//සිංහලේ වැනි ප්‍රවණතාවක් ඇතිවන්නේ ඇයි? අපි මදක් සොයා බලමු. ඔබ දන්නවා මහින්ද රාජපක්ෂ පරාජය වූ විගස මෛත්‍රීපාල විසින් ශ්‍රිලනිපයේ බලය අල්ලා ගත්තා. ඒ අධම දේශපාලන ක්‍රියාව තමයි මේ ප්රවණතායේ මූලාරම්භය වුණා. මෛත්‍රීපාල විසින් කළේ මේ රටට කොන්දේසි විරහිත ව ආදරය කළ පිරිසක් බෝතලයකට දාලා මිරිස් කුඩු ගැසීමක් වගේ ක්‍රියාවක් කියල අපි එවර ලිව්වා ඔබට මතක ඇති. ලක්ෂ 58ක ජනතාවක් තම දේශපාලන මතය ප්‍රකාශ කළ පක්ෂය සතුරු කඳවුරේ නායකයා විසින් ඒකාධිපති බලතල යොදාගෙන ඩැහැ ගැනීම ලෝකයේ කොතැනකවත් සිදු නොවුණු තරමේ වියරු ක්‍රියාවක්. තම පරාජය මගින් දුකට පත්ව සිටි පිරිසට ස්වකීය ආවේගයන් පිට කිරීමට හෝ ඉඩ නොදීමට තරම් මේ ඒකාධිපති ක්‍රියාව දුෂ්ට වුණා. ඊට අලගු තබමින් ශ්‍රිලනිපයේ සෙසු අවස්ථාවාදීන් මහින්ද පාවා දී පසුවදා ම සතුරු කඳවුර ඉදිරියේ දණින් වැටුණේ නින්දිතබවේ හා බියගුළුබවේ නිර්වචනවලට නව අරුත් සපයමින්.
ජයග්රහණයෙන් පසු මෛත්‍රීපාල විසින් ශ්‍රිලනිපයේ නායකත්වය නිර්ලජ්ජිත ලෙස පැහැර ගත්ත ද ඔහු ශ්‍රිලනිප සාමාජිකත්ය ආමන්ත්‍රණය කිරීමට උත්සාහයක් නොගන්නා අතරතුර ඔහු වැඩිපුර ම උත්සාහ කළේ ඔහුට ඡන්දය ලබාදුන් දමිළ හා මුස්ලිම් ජනයා මෙන් ම සැමදා මේ රටට එරෙහි පැත්තේ සිටගත් එන්ජීඕ සිංහලයින්ගේ මනදොළ පිනවීමට උත්සාහ කිරීමයි. නිර්පාක්ෂික ව සිටින බවට පොරොන්දු වී බලයට පැමිණ කළ මේ බලලෝභී ක්‍රියා මගින් කළේ මහින්දට ඡන්දය දුන් සුවහසක් පිරිස තව තවත් කබලෙන් ලිපට වැටීමයි.
මේ සියළු අධම,දුෂීත ක්‍රියාවලියට සමගාමීව රට දිනෙන් දින අගාධයට යෑමේ ලකුණු පහළවන අතරතුර, මැතිවරණවල දී පොරොන්දු වූ කිසිවක් ඉටු නොකරන තත්වයක් ද උදාවීම තුළ, අවම වශයෙන් මහින්දට බැරි වූ යමක් මේ ආණ්ඩුව විසින් කරන බව සිතා හෝ ජනයාට හිත හදා ගැනීමේ මාර්ගයක් විවර වුනේ නැහැ. කළ එක ම දෙයනම් තමන් විසින් මහබැංකු වංචාව ඇතුළු අනේක දුෂීත ක්‍රියාවල නියැලෙන අතරතුර නිකරුණේ මහින්දගෙන් හා රට බේරාගත් හමුදාවෙන් පළිගැනීමේ ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමයි. ඒ මතට දරුණු කොටි සාමාජිකයින් නිදහස් කිරීමේ ක්‍රියාව මෙන් ම වසර 30ක් තිස්සේ මෙරට විනාශයට ඇද දැමීමට මුදල් සැපයූ ත්‍රස්ත සංවිධාන සුජාත කිරීම ද දිගටම සිදුවුණා. කිසිවෙකුට කිසිදු අතකින් සැනසුමක් නැති තැන අපේක්ෂා භංගත්වය පමණක් ඉතිරු වුනා.
මේ අපේක්ෂා භංගත්වය තමා අවසානයේ සිංහ-ලේ වැනි ප්‍රවණතාවකින් පුපුරා යන්නට උත්සාහ කරන්නේ. බොදුබල සේනා වැනි සංවිධාන එදා මහින්ද පරාජය කරන්නට හැකි උපරිමය කරල දැන් උත්සාහ කරන්නේ අර වල්මත් ව පාවෙන මිනිසුන්ගේ මානසිකත්වය ඔවුන්ගේ හාම්පුතුන්ගේ අවශ්‍යතාවන්ට අනුව එක්තැන් කරල ඒ ටිකත් පුච්චල අළුකරල දාන්න. මේකට අහුවෙන්නේ මේ රටට පණ වගේ ආදරය කරන කොල්ලො කෙල්ලො ටිකක්. අපට දුක ඒකයි. පහුගිය දවස්වල අපටත් මේ අය නොසෑහෙන්න බැණ බැණ පණිවුඩ එවා තිබුණා. අපි ඒවා උපේක්ෂාවෙන් දරාගන්නවා. ඒත් බොදුබල සේනා වැනි සංවිධානවලට මෙරට තරුණයා ගිලගන්න ඉඩ තියන්න බැ. කොහොම හරි අන්තිමට කියන්න තියෙන්නේ මිනිස්සුන්ට දැන් පැහැදිළිව ම අවශ්‍ය වෙලා තිබෙනවා තමන්ගේ දේශපාලන අවශ්‍යතා මනාව වරනැගිය හැකි ජාතික නායකත්වයක්. මහින්ද වහා ඊට ප්‍රමාණවත් මැදිහත් වීමක් කළ යුතුයි. //