නොදන්න මඟුල් බ්ලොගයෙන් උපුටා ගන්නා ලදී
පැයෙන් පැය එක බැගින් පරවෙන කිරි සුවඳ ඇති මල් කැ ලේ…..
එම දමෙන් ගත් මල් දමා යති කසල බඳුනෙහි කඩ පි ලේ….
ගුරුන්ටත් නිති අකුරු වරදිති රති නොවරදින පාසැ ලේ….
සමත් කම් මොනවාට කියමුද අනේ තොපිලෑ සිංහ ලේ…..
මවක දුවකට මගක යන්නට නොකැප ගිණියම් දහව ලේ….
රැයද උදයද ළපටි මහළුද වැදුව මවුනද නොම බැ ලේ……
යටව තැන තැන තරුණ කම ඇත එකට වැළලී මිනි ව ලේ….
සුවය සහනය කුමට කියමුද අනේ තොපිලෑ සිංහ ලේ…..
බුදුන් දම් තෙරුවණම විකිණෙති අකැප කැප වුණු පන්ස ලේ…..
දුකම දෙවියන් අහර කර ගති පල්ලි, දෙවොලේ, කෝවි ලේ….
ගතට පණ ඇති, හිතට පණ නැති නොමළ හොල්මන් තිප්ප ලේ…..
අහා ඇති තෙද කුමට කියමුද අනේ තොපිලෑ සිංහ ලේ….
ගෙදර බුදු පිඬු සිඟා යනවිට පෙන්නමින් බොර තෙල් බ ලේ….
මරණ, කෙළෙසන, යකඩ ඇණ යන, කඳින් වෙන් කළ ඉහ මො ළේ….
මැදක පෙරදිග පයක කඳුළක තවරමින මෙහෙකම් ක ළේ…
එවන මසු ලෝ දියෙහි දිය වෙන අනේ තොපිලෑ සිංහ ලේ…..
උපන් බිම දුක ගැහැට මග හැර විඳින්නට සැප ලෝ ත ලේ….
සපන් සැම දූ පුතුන් පිට වෙති පුදා සිප් සත පා මු ලේ….
එවන් තටු නැති එවුන් සැඟවෙති අතර මග සමුදුරු ජ ලේ….
ඔවුන් එය රූ තිරෙන් පෙන්වති, අනේ තොපිලෑ සිංහ ලේ….
ලෙඩට දුකකට වැඩට ගිය සඳ ඇඟට පැන පුපුරා හැ ළේ…..
මුවඟ අසළින් ගියද කුඩ මැසි වැඩ වරා පෙන්නයි බ ලේ…..
අයද මහ රට කරන සැම සඳ තවරගෙන ඇත හත් ප ලේ ….
අයද නොදකිං වැයද නොදකිං අනේ තොපිලෑ සිංහ ලේ…..
අරුණ හිමිදිරියේ පටන් පර සුද්දාට බැණ බැණ බො ලේ…..
කරන සැම කාරියට සරණයි උන් තැනූ විදු නැණ බ ලේ…..
පරණ පරපුර ඉතිරි කළ දෙය සිහිව ඇඳිවත බිම හැ ලේ……
මැරුණ ඊයේ මිස අදක් නැති, අනේ තොපිලෑ සිංහ ලේ…..
අලස තිරිසන් සතෙකුගේ සටහන් තිබෙයි ජානය වි ලේ…
විලස උහු හැසිරෙනු විනා මිනිසත් කමින් කිම ඇති ප ලේ…..
මෙලෙස කියමුද සතෙකු අත ආදිතම මවු නිරුවත් ක ලේ…..
පලස විල්ලුද පිටට කුස ගිය, අනේ තොපිලෑ සිංහ ලේ…..
පැත්ත බැලුවොත් පැත්ත පමණයි ඇත්ත පොළවට යට ක ලේ…
කැත්ත පොල්ලම දිනනු මිස නැත දත්ත විමසන සිහි මො ළේ….
සත්තකයි රෙදි කරට අරගෙන රැකිය යුතුමය සැම කළේ…..
වත්ත බද්දට ඇස්ස ඇපවුණු අනේ තොපිලෑ සිංහ ලේ…