සිංහලේ - Sinhale

waca

Well-known member
  • Nov 13, 2006
    3,714
    2,195
    113
    Nugegoda
    නොදන්න මඟුල් බ්ලොගයෙන් උපුටා ගන්නා ලදී
    පැයෙන් පැය එක බැගින් පරවෙන කිරි සුවඳ ඇති මල් කැ ලේ…..
    එම දමෙන් ගත් මල් දමා යති කසල බඳුනෙහි කඩ පි ලේ….
    ගුරුන්ටත් නිති අකුරු වරදිති රති නොවරදින පාසැ ලේ….
    සමත් කම් මොනවාට කියමුද අනේ තොපිලෑ සිංහ ලේ…..
    මවක දුවකට මගක යන්නට නොකැප ගිණියම් දහව ලේ….
    රැයද උදයද ළපටි මහළුද වැදුව මවුනද නොම බැ ලේ……
    යටව තැන තැන තරුණ කම ඇත එකට වැළලී මිනි ව ලේ….
    සුවය සහනය කුමට කියමුද අනේ තොපිලෑ සිංහ ලේ…..
    බුදුන් දම් තෙරුවණම විකිණෙති අකැප කැප වුණු පන්ස ලේ…..
    දුකම දෙවියන් අහර කර ගති පල්ලි, දෙවොලේ, කෝවි ලේ….
    ගතට පණ ඇති, හිතට පණ නැති නොමළ හොල්මන් තිප්ප ලේ…..
    අහා ඇති තෙද කුමට කියමුද අනේ තොපිලෑ සිංහ ලේ….
    ගෙදර බුදු පිඬු සිඟා යනවිට පෙන්නමින් බොර තෙල් බ ලේ….
    මරණ, කෙළෙසන, යකඩ ඇණ යන, කඳින් වෙන් කළ ඉහ මො ළේ….
    මැදක පෙරදිග පයක කඳුළක තවරමින මෙහෙකම් ක ළේ…
    එවන මසු ලෝ දියෙහි දිය වෙන අනේ තොපිලෑ සිංහ ලේ…..
    උපන් බිම දුක ගැහැට මග හැර විඳින්නට සැප ලෝ ත ලේ….
    සපන් සැම දූ පුතුන් පිට වෙති පුදා සිප් සත පා මු ලේ….
    එවන් තටු නැති එවුන් සැඟවෙති අතර මග සමුදුරු ජ ලේ….
    ඔවුන් එය රූ තිරෙන් පෙන්වති, අනේ තොපිලෑ සිංහ ලේ….
    ලෙඩට දුකකට වැඩට ගිය සඳ ඇඟට පැන පුපුරා හැ ළේ…..
    මුවඟ අසළින් ගියද කුඩ මැසි වැඩ වරා පෙන්නයි බ ලේ…..
    අයද මහ රට කරන සැම සඳ තවරගෙන ඇත හත් ප ලේ ….
    අයද නොදකිං වැයද නොදකිං අනේ තොපිලෑ සිංහ ලේ…..
    අරුණ හිමිදිරියේ පටන් පර සුද්දාට බැණ බැණ බො ලේ…..
    කරන සැම කාරියට සරණයි උන් තැනූ විදු නැණ බ ලේ…..
    පරණ පරපුර ඉතිරි කළ දෙය සිහිව ඇඳිවත බිම හැ ලේ……
    මැරුණ ඊයේ මිස අදක් නැති, අනේ තොපිලෑ සිංහ ලේ…..
    අලස තිරිසන් සතෙකුගේ සටහන් තිබෙයි ජානය වි ලේ…
    විලස උහු හැසිරෙනු විනා මිනිසත් කමින් කිම ඇති ප ලේ…..
    මෙලෙස කියමුද සතෙකු අත ආදිතම මවු නිරුවත් ක ලේ…..
    පලස විල්ලුද පිටට කුස ගිය, අනේ තොපිලෑ සිංහ ලේ…..
    පැත්ත බැලුවොත් පැත්ත පමණයි ඇත්ත පොළවට යට ක ලේ…
    කැත්ත පොල්ලම දිනනු මිස නැත දත්ත විමසන සිහි මො ළේ….
    සත්තකයි රෙදි කරට අරගෙන රැකිය යුතුමය සැම කළේ…..
    වත්ත බද්දට ඇස්ස ඇපවුණු අනේ තොපිලෑ සිංහ ලේ…
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අපි හතරඅතේ ලෝකෙට ණයවෙලා.රටේ ගෑණු අරාබියේ ගෙවල්වල වැඩට ගිහින් මැරැම්කනව. හැම එකාම බලන් ඉන්නෙ වෙන රටකට පැනගන්න. යට ඇදුමේ ඉදන් පිටරටින් ගෙන්නනව. රට ඇතුලේ ඉන්න උන්ටික එකාට එකා නැතිව කෙලගන්නව. එකීනොකී දේවල් ඔක්කොම තියෙද්දි එංගලන්තෙන් ජපානයෙන් ආනයනය කරපු වාහනවල මහ උජාරැවට 'සිංහ ලේ' කියල ගහගෙන යනව.. මාත් සිංහල.. මාත් කැමතියි සිංහලයා දියුණු මානව වර්ගයක් විදියට ඉන්නවනම්. හැබැයි අපි අපිට නැති අමුතු බලයක් තියනව කියල හිතාගෙන, අපි අමුතු ජීවීන් කොටසක් කියල හිතාගෙන ෆැන්ටසියක ජීවත්වෙමින් ස්වයං වින්දනයක් ගත්තා කියල අපේ රටටවත් සිංහලයාටවත් වැඩක් වෙනව කියල මං හිතන් නෑ.. ලංකාවේ හැමෝම 'සිංහ ලේ' කියල පච්ච කොටාගත්තත් මොකක්ද ලැබෙන වෙනස?? අපි අපේ අඩුපාඩු, දුර්වලකම්, ගොන්කම්, මරිකම්, හැකියාවන්, දක්ෂකම් තේරැම් අරන් විවේචනාත්මකව අපි දිහාම බැලුවොත් අපිත් කවදහරි දියුණු රටක් වෙයි.. මේ සේරටම වඩා මං කැමති දියුණු ශී ලාංකීය ජාතියක් දකින්න..


    ela talk eka
    rep+



    මෙතන වැදගත් නිකන් පඩශෝ එකට ස්ටිකර් ගහල පච්ච කොටල ප්‍රෝෆයිල් පික්චර් දාන එක නෙමෙයි, තමන්ගෙ රටට ඇති ආදරය ක්‍රියාවෙන් පෙන්නන එක.


    මචන් උඹ කියලා තියෙන සමහරක් දේවල් එක්ක එකඟ වෙන්න පුළුවන්,සමහර දෙවල් ගැන මගේ අදහස කියන්නම්...
    ලංකාව විතරක් නෙමේ ලොකේ ණය නොවිච්ච රටක් නැති තරම්,ඕන රටක් ණය ගන්නවා,ඒ වගේම ඒවා ගෙවනවා.අද ග්‍රීසියට වෙලා තියෙන දේ පේනවනේ.ඒ වගෙම ජපානයත් දැඩි ණය අර්බුදයක ඉන්න රටක්.අපෙ රටේ ඉස්සරට වඩා දළ දේශීය නිශ්පාදනයට සාපේක්ශව ණය වල ප්‍රතිශතය අඩු වෙලා තියෙනවා,ඒත් තවම ඒක සුභවාදී නැහැ.මොකද හැම රජයම ණය හා බදු මත දුවන තත්වේ තාම නැති වෙලා නැහැ.ඒක හොඳ අතට හරවගන්න වැඩ පිළිවෙළක් නැහැ.

    http://www.tradingeconomics.com/country-list/government-debt-to-gdp

    අද වෙන කොට විදේශ ශ්‍රමිකයන්ගේ එන මුදල තමා රටේ ප්‍රධානම විනිමය එන මාර්ගය.ඒත් අද වෙනකොට පුහුණු ශ්‍රමිකයන් රට යන එක වැඩි වෙලා තියෙනවා ඉස්සරහට වඩා.ගෘහ සේවිකාවක්ට ලැබෙන වැටුපත් එක්ක බලද්දි ඇයි ඒ අය රට යවන්නේ කියලා හිතෙනව.මොකද එ ගානට ආසන්න වැටුපක් අද ලංකවේ ගාමට් එකක වැඩ කරලා වුනත් හොයන්න පුළුවන්.ඒත් ලේසියට හැමෝම රට යනවා.එක රජයක් වශයෙන් වැඩ පිළිවෙලක් හදන්න වෙනවා ගෘහ සේවිකාවන වෙනුවට සාත්තු සේවිකා වගෙ පුහුණු ශ්‍රමිකයන් වැඩි වශයෙන රට යවන්න.වේලාවක් තියෙනවනම් මේක බලන්න.ඒ සඳහා ලංකාවේ ව්‍යාපාරික මහතෙක් කියන විසඳුමක්.

    අපි ලේ මස්‌ විකුණලා කිරිපිටි ගෙන්වන ජාතියක්‌
    http://www.divaina.com/2015/11/29/nimna06.html

    අපේ රට ඇතුළේ ලොකේ තියෙන හොඳම බ්‍රැන්ඩ් සඳහා නිමි ඇඳුම් නිශ්පාදනය කරනවා.උඹගෙ විදියෙන් කියනවනම් හොඳම යට ඇඳුනුත් නිශ්පාදනය කරනවා.ඒත් අවාසනාවකට ලංකාවේ වෙළඳපොළට එන්නේ එකෙන් අතලොස්සක් විතරයි.අනික මොකෙක් හරි එකක් අලුතෙන් දෙයක් හදන්න ට්‍රයි කරද්දි උන්ව වලට දාන්නෙත් අපිමයි.අවුරුදු ගානක් කට්ට කාල මහන්සි වෙලා සාම්පල් ජාපානෙට යව යව ජපන් වාහන වල එයා බෑග් සෙන්සර් එක ලංකාවේ එකෙක් හදනාවා,අන්තිමට ඒකත් මහා පරිමාණෙන් නිශ්පාදනය කරන්න අයෝජනය කරන්නේ ජපානෙන්.වේගා කාර් එක හදන එකටම කී දෙනෙක් බනිනවද.රේ විජෙවර්ධන සැහැල්ලු ගුවන් යානා,අත් ට්‍රැක්ටරය හැදුවා.ඒත් අවාසනාවකට ඒවා ව්‍යාපාරික වශයෙන් නිශ්පානය කරන්න අනුග්‍රහය දෙන්න අපේ රටේ පාලකයොන්ට බැරි වුනා.
    අපේ රටෙ වාහනය අපිත් යන්න ආසයි.කවදහරි ඒක ඉටු වේවි කියලා හිතෙනවා.උපාලි මහත්තයා පටන්ගත්ත දේ අද තිබ්බනම් අපේ රටෙ වාහනයක අපිට යන්නත් තිබ්බා.ඒත් ඒකාලවල තිබ්බ දේශපාලනය විසින් හැම දේම නැති කරලා තියෙනවා.අපේ රටේ ගොඩක් දේවල් නැති වුනේ ඒ දේශපාලනය නිසා තමයි.ලේලනඩ් ලංකාවේ පටගන්න හැදුවම ඒකට අවස්ථාව නොදුන්න තැන ඉන්දියාවට ගෙනිච්චා,අද අපි ඉන්දියාවේන් ලේලන්ඩ් බස් ගේනවා.මෑත කාලීනව මයික්‍රො එකේ ලෝරන්ස් මහත්තායා උත්සහයක් ගද්දි අපේ රටේ පාලකයොම ඒකට බාල්දි පෙරලලා චයිනා කටු ඇසෙම්බල් කරන තැනට මයික්‍රො එක පත් කරනවා.
    සිංහල අය වශයෙන් අපිටම අනන්‍යය ශිෂ්ඨාචාරයක් තිබ්බා,අද අපි බත් ටික හරි කන්නේ ඒකට පින්සිද්ධ වෙන්න.එක පැත්තකින් ඒ තිබ්බ ඉතිහාසයත් ගැන ආඩම්බර වෙද්දි අනිත් පැත්තෙන් ජාතියක් වශයෙන් අපි ලැජ්ජා වෙන්න ඕන ඒ තිබ්බ තැනින් අඩියක් ඉස්සරහට තියෙනවා වෙනුවට අදටත් අපි පස්සට යන්නේ.
    සිංහල අය මොනවාහරි කිවුවොත් ඒක ජාතිවාදේ ,හැම එකාම රෙද්ද කරට ඇරන් එන්නේ.ජාතියක් වශයෙන් තමන්ගේ අනන්‍යයතාවට පහරගහන සිංහල වගේ ජාතීයක් මේ ලොකේ තව නැතුව ඇති.
     
    Last edited:

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ආගමකට, ජන වර්ගයකට එරෙහිව වෛරී ප්‍රකාශ කරනවුන්ට වසර දෙකක් දක්වා සිර දඬුවම් දීමට ආණ්ඩුව දණ්ඩ නීති සංග්‍රහයට ගෙන ඒමට ගිය සංශෝධනය විපක්ෂ නායක සම්බන්ධන්ගේ විරෝධය නිසා දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

    Sinhala/Tamil/Muslim politicians la okkotama thawa awurudu ganak jathi wadee katha kiya kiya balayata enna puluwan.

    Awi jawaram karayanta thawath war ekak genalla profit ganna puluwan. :)
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    සුද්ද රටට නිදහස දීල ගියාට පස්සේ ....පක්ෂ දේශපාලනය තමයි මේ රටට කෙළවුණේ එදා ඉදන්ම තමන්ගේ පක්ෂයේ බලය හැමදාම තියෙන්න. සිංහල මිනිසුන්ට ජාතියක් විදියට හිටියනම් අපේ රටත් අද israel වගේ සුපිරි රටක් කියලයි මට හිතෙන්නේ .
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔකේ අරමුණ මොකක් වෙන්න් පුලුවන්ද

    thridu.gif
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපි හතරඅතේ ලෝකෙට ණයවෙලා.රටේ ගෑණු අරාබියේ ගෙවල්වල වැඩට ගිහින් මැරැම්කනව. හැම එකාම බලන් ඉන්නෙ වෙන රටකට පැනගන්න. යට ඇදුමේ ඉදන් පිටරටින් ගෙන්නනව. රට ඇතුලේ ඉන්න උන්ටික එකාට එකා නැතිව කෙලගන්නව. එකීනොකී දේවල් ඔක්කොම තියෙද්දි එංගලන්තෙන් ජපානයෙන් ආනයනය කරපු වාහනවල මහ උජාරැවට 'සිංහ ලේ' කියල ගහගෙන යනව.. මාත් සිංහල.. මාත් කැමතියි සිංහලයා දියුණු මානව වර්ගයක් විදියට ඉන්නවනම්. හැබැයි අපි අපිට නැති අමුතු බලයක් තියනව කියල හිතාගෙන, අපි අමුතු ජීවීන් කොටසක් කියල හිතාගෙන ෆැන්ටසියක ජීවත්වෙමින් ස්වයං වින්දනයක් ගත්තා කියල අපේ රටටවත් සිංහලයාටවත් වැඩක් වෙනව කියල මං හිතන් නෑ.. ලංකාවේ හැමෝම 'සිංහ ලේ' කියල පච්ච කොටාගත්තත් මොකක්ද ලැබෙන වෙනස?? අපි අපේ අඩුපාඩු, දුර්වලකම්, ගොන්කම්, මරිකම්, හැකියාවන්, දක්ෂකම් තේරැම් අරන් විවේචනාත්මකව අපි දිහාම බැලුවොත් අපිත් කවදහරි දියුණු රටක් වෙයි.. මේ සේරටම වඩා මං කැමති දියුණු ශී ලාංකීය ජාතියක් දකින්න..



    රේප් ++
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පැටියා;19445109 said:

    දේශපාලනික අරමුණක් උද නම් වැඩි කල් ඕකට දුවන්න බහ බන්. ඕක ගහපු උන්ම ගලවල දැයි
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පැටියා;19442574 said:
    දේශපාලන යටි අරමුණක් නැත්තං හොඳ වැඩක්. :)

    ඔකේ අරමුණ මොකක් වෙන්න් පුලුවන්ද
    නිව් ලීඩර් ෆො බයියන්ස්
    හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂණ උපක්‍රමයක් ලෙස දේශපාලන කටයුතු වලින් විශ්‍රාම ගැනීම ස්ථිර වීමත් සමඟ ගෝඨාභය රාජපක්ෂ මහතාව එම කණ්ඩායමේ නායකයා ලෙස පත්කරගෙන ඇත.

    ශිරන්ති රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ යන තිදෙනාම අයවැය විවාදය අවසන් වීමත් සමඟ අත්අඩංගුවට ගැනීම අනිවාර්ය වී ඇති නිසා අකමැත්තෙන් හෝ දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට රාජපක්ෂ මහතාට සිදුව ඇත. ඒ නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට පත්වීම වලක්වා ගැනීමට S B දිසානායකමහතා හරහා ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා සමග ඇතිකරගත් සම්මුතියකට අනුවයි.
    රාජපක්ෂ මහතාගේ මේ හදිසි වෙනස් වීම නිසා මහින්ද පාක්ෂික ඒකාබද්ධ විපක්ෂය පසුගිය කාලය තුල දැඩි අර්බුදයකට මුහුණපා සිටියා. නමුත්
    පසුගියදා ජී.එල්. පිරිස් මන්ත්‍රීවරයාගේ නිවසේදී දීර්ඝ සාකච්චාවකින් පසුව මහින්ද රාජපක්ෂ මහතාගෙන් හිස්වන නායකත්වය සඳහා ගෝඨාභය මහතා පත්කරගන්නා ලදී. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස සලකා සිව් අවුරුදු වැඩපිළිවෙලක් සැලසුම් කලයුතු බවට යෝජනාවූ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණය නව නායකත්වය හරහා සිදු කිරීම ඔවුන්ගේ සැලසුම වී ඇත.
    මේ සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනප්‍රියත්වය ඉහල නංවන ප්‍රචාරක ව්‍යාපෘතියක් දැනටමත් අරඹා ඇති අතර ඇවන්ගාඩ් සිදුවීමට ඒ මහතාව හසුකරන ලෙස ඇවන්ගාඩ් හිමිකරුට ආණ්ඩුවෙන් බලකලා යැයි ප්‍රචාරය කිරීම, බොදුබල සේනා වැනි නව සංවිධානයක් ගෝඨාභය මහතා වටා ගොඩ නැගීම, සමාජ ජාල හරහා යුද සමයේ සිදුවූ ඉතා දුක්ඛිත සිදුවීම් නැවත නැවත ඉදිරිපත් කරීම වැනි උපක්‍රම දැනටමත් ආරම්භකර ඇත. කෙසේ වෙතත් මේ නව නායකත්ව වෙනසත් සමඟ දෙවන වර අයවැය ඡන්ද විමසීමට මහින්ද රාජපක්ෂ මහතා සහභාගී නොවීම නිසා ඒකාබද්ධ විපක්ෂය තුල ඇතිවූ පසුබෑම යම්තාක් දුරකට පියවාගනිමින් නව ගමනක් ආරම්භකර ඇත.
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ආගමකට, ජන වර්ගයකට එරෙහිව වෛරී ප්‍රකාශ කරනවුන්ට වසර දෙකක් දක්වා සිර දඬුවම් දීමට ආණ්ඩුව දණ්ඩ නීති සංග්‍රහයට ගෙන ඒමට ගිය සංශෝධනය විපක්ෂ නායක සම්බන්ධන්ගේ විරෝධය නිසා දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

    Sinhala/Tamil/Muslim politicians la okkotama thawa awurudu ganak jathi wadee katha kiya kiya balayata enna puluwan.

    Awi jawaram karayanta thawath war ekak genalla profit ganna puluwan. :)


    Sinhala/Tamil jathiwadi kalakanni nisa 30 years mara gaththa. Munta aith one maragannada? Munge lamainta thamai mewage prathiwipaka lebenne. Den sinhala ewun 'Sinhalee' kiyala gahanakota Tamil ewun 'Elam' kiyala gehuwoth mokada wenne?
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    Sinhala/Tamil jathiwadi kalakanni nisa 30 years mara gaththa. Munta aith one maragannada? Munge lamainta thamai mewage prathiwipaka lebenne. Den sinhala ewun 'Sinhalee' kiyala gahanakota Tamil ewun 'Elam' kiyala gehuwoth mokada wenne?

    දවස් ගානක් බැලුවා තොටත් හොද පුකේ අමාරුවක් තියෙනවා සුළු ජාතින් ගැන :dull::dull::dull:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    රාජිතගේ පුතාට රිදිලා :rofl::rofl::rofl:

    උගේ හාල්පෙන්දෝ ඕක කරන්නේ

    උන්ට රටක් ආගමක් මුකුත් ඕන නැහැ 2200 පඩිය තියෙනවා නම් ඇති :dull: