TOSHIBA සේවකයින් 7000ක් දොට්ට දමයි?
ලෝ ප්‍රකට ජපානයේ TOSHIBA සමාගම තම සමාගමේ සේවකයින් 6000ත් 7000ත් අතර පිරිසක් ඉවත් කිරීමට සැරසෙනවා. ඒ සමාගම ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණින්.
ජපන් යෙන් බිලියන 550ක වාර්ෂික පාඩුව මීට ආසන්නතම හේතුව වී තිබෙනවා. ලොව පුරා තම නිෂ්පාදන හා සේවා අළෙවි කරන TOSHIBA සමාගමෙහි සමස්ත සේවක සංඛ්‍යාව ලක්ෂ 2ක් පමණ වනවා.
TOSHIBA සමාගමේ නිෂ්පදන හා සේවා අතරට රූපවාහිනී යන්ත්‍ර. පරිගණක, යන්ත්රසූත්ර, වෛද්‍ය උපකරණ නිෂ්පාදන සහ තොරතුරු තාක්ෂණ සේවාව ඇතුළත්.



