපි යන්නේ අපේ ජීවිතය ආරක්ෂා කරගන්න ..විශ්වාසයකින් ..එත් අපිට හරියට බෙහෙතත් දෙන්න , ශල්‍යකර්මයක් කරන්න දැනුමක් නැත්තන් කොහොද යන්නේ ...පොඩ්ඩක් නිකමට හිතලා බලන්න ප්‍රයෝගික අත්දැකීමක් නැතිව rubber dummies වලින් ළමයි ගන්න පුරුදු වෙන දොස්තර කෙනෙක් ගාවට ඔයාගේ බිරිදට ළමයෙක් ලැබෙන්න ඉන්නකොට එක්කගෙන යනවද ..?
..අනිත් එක ඔය ළමයින්ට රජයේ සයන පුහුණුව ලබාදෙන්නේ කවුද ..රජයේ දොස්තරවරුම තමයි ..අනිත් එක දොස්තර කෙනෙක් වෙන එක ලේසි නෑ ...ගණන් පුළුවන් නම් හොද ඉන්ජිනේරුවෙන් වෙන්න පුළුවන් , ගිණුම්කරණය පුළුවන් නම් ගණකාධිකරනවරයෙක් \ ව්‍යාපාරිකයෙක් \ කළමනාකාරවරයෙක් වෙන්න පුළුවන් එත් එයාලගෙන් සෘජුව මිනිසුන්ගේ ජීවත් වීමට බලපෑමක් වෙන්නේ නෑ ...ඉංජිනේරුවෙක් හදන ගොඩනැගිල්ලක් වැරද්දක් තියෙනවා නම් අපහු සැලැස්ම වෙනස් කරන්න පුළුවන්..එත් දොස්තර කරන ශල්‍යකර්මයක් වැරදුනොත් අපහු නිවැරදි කරන්න පුලුවන්ද ..?
සත්‍ය තේරුම් ගන්න ..අනෙත් වෘත්තියන් වගේ නෙවෙයි වෛද්‍ය වෘත්තීය ...පුද්ගලික විශ්ව විද්‍යාල හොදයි ..ලංකාවට ඕනි ..එත් ඉහල ගුණත්වයෙන් ,ප්‍රමිතියෙන් ,විශ්වාසයෙන් තියෙන්න ඕනි ..පිටරට වෛද්‍ය විද්‍යාල වලින් උපාධි අරගෙන ඇවිල්ලත් ලංකාවේ විභාගය කරන්නේ ඇයි ..ප්‍රමිතියක් තියෙන නිසා ..උඹලා දන්නවද දන්නේ නෑ ඒ තියන විභාගයෙන් අසමත් වෙන පිටරට වෛද්‍ය උපාධිය තියෙන අය කොච්චර ඉන්නවද ....ලංකාවේ වෛද්‍ය වෘත්තියේ ප්‍රමිතියක් තියෙනවා ..එක නැති වෙන එකට තමයි මේ විරෝධය ..හොද දැනුවත් ,පළපුරුදු වෛද්‍යවරයෙක් මේ විශ්ව විද්‍යාල වලින් එලියට එනවා නම් කිසිම විරුද්ධත්වයක් නෑ ..